For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024.

ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024

Editing of this article by new or unregistered users is currently disabled until සැප්තැම්බර් 25, 2024 at 04:29 UTC.See the protection policy and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the talk page, request unprotection, log in, or create an account.
මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් වත්මන් සිදුවීමක් හා සබැඳි පුද්ගලයකු පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය වැඩිදියුණු කිරීමට හෝ සාකච්ඡා පිටුව වෙත ගොස් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව අදහස් පළකිරීමට ඔබට අවස්ථාව ඇත. ලිපිය තුළ අඩංගු වලංගු සහ විශ්වාසනීය මූලාශ්‍ර නොදක්වන ප්‍රකාශ ඉවත් කිරීමට ඉඩ ඇති බව සැලකිය යුතුයි. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024
ශ්‍රී ලංකා
← 2022 21 සැප්තැම්බර් 2024 2029 →
Registered17,140,354[1]
 
අපේත්ෂකයා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස
පක්ෂය ස්වාධීන සමගි ජන බලවේගය

 
අපේත්ෂකයා අනුර කුමාර දිසානායක නාමල් රාජපක්ෂ
පක්ෂය ජාතික ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

බලයේ සිටින ජනාධිපතිවරයා

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂය



2024 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය (ඉංග්‍රීසි: 2024 Sri Lankan Presidential Election, දෙමළ: இலங்கை அரசுத் தலைவர் தேர்தல், 2024) යනු, ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය වෙයි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ඇත. 2024 අගෝස්තු 15 වන දින නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිතය.[2]

තනතුරධාරී වූ රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු බලයේ සිටින ජනාධිපතිවරයා ඔහු වීම විශේෂත්වයකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.

පසුබිම

දිවයිනේ අවසන් වරට පැවති සෘජු ජනාධිපතිවරණය වූයේ 2019 වසරේදී. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවුණි.[3]

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ජන අරගලයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.[4] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට ප්‍රකාරව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකදී, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි 21 වැනි දින වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරී පත් විය.[5]

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව, "ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරිය යුත්තේ ය".[6] ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර් 17 වැනිදායින් කල්ඉකුත් වීමට නියමිතය.

මැතිවරණයට පෙර

ප්‍රතිඵල

ශ්‍රී ලාංකික මෑත මැතිවරණ ප්‍රතිඵල
මැතිවරණ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(ශ්‍රී.ලං.නි.පො.ස.)
සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය අනෙකුත්
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
2019 ජනාධිපතිවරණය 6,924,255 52.25% 418,553 3.16% 5,564,239 41.99%[i] 345,452 2.35%
2020 පාර්ලිමේන්තු මැතිවරණය 6,853,690 59.09% 2,771,980 23.90% 445,958 3.84% 327,168 2.82% 249,435 2.15% 950,698 8.20%

සිතියම්

මැතිවරණ ප්‍රතිඵල සිතියම
2019 ජනාධිපතිවරණය 2020 පාර්ලිමේන්තු මැතිවරණය
වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට හෝ නගර සභාවට පත්වූ සාමාජිකයෝ
ශ්‍රීලංනිපොසය සජබය දෙජාසය එජාපය ශ්‍රීලංනිපය ඊජප්‍රපය වෙනත් පක්ෂ

මැතිවරණ ක්‍රමය

ක්ෂණික-අපධාව ඡන්ද ක්‍රමයක් ප්‍රකාර, ශ්‍රී ලාංකික ජනාධිපති තෝරා පත් කර ගනු ලැබේ. ඡන්දදායකයන් විසින් අපේක්ෂකයන් තිදෙනෙකු දක්වා ශ්‍රේණිගත කල හැකි අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයෙහිදී කිසිම අපේක්ෂකයෙකු විසින් බහුතරයක් ලබා නොගතහොත්, ජයග්‍රාහකයා තේරීම සඳහා, පළමු මනාපිත අපේක්ෂකයා ඉවත් කල ඡන්ද පත්‍රිකාවන්හී දෙවන හා තෙවන මනාප භාවිතා කෙරෙයි.[7]

අපේක්ෂකයින්

අගෝස්තු 15 වැනිදා නාමයෝජනා භාරගැනීම අවසන් වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු පිළිගෙන තිබුණි. මෙය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා මෙතෙක් වාර්තා වූ වැඩිම සංඛ්‍යාවෙකි.[8] ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මොහොමඩ් ඉලියාස් ජනාධිපතිවරණයට පෙර අභාවප්‍රාප්ත විය.[9] කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වුවද කිසිදු කාන්තාවක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

ප්‍රධාන අපේක්ෂකයින්

අපේක්ෂකයා තනතුර ලකුණ[10] සහාය දැක්වීම් සටහන් මූලාශ්‍ර

රනිල් වික්‍රමසිංහ (75)
ස්වාධීන
වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති (2022 සිට)
එක්සත් ජාතික පක්ෂයේ නායකයා (1994 සිට)
හිටපු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය (1993–1994, 2001–2004, 2015–2018, 2018-2019, 2022)
ගෑස් සිලින්ඩරය
  • 2024 ජූලි 26 වැනිදා ඉදිරිපත් කළේය.
  • 1999 සහ 2005 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 29 වැනිදා එළිදැක්වීය.
[17][18]

සජිත් ප්‍රේමදාස (57)
සමගි ජන බලවේගය
වත්මන් විපක්ෂ නායක (2019 සිට)
සමගි ජන බලවේගයේ නායකයා (2020 සිට)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
දුරකථනය
  • 2023 මැයි 16 වැනිදා ඉදිරිපත් කළේය.
  • හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා
  • 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 29 වැනිදා එළිදැක්වීය.
[31][32]

අනුර කුමාර දිසානායක (55)
ජාතික ජන බලවේගය
හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (2015–2018)
ජාතික ජන බලවේගයේ නායකයා (2015 සිට)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා (2014 සිට)
හිටපු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය (2004-2005)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මාලිමාව
  • 2023 අගෝස්තු 29 වැනිදා ඉදිරිපත් කළේය
  • 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 26 වැනිදා එළිදැක්වීය.
[33][34]

ෆීල්ඩ් මාර්ෂල්
සරත් ෆොන්සේකා (73)
ස්වාධීන
5 වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (2009)
හිටපු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය (2016–2018), හිටපු වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍ය (2018)
18 වන ශ්‍රී ලංකා යුධ හමුදාපති (2005–2009)
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ලන්තෑරුම
  • 2024 ජූලි 25 වැනිදා ඉදිරිපත් කළේය
  • 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
[35]

විජයදාස රාජපක්ෂ (65)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
හිටපු අධිකරණ අමාත්‍ය (2022–2024)
හිටපු බුද්ධ ශාසන අමාත්‍ය (2015–2017), හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය (2018), හිටපු අධ්‍යාපන අමාත්‍ය (2018)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මෝටර් රථය
  • 2024 ජූලි 25 වැනිදා ඉදිරිපත් කළේය
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 සැප්තැම්බර් 5 වැනිදා එළිදැක්වීය.
[36][37]

නාමල් රාජපක්ෂ (38)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
හිටපු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය (2020–2022)
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මල් පොහොට්ටුව
  • 2024 අගෝස්තු 7 වැනිදා ඉදිරිපත් කළේය.
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඥාති පුත්‍රයා
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 සැප්තැම්බර් 2 වැනිදා එළිදැක්වීය.
[38][39]

සුළු අපේක්ෂකයින්

ඉහත සඳහන් කළ අපේක්ෂකයින් 6 දෙනා හැර සෙසු අපේක්ෂකයින් 33 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති.[40][41]

අපේක්ෂකයා පක්ෂය ලකුණු[10] සටහන්
සිරිපාල අමරසිංහ ස්වාධීන ටයරය ගම්පහ සඳහා ජවිපෙ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.[42]
චමින්ද අනුරුද්ධ ස්වාධීන අශ්ව ලාඩම
පී. අරියනේත්‍රන් ස්වාධීන හක් ගෙඩිය මඩකලපුව දිස්ත්‍රික් ඉතඅක/දෙජාස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[43] ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ජාතික පක්ෂය සහ දෙමළ ජනතා සන්ධානය ඔහුට සහය පළ කළේය. [44]
දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක ස්වාධීන මේස පංකාව
සරත් බණ්ඩාරනායක ජාතික සංවර්ධන පෙරමුණ පොල් ගෙඩිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනඥයෙකි.[45]
නුවන් බෝපගේ සමාජවාදී ජනතා සංසදය කුඩය අරගල ක්‍රියාකාරිකයකි.[46] පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය ඔහුට සහාය පළ කළේය.[47]
අක්මීමන දයාරතන හිමි ස්වාධීන කළුලෑල්ල කොළඹ සඳහා ජාහෙඋ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[48]
මහින්ද දේවගේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය බැලූනය
ඕෂල හේරත් අභිනව නිවහල් පෙරමුණ කැටය අභිනව නිවහල් පෙරමුණේ නායක.[49] කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු එජාපයේ හිටපු අපේක්ෂකකි.[50]
මොහොමඩ් ඉල්යාස් ස්වාධීන එන්නත් සිරින්ජය යාපනය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[51] 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. 2010දී සරත් ෆොන්සේකාට සහාය පළ කළේය.[52] 2024 අගෝස්තු 22 වැනිදා අභාවප්‍රාප්ත විය.[9]
අබුබකර් මුහම්මදු ඉන්ෆාස් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පත්‍ර යුගලය
සිඩ්නි ජයරත්න ස්වාධීන කොස් ගෙඩිය පොළොන්නරුව සඳහා එජාප/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[53]
සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය ත්‍රිරෝද රථය 2005,2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
දිලිත් ජයවීර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තරුව මව්බිම ජනතා පක්ෂයේ නායක.[54] සර්වජන බලය ඔහුට සහාය පළ කළේය.[55] මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 31 වැනිදා එළිදැක්වීය.[56]
සරත් කීර්තිරත්න ස්වාධීන පාපන්දුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. ගම්පහ සඳහා ශ්‍රීලංනිප/පොඑපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[57] 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
කේ.ආර්. ක්‍රිෂාන් අරුණළු ජනතා පෙරමුණ ජල කරාමය
ආනන්ද කුලරත්න ස්වාධීන පදක්කම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. හම්බන්තොට සඳහා එජාප/එජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[58]
ඒ.එස්.පී. ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය කැන්ගරු 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
සරත් මනමේන්ද්‍ර නව සිංහල උරුමය දුන්න සහ ඊතලය 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. 2015දී ඔහු මහින්ද රාජපක්ෂට සහාය පළ කළේය.[59]
වික්ටර් ඇන්තනි පෙරේරා ස්වාධීන මෝටර් බයිසිකලය පුත්තලම සඳහා ශ්‍රීලංනිප/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[60]
කේ.කේ පියදාස ස්වාධීන කැල්කියුලේටරය නුවරඑළිය සඳහා එජාප/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[61]
එම්.එම්.ප්‍රේමසිරි ස්වාධීන කණ්නාඩි කට්ටලය මාතර සඳහා ජවිපෙ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[62]
නාමල් රාජපක්ෂ සමබිම පක්ෂය ලියුම් කවරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කොටසක් සමඟ පටලවා නොගත යුතුය.
රොෂාන් රණසිංහ ස්වාධීන ක්‍රිකට් පිත්ත හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. පොළොන්නරුව සඳහා ශ්‍රීලංපොපෙ/ශ්‍රීලංනිපොස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[63]
ජනක රත්නායක එක්සත් ලංකා පොදුජන පක්ෂය කෝප්පය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති. [64]
බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ ට්‍රැක්ටරය 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
ලලිත් ද සිල්වා එක්සත් ජාතික නිදහස් පෙරමුණ කෙසෙල් ඇවරිය
සුරංජීව අනෝජ් ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා
එම්. තිලකරාජා ස්වාධීන කුරුළු පිහාටුව නුවරඑළිය සඳහා ජාකසං/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[65]
කීර්ති වික්‍රමරත්න අපේ ජනබල පක්ෂය කොඩිය ලංකා සමසමාජ පක්ෂය ඔහුට සහාය පළ කළේය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 27 වැනිදා එළිදැක්වීය.[66]
ප්‍රියන්ත වික්‍රමසිංහ නව සම සමාජ පක්ෂය මේසය
පානි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය කතුර 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
අජන්තා ද සොයිසා රුහුණු ජනතා පක්ෂය අන්නාසි ගෙඩිය ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රීලංනිප/පොඑපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.[67] 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළේය.[68]

ආශ්‍රිත ලිපි

සටහන්

  1. ^ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා

මූලාශ්‍ර

  1. ^ "Elections in Sri Lanka: 2024 Presidential Elections". www.ifes.org (ඉංග්‍රීසි බසින්). 17 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2024-09-18.
  2. ^ "ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා". බීබීසී සිංහල සේවය. 25 ජූලි 2024. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  3. ^ "ගෝඨාභයගේ ඉතිහාසය". අද දෙරණ. 17 නොවැම්බර් 2019. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  4. ^ "ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශ කරයි". බීබීසී සිංහල සේවය. 15 ජුලි 2022. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  5. ^ "නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි". අද දෙරණ. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  6. ^ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (29 ජනවාරි 1981). "ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනත". Lawnet - අධිකරණ අමාත්‍යාංශය. 15 ජූනි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 අගෝස්තු 2024.
  7. ^ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා: ඉලෙක්ෂන් ෆො ප්‍රසිඩන්ට් (ප්‍රසිඩන්ට්) IFES
  8. ^ "ජනපතිවරණ සටනට අපේක්ෂකයන් 39 ක් නාමයෝජනා දෙයි". දිනමිණ. 15 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2024.
  9. ^ a b "ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි". මව්බිම පුවත්පත. 23 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2024.
  10. ^ a b "මෙවර ජනාධිපතිවරණයට ඉදරිපත්වන අපේක්ෂකයින්ගේ නම්, ලකුණු සහ පක්ෂ මෙන්න". හිරු ප්‍රවෘත්ති සේවය. 28 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2024.
  11. ^ a b "පොහොට්ටු මන්ත්‍රීවරු 102ක් ජනපතිගේ සහායට". අද.lk. 15 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2024.
  12. ^ "CWC to back President Ranil in presidential poll". Ada Derana (ඉංග්‍රීසි බසින්). 2024-08-18. සම්ප්‍රවේශය 2024-08-18.
  13. ^ "SLFP Decides To Back Ranil For President". Newsfirst. 2024-07-31. සම්ප්‍රවේශය 2024-08-11.
  14. ^ "Dinesh leaves Rajapaksas and supports Ranil". Newswire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-01. සම්ප්‍රවේශය 2024-08-01.
  15. ^ "34 parties and alliances sign agreement to back Ranil at prez poll". Ada Derana. 2024-08-16. සම්ප්‍රවේශය 2024-08-26.
  16. ^ "TMVP Party Leader Pledges Support to President at the Upcoming Presidential Elections". President's Media Division (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-06-22. සම්ප්‍රවේශය 2024-08-26.
  17. ^ "Presidential Election: Bonds placed for Ranil to contest as independent candidate". Ada Derana. 26 July 2024. 27 July 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 August 2024.
  18. ^ "Ranil's election manifesto launched". Daily Mirror. 29 August 2024. 29 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
  19. ^ "Bathiudeen pledges support to Sajith". Daily News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-15. සම්ප්‍රවේශය 2024-08-15.
  20. ^ "Dissident Sri Lanka ruling party group to back main opposition SJB: MP". EconomyNext (ඉංග්‍රීසි බසින්). 2024-07-10. සම්ප්‍රවේශය 2024-08-04.
  21. ^ "Humane People's Alliance inks agreement with Samagi Jana Sandhanaya". Newsfirst (ඉංග්‍රීසි බසින්). 2024-08-13. සම්ප්‍රවේශය 2024-08-14.
  22. ^ Srinivasan, Meera (2024-09-01). "Sri Lanka's main Tamil party to back Sajith Premadasa in polls". The Hindu (Indian English බසින්). ISSN 0971-751X. සම්ප්‍රවේශය 2024-09-02.
  23. ^ Guardian, Sri Lanka (2024-09-01). "ITAK Backs Sajith Premadasa in Presidential Race – Sri Lanka Guardian". slguardian.org (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-09-02.
  24. ^ "ITAK to back Sajith in presidential election". Ada Derana (ඉංග්‍රීසි බසින්). 1 September 2024. සම්ප්‍රවේශය 2 September 2024.
  25. ^ "Dayasiri to back Sajith in Presidential Election". Ada Derana (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-08-03.
  26. ^ "SLMC to offer conditional support to Sajith in prez poll". Ada Derana (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-08-06.
  27. ^ "Tamil Progressive Alliance to support Sajith in Presidential Election". Ceylon Daily News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-06. සම්ප්‍රවේශය 2024-08-06.
  28. ^ "SLFP and UPFA faction back Sajith Premadasa in Presidential Election". Daily Mirror (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-08-06.
  29. ^ "Patali Champika to support Sajith in Presidential Election". Ada Derana (ඉංග්‍රීසි බසින්). 2024-08-14. සම්ප්‍රවේශය 2024-08-14.
  30. ^ "Kandura Janata Peramuna decides to support Sajith! Radhakrishnan tells in Nuwara Eliya! Join SJB alliance on the 8th!". Mawrata News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-04. සම්ප්‍රවේශය 2024-08-06.
  31. ^ "Sajith Premadasa named as SJB Presidential Candidate". Newswire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2023-05-16. සම්ප්‍රවේශය 2023-05-17.
  32. ^ Perera, Yohan (29 August 2024). "Sajith Premadasa launches "A Win For All" Presidential manifesto". Daily Mirror. 29 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
  33. ^ "JVP on the track before race is announced". Daily Mirror (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 8 November 2023.
  34. ^ Siriwardana, Ajith (26 August 2024). "Election manifesto of National People's Power unveiled". Daily Mirror. 26 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
  35. ^ "සරත් ෆොන්සේකා ජනපති සටනට". අද දෙරණ. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 2024-09-10.
  36. ^ "විජයදාස ෆොන්සේකා ජනපතිවරණයට". දිනමිණ. 26 ජුලි 2024. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.}
  37. ^ "විජයදාසගේ ප්‍රතිපත්ති එළි දක්වයි". ITN News. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.
  38. ^ "පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල්". දිනමිණ. 7 අගෝස්තු 2022. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.
  39. ^ "නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකියි". අද දෙරණ. 2 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2024.
  40. ^ "Who's Running For President? Final List Of Those Who Placed Bonds". Newsfirst. 15 August 2024. 15 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2024.
  41. ^ "EC accepts nominations of all 39 presidential candidates". Ada Derana. 15 August 2024. 15 August 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 August 2024.
  42. ^ "හිටපු JVP සාමාජිකයෙකුත් ජනපති සටනට". අද දෙරණ. 5 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2024.
  43. ^ "Members of Parliament: Directory of Past Members - P. Ariyaneththiran". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  44. ^ "Some Tamil parties field common candidate". The Island (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2024-08-09. සම්ප්‍රවේශය 2024-08-09.
  45. ^ "Department of Physics: Academic Staff - Dr. P.W.S.K. Bandaranayake". Kandy, Sri Lanka: University of Peradeniya. 25 April 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
  46. ^ "Aragalaya activist Nuwan Bopage enters Presidential fray". Daily FT. Colombo, Sri Lanka. 30 July 2024. 5 August 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
  47. ^ "Aragalaya activists, political parties launch political alliance". Daily Mirror (English බසින්). සම්ප්‍රවේශය 2024-08-04.((cite web)): CS1 maint: unrecognized language (link)
  48. ^ "Members of Parliament: Directory of Past Members - Akmeemana Dayarathana Thero". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  49. ^ Samaraweera, Buddhika (1 August 2024). "Prez contender accuses Ranil on public property misuse". The Morning. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  50. ^ Perera, Yohan (28 July 2020). "EC Chairman requested not to release any more audio recordings". Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  51. ^ "Members of Parliament: Directory of Past Members - Idroos Mohamed Illiyas". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 25 August 2024.
  52. ^ "Another candidate backs Fonseka". Daily Mirror. Colombo, Sri Lanka. 24 January 2010. සම්ප්‍රවේශය 25 August 2024.
  53. ^ "Members of Parliament: Directory of Past Members - Anura Sidney Jayarathne". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  54. ^ "Dilith Jayaweera signs nomination papers for Presidential election". Daily FT. Colombo, Sri Lanka. 15 August 2024. 15 August 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
  55. ^ "Sarvajana Balaya to hold first political rally in Nugegoda today". www.ft.lk (English බසින්). සම්ප්‍රවේශය 2024-08-04.((cite web)): CS1 maint: unrecognized language (link)
  56. ^ "Presidential Candidate Dilith Jayaweera unveils national strategic plan". Ada Derana. 31 August 2024. 2 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2024.
  57. ^ "Members of Parliament: Directory of Past Members - W. K. M. Sarath Keerthirathna". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  58. ^ "Members of Parliament: Directory of Past Members - Kadukannage Ananda Kularatna". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  59. ^ "Sarath Manamendra supports President Rajapaksa". Ada Derana. Colombo, Sri Lanka. 30 December 2014. 31 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
  60. ^ "Members of Parliament: Directory of Past Members - Victor Anthony". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  61. ^ "Members of Parliament: Directory of Past Members - K. K. Piyadasa". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  62. ^ "Members of Parliament: Directory of Past Members - M. M. Pemasiri Manage". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  63. ^ "Members of Parliament: Directory of Members - Roshan Ranasinghe". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. 14 June 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2024.
  64. ^ "Janaka Ratnayake places deposit for Presidential election". Daily Mirror. Colombo, Sri Lanka. 14 August 2024. 14 August 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2024.
  65. ^ "Members of Parliament: Directory of Past Members - Mylvaganam Thilakarajah". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  66. ^ "Keerthi Wickramaratne presents election manifesto". Daily News. 30 August 2024. 16 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 September 2024.
  67. ^ "Members of Parliament: Directory of Past Members - Ajantha De Zoysa". Sri Jayawardenepura, Sri Lanka: Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 16 August 2024.
  68. ^ "Ajantha de Zoysa endorses NDF Candidate Sajith Premadasa". News First. Colombo, Sri Lanka. 4 November 2019. 22 July 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2024.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?