තායිවොආන් ජනයා
මුළු ජනගහනය | |
---|---|
20,000කට අධික | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
තායිවානය | |
භාෂා | |
තායිවොආන්,තායිවාන, මැන්ඩරින් | |
ආගම | |
ප්‍රාණවාදය, තාඕවාදය, බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම | |
ආශ්‍රිත මිනිස් ජාතීන් | |
සිරායා, මකටාඕ, තායිවාන ආදිවාසීන් |
තායිවාන ආදිවාසීන් |
---|
මුව දඩයම (捕鹿), 1746 |
ගෝත්‍ර |
පිළිගැනීම ලත් පිළිගැනීම නොලත් |
තායිවොආන් (චීන: 大武壠族、大滿族) ජනයා යනුවෙන් හැඳින්වෙන්නේ තායිවානයේ ස්වදේශික ජන කොට්ඨාසයකි. තායිවොආන්වරුන් මුලින් ජනාවාස වී සිටියේ තායිනන්හි කඳුකර සහ ද්‍රෝණි ප්‍රදේශවල, විශේෂයෙන්ම යුචින් ද්‍රෝණියේ ය. එම ප්‍රදේශය තායිවොආන්වරුන් විසින් තමානි ලෙස හඳුන්වන අතර, පසුකාලීනව ජපන් බසින් තමායි (ජපන් කන්ජි: 玉井) ලෙසත් සහ චීන බසින් යුචින් (චීන: 玉井) ලෙසත් හඳුන්වන ලදී.
ඇතැම් විද්වතුන්ට අනුව, වර්තමානයේ තායිවොආන් ජනගහණය විසි දහසකට අධික විය යුතු ය. මෙසේ ඇස්තමේන්තු කොට ඇත්තේ තායිවානයේ ජපන් පාලන සමයේ වාර්තා අනුවයි. ඒ අනුව තායිවානයේ දෙවන විශාලතම පිළිගැනීම-නොලද ස්වදේශික ජන කොට්ඨාසය වන ඔවුහු දෙවැනි වන්නේ මකටාඕ ජනයා පමණි.
බොහෝ විද්වතුන් පවසන්නේ මෙම දිවයිනට තායිවානය යන නම ලැබුණේ මෙම ස්වදේශික ජනයාගේ නාමය ඇසුරෙන් බවයි.[1] එයට හේතුව තායිවොආන් යන්නෙහි උච්චාරණය තායිවාන් යන්නට සමාන වීමයි. එසේම තායිවොආන්වරුන් පිහිටුවූ ජනාවාසයක් වන තායෞවැං යන්න ද, තායිවාන් යන්නෙහි හඬට සමාන ය.
ඉතිහාසය
[සංස්කරණය]17වන සියවසේ ලන්දේසි වාර්තා අනුව, තායිවොආන් ජනයා ජනාවාස වී සිටියේ යුචින් ද්‍රෝණියේ ප්‍රධාන ප්‍රජා හතරක් ලෙස ය:
- තෙවොරාන්ග්, හෙවත් තේවොරන්ඝ්, තිවොරන්ඝ් හෝ තෙවුරන්ග් ලෙස උච්චාරණය කෙරේ. මේ අතරට පහත කොට්ඨාස ඇතුළත් ය:
- ප්‍රධාන තෙවොරාන්ග්
- තායෞවැං (තාජෞහන් ලෙස ද උච්චාරණය කෙරේ)
- ටුසිගිත්
- සියා-උරියේ (හෝ සියාඋරි ලෙස උච්චාරණය කෙරේ)
- වොගාවොන් (හෝ වෞන්ගෝ වෞන්ගෝර් ලෙස උච්චාරණය කෙරේ)
- කපෝආ
මේවාත් බලන්න
[සංස්කරණය]- තායිවොආන් භාෂාව
- තායිවාන ආදිවාසීන්
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Chen, Yao-chang (2017). 古今「大員」人 (Ancient and Modern "Tayouan" People). 財訊 (Cái Xùn). p. 36.
බාහිර සබැඳි
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.