For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලාදුරු.

ලාදුරු

ලාදුරු රෝගය
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ලාදුරු රෝගය වැලඳුන 24 වියැති පුද්ගලයෙක්.
ICD-10A30.
ICD-9030
OMIM246300
DiseasesDB8478
MedlinePlus001347
eMedicinemed/1281 derm/223 neuro/187
MeSHC01.252.410.040.552.386

ලාදුරුලාදුරු රෝගය - leprosy ලාදුරු කියන්නේ සුව කළ හැකි රෝගයක්‌. නිසි ප්‍රතිකාර ගත යුතුයි. මේ සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ තිබෙනවා.

මයිකෝබැක්‌ටීරියම් ලෙප්‍රේ කියන දණ්‌ඩාකාර බැක්‌ටීරියාවකිනුයි ලාදුරු බෝ වන්නේ. බෝ නො වන වර්ගය පෝසි බැසිලරි හෙවත් PB යනුවෙනුත් බෝ වන වර්ගය මල්ටි බැසිලරි හෙවත් MB යනුවෙනුත් තමයි හඳුන්වන්නේ. බෝ වන වර්ගයේ ලාදුරු හැදුණු කෙනකු ගෙන් තවත් කෙනකුට බෝ වෙන්න ඉඩ තිබෙනවා. බැක්‌ටීරියා නාශක ඖෂධ දින 3ක කෙටි කාලයක්‌ තුළ රෝග කාරක බැක්‌ටීරියාව විනාශ කරන නිසා ප්‍රතිකාර ගන්නා රෝගියකු ගෙන් කෙනකුට බෝ වෙන්නේ නෑ. මේ රෝගය බෝ වෙන්නේ ප්‍රතිකාර නො ගන්නා රෝගියකු ගෙන් පමණයි. ප්‍රතිකාර නො ගන්නා බෝ වන වර්ගයේ ලාදුරු රෝගියකු කහින විටත් කිවිසුම් පිටවන විටත් ශ්වසන පද්ධතිය හරහා පරිසරයට පිට වන කෙළ බිඳිති වෙනත් කෙනකුට රෝගය බෝ කිරීමට හේතුවක්‌ වෙනවා.

කිසියම් රටක වෙසෙන ජනතාව ගෙන් සියයට 80කට පමණ ලාදුරු බැක්‌ටීරියාව මර්දනය කිරීමට හැකි ප්‍රතිශක්‌තියක්‌ ශරීරයේ ගැබ් වී තිබෙනවා. ඒ නිසා රෝගය බෝ විය හැක්‌කේ ජනගහනයෙන් සියයට 10කට පමණයි. සම මතුපිට ළා පැහැති දුර්වර්ණ දැනීමක්‌ නැති ලප තමයි මේ රෝගයේ මූලික ලක්‌ෂණය. මෙවැනි ලප එකක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ හිසේ හැර ශරීරය පුරා තිබීමත් කන්පෙති හා ශරීරයේ සම ඝන වීමත් මූලික ලක්‌ෂණ කිහිපයක්‌. නොකඩවා හිරි වැටීම් තිබෙන්නටත් පුළුවන්. ලප පහකට අඩු නම් ඒ බෝ නො වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. ලප 5ට වඩා වැඩි නම් බෝ වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. නිසි ප්‍රතිකාර නො ගැනීමෙන් පර්යන්ත ස්‌නායු පද්ධතියට රෝගය පැතිරීම නිසා ඇඟිලි වකුටු වීම, පාදයේ වළලුකරින් පහළ කොටස අප්‍රාණික වීම වැනි තත්ත්ව ඇති විය හැකියි. ප්‍රතිකාර ගැනීම වඩාත් ප්‍රමාද වුවොත් පාදයේ දැනීම නොමැති වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් ගේ පාදවල ඇති වන තුවාලවලට සමාන වූ තුවාල දක්‌නට ලැබෙනවා. රෝගයේ මුල් අවස්‌ථාවේ දී ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇති වීම වළක්‌වා ගන්නට හැකියාව තිබෙනවා"

කෙටිකාලීන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. රෝගයේ වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස්‌ වෙනවා බෝ නො වන වර්ගය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ මාස 6ක්‌ තුළ ලබාගත යුතුයි. බෝ වන වර්ගය සඳහා තවත් අමතර ඖෂධයක්‌ ඇතුළත් වෙනවා. මේ ඖෂධ මාස 12ක කාලයක්‌ තුළ ලබාගත යුතුයි. අතුරු ආබාධ ඇති වන්නේ ඉතා ම අඩුවෙන්. සියයට 90ක්‌ රෝගීන්ට අතුරු ආබාධ ඇති වන්නේ නෑ. මසකට වරක්‌ ලබාගන්නා rifampicin 300 නම් ඖෂධය නිසා මසකට වරක්‌ ප්‍රතිකාර ගන්නා මුල් දිනයේ මුත්‍රා රතු පාට විය හැකියි. එයට හේතුව එම ඖෂධයේ අඩංගු වර්ණක. බෝ වන ලාදුරු රෝගීන් භාවිත කරන clofazimine නම් ඖෂධය සමහර රෝගීන් ගේ සම දුර්වර්ණ කිරීමට හේතු වෙනවා. ප්‍රතිකාර අවසන් වීමෙන් පසු යථා තත්ත්වයට පත් වෙනවා. ප්‍රතිකාර ගන්නා කාලය තුළ ඇස්‌ හා මුත්‍රා කහ පාට විය හැකියි. මේ රෝග ලක්‌ෂණ දුටු වහාම ප්‍රතිකාර නවතා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.

තචද Dapsone නැමැති ඔෂධය සමහරක් රෝගීන් හට අසත්මිකතා ඇති කරයි (හිසේ කැක්කුම/ඇස් රිදීම/උණ/ මුහුණ සහ පපුව රතු වීම/ තොල් ඉදිමීම) එවිට වහාම ප්‍රතිකාර නතර කර රෝහලේ සායනයට සහභාගි වි ප්‍රතිකාර ක්‍රමය වෙනස් කර ගත යුතුය.

6 month regimen for Paucibacillary (PB) Leprosy

  Dapsone Rifampicin
Adult

50 - 70 kg

100 mg

Given daily

600 mg

Given once a month under supervision

Child

10 - 14 yearsa

50 mg

Given daily

450 mg

Given once a month under supervision

12 month regimen for Multibacillary (MB) Leprosy Dapsone

Rifampicin

Clofazimine

Adult

50 - 70 kg

100 mg

Given daily

600 mg

Given once a month under supervision

50 mg

Given daily

AND

300 mg

Given once a month under supervision

Child

10 - 14 yearsb

50 mg

Given daily

450 mg

Given once a month under supervision

50 mg

Given every other day

AND

150 mg

Given once a month under supervision

හඳුනා ගැනීම

[සංස්කරණය]

ආකාර 2 කි.

  1. සායනික හඳුනා ගැනීම.
  2. රසායනාගාර පරීක්ෂණ මගින් හඳුනා ගැනීම (හා තහවුරු කිරීම.)

සායනික හඳුනා ගැනීම

මෙහිදී සිදු වන්නේ රෝගියා ගේ බාහිර රෝග ලක්ෂණ මගින් එනම් සමේ ඇති වී තිබෙන ලප ආදිය මගින් හා හැඟීම් දැනීම් නැතිවී යාම් හා හිරි ගතිය ආදිය මගින් රෝග විනිශ්චය කිරීම යි. නමුත් රෝගය මුල් අවස්ථාවේ දී මෙන්ම වෙනත් සමේ රෝග තත්වයන් නිසා ඇතැම් විට සායනික හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ .

රසායනාගාර පරීක්ෂණ

ලාදුරු රෝගය හඳුනා ගැනීම සඳහා ප්‍රධානතම පරීක්ෂණය වන්නේ සමේ ඇති ලප ගැටිති ආදිය මගින් ලබා ගන්නා සාම්පල වල ලාදුරු රෝග කාරක බැක්ටීරියාව සිටීදැයි අන්වීක්ෂීය පරීක්ෂාවට යොමු කිරීම යි. මෙහිදී සිදු වන්නේ කුඩා ශල්‍ය පිහි තුඩක් (surgical blade) මගින් අදාල ස්ථානයේ මිලි මීටර් 2 පමණ ගැඹුරට කැපුමක් යොදා රුධිරය මිශ්‍ර නොවන ලෙස සමේ ස්තරයක් සූරා ලබා ගෙන වීදුරු කදාවක තවරා, සීල් නීල්සන් ක්‍රමයට වර්ණ ගන්වා අන්වීක්ෂීය පරීක්ෂාවට යොමු කිරීමයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලාදුරු
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?