For faster navigation, this Iframe is preloading the Wikiwand page for කොලරාව.

කොලරාව

මෙම ලිපිය වනාහි Cholera ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.
කොලරා රෝගයේ ව්‍යාප්තිය (මෙම රූපයේ ශ්‍රී ලංකාව දක්වා ඇතත් මෑත කාලයේ එහි මෙම රෝගය වාර්තාවී නැත)

කොලරාව යනු Vibrio cholerae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ‍ආන්ත්‍රික රෝගයකි. මෙය මිනිසුන්ට බෝවන්නේ අපවිත්‍රවු පානීය ජලය හා ආහාර ද්‍රව්‍යයන් පරිභෝජනය මගිනි. කොලරා බැක්ටීරියා සංචිත කොට තබා ගන්නා ප්‍රධාන ස්ථානයක් වන්නේ මිනිස් සිරුර යි. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් වන බැක්ටීරියාවන් ජලාශ්‍රිත පරිසර වලද දක්නට ලැබේ. Vibrio cholerae බැක්ටීරියාව ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන ග්‍රෑම් සෘණ බැක්ටීරියාවකි. මෙමගින් නිශ්පාදනය වන විෂ ද්‍රව්‍ය ආන්ත්‍රික විෂ වර්ගයට අයත්ය. මෙය කුඩා අන්ත්‍රයේ අපිච්චාද පටක මත ක්‍රියාත්මක වී පාචන තත්වය ඇති කරයි. රෝගයේ උච්චතම අවස්ථාවන් වලදී කොලරාව මගින් ඉක්මනින් මරණයත් ළඟා කරදිය හැකිය. නිසි කළට ප්‍රතිකාර නොලැබුණ හොත් රෝග ලක්ෂණයන් ඇතිවී පැයකින් අවරුධිර පීඩනය ඇතිවීම‍ටත් පැය තුනක් ඇතුළතදී මරණය පවා ඇතිවීමටත් පුළුවන. විජලනය වළක්වා ගැනීමේ ප්‍රතිකාර ක්‍රම ‍නොලැබුණ හොත් රෝගය පාචන තත්වයේ සිට කම්පන අවස්ථාවක් දක්වා පැය 4 සිට 12 ක් වු කාලය අතරතුරදී සහ පැය 18 සිට දින කිහිපයක් අතරතුරදී මරණය පවා ළඟා විය හැකිය.


රෝග ලක්ෂණ

[සංස්කරණය]

කොලරාව නිසා ඇතිවන පාචනය ක්ෂණිකව ඇතිවන්නක් වන අතර එය කෙතරම් දරුණුදයත් නිසි කලට නිසි ප්‍රතිකාර ක්‍රම ලබා නොදුනහොත් දරුණු විජලන තත්වයක් හෝ මරණය ඇති වෙයි.

සුසෑන් සොන්ටැග් නම් නවකතාකාරියට අනුව අනිකුත් මාරාන්තික රෝගයන්ට වඩා කොලරා රෝගය දරුණු වන්නේ එමගින් අදාල රෝගියා අමානුෂිකත්වයට පත් කරන බැවිනි. පාචනය හා විජලන කෙතරම් දරුණුද යත් ඇය විසින් විග්‍රහ කරන අන්දමට රෝගියකු‍ෙග් මරණයට පෙර ඔහු හෝ ඇය වියලී ගිය විකට රූපයක් බවට පත්වෙයි. අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ සීඝ්‍ර ‍විජලනය , හෘද ස්පන්දන වේගය ඉහල යාම , සම වියලීම , තෙහෙට්ටු ගතිය , බඩ කොරවීම ඔක්කාරය සහ වමනයයි.


ප්‍රතිකාර ක්‍රම

[සංස්කරණය]

1992 දී සයරේ හි වෛද්‍ය කණ්ඩායමක් මගින් කොලරා රෝගියකුට ප්‍රතිකාර කරන අන්දම

විජලනය සහ සිරුරේ ඇති ලවණ ද්‍රව්‍ය සීඝ්‍රලෙස ඉවත්ව යාම ‍කොලරා රෝගයේදී සිදුවන බැවින් ඒවා නැවත යථා තත්වයට පත් කිරීම ප්‍රතිකාර ක්‍රම වලදී සිදුවෙයි. විජලනය වලක්වා ගැනීමේ පානිය ද්‍රව්‍යයන් භාවිතය වඩා ලාභදයී කාර්යක්ෂම ආරක්ෂාකාරී සහ අතුරු ප්‍රතිඵල වලින් තොර ප්‍රතිකාර ක්‍රමයකි.

රෝගය උත්සන්න වන ඇතැම් අවස්ථාවලදී ශිරාගත කරන තරලමය ද්‍රව්‍ය මගින් විජලනය වලක්වා ගත හැකිය. ටෙට්‍රාසයිකලීන් නම් ප්‍රතිජීවක ඔ‍ෟධය ඇතැම් අවස්ථාවලදී භාවිතා කෙරුණද ඇතැම් බැක්ටීරියා විශේෂ මේ සඳහා ප්‍රතිරෝධීතාවයක් පෙන්නුම් කරයි. කෝට්‍රයිමොක්සෝල් එරිත්‍රොමයිසීන් , ඩොක්සි සයික්ලීන් , ක්ලෝ‍රැම්ෆිනිකෝල් සහ ෆියුරසොලිඩෝන් මෙහිදී භාවිතාවන අනිකුත් ප්‍රතිජීවකයන් වේ. ෆ්ලුවොරොක්විනොලෝන් වර්ගයට අයත් නොෆ්ලොක්සසීන් නම් ඖෂධයද භාවිතා කරන නමුත් ඒ සඳහා ප්‍රතිරෝධීතාවයන්ද වාර්තා වී ඇත.

ඖෂධයන් ‍බොහෝමයක් සඳහා ප්‍රතිරෝදී වන බැක්ටීරියා විශේෂ ක්ෂණිකව හදුනාගැනීම සඳහා ක්‍රමෝපායන් බිහිවී ඇත. මෙම බැක්ටීරියාව සඳහා ඵලදායි ලෙස භාවිතා කළ හැකි නව ඖෂධ වර්ගද සොයා ගෙන ඇත.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කොලරාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?