For faster navigation, this Iframe is preloading the Wikiwand page for මහනුවර.

මහනුවර

ඛණ්ඩාංක: 7°17′49.06″N 80°38′18.43″E / 7.2969611°N 80.6384528°E / 7.2969611; 80.6384528

මහනුවර
Kandy

සෙංකඩගල
கண்டி
නුවර වැවේ දසුනක්
නුවර වැවේ දසුනක්
උද්යෝග පාඨය(න්): ආදරය හා මිත්‍රත්වය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමහනුවර දිස්ත්‍රික්කය
සෙංකඩගලපුර~1480
මහනුවර මහනගර සභාව1865
ආණ්ඩුව / පරිපාලනය
 • නගරාධිපතිමහේන්ද්‍ර රත්වත්තේ[1]
ජනගහණය(2001)
 • මුළු110,049
 • ඝණත්වය57/කිමී2 (150/වර්ග සැත)
 [2]
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව[3] (UTC+5:30)
 • ගිම්හානය (DST)ගිම්හාන වේලාව (UTC+6)
වෙබ් අඩවියhttp://kandy.mc.gov.lk/
මහනුවර දුම්රිය ස්ථානය

මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.[තහවුරු කර නොමැත]

සෙංකඩගල නාමය

[සංස්කරණය]

ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.

මහනුවර නාමය

[සංස්කරණය]

මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී.

ඉතිහාසය

[සංස්කරණය]

මහනුවර රාජධානිය

[සංස්කරණය]

ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.

සංස්කෘතිය

[සංස්කරණය]

ලෝක උරුම නගරය

[සංස්කරණය]
පූජනීය මහනුවර නගරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
මහනුවර ශ්‍රී දලඳා මාලිගාව
නිර්ණායකයසංස්කෘතික: iv, vi
මූලාශ්‍ර450
අභිලේඛනය1988 (10th සැසිය)

පුරාණේ භාවිතා කළ නාමය

[සංස්කරණය]
  • ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන
  • සෙංකඩගල
  • කන්ද උඩරට
  • කන්දෙ නුවර
  • සෙංකණ්ඩ ශෛලපුරය
  • ශ්‍රීවර්ධනපුර
  • කන්ද උඩ නුවර

මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු

[සංස්කරණය]

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]
ගොනුව:19th cent govn res kandy.jpg
19 වන සියවසෙහිදී මහනුවර ජනාධිපති මන්දිරිය දිස් වූ අයුරු
ගොනුව:19th cent Queen's Hotel Kandy.jpg
19 වන සියවසෙහිදී මහනුවර රැජිණ හෝටලය දිස්වූ අයුරු

කාලගුණය

[සංස්කරණය]

මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය.

ස්වාභාවික උරුමය

[සංස්කරණය]
  1. උඩ වත්ත කැලය
  2. දුනු මඞලාව
  3. හන්තාන කදු වැටිය

ආර්ථිකය

[සංස්කරණය]

ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ http://www.askbiography.com/bio/Kandy.html
  2. ^ Sri Lanka: Districts & Major Cities - Statistics & Maps on City on City Population
  3. ^ http://www.timeanddate.com/worldclock/city.html?n=389http://www.timeanddate.com/worldclock/city.html?n=389
  4. ^ http://www.diyatha.com/web/ithihasaya/kandy1.htm

බාහිර සබැඳුම්

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මහනුවර
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?