For faster navigation, this Iframe is preloading the Wikiwand page for බදුල්ල.

බදුල්ල

බදුල්ල
Badulla
නගරය
බදුල්ල ඔරලෝසු කණුව
බදුල්ල ඔරලෝසු කණුව
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයබදුල්ල දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයබදුල්ල මහනගර සභාව
සරිය
 • මුළු10 කිමී2 (4 සතරැස් සැත)
උන්නතාංශය680 මී (2,230 අඩි)
ජනගහණය(2011)
 • මුළු47,587
 • ඝණත්වය4,387/කිමී2 (11,360/වර්ග සැත)
ජනනාමය(න්)Badullians
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.

බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.

සංචාරක ආකර්ෂණ

  • මුතියංගන රජ මහා විහාරය - ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කරන ලදී.
  • බෝගොඩ පැරණි විහාරය - බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.
  • දුන්හිඳ ඇල්ල - බදුල්ල නගරයේ කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 ක් පමණ වේ.
  • බදුල්ල කතරගම දේවාලය - 17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල පළමුවන විමලධර්ම සූරිය රජ විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ තිබෙයි.[1]
  • බදුලු ටැම් ලිපිය - බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.
  • බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ - බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන තිබේ.
  • බදුල්ල ඔරලෝසු කණුව - බදුල්ල නගර මධ්‍යයේ වූ බදුල්ල ඔරලෝසු කණුව මෙරට පැරණිතම ඔරලෝසු කණු අතරින් එකකි.

ජන සංඛ්‍යානය

ජන වර්ගය මුඵ ජනගහනය ප්‍රතිශතය %‍ ට
සිංහල 19843 65.23
ශ්‍රි ලාංකීය මුස්ලිම් 9422 21.49
ශ්‍රි ලාංකීය දෙමළ 2,717 6.64
ඉන්දියානු දෙමළ 1,989 4.86
වෙනත් ( බර්ගර්, මැලේ)ඇතුළත්ව 735 1.80
එකතුව 40,920 100

ගැලරිය

සිතියම්

මූලාශ්‍ර

  1. ^ "ටෙම්පල් ඉන් ඕනර් ඔෆ් කිංග්". මිනුබේ. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
බදුල්ල
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?