For faster navigation, this Iframe is preloading the Wikiwand page for හත්වන බුවනෙකබාහු රජ.

හත්වන බුවනෙකබාහු රජ

හත්වන බුවනෙකබාහු
කෝට්ටේ රජ
රාජ්‍ය සමයක්‍රි.ව. 1521-1550
පූර්වප්‍රාප්තිකයාසත්වන විජයබාහු රජ
අනුප්‍රාප්තිකයාදොන් ජුවන් ධර්මපාල රජ
උපතක්‍රි.ව. 1468
මරණයක්‍රි.ව. 1550 දෙසැම්බර් 29
කෝට්ටේ රාජධානිය
වංශයකෝට්ටේ රජ පෙළපත
පියාසත්වන විජයබාහු රජ

හත්වන බුවනෙකබාහු කෝට්ටේ රජු වූ සත්වන විජයබාහු රජුගේ හා ඔහුගෙ අග බිසවගේ වැඩිමහල් දරුවා විය. [1] 1468දී උපන් ඔහුගේ [2] සොහොයුරන් වූයේ මායාදුන්නේ හා රයිගම බණ්ඩාර ය. ඔහුගේ පියගේ දෙවන විවාහයේ නව බිසව, දේව රාජසිංහ නම් වෙනත් අයෙකුගෙ පුතෙකු ද රැගෙන ආ අතර රජු ඔහුට තමාගෙන් පසු රජකම ලබා දීමට අදහස් කළ බැවින් [3] බුවනෙකබාහු හා ඔහුගේ සොයුරන් දෙදෙනා රාජධානිය අත්හැර පලා යාමට පෙළඹුනු අතර ඔවුන් නැවත පැමිණියේ උඩරට රාජධානියෙන් ලැබුණු හමුදාවක් ද සමගිනි.[4]

කෝට්ටේ රජු ලෙස රාජ්‍ය කාලය

[සංස්කරණය]

මායාදුන්නේ රජු විසින් උඩරට රජු වූ ජයවීර රජුගේ හමුදා මගින් කෝට්ටේ රජ කළ තම පියාට එරෙහිව සාර්ථකව සටන් මෙහෙයවන ලද අතර ඉන් පසු සත්වන විජයබාහු රජුගේ නීත්‍යනුකූල පුතුන් තිදෙනා විසින් එම රජ්‍යය කොටස් තුනකට බෙදා ගන්නා ලදී.[5] බුවනෙකබාහු කුමරු හත්වන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජු ලෙස ද, මායාදුන්නේ සීතාවක රජු ලෙස ද, පරරාජසිංහ හා මහා රයිගම් බණ්ඩාර ලෙස හඳුන්වනු ලබන රයිගම බණ්ඩාර රයිගම රජු ලෙස ද රාජ්‍යත්වයට පත් වූහ. කෙසේ වුවත්, 1538දී සිදු වූ රයිගම බණ්ඩාරගේ මරණයෙන් පසුව [6] මායාදුන්නේ රයිගම තම රාජ්‍යයට නතු කරගත් අතර, පියාගේ ඝාතනයේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ තමා ගැන පෙර සිටම අවිශ්වාස කළ තම වැඩිමහල් සොයුරාගේ රාජ්‍යයේ සතුරෙකු බවට ද පත් විය.

බුවනෙකබාහුගේ රාජ්‍ය කාලයේ දී, මායාදුන්නේ තම පුතු වූ පළමු රාජසිංහ සමග එක්ව පෘතුගීසීන්ට එරෙහිව ඔවුන් පලවා හැරීම සඳහා අඛණ්ඩව සටන් කළ අතර බුවනෙකබාහුගෙන් කෝට්ටේ රාජධානිය ලබා ගැනීමට ඔහුව රජකමින් පහ කිරීමට තැත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජුට පෘතුගීසීන්ගේ පක්ෂය ගැනීමට සිදුවූයේ තම සොයුරාගෙන් තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ බලය අවශ්‍ය වූ බැවිනි. [7] තම පාලන සමය තුළ ඔහු දුර්වල පාලකයෙකු වූ අතර පෘතුගීසීන් මත අධික ලෙස යැපෙමින් [8] අවසානයේ දී ඔවුන් සමග මිත්‍ර විය.

ශා. ෆ්‍රැන්සිස් ක්ෂේවියර් හමුවීම

[සංස්කරණය]

කෙසේ වුවද, ඔහු ද ආගමික නියමයන් සම්බන්ධයෙන් පෘතුගීසීන් සමග විරුද්ධ විය. 16 වන සියවස මැද දී පෘතුගාලයේ තුන්වන ජෝන් රජු විසින් ඉන්දියාවේ හා ලංකාවේ කතෝලික ධර්මය දේශනා කිරීමට ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් මුනිතුමා පිටත් කරන ලදී.[9] ඔහු කෝට්ටේ රජු හමුවී, ඔහු සමග තමාගේ දහමට හැරීම ගැන සාකච්ඡා කළේය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ http://books.google.co.uk/books?id=RFxCJ9__KBMC&pg=PA130&dq=son+of+vijaya+bahu+VII&hl=en&sa=X&ei=hE7jUOzlCuaY1AX01oC4BA&ved=0CFEQ6AEwBQ#v=onepage&q=son%20of%20vijaya%20bahu%20VII&f=false
  2. ^ De Queyroz, Fernao (1930). Temporal and Spiritual Conquest of Ceylon. p. 293.
  3. ^ Gunasekera, B. Rajavaliya. p. 74.
  4. ^ "The Kingdom of Sitavaka 1521-1594". සම්ප්‍රවේශය 2013-01-01.
  5. ^ Wright, Arnold (1907). Twentieth Century Impressions of Ceylon. Lloyd's Greater Britain Publishing Company, LTD. p. 46.
  6. ^ Pieris, Paulus Edward (48). Ceylon and the Portuguese, 1505-1658. ((cite book)): Check date values in: |year= (help)
  7. ^ "The king's dependence on the Portuguese".
  8. ^ Wright, Arnold (1907). Twentieth Century Impressions of Ceylon. Lloyd's Greater Britain Publishing Company, LTD. pp. 46, 735.
  9. ^ Perera, Simon Gregory (1941). Jesuits in Ceylon: (in the XVI and XVII Centuries). pp. 1–3.
හත්වන බුවනෙකබාහු රජ
උපත: 1521 මරණය: 1550 දෙසැම්බර් 29
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සත්වන විජයබාහු රජ
කෝට්ටේ රජ
1521–1550
අනුප්‍රාප්තිකයා 
දොන් ජුවන් ධර්මපාල රජ
{{bottomLinkPreText}} {{bottomLinkText}}
හත්වන බුවනෙකබාහු රජ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?