For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලාබාල යුවතිය.

ලාබාල යුවතිය

KV35 සොහොන්ගැබෙන් හමුවූ මමියේ දකුණු පැති පෙනුම

ලාබාල යුවතිය යනුවෙන් හැඳන්වෙන්නේ ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ KV35 සොහොන්ගැබෙහි තිබී වික්ටර් ලොරෙට් නැමැති පුරාවිද්‍යාඥයා විසින් 1898දී සෙයාගනු ලැබූ මමියකට දෙන ලද නාමයකි.[1] මෙම මමියේ DNA පරීක්ෂාවකින් පෙනීගොස් ඇත්තේ ඇය ටූටන්ඛාමූන් පාරාවෝවරයාගේ මෑණියන් බවත්, IIIවන අමෙන්හොටෙප් පාරාවෝ සහ ටියේ රැජිනගේ දියණියක බවත් ය. මෙම මමියට KV35YL ("YL" යන්න "ලාබාල යුවතිය හෙවත් Younger Lady" සඳහා) සහ 61072 යන නාමය ලබා දී[2] වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මුල්කාලීන අදහස වූයේ මෙම මමිය නෙෆර්ටිටි රැජිනගේ දේහය බවයි. නමුත් එය අසත්‍ය යැයි සැලකේ. DNA පරීක්ෂණයකින් ද ඒ බව තහවුරු වී ඇති අතර, ඇගේ අනන්‍යතාව පිළිබඳනොයකුත් ගැටලු පවතී.[3][4]

සොයාගැනීම සහ හඳුනා ගැනීම

[සංස්කරණය]

මෙම මමිය KV35 සොහොන්ගැබේ තවත් මමී දෙකකට යාබදව තිබී හමු විය. සෙසු මමී දෙක නම්: වෙබෙන්සෙනුගේ යැයි සිතිය හැකි 10වන විය අවට මියගිය පිරිමි දරුවකුගේ මමියක් සහ වැඩිමහල් කාන්තාවකගේ මමියකි. ටූටන්ඛාමූන්ගේ පෙළපත පිළිබඳ සිදුකළ මෑතකාලීන DNA අධ්‍යයනවලින් පෙනීගොස් ඇත්තේ එම වැඩිමහල් කාන්තාවගේ මමිය ටියේ රැජිනගේ බවයි.[5] මෙම මමී තුන හමුවූයේ සොහොන්ගැබෙහි පැති කුටියක නිර්වස්ත්‍රව පෙළට තබා තිබියදී ය. පුරාතන සොහොන් බිඳින්න් අතින් මෙම මමී තුනට අතිශයින් හානි සිදු වී තිබිණි.

ලාබාල යුවතිය මමියේ අනන්‍යතාව පිළිබඳ ඇත්තේ දැඩි මතභේදාත්මක ස්වරූපයකි. මමිය සොයා ගැනීමෙන් පසු, වික්ටර් ලොරෙට් මෙම තරුණ පිරිමියකුට අයත් යැයි විශ්වාස කළේ එහි හිස මුඩු ස්වභාවයක් ගැනීම නිසායි. ලොරෙට්ගේ මුල් මතය වසර ගණනාවක් පුරා විශ්වාස කෙරුණ ද, පසුකලෙක ආචාර්ය ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් සිදුකළ සමීප අධ්‍යයනයකින් පෙනී ගියේ මමිය කාන්තාවකට අයත් වූවක් බවයි.

ලාබාල යුවතියගේ ඉදිරි පෙනුම

මෑතක දී, අලිංග වර්ණදේහ සහ මයිටොකොන්ඩ්‍රීය DNA පරීක්ෂාවකින් පෙනීගියේ මෙම මමිය කාන්තාවකගේ බවත්, ඇය ටූටන්ඛාමූන්ගේ මෑණියන් බවත් ය.[5] එසේම එම ප්‍රතිඵල මගින් අනාවරණය වූයේ ඇය ඇගේ සැමියා වූ KV55 සොහොන්ගැබෙන් හමු වූ මමිය හිමි පුරුෂයාගේ පූර්ණ සොයුරියක බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනාම IIIවන අමෙන්හොටෙප් සහ ටියේ රැජිනගේ දරුවන් වේ.[5] KV55 සොහොන්ගැබෙන් හමුවූ මමියේ (සහෝදරි විවාහයක් සිදු වූ) අනන්‍යතාවය ද මතභේදයට තුඩු දී ඇත. සාහි හවාස් ඇතුළු ඇතැම් ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ එය අක්නාටන්ගේ බවයි. නමුත් මානව විද්‍යාඥ ජොයිස් ෆයිලර් ඇතුළු සමහරුන් පවසන්නේ එම මමිය ස්මෙන්ඛ්කරේගේ බවයි. මෙම පවුල් සම්බන්ධතාවය අනුව ලාබාල යුවතිය (එනම් ටූටන්ඛාමූන්ගේ මව) යනු නෙෆර්ටිටි හෝ අක්නාටන්ගේ දෙවන බිසව වූ කියාගේ මමිය යැයි සිතිය නොහැකි බව පෙනේ. එයට හේතුව කිසිදු පුරාවස්තුවක එම බිසෝවරුන් දෙදෙනාගෙන් එක් අයකුවත් "රජුගේ සොයුරිය" හෝ "රජුගේ දියණිය" ලෙස හඳුන්වා ‍නොතිබීමයි.[6] ලාබාල යුවතිය සිටාමුන්, අයිසිස්, හෝ හෙනුට්ටනෙබ් ‍යන අයගෙන් අයකු විය නොහැකි බව පෙනේ. ඔවුන් සිය පියා වූ IIIවන අමෙන්හොටෙප්ගේ මහා රාජකීය භාර්යාවෝ වූහ. අක්නාටන් ඔවුන්ගෙන් අයකු හා විවාහ වූයේ නම්, ඇයට නෙෆර්ටිටි වෙනුවට ඊජිප්තුවේ අගබිසව ධුරය හිමි විය යුතු යුතු ය. වාර්තාවේ දැක්වෙන්නේ මෙම මමිය IIIවන අමෙන්හොටෙප් සමග විවාහ වූයේ යැයි නොපැවසෙන අමෙන්හොටෙප්ගේ දියණියන් වූ නෙබෙටාහ් හෝ බෙකෙටාටන් විය හැකි බවයි. නමුත් අමෙ‍න්හොටෙප් රජුට දාව ටියේ රැජිනට දියණියන් අටදෙනකු වූ බව සඳහන් වේ.[6](සටහන: රූපය 2 eAppendix)

ඇතැම් තර්කයන් අනුව, ලාබාල යුවතිය යනු අක්නාටන් සහ නෙෆර්ටිටිගේ දියණිය සහ ස්මෙන්ඛ්කරේගේ බිරිය වූ මෙරිටාටන් යැයි පැවසේ. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ ටූටන්ඛාමූන් වෙත උරුම වූ ඇලීලයන් ය. තොරතුරු අනුව, මෙරිටාටන් සමග විවාහ වූ ස්මෙන්ඛ්කරේ ඇගේ මාමා කෙනකු යැයි පැවසේ. එවිට ටූටන්ඛාමූන් අක්නාටන්ගේ මාතෘ පාර්ශ්වීය මුණුපුරකු යැයි සැලකීමට සිදු වේ. සහාභිජනනය හේතුවෙන් පරම්පරා හඳුනා ගැනීම අපහසු වුවත්, මෙම තර්කයේ එක් අඩුපාඩුවක් ඇත. මෙරිටාටන්, ටියේ රැජිනගේ හෝ ටියේගේ මව වූ තුයාගේ මයිටොකොන්ඩ්‍රීය පැවතෙන්නකු විය යුතු ය. නමුත් ලාබාල යුවතියගේ මයිටොකොන්ඩ්‍රීය DNA ගැළපෙන්නේ ටියේගේ දියණියක් ලෙසටයි. නෙෆර්ටිටිගේ පෙළපත කිසිදු ස්ථානයක විශේෂ කර දක්වා නැත. මේ නිසා මෙරිටාටන් ලාබාල යුවතිය වූයේ නම්, නෙෆර්ටිටි තුයාගේ මයිටොකොන්ඩ්‍රීය ඥාතියකු විය යුතු ය.

ව්‍යාභිචාරය එකල අසම්මත සිද්ධියක් නොවූ හෙයින්, ලාබාල යුවතිය යනු නෙෆර්ටිටි යැයි යෝජනා වී ඇත. එය එසේ වී නම්, අක්නාටන් සිය සොයුරිය හා විවාහ වූ අතර, ටූටන්ඛාමූන්ගේ දෙමාපියන් අක්නාටන් සහ නෙෆර්ටිටි විය යුතු ය. එසේම සිය සැමියාගේ මරණින් පසු ද ජීවත් වූ නෙෆර්ටිටි, ස්මෙන්ඛ්කරේ යන නාමයෙන් රාජ්‍ය පාලනය කරන්නට ඇත. (එසේම ඇගේ දියණියව සිය නිල ධුරයන් වූ ප්‍රධාන පූජකවරිය සහ 'භාර්යාව' යන ධුරයන්ට පත් කරන්නට ඇත) මේ සියල්ල සනාථ වී නොමැත. නමුත් මෙය ද සාධාරණ තර්කයක් ලෙස දැක්විය හැක.[7] මෙම මතයට පිළිගැනීමට ඇති අපහසුතාවක් නම් මමියේ මියයන විට වයසයි. එයට හේතුව නෙෆර්ටිටි මෙරිටාටන්ට උපත ලබා දුන්නේ අක්නාටන්ගේ 1වන රාජ්‍ය වර්ෂයට පසුව නොවීමත්, ඇය 16වන වර්ෂයේ ද ජීවත්ව සිටීමත් ය.

මමිය පිළිබඳ විස්තරය

[සංස්කරණය]
ලාබාල යුවතිය මමිය පිළිබඳ ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් නිර්මාණය කරන ලද සම්පූර්ණ දේහ සටහනක්; මෙය සොයාගන්නා විට එහි දක්නට ලැබුණු හානිය ද මෙහි සටහන් කොට ඇත.

ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් විසින් විසිවන සියවස ආරම්භයේ දී පුරාතන රාජකීය මමී පිළිබඳ සිදු කළ සමීක්ෂණයේ මෙම මමිය පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයා ඇත. ඔහු මෙම මමිය 1.58m (අඩි 5 අඟල් 2) උසැති බව දක්වා ඇත. මිය යන විට ඇගේ වයස අවුරුදු 25ට වැඩි නොවිය හැකි බව එහි දැක්වේ.[8] එසේම ඔහු විසින් පුරාතන නිධන් සොරුන් විසින් එයට සිදු කර තිබූ විශාල හානිය පිළිබඳ විස්තර කර තිබේ. ඔවුන් විසින් මමියේ ළයෙහි පූර්ව බිත්තිය විනාශ කොට තිබේ. උරහිසට වහාම පහළින් දකුණු බාහුව වෙන් වී ඇත.[9] ස්මිත් අනුමාන කොට තිබූයේ මෙය රාජකීය පවුලේ සාමාජිකාවකගේ මමියක් බවයි.[9]

මමියේ මුඛයේ සහ කම්මුලෙහි වම් පස වූ විශාල තුවාලය හේතුවෙන් හනුවේ කොටසක් විනාශ වී ඇති අතර, එය ද නිධන් සොරුන්ගේ ක්‍රියාවන් හේතුවෙන් සිදුවූවකැයි සැලකේ.[9] නමුත් මෑතක දී ජාන පරීක්ෂා සහ CT පරිලෝකන ආධාරයෙන් සිදු කළ මමියේ යළි අධ්‍යයනයකින් පෙනීගොස් ඇත්තේ තුවාලය මරණයට පෙර සිදුවූවක් බවත්, එය මරණීය තුවාලයක් වන්නට ඇති බවත් ය.[6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ රීවස්, නිකොලස්. විල්කින්සන්, රිචඩ් එච්. ද කම්ප්ලීට් වැලී ඔෆ් ද කිංස්. පි. 100; තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 1997. (නැවත මුද්‍රණය) ISBN 0-500-05080-5
  2. ^ ස්මිත්, ජී. එලියට්. ද රෝයල් මමීස් පි.117 ඩක්වර්ත් පබ්ලිෂර්ස්, 2000
  3. ^ හවාස් ඩසෙඩ්.; ගැඩ් වයි. ඉසෙඩ්.; ඉස්මයිල් එස්.; ඇතුළු පිරිස (2010-02-17). "ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටූටන්ඛාමූන්'ස් ෆැමිලි". JAMA. 303 (7): 638–647. doi:10.1001/jama.2010.121. ISSN 0098-7484.
  4. ^ "කිං ටුට්'ස් ෆැමිලි සීක්‍රට්ස් - නැෂනල් ජියෝග්‍රැෆික් මැගසින්". ngm.nationalgeographic.com. සම්ප්‍රවේශය 2016-09-21.
  5. ^ a b c හවාස්, ඉසෙඩ්; ගැඩ් වයි ඉසෙඩ්; ඉස්මයිල් එස්.; ඛයිරාට්, ආර්; ෆතල්ලා ඩී., හසන් එන්.; අහමඩ්, ඒ.; එලීති, එච්‍; බෝල් එම්; ගැබල්ලා එෆ්; වැසෙෆ් එස්; ෆාතීන් එම්; අමර් එච්; ගොස්ට්නර් පී; සලිම් ඒ; සින්ක් ඒ; පුෂ් සී. එම්. (පෙබරවාරි 2010). "ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටූටන්ඛාමූන්'ස් ෆැමිලි". JAMA. 303 (7): 638–47. doi:10.1001/jama.2010.121. PMID 20159872. ((cite journal)): Vancouver style error: non-Latin character in name 1 (help)
  6. ^ a b c හවාස්, ඉසෙඩ්. ඇතුළු පිරිස, "ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටූටන්ඛාමූන්'ස් ෆැමිලි". JAMA. 2010;303(7):eAppendix p.3.
  7. ^ මයිකල් ඊ. හැබිච්ට්, නොෆ්‍රෙටිටි ඇන්ඩ් එක්නේටන්, 2012, කොයිලර් සහ ඇම්ලෑන්ග්, ISBN 978-3733803810
  8. ^ ස්මිත්, ජී. එලියට්. ද රෝයල් මමීස්. පි. 40. ඩක්වර්ත් ඊජිප්ටොලොජි. 2000 (මුල් 1912 සංස්කරණයේ නැවත මුද්‍රණය). ISBN 0-7156-2959-X
  9. ^ a b c ස්මිත් ජී. එලියට්. ද රෝයල් මමීස්. පි. 41. ඩක්වර්ත් ඊජිප්ටොලොජි. 2000 (මුල් 1912 සංස්කරණයේ නැවත මුද්‍රණය). ISBN 0-7156-2959-X

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලාබාල යුවතිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?