For faster navigation, this Iframe is preloading the Wikiwand page for ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ.

ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ

ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ
වෙස්මුහුණේ ඉදිරිපස සහ පසුපස පෙනුම
මාධ්‍යයරන්
ප්‍රමාණය54 × 39.3 × 49 cm
ලේඛනයපුරාතන ඊජිප්තු රූපාක්ෂර
නිර්මාණය වූයේක්‍රි.පූ. 1323 පමණ
සොයාගනු ලැබූයේ28 ඔක්තෝබර් 1925[1]
වර්තමාන පිහිටුමඊජිප්තු කෞතුකාගාරය, කයිරෝ
හැඳුනුම්කරණයකාටර් අං. 256a; Journal d'Entrée අං. 60672; ප්‍රදර්ශන අං. 220[2]

ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ හෙවත් ටූටන්ඛාමූන්ගේ අවමංගල වෙස්මුහුණ යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ, 18වන රාජවංශයේ පාරාවෝවරයකු වූ ටූටන්ඛාමූන්ගේ (රාජ්‍ය සමය. ක්‍රි.පූ. 1332–1323) මරණ වෙස්මුහුණයි. මෙය සොයාගන්නා ලද්දේ 1925දී හොවාඩ් කාටර් විසිනි. KV62 සොහොන්ගැබෙන් හමුවූ මෙම වෙස්මුහුණ වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත.[3] මෙම වෙස්මුහුණු ලොව වඩාත් සුප්‍රකට කලා නිර්මාණවලින් එකක් ලෙස සැලකෙයි.[4]

ඊජිප්තුවේදියකු වන නිකොලස් රීවස් අනුව "මෙම වෙස්මුහුණ ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ අනර්ඝතම නිර්මාණය පමණක් නොව, පුරාතන ඊජිප්තුවෙන් හමුවූ වඩාත් සුප්‍රකටම වස්තුව වේ".[4] 2001 සිට, පර්යේෂණ අනුව යෝජනා වී ඇත්තේ මෙම වෙස්මුහුණ මුලින් නිර්මාණය කොට ඇත්තේ නෙෆර්නෙෆරුආටන් රැජින වෙනුවෙන් බවයි;[5] මෙම වෙස්මුහුණ ඇතුළත තිබී එම රැජිනගේ රාජකීය නාමය (අන්ඛ්ඛෙපෙරුරේ) සහිත අර්ධව මකාදැමූ කාර්ටුෂයක් හමුවිය.[6]

අනාවරණය

[සංස්කරණය]

ටූටන්ඛාමූන්ගේ භූමදාන කුටිය සොයාගන්නා ලස්සේ 1922දී තීබානු සුසානභූමියේ රජුන්ගේ නිම්නය තුළිනි. එය විවෘත කෙරුණේ ඉන් වසරකට පසුවයි. ටූටන්ඛාමූන්ගේ මමිය අන්තර්ගත බරැති මිනීපෙට්ටිය විවෘත කිරීමට ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයකු වූ හොවාඩ් කාටර්ගේ මූලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමට තවත් වසර දෙකක් ගතවිය. 1925 ඔක්තෝබර් 28 දින ඔවුහු මිනීපෙට්ටි තුන විවෘත කරමින් අභ්‍යන්තරයේ වූ රන් වෙස්මුහුණ අනාවරණය කරගත්හ. මෙය ආසන්න වශයෙන් වසර 3,250කට පමණ පසුවයි, මිනිසාගේ නෙත ගැටුණේ. කාටර් සිය දිනපොතෙහි මෙසේ ලියා ඇත:

ඇණ ඉවත් කොට පියන ඔසවන ලදී‍. උපාන්ත්‍ය දසුන අනාවරණය විය. එහිදී ලාබාල රජුගේ අතිශය පිළිවෙලට ඔතන ලද මමිය, ශෝකාකූල නමුත් සන්සුන් ස්වරූපයක් ඇති රන්වන් වෙස්මුහුණ, ඔසිරිස් සංකේතවත් කරයි … වෙස්මුහුණ දෙවියන්ගේ ගුණාංග දරා සිටියි. නමුත් එය ‍ටූට්.අන්ඛ්.අමෙන්ගේ වැනි බව පෙනේ. මෙය සෞම්‍ය සහ අලංකෘත ය. මෙම හැඩරුවම ඔහුගේ ප්‍රතිමා සහ මිනීපෙට්ටිවල ද දක්නට ලැබේ. වෙස්මුහුණේ පසුපස පෙදෙසට මඳක් හානි වී තිබේ. එහි බැල්ම දෙව්ලොව කරා යොමුව තිබේ.[7]

1925 දෙසැම්බරයේ දී, වෙස්මුහුණ සොහොන්ගැබෙන් ඉවත් කරන ලදී. එය ඇසුරුමක බහා කිලෝමීටර 635 (සැත. 395) ඈතින් පිහිටි කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරය වෙත ගෙන යන ලදී. වර්තමානයේ එය එම ස්ථානයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

විස්තරය

[සංස්කරණය]

වෙස්මුහුණ 54 cm (අඟල් 21) උසැති ය. එහි පළල 39.3 cm (අඟල් 15.5) වන අතර ගැඹුර 49 cm (අඟල් 19) කි. මෙය ඉහළ-කැරට් ගණනකින් යුත් රත්රන් ස්තර දෙකක් ලෙස හැඩගන්වා තිබේ. එහි ඝනකම 1.5–3 mm (අඟල් 0.059-0.118) අතර පරාසයක විචලනය වන අතර, බර 10.23 kg කි‍.[8] X-කිරණ ස්ඵටික විද්‍යාව අනුව අනාවරණය වී ඇත්තේ වෙස්මුහුණ රත්රන්වල මිශ්‍ර ලෝහ දෙකකින් තනා ඇති බවයි: එහි දී මුහුණේ සහ ගෙලේ සැහැල්ලු කැරට් 18.4ක ප්‍රමාණයකුත්, සහ වෙස්මුහුණේ ඉතිරි පෙදෙසේ කැරට් 22.5ක රන් ප්‍රමාණයකුත් අන්තර්ගත ය.[9]

මෙහි මුහුණ මගින් සම්මත පාරාවෝ රුව නිරූපණය වේ. එම රුවම පර්යේෂකයන්හට සොහොන්ගැබේ සෑම තැනකම හමුවූ අතර, විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රතිමා ඒ අතර විය.[9] ඔහු නෙමෙස් නැමැති ශිර්ෂ වස්ත්‍රයත්, එහි මුදුනේ රාජකීය නාග (වැඩ්ජෙට්) සහ ගිජුලිහිණි (නෙඛ්බෙට්) ලාංඡනයත් පැළඳ සිටියි. ඉහත නාග සහ ගිජුලිහිණි ලාංඡනය ඉහළ සහ පහළ ඊජිප්තුවේ ටූටන්ඛාමූන්ගේ පාලනය සංකේතවත් කරයි. වෙස්මුහුණේ දෙකන් කර්ණාභාරණ පැළඳීම පිණිස සිදුරුකොට ති‍බේ. මෙම ලක්ෂණය බොහෝ පුරාතන ඊජිප්තු කලා නිර්මාණවල රැජිනියන් සහ දරුවන් නිරූපණය කිරීමේ දී යොදාගත් ලක්ෂණයකි.[6]

වෙස්මුහුණ වර්ණවත් වීදුරු සහ මැණික් ඔබ්බවා අලංකාර කොට ඇත. මේ අතරට ලැපිස් ලැසුලි (ඇස්වටා දාර සහ ඇස්බැමි), ක්වාර්ට්ස් (ඇස්), ඔබ්සිඩියන් (කළු ඉංගිරියාව), කාර්නේලියන්, ෆෙල්ඩ්ස්පාර්, නිල් මැණික්, ඇමසොනයිට්, ෆෙයාන්ස් සහ සෙසු පාෂාණ (පළලු කරපටියේ ඔබ්බවා ඇති) අයත් වේ.[2][10]

රැවුල

[සංස්කරණය]

1925දී මෙය සොයාගන්නා විට, 2.5 kg (රාත්තල් 5.5)[11] බරැති, ලැපිස් ලැසුලි එබ්බවූ ගෙතූ ආකාරයක් ගත් පටු රන් රැවුල වෙස්මුහුණෙන් වෙන්වී තිබිණි. නමුත් 1944දී ලී පිරිද්දුම් ඇණය්ක භාවිතයෙන් එය නිකටට යළි සවිකෙරිණි.[12]

බාහිර වීඩියෝ
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ 2015 පුවත් වාර්තාව (ඉංග්‍රීසි බසින්)

2014 අගෝස්තු මස, පිරිසිදු කිරීම පිණිස වෙස්මුහුණ ප්‍රදර්ශන ආවරකයෙන් ඉවතට ගෙන යාමේ දී රැවුල ගැලවී වැටිණි. වගකිව යුතු කෞතුකාගාර සේවකයින් විසින් වහා-වියළෙනසුලු ඉපොක්සි දුම්මල විශේෂයක් මගින් එය සවි කිරීමට තැත් කළ ද, රැවුල හරිමැද සවිනොවිණි. 2015 ජනවාරි මස මෙම හානිය නිවේදනය කෙරිණි. ‍ජර්මානු-ඊජිප්තු කණ්ඩායමක් විසින් එය පුරාතන ඊජිප්තුවරුන් භාවිත කළ ස්වාභාවික අමුද්‍රව්‍යයක් වන මී ඉටි ආධාරයෙන් එය යළි සවිකොට තිබේ.[13]

2016 ජනවාරි මස නිවේදනය කෙරුණේ, ප්‍රතිසංස්කරණය කිරීමේ දී විද්‍යාත්මක සහ වෘත්තීයමය දැනුවත්භාවයකින් තොරව කටයුතු කොට වෙස්මුහුණ නිත්‍ය හානියක් සිදුකළ ඊජිප්තු කෞතුකාගාර සේවකයින් අටදෙනකු විත්තකරුවන් ලෙස නම්කොට ඇති බවයි. ඉහත චෝදනාවට ලක්වූවන් අතර කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂකවරයකු ද වේ.[14]

අභිලේඛනය

[සංස්කරණය]

වෙස්මුහුණේ පසුපස සහ උරහිස් පෙදෙස්වල සිරස් පේළි දහයකින් සහ තිරස් පේළි දෙකකින් යුතුව ඊජිප්තු රූපාක්ෂරවලින් ලියන ලද ආරක්ෂක මන්ත්‍රයක් සඳහන් වේ.[9] මෙම අභිලේඛනය මළවුන්ගේ පුස්තකයේ 151වන පරිච්ඡේදයට අයත් එකකි. මෙම පාඨය මුලින්ම හමුවන්නේ ටූටන්ඛාමූන් රජසමයට වර්ෂ 500කට පමණ පෙර මධ්‍ය රාජධානි යුගයේ ය.[15]

ඔබගේ දකුණු ඇස [හිරු-දෙවියන්ගේ]රාත්‍රී යාත්‍රාවයි; ඔබගේ වම් ඇස දිවා යාත්‍රාවයි; ඔබගේ ඇස්බැමි දෙවියන්ගේ නව [දෙනකුගෙන් යුත්] කාණ්ඩයයි; ඔබේ නළල අනුබිස් [ගේ] ය; ඔබේ ගෙලේ පසු පෙදෙස හොරස් [ගේ] ය; ඔබගේ කේශ කලාපය ප්ටාහ්-සෝකර් [ගේ] ය. [ඔබ සිටින්නේ] ඔසිරිස් [ටූටන්ඛාමූන්] ඉදිරියේ ය; ඔහු ඔබට ස්තුතිවන්ත වේ. ඔබ ඔහුට යහමග පෙන්වයි. සෙත්ගේ හවුල් කරුවන්, ඔබ ඔහු වෙනුවෙන් පහර දෙයි. ඒනිසා ඔහු හීලියොපිලිස්හි පිහිටි මහා මාලිගයේ දෙවිවරුන්ගේ නව පුද්ගල මණ්ඩලය ඉදිරියේ ඔබලේ සතුරන් බලයෙන් නෙරපාවි...ඔසිරිස්, ඉහළ ඊජිප්තුවේ රජ නෙබ්ඛෙපෙරුරා, මියගොසිනි, රා‍ ගේ මෙන් දිවිය දුනි.[16]

ඔසිරිස් යනු මරණින් මතු දිවියට අධිපති ඊජිප්තු දෙවියා ය.

පබළු මාලය

[සංස්කරණය]

වෙස්මුහුණ ප්‍රදර්ශනයට තැබීමේ දී ඉවත් කොට තිබුණ ද, මුලින් එය සතුව දාම තුනකින් යුත් මාලයක් පැවතිණි. රන් සහ නිල් පැහැ ෆෙයාන්ස් පබළුවලින් තැනි එය, නෙළුම් මල් අන්තයකින් සහ යුරේයස් ‍ගාංචුවලින් සමන්විත වේ.[17]

ගැලරිය

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]
  • ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු ප්‍රදර්ශන

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ක්‍රිස්ටියේන් ඩෙස්රොචස්-නෝබල්කෝට් (1965). Tutankhamen: Life and Death of a Pharaoh. ඩබල්ඩේ. p. 55. ISBN 978-0-1400-2351-0.
  2. ^ a b "Tutankhamun: Anatomy of an excavation, the Howard Carter archives". ග්‍රිෆිත් ආයතනය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2015.
  3. ^ රීවස්, පි. 511.
  4. ^ a b රීවස්, පි. 522.
  5. ^ මේරියන් ඊතන්-ක්‍රවුස් (2015). The Unknown Tutankhamun. Bloomsbury Academic. p. 111. ISBN 978-1-4725-7561-6.
  6. ^ a b ජේම්ස් සයිඩල් (26 නොවැම්බර් 2015). "Tutankhamun's mask: Evidence of an erased name points to the fate of heretic Queen Nefertiti". News.com.au. News Corp Australia. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2015.
  7. ^ "Howard Carter's excavation diaries (transcripts and scans)". ග්‍රිෆිත් ආයතනය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 10 අප්‍රේල් 2016.
  8. ^ රීවස්, පි. 512.
  9. ^ a b c රීවස්, පි. 513.
  10. ^ ඇලෙසැන්ඩ්‍රෝ බොන්ජියෝවනි; මාරියා සෝලේ ක්‍රෝස් (2003). The Treasures of Ancient Egypt from the Egyptian Museum in Cairo. රිසෝලි. p. 310. ISBN 978-0-7893-0986-0.
  11. ^ නෙවින් එල්-අරෙෆ් (22 ඔක්තෝබර් 2015). "Interview with German conservator Christian Eckmann". Ahram Online. සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2015.
  12. ^ "Does King Tut have a new barber?". Dr Zahi Hawass. Laboratoriorosso. 22 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2015.
  13. ^ ලියම් ස්ටැක් (16 දෙසැම්බර් 2015). "Repaired King Tut mask back on display in Egypt". The New York Times. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2015.
  14. ^ "8 employees referred to trial over damage to Tutankhamun mask". Daily News Egypt. 23 ජනවාරි 2016. සම්ප්‍රවේශය 24 ජනවාරි 2016.
  15. ^ "Tut exhibit: Gold death mask of Tutankhamun". Tour Egypt. සම්ප්‍රවේශය 19 දෙසැම්බර් 2015.
  16. ^ Treasures of Tutankhamun. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය. 1972. p. 50.
  17. ^ රීවස්, පි. 514.

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]
  • රීවස්, නිකොලස් (2015). "Tutankhamun's Mask Reconsidered". In ඔපන්හයිම්, ඇඩෙලා; ගොයිලට්, ඔග්ඩන් (eds.). Bulletin of the Egyptological Seminar. Vol. 19. නිව් යෝක්හි ඊජිප්තුවේදීය සම්මන්ත්‍රණය. ISBN 978-0-9816-1202-7. ((cite book)): Invalid |ref=harv (help)

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?