For faster navigation, this Iframe is preloading the Wikiwand page for රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර.

රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර

රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර
thumb|විද්‍යාලීය නිල ලාංඡනය|alt=|මධ්‍යය|301x301පික්
ආරම්භය 2 මාර්තු 1996; වසර 28 කට පෙර (1996-03-02)
නිර්මාතෘ W. M. P. B. දිසානායක සහ පාලිත ඇල්කඩුව
වර්ගය පළාත් පාසලකි.
ස්ථානය මහනුවර, ශ්‍රී ලංකාව
අධ්‍යාපන කලාපය මහනුවර
අධිකාරිය මධ්‍යම පළාත් සභාව
විදුහල්පති එම්. පෙරේරා
වෙබ් අඩවිය ranabimaroyal.sch.lk/

රණබිම රාජකීය විද්‍යාලය (English: Ranabima Royal College) , රාජකීය විද්‍යාලය ලෙසද හැඳින්වේ. රණබිම රාජකීය විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ මහනුවර නගරය අසල ගන්නෝරුව ප්‍රදේශයේහි පිහිටි පළාත් පාසලකි. මෙම පාසල ගන්නෝරුව සහ හන්තාන කඳු වලින් වටවී ඇති අතර මහවැලි ගං ඉවුරේ පිහිටා ඇත. දිවිදොස් අභයභූමිය පිහිටා ඇත්තේ පාසල අසලම වන අතර රාජකීය උද්භිද උද්‍යානය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයද ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය පාසල අසල පිහිටා ඇත. මෙම පාසල පේරාදෙණියේ සිට නව කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය හරහා කිලෝමීටර 2 ක් (සැතපුම් 1.2) සහ මහනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 6 ක් (සැතපුම් 3.7) දුරින් පිහිටා ඇත.

The College Anthem
පාසල් ගීය
Front View Of The College
පාසල් ඉදිරිපස දිස්වන ආකාරය

ඉතිහාසය

[සංස්කරණය]
ගොනුව:Rrc first staff.gif
විද්‍යාලයේ පළමු අධ්‍යයන කාර්ය මණ්ඩලය

රණබිම රාජකීය විද්‍යාලය ආරම්භ කරන ලද්දේ මධ්‍යම පළාතේ හිටපු මහ ඇමති ඩබ්ලිව්. එම්. පී. දිසනායක සහ මධ්‍යම පළාතේ හිටපු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් පාලිත ඇල්කඩුව විසිනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ස්ටැන්ලි තිලකරත්න මහතා විසින් 1996 මාර්තු 2 වන දින මෙම පාසල නිල වශයෙන් විවෘත කරන ලදී. පාසලේ පළමු විදුහල්පති එස්. එම්. කීර්තිරත්න මහතා වූ අතර එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය 16 ක් සිටියහ. පාසලේ මුලින් සිසුන් 320 ක් සිටියහ - සිංහල මාධ්‍ය සිසුන් 240 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 80 ක් පාසලේ සිසුන් ප්‍රථම වරට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පිළිවෙලින් 2000 සහ 2003 දී පෙනී සිටියහ.

පාසල ඉදිකර ඇති භූමියට ඓතිහාසික සම්බන්ධතා ඇත. 1638 දී ඓතිහාසික ගන්නෝරුව සටන පෘතුගීසීන් සහ සිංහල හමුදාවන් අතර ගන්නෝරු තැන්නහි ඇති විය. දෙවන රාජසිංහ රජු සහ විජයපාල කුමරු මෙම සටන මෙහෙය වීය. මහනුවර දී පෘතුගීසීන් සහ සිංහලයන් අතර අවසන් සටන ද එය විය.

විදුහල්පතිවරු

[සංස්කරණය]
  කාලය නම
1 වන 1996-2001 එස්. එම්. කීර්තිරත්න
2 වන 2001-2003 ඩබ්ලිව්. වීරසූරිය
3 වන 2003-2005 ඒ. කේ. දිවාරත්න
4 වන 2006-2010 ටී. සී. කීර්තිරත්න
5 වන 2011-2014 එස්. එම්. එම්. ජී. අබේරත්න
6 වන 2014-2016 ඊ. එම්. අබේසේකර
7 වන 2016-2019 කේ. ඩබ්ලිව්. යූ. චන්ද්‍රකුමාර
8 වන 2019-2023 කර්නල් රංජිත් රාජපක්ෂ
9 වන 2023- සිට එම්. පෙරේරා

අධ්‍යාපනය

[සංස්කරණය]

රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට ඇති එකම ක්‍රමය මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ඉහළ තරඟකාරී විභාගයක් වන අතර එහිදී මධ්‍යම පළාතේ සිසුන්ට පමණක් සහභාගී විය හැකිය. එනම් 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් රණබිම රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගත නොහැක. මෙම ප්‍රවේශ විභාගය විෂයයන් 3 කින් සමන්විත වේ.

* මව් භාෂාව (සිංහල / දෙමළ)

* ගණිතය

* සාමාන්‍ය දැනීම

මෙම පාසල 6 සිට 13 ශ්‍රේණි දක්වා සමන්විත වේ. 11 ශ්‍රේණිය දක්වා සෑම ශ්‍රේණියක් තුළම සිංහල මාධ්‍ය පන්ති දෙකක්, දමිළ මාධ්‍ය පන්තියක් සහ ඉංග්‍රීසි මාධ්‍ය පංතියක් ඇත. මෙම සෑම පන්තියකම සිසුන් හතළිහකින් සමන්විත වේ.

ආරම්භයේ සිටම පරිගණක අධ්‍යාපනය සිසු දරුවන්ට අනිවාර්ය වූ අතර ඊට අවශ්‍ය පහසුකම් විදුහල නිර්මාණයේදීම සැලසිණ. ඒ සදහා විද්‍යාගාර හා තාක්ෂණික විද්‍යාගාර ඉදිකර ඇත. මෙම විදුහලේ දරුවන්ගෙන් පහසුකම් ගාස්තු හැර කිසිදු මුදලක් අය නොකිරීමත් විශේෂයකි. සිසු දරුවන් 300කට නේවාසික පහසුකම් සළසා ඇත. විද්‍යාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා විශේෂ අවධාරණය යොමු කරන අතර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මේ වන විට විදුහලෙන් බිහි කර ඇත.[1]

අධ්‍යාපනය තුළින් ශිල්පීය හා ශාස්ත්‍රීය කුසලතා මෙන්ම වර්තමාන ජාතික හා ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපල ඉල්ලුමට සරිලන ලෙස විෂය ධාරාවන්ට නැඹුරුවක් දැක්විය යතුය යන අරමුණ මත උසස් පෙළ විෂය ධාරාවන් විද්‍යා, වාණිජ හා තාක්ෂණික අංශවලට සීමා වී ඇත.[2] එය ජාතික මට්ටමේ ඉහළ පෙළේ සිසුන් බිහි කරන අතර, ජාතික සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට ලැබෙන සමස්ත ලංකා ස්ථාන වලින් එය සනාථ වේ. සාමාන්‍ය පෙළ මට්ටම මත පදනම්ව සියලුම පිරිමි පාසල් ශ්‍රේණිගත කිරීම් අතර වසර ගණනාවක් හොඳම පිරිමි පාසල ලෙස ශ්‍රේණිගත වී ඇත.[3]

රණබිම බේස්බෝල් සමාජය

[සංස්කරණය]

රණබිම රාජකීය විද්‍යාලයෙහි සිසුන් හා ආදි සිසුගෙන් පමණක් සමන්විත රණබිම බේස්බෝල් සමාජය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානම බේස්බෝල් සමාජයක් බවට පත් වී ඇත.

සටහන්

[සංස්කරණය]
  1. ^ http://wbsc.org/රණබිම_රාජකීයන්_ජාත්‍යන්තර_බේස්බෝල්_පිටියේ_දස්කම්ද_දක්වති
  2. ^ http://www.dinamina.lk/2018/03/02/විශේෂාංග/49866/ජය-බිමක-කිතුගොස-රණ-බිම-රාජකීය-විදුහල
  3. ^ http://www.dinamina.lk/2018/03/02/විශේෂාංග/49866/ජය-බිමක-කිතුගොස-රණ-බිම-රාජකීය-විදුහල
{{bottomLinkPreText}} {{bottomLinkText}}
රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?