For faster navigation, this Iframe is preloading the Wikiwand page for මහවැලි සංවර්ධන වැඩසටහන.

මහවැලි සංවර්ධන වැඩසටහන

බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනාක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් වලින් ආධාර හිමිවිය.

මහවැලි ගඟ සංවර්ධනය

[සංස්කරණය]

1912 ව්‍යවස්ථා සභාවේ පළමු දෙමළ නියෝජිත කේ. කනකසභාපති මහතා, මහවැලි ජලය වන්නි දිස්ත්‍රික්කයට ගෙන යාම ගැන පළමුවෙන්ම අවධානය යොමු කල පුද්ගලයා වෙයි. පසුව ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහත්වරු සහ තවත් අය මහවැලි ගඟ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපාර ගැන අවධානය යොමු කළහ.

මහවැලි ගඟ උතුරට හැරවීම ගැන පුළුල් සමීක්ෂණ ඇරඹුනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1950 ගණන් වල සිටයි.[1] දිවයිනේ ජල සම්පත් සමීක්ෂණය වෙනුවෙන් කොළඹ ක්‍රමය යටතේ පසුව කැනඩා රජයේ ආධාර හිමිවිය. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් ගිවිසුමක් අනූව, මහවැලි බහු කාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ඇරඹුණි. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කල සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN) බිහි විය.

සංවර්ධන වැඩසටහනේ අරමුණු

[සංස්කරණය]
  • නව ජනාවාස ඇතිකිරීම
  • විදුලිබලය උත්පාදනය
  • වී ගොවිතැන ප්‍රමුඛ කෘෂීකර්මය
  • ගංවතුර පාලනය
  • මහවැලි පහල නිම්නයේ ජනාවාසකරනය
  • රකියා ප්‍රශ්නය විසදීම
  • රට ආහාර වලින් ස්වයංපෝශිත කිරීම

මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශ වල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය.

ක්‍රියාවට නැංවීම

[සංස්කරණය]

වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම මුල් යුගයේ අපේක්ෂාව විය. අදියර 3 ක් යටතේ ප්‍රධාන ජලාශ විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා සැලැස්මක් වූ අතර වාරිපෝෂිත ඉඩම් අක්කර 9,000,000 ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808 ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද වැඩ පිළිවෙලට අයත් විය.

වැඩසටහන ආරම්භ කිරීම

[සංස්කරණය]

ඒ අනුව මහවැලි ව්‍යාපෘතියේ පළමු ජලාශය සඳහා මුල්ගල තැබෙන්නේ 1970 වසරේ පෙබරවාරි 28 වන දින යි. ඒ සඳහා මුල් වී කටයුතු කරන්නේ එවකට අගමැති ඩඩ්ලි සේනානායක හා මහවැලි විෂයය භාර ආමාත්‍යවරයා වන සි.පී ද සිල්වා යි. නමුත් 1970 වසරේ මුල් භාගයේ පැවති මහා මැතිවරණයෙන් පසුව ඩඩ්ලි ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙන බැවින් 1976 වසරේ දී එම ජලාශය විවෘත කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය හා එවකට මහවැලි විෂයයභාර ඇමතිවරයා වන මෛත්‍රිපාල සේනානායක විසින්. නමුත් ශ්‍රී ලංකා රජය මුහුණ දුන් මූල්‍ය අර්බුදය, ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්‍රවල නිලධාරීන් හිඟ වීම වැනි කරුණු හේතුවෙන් මහවැලිය ඉන් ඉදිරියට කරගෙන යාමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරනවා.

ව්‍යපෘතිය පිරිහීම

[සංස්කරණය]

1977 වන විට මහවැලි ව්‍යාපාරයේ ප්‍රගතිය අපේක්ෂා කල තරම් නොවීය. එවකට රටේ පැවැති දුර්වල ආර්ථික තත්වය හා අවශ්‍ය තරම් පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍ර වල නිලධාරීන් හිඟ වීම ඊට හේතු විය.

කඩිනම් වැඩ පිළිවෙල

[සංස්කරණය]

මහවැලි මහ සැලැස්ම යෝජනා කොට තිබුණේ වසර 30 කදී අනුක්‍රමයෙන් නිම කිරීමටයි. නමුත් ඒ සමය වන විට රටෙහි ආර්ථිකයේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබූ නිසා මහවැලි ව්‍යාපාරයේ කටයුතු කෙටි කලකින් නිම කිරීමට අත්‍යාවශ්‍ය විය. ඒ අනූව 1977 ඔක්තෝම්බර් 12 වනදා මහවැලි සංවර්ධන මණ්ඩලයට රැස්වූ එවක අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට තීරණය කරන ලදී.

පසුව එම වසරේම ජනපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විධායක නායකත්වයෙන්, අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම යටතේ මහවැලි කඩිනම් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණි. මහවැලි කඩිනම් වැඩ පිළිවෙලේ වගකීම, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට භාර විය.

කඩිනම් වැඩ පිළිවෙල යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 ක් නිමවිණි. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුඔය ජලාශය, හා රන්දෙණිගල ජලාශය එලෙස ඉදිවූ මහා ජලාශ හතරයි.

වැඩසටහන යටතේ ඉදිකල ජලාශ

[සංස්කරණය]
වික්ටෝරියා ජලාශය
  • පොල්ගොල්ල ජලාශය
වැඩ ඇරඹීම - 1970 පෙබරවාරි 28 දින
විවෘත කිරීම - 1976 ජනවාරි 8 දින
  • වික්ටෝරියා ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ මුල්ම ජලාශය, බ්‍රිතාන්‍ය රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම - 1978
විවෘත කිරීම - 1985 අප්‍රියෙල් 12 (විවෘත කිරීමේ අවස්තාවට එවක බ්‍රිතාන්‍ය අගමැතිනිය මාග්‍රට් තැචර් මැතිණිය සහභාගී වූවාය)
කොත්මලේ ජලාශය
  • මාදුරුඔය ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ ජලාශය. කැනඩා රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම -
විවෘත කිරීම - 1983 ජූලි 2 දින
වැඩ ඇරඹීම - 1979 පෙබරවාරි 4 දින
විවෘත කිරීම - 1985 අගෝස්තු 24
  • රන්දෙණිගල ජලාශය[2](කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ අවසන් ජලාශය.බටහිර ජර්මනි රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම - 1982 නොවැම්බර් 21 දින
විවෘත කිරීම - 1988 නොවැම්බර් 31 දින
  • උල්හිටිය ජලාශය
වැඩ ඇරඹීම -
විවෘත කිරීම - 1983 අප්‍රියෙල් 9 දින
  • රත්කිඳ ජලාශය
වැඩ ඇරඹීම -
විවෘත කිරීම - 1988 අගෝස්තු 4 දින


මහවැලි සංවර්ධන අමාත්‍යාංශය

[සංස්කරණය]

මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කරන සෑම කලාපයකටම අවශ්‍ය මං මාවත්, වාරි පද්ධති, නගර නිර්මාණ, පරිපාලන පද්ධති, රෝහල්, තැපැල් සේවා, ගබඩා, පොලීසි ආදී මූලික පහසුකම් ඇතිකිරීම සඳහා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් ඇරඹූ අතර, ඒ යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ස්ථාපනය කෙරිණි.

ප්‍රතිලාභී කලාප

[සංස්කරණය]

රටේ වියලි කලාපයෙන් 55% ක් ඇතුළත් වන මහවැලි මහ සැලැස්මට ප්‍රධාන කලාප 13 ක් අයත්ය.

කලාප සංකේතය ප්‍රධාන නගරය (යෝජිත) වර්තමාන තතවය කලාප විස්තරය
A අරඹා නැත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මහවැලි පහළ ඩෙල්ටාව
B (රංදියනුවර) අරඹා නැත පොළොන්නරුව, මඩකලපුව දිස්ත්‍රික්ක
මාදුරුඔය ද්‍රෝණිය
C ගිලාඳුරුකෝට්ටේ දෙහිඅත්තකණ්ඩිය කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිමකෙරිණි බදුල්ල, අම්පාර දිස්ත්‍රික්ක
රොටවෙල ජලාශ ප්‍රදේශය
D( D1, D2) කදුරුවෙල මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය (පොළොන්නරුව දිස්ත්‍රික්කය)
කන්තලේ සහ වෙන්ඩරාසකුලම් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)
E නැත
F අදාල නැත අත්හැර දැමිණි වස්ගොමුව අභයභූමිය
G බකමූණ ඇළහැර, මින්නේරිය, යෝධ ඇල ප්‍රදේශ
H එලිසබෙත් රැජින නගරය ඇතුළුව තඹුත්තේගම කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිමකෙරිනි කලා ඔය ද්‍රෝණිය
I මල්වතු ඹය ද්‍රෝණිය
J වවුනිකලම් ප්‍රදේශය
K කනගරායන්ආරු ප්‍රදේශය
L තන්නිමුරුප්පුකුලම් හා කන්තලේ ප්‍රදේශය
M යාං ඔය ප්‍රදේශය
M/H

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මහවැලි සංවර්ධන වැඩසටහන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?