For faster navigation, this Iframe is preloading the Wikiwand page for ද හින්දු.

ද හින්දු

ද හින්දු
වර්ගයදිනපතා පුවත්පත
අයිතිකරුද හින්දු ගෲප්, කස්තුරි ඇන්ඩ් සන්ස් ලිමිටඩ්
ප්‍රකාශකඑන්. රාම්[1]
සංස්කාරකමාලිනී පර්දසාරදී
ප්‍රධාන කර්තෘඑන්. රවි
ඇරඹුනේ1878 සැප්තැම්බර් 20
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානයචෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
සංසරණයදිනපතා 1,391,550 ක් පමණ[2]
ISSN0971-751X
OCLC අංකය13119119
නිල වෙබ්අඩවියthehindu.com

ද හින්දු යනු ඉංග්‍රීසි-භාෂාවෙන් නිකුත් කරනු ලබන දිනපතා ඉන්දියානු පුවත්පතකි. 1878 වසරේ ආරම්භ කරනු ලැබූ එය 1889 වසරේදී දිනපතා මුද්‍රණය වන පුවත්පතක් බවට පත්විය. එහි ප්‍රධාන මූලස්ථානය චෙන්නායිහී පිහිටුවා තිබේ. 2013 දෙසැම්බර් වන විට පුවත්පත් මිලියන 1.39ක සාමාන්‍ය විකුණුම් ප්‍රමාණයක් හිමිකරගනිමින් ද හින්දු පුවත්පත ඉන්දියාවේ වැඩිම සංසරණයක් සහිත පුවත්පත් අතරින් දෙවන ස්ථානයට පත්විය.[2] 2012 ඉන්දියානු පාඨක සමීක්ෂණයට අනූව, ඉන්දියාවේ තෙවැනියට වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පත වන්නේද මෙම පුවත්පතයි. (ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වලට පසුව) සමීක්ෂණයට අනූව එහි පාඨක ප්‍රමාණය මිලියන 2.2 ක් සේ දැක්වෙයි.[3] ද හින්දු පුවත්පතේ විශාලතම පුවත්පත් සංසරණ පදනම දකුණු ඉන්දියාව සතුවන අතර, කේරල සහ තමිල් නාඩු ප්‍රාන්තයන්හී වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පතද ලෙසද මෙම පුවත්පත හැඳින්වේ. සමාගම සතු සේවකයින් ප්‍රමාණය 1,600 ක් පමණ වන අතර එහි වාර්ෂික පිරිවැටුම 2010 වසරේදී ඩොලර් මිලියන 200 ක් පමණ විය.[4] . ග්‍රාහක පිරිස හා දැන්වීම් ප්‍රචාරණය, ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබේ.

1995 වසරේදී ද හින්දු පුවත්පත, අන්තර්ජාල පුවත් කලාපයක් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම ඉන්දියානු පුවත්පත බවටද පත්විය.[5] 2014 ඔක්තෝම්බරය වන විට, පුවත්පත ප්‍රාන්ත අටක, ස්ථාන 18 කදී මුද්‍රණය කෙරිණ. [6] ඊට අමතරව ද හින්දු පුවත්පත වර්ථමානයේ ඉස්ලාමාබාද්, කොළඹ, ඩකා, කත්මණ්ඩු, බෙයිජිං, මොස්කව්, පැරිස්, ඩුබායි, වොෂින්ටන්, ඩී.සී., ලන්ඩන් හා අඩිස්අබාබා යන විදේශීය නගරයන්හී සිය ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබේ.

ඉතිහාසය

[සංස්කරණය]

ද හින්දු පුවත්පත 1878 සැප්තැම්බර් 20වන දින මැඩ්‍රාස්හීදී, සතිපතා පුවත්පතක් ලෙස ආරම්භ කෙරුණි.[7] පුවත්පතේ ප්‍රථම කලාපය පිටපත් 80 ක පමණ ප්‍රමාණයකින් සමන්විත සමන්විත වූ අතර, සුබ්‍රමනියා අයියාර් එහි පළමු සංස්කාරකවරයා විය. 1883 වර්ෂයේදී පුවත්පත සතියකට තෙවතාවක් ලෙසත් 1889 දී දිනපතා සවස් පුවත්පතක් ලෙසත් මුද්‍රණය කෙරිණි. එක් පත්‍රයක මිල ඇනා 4ක් විය.

අන්තර්ජාල කලාපය

[සංස්කරණය]

ද හින්දු පුවත්පතේ පළමු අන්තර්ජාල කලාපය 1995 දී දියත් කරනු ලැබූ අතර වර්ෂ 14 කට පසුව 2009 අගෝස්තු 15 වන දිනදී පළමු වරට එය බීටා සංස්කරණයක් වශයෙන් හා 2010 ජුනි 24 වන දිනදී සම්පූර්ණ සජීවී වෙබ් අඩවියක් ලෙස දියත් කරන ලදී.[8]

1965 වසරේදී ද ටයිම්ස් විසින් ද හින්දු පුවත්පත ලොව හොදම පුවත්පත් 10 අතුරින් එකක් ලෙස නම් කරන ලදී.

මතබේදයට ලක්වීම්

[සංස්කරණය]

ද හින්දු පුවත්පත ශ්‍රී ලංකා දමිළ ජනයාගේ අයිතිවාසිකම් සම්බන්ධ කරුණු වලදී සිංහල පක්ෂාතීත්වයක් දක්වන බවට චෝදනා එල්ල වී තිබේ.[9] එසේම ශ්‍රී ලංකා දමිළ ජනයාට එරෙහිව ඉන්දියානු සාම සාධක හමුදාව විසින් සිදුකෙරූ අපරාධ හෙළිදරවු කිරීම හේතුවෙන් තමා හින්දු පුවත්පතින් නෙරපා දැමූ බවටද ශ්‍රී ලාංකික දේශපාලන විචාරකයෙකු වූ ඩේවිඩ් ජෙයරාජ් විසින් වරෙක ද හින්දු පුවත්පතට චෝදනා එල්ල කරනු ලැබිණි.[10] කෙසේ නමුදු 2005 නොවැම්බරයේදී හින්දු පුවත්පතේ ප්‍රකාශක එන්. රාම් වෙත ශ්‍රී ලංකාව විසින් විදේශිකයෙකු වෙත පිරිනමන ඉහළම සිවිල් සම්මානය වූ "ශ්‍රී ලංකා රත්න" සම්මානය හිමි විය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "චේන්ජස් ඇට් ද හෙල්ම්: එඩිටෝරියල් ඇන්ඩ් බිස්නස්". ද හින්දු. චෙන්නායි, ඉන්ඩියා. 22 October 2013. සම්ප්‍රවේශය 22 ඔක්තෝම්බර් 2013.
  2. ^ a b "ඩීටේල්ස් ඔෆ් ලැංග්වේජ් වයිස් මෝස්ට් සර්කියුලේටඩ් ඩේලීස් ෆෝ ද ඔඩිට් පීරියඩ් ජුලයි-ඩිසෙම්බර් 2013". ඔඩිට් බියුරියු සර්කියුලේෂන්. සම්ප්‍රවේශය 2014-11-10.
  3. ^ "ඉන්ඩියන් රීඩර්ෂිප් සර්වේ (IRS) 2011 – ක්වාටර් 2" (PDF). නිව්ස්වොච්.ඉන්. 30 ජුනි 2011. 2013-11-26 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 ඔක්තෝම්බර් 2007.
  4. ^ ග්‍රොස් රෙවනියු 788 කරෝර් ඉන් 2010, http://www.securities.com/Public/company-profile/IN/Kasturi___Sons_Limited_en_2435343.html, ප්‍රතිෂ්ඨාපනය 2015-11-13 
  5. ^ එන්. මුරලි (13 September 2003). "කෝර් වැලියුස් ඇන්ඩ් හයි කොලිටි ස්ටෑන්ඩර්ඩ්ස්". ද හින්දු. සම්ප්‍රවේශය 20 April 2006.
  6. ^ [1]
  7. ^ "ද හින්දු බෝඩ් රූම් බිකම්ස් බැටල්ෆීල්ඩ්". Forbes India. 22 April 2010. 22 June 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 March 2014. ((cite news)): |first= missing |last= (help)CS1 maint: multiple names: authors list (link)
  8. ^ "අවර් නිව් වෙබ් සයිට් ගෝස් ෆුලි ලයිව් ඔන් 29 ජුන්". The Hindu. Chennai, India. 23 June 2010. 26 June 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 June 2010.
  9. ^ ඇටෑක් ඔන් මීඩ්යා: ෆ්‍රීඩම්, ඇරොගන්ස් ඇන්ඩ් ප්ලෙයින් විත් ද විල් ඔෆ් පීපල් TamilNet, 16 October 2008
  10. ^ About සංරක්ෂණය කළ පිටපත 2010-12-15 at the Wayback Machine – ඩේවිඩ් ජෙයරාජ්
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ද හින්දු
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?