For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජෝසුන්හි හොන්ජොං රජ.

ජෝසුන්හි හොන්ජොං රජ

හොන්ජොං
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1834-1849
පූර්වප්‍රාප්තිකයාජොසොන්හි සුන්ජෝ
අනුප්‍රාප්තිකයාජොසොන්හි චොල්ජොං
උපත8 සැප්තැම්බර් 1827(1827-09-08)
මරණය25 July 1849(1849-07-25) (වයස 21)
භූමදානයදොංගුර්යුං සොහොන් සමූහය, සෝල්, දකුණු කොරියාව
වල්ලභයාහ්යෝහ්යොන් අගබිසව,
ම්යොංහොන් අගබිසව
රාජකීය වංශවත් ග්යොං බිසව
රාජකීය වංශවත් කිම් බිසව
වංශයයි ගෘහය
පියාකිරුළහිමි හ්යෝම්යොං කුමරු
මවසින්ජොං අගබිසව
ජෝසුන්හි හොන්ජොං රජ
හංගුල්헌종
හන්ජා憲宗
ප්‍රතිශෝධිත රෝමානුකරණයහොන්ජොං
මැකූන්–‍රයිෂවර්හෝන්ජොං
ලේඛන නාමය
හංගුල්원헌
හන්ජා元軒
ප්‍රතිශෝධිත රෝමානුකරණයවොන්හොන්
මැකූන්–‍රයිෂවර්වෝන්හෝන්
උපන් නාමය
හංගුල්이환
හන්ජා李煥
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ හ්වන්
මැකූන්–‍රයිෂවර්ඉ හ්වන්
Courtesy name
හංගුල්문응
හන්ජා文應
ප්‍රතිශෝධිත රෝමානුකරණයමුන්‍යුං
මැකූන්–‍රයිෂවර්මුනූං
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ජොසොන්හි හොන්ජොං (1827 සැප්තැම්බර් 8 – 1849 ජූලි 25) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 24වන පාලකයායි. ඔහු සුන්ජෝ රජුගේ මුණුපුරා විය. ඔහුගේ පියා රජ වීමට පෙර 20 වන වියේදී මියගිය කිරුළහිමි හ්යෝම්යොං කුමරු (මරණාපර නාමය ඉක්ජොං විය) වූ අතර මව පුංග්යෑං ජෝ වංශයේ සින්ජොං අගබිසව වූවා ය. හොන්ජොං උපත ලැබූයේ හ්යෝම්යොංගේ මරණයට වර්ෂ තුනකට පෙර ය.

චරිතාපදානය

[සංස්කරණය]

හොන්ජොං සිහසුනට පත් වූයේ 1834දී ඔහුගේ මුත්තණුවන් වූ සුන්ජෝ රජු මියයාමත් සමගයි. එවිට ඔහු 8වන වියේ පසු විය. සුන්ජෝ රජු මෙන් හොන්ජොං ද ළමා වියේ දී රජකමට පත් වූ බැවින්, ඔහුගේ මිත්තණිය වූ සුන්වොන් අගබිසව රාජ්‍යාධිකාරිනිය ලෙස ක්‍රියාකළා ය. හොන්ජොං රජු සිහසුනට පත්වුවද, ඔහුට ජොසොන් රාජ්‍යය පාලනය කිරීමට දේශපාලන බලයක් හිමිවූයේ නැත. හොන්ජොං වැඩිහිටි වියට පාතබන විට සුන්වොන් අගබිසව රාජ්‍ය පාලනය අත්හැරීම ප්‍රතික්ෂේප කළා ය. 1839 කතෝලික-විරෝධී ගිහේ හිංසාවෙන් පසු 1840දී, රාජධානියේ පාලනය ඔහුගේ මිත්තණිය වූ සුන්වොන් අගබිසවගේ පවුල වූ අන්දොං කිම්වරුන්ට නතු විය.

1849දී වර්ෂ 15ක් රාජ්‍ය පාලනය කළ හොන්ජොං රජු මියයන විට ඔහුගේ වයස අවුරුදු 21කි. ඔහුගේ දේහය ජොසොන්හි ඇතැම් රජවරුන් සහ රැජිනියන්ගේ දේහ මිහිදන් කළ සෝල්හි දොංගුර්යුං සොහොන් සමූහයේ, ග්යොංන්‍යොං සොහොන්ගැබෙහි භූමදාන කරන ලදී.[1] හොන්ජොං රජු සිහසුනට උරුමකරුවකු නොමැතිව මියගිය හෙයින්, රාජ්‍යයේ කිරුළ යොංජෝ රජුගෙන් පැවත එන දූරස්ථ ඥාතියකු වූ චොල්ජොං රජුට හිමි විය.

ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා අනුව සම්ප්‍රදායයක් ලෙස, හොන්ජොංගේ සමයේ ඉතිහාස කථාව ඔහුගේ මරණින් පසු 1851දී සම්පාදනය කෙරිණි. මෙය වෙළුම් 16කින් යුතු වූ අතර එය ජෝ ඉන්-යොං විසින් මෙහෙයවන ලදී.

  • පියා: මුන්ජෝ කුමරු, පසුව කිරුළහිමි හ්යෝම්යොං කුමරු (효명 세자, 1809–1830) නම් වූ. මරණාපර නාමය: "ඉක්ජොං" (익종).
  • මව: පුංග්යෑං ජෝ වංශයේ සින්ජොං අගබිසව (신정왕후 조씨, 1808–1890), ජෝ මන්-යොං (조만영, 1776–1846) සහ සොං ආර්යාවගේ දියණියයි.
  • බිසෝවරු සහ ඔවුන්ගේ දරුවන්:
  1. අන්දොං කිම් වංශයේ හ්යොහ්යොන් අගබිසව (효현왕후 김씨), කිම් ජෝ-ග්‍යුන්ගේ (김조근) දියණියයි, මරණාපර නාමය "හ්යෝ‍හ්යෙොන්, සොං අධිරාජිනිය" (효현성황후)
    1. දරුවන් නැත
  2. හොං වංශයේ ම්යොංහොන් අගබිසව (명헌왕후 홍씨)[2]
    1. දරුඋපතේදී මියගිය දියණියක්
  3. කිම් වංශයේ රාජකීය වංශවත් ග්යොං බිසව (경빈 김씨)
    1. දරුවන් නැත
  4. කිම් සුක්-උයි (숙의 김씨)
    1. දරුඋපතේදී මියගිය දියණියක්

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය

[සංස්කරණය]
  • කොරියාවේ මහා හොන්ජොං ජංසුක් චේගොන් ග්යේග්‍යුක් ජුංජොං ග්වංදේ ජිසොං ග්වංදොක් හොංගුන් ජංහ්වා ග්යුංමුන් විමු ම්යොංගින් චොල්හ්යෝ රජ
  • 헌종장숙체건계극중정광대지성광덕홍운장화경문위무명인철효대왕
  • 獻宗莊肅體健繼極中正光大至聖廣德弘運章化經文緯武明仁哲孝大王

පෙළපත

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "දොංගුර්යුං ‍ටුම්බ්ස්, ග්යොංගි, සවුත් කොරියා - 동구릉 (東九陵), 경기 구리시". ඒෂියන් හිස්ටොරිකල් ආකිටෙක්චර්. සම්ප්‍රවේශය 2 සැප්තැම්බර් 2013.
  2. ^ හොං ජේ-ර්යොංගේ (홍재룡) දියණියයි
ජෝසුන්හි හොන්ජොං රජ
උපත: 8 සැප්තැම්බර් 1827 මරණය: 25 ජූලි 1849
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සුන්ජෝ
ජොසොන්හි රජු
1834–1849
සුන්වොන් අගබිසව සමග (1834–1841)
අනුප්‍රාප්තික
චොල්ජොං
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජෝසුන්හි හොන්ජොං රජ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?