For faster navigation, this Iframe is preloading the Wikiwand page for ජෝසුන්හි ඉන්ජොං රජ.

ජෝසුන්හි ඉන්ජොං රජ

යි හෝ
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1544–1545
පූර්වප්‍රාප්තිකයාජුංජොං (යි යොක්)
අනුප්‍රාප්තිකයාමියොංජොං (යි හ්වන්)
උපත10 මාර්තු 1515
මරණය8 අගෝස්තු 1545 (30 වියැති)
බිසවඉන්සොං අගබිසව
මරණාපර නාමය
කොරියාවේ මහා ඉන්ජොං යොංජොං හොන්මුන් යුයිමු ජංසුක් හ්‍යුම්හ්යෝ රජ
인종영정헌문의무장숙흠효대왕
仁宗榮靖獻文懿武章肅欽孝大王
විහාර නාමය
ඉන්ජොං
වංශයජොන්ජු යි
පියාජුංජොං (යි යොක්)
මවජංග්යොං අගබිසව
ජෝසුන්හි ඉන්ජොං රජ
හංගුල්인종
හන්ජා仁宗
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉන්ජොං
මැකූන්–‍රයිෂවර්ඉන්-ජොං
උපන් නාමය
හංගුල්이호
හන්ජා李峼
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ හෝ
මැකූන්–‍රයිෂවර්ඉ හෝ

ජොසොන්හි ඉන්ජොං රජ (10 මාර්තු 1515 - 8 අගෝස්තු 1545, රාජ්‍ය සමය. 1544 - 1545) කොරියාවේ ජොසොන් රාජවංශයේ 12වන රජුයි.[1] ඔහුගේ පියා ජුංජොං රජු වූ අතර, මව යුන් ඉම්ගේ සොහොයුරිය වූ ජංග්යොං අගබිසව වූවා ය. පළමුව උපන් නිසා ඔහු 1520දී ඔහු කිරුළහිමි කුමරු බවට පත් වූ අතර, 1544දී ජුංජොංගේ මරණින් පසු රජකමට පත් විය.

රාජ්‍ය සමය

[සංස්කරණය]

තරුණ රජු මහත් බලාපොරොත්තු සහිත වූ අතර, සිය පියාගේ සමයේ අසාර්ථක වූ ප්‍රතිසංස්කරණ යළි අරඹා යොන්සන්ගුන් රජ සමයේ[2] සිට දූෂිත තත්ත්වයට පත්ව තිබූ රජය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දැරී ය. ඔහු ජෝ ග්වං-ජෝ නැවත තනතුරේ පිහිටුවූ අතර 1519 තෙවන වියත් ශෝධනයෙන් [3] පසු දේශපාලනය අත්හළ සරිම් විද්වතුන් නැවත බඳවා ගත්තේ ය. මේ කාලයේ ඔහුගේ මාතෘ පාර්ශ්විය මාමණ්ඩිය වූ යුන් ඉම්[4] විශාල බලයක් භුක්ති වින්දේ ය. කෙසේනමුත්, නිතර රෝගී වූ ඉන්ජොං සිහසුනට පත්ව වර්ෂයකින්, එනම් 1545දී මරණයට පත් විය. ඔහුගේ මරණින් පසු මියොංජොං රජු (මහත් අපේක්ෂා සහිත මුන්ජොං අගබිසවගේ පුත්‍රයා) සිහසුනට පත්වීමත් සමග, ඇති වූ 1545 සිව්වන වියත් ශෝධනයේ දී යුන් වොන්-හ්යුං විසින් යුන් ඉම්ව මරාදමන ලදී.

ඇතැම් ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ යුන් වොන්-හ්යුංගේ නායකත්වයෙන් යුත් කුඩා යුන් පාක්ෂිකයන් විසින් ඉන්ජොංට වස දුන් බවයි. එවිට ඉන්ජොංගේ අර්ධ-සොයුරාව සිහසුනට පත් කළ හැකි විය. නිල නොවන වාර්තා අනුව, දශක ගණනාවක දේශපාලන උදාසීනත්වයකින් පසුව මුන්ජොං අගබිසව අවසානයේ ඇගේ "හදාගත්" පුත් ඉන්ජොංට ආදරය දැක් වූ අයුරු පිළිබඳ කථාවක් පවතී. (ද්වේශ සහගත සිදුවීම් පසුපස ඇති සත්‍යය)

ඉන්ජොං සිය උදෑසන ආචාරය පිරිනැමීමට ගිය පසු, මවකට පමණක් දරුවකු වෙත ලබා දිය හැකි සිනහවකින් මුන්ජොංගේ මුහුණ පිරීගියේ ය. මව්බිසව විසින් අවසානයේ තමා රජු ලෙසත්, ඇගේම පුත්‍රයා ලෙසත් පිළිගත් බවට සංඥාවක් ලෙස ඉන්ජොං මෙය සිතී ය. ඔහු සිය සුළු මව ලබා දුන් දොක් ආහාරයට ගත්තේ, එය ඔහුගේ අවසානය ළඟා කරන්නක් බව නොදැනයි. ඔහු සෙමෙන් රෝගී බවට පත් වූ අතර, කිසිවකු ගැන ප්‍රමාණවත් සැකයක් ඇති නොවිණි. නමුත් මෙය ඉතිහාසඥයන්ට ප්‍රමාණවත් සිදුවීමක් විය. ඉන්ජොංගේ අද්භූත මරණයට පෙර දින තුනක් ගත විය. (මාස 9ක් පාලනය ගෙනයාමෙන් පසු)

මුන්ජොං අගබිසවගේ පුත්‍රයා මියොංජොං රජු ලෙස සිහසුනට පත් වූ අතර, මුන්ජොං වැඩබලන රැජිනිය බවට පත්වූවා ය. තව ද වංශකථාවල සඳහන් වන්නේ ඉන්ජොංගේ මරණින් පසු මුන්ජොං රැජිනට රාත්‍රියේ නිතර භූතාත්මයන් දර්ශනය වූ බවයි.[5] මෙලෙසින් ඇයට බොහෝ බාධා වූ හෙයින් මුන්ජොං රැජින සිය නවාතැන ග්යොංබොක් මාලිගයේ සිට චංදොක් මාලිගය ලෙස මාරු කළා ය.

  • පියා: ජුංජොං රජු (중종)
  • මව: පප්යොං යුන් වංශයේ ජංග්යොං අගබිසව (장경왕후 윤씨)
  • බි‍සව: නාජු බක් වංශයේ ඉන්සොං අගබිසව (인성왕후 박씨)
  • දරුවන් නැත (ඔහුගේ කෙටි රාජ්‍ය සමය සහ නිධන්ගත රෝගය හේතුවෙන්)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය

[සංස්කරණය]
  • කොරියාවේ මහා ඉන්ජොං යොංජොං හොන්මුන් යුයිමු ජංසුක් හ්‍යුම්හ්යෝ රජ
  • 인종영정헌문의무장숙흠효대왕
  • 仁宗榮靖獻文懿武章肅欽孝大王

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ [1]
  2. ^ සැකිල්ල:Pl icon ජොඇනා රුරාර්ස් (2009). Historia Korei. ඩයලොග්. ISBN 978-83-89899-28-6. පි.234
  3. ^ ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා, ඔක්තෝබර්, 1520
  4. ^ යූන් ඉම් යනු ජංග්යොං අගබිසවගේ (ඉන්ජොංගේ මව) වැඩිමහල් සොහොයුරායි.
  5. ^ වංශකථා අනුව මෙම ආත්මය ඉන්ජොංගේ වූ අතර, ඔහු සිය මරණයේදීවත් තමන්ට මෑණියන් විය නොහැකි වූ ස්ත්‍රිය පිළිබඳ ශෝකයෙන් විලාප නැගූ බව කියැවේ.
ජෝසුන්හි ඉන්ජොං රජ
උපත: 1515 මරණය: 1545
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ජුංජොං
ජොසොන්හි රජ
1544–1545
අනුප්‍රාප්තික
මියොංජොං
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ජෝසුන්හි ඉන්ජොං රජ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?