For faster navigation, this Iframe is preloading the Wikiwand page for වේල්සයෙහි චාලට් කුමරිය.

වේල්සයෙහි චාලට් කුමරිය

වේල්සයෙහි චාලට් කුමරිය
උපත2 මැයි 2015(2015-05-02) (වයස&&&&&&&&&&&03430year 9 ක්)
ශාන්ත මරියා රෝහල, ලන්ඩනය, එරා
සම්පූර්ණ නාමය
චාලට් එලිසබෙත් ඩයනා
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාවිලියම් කුමරු, වේල්සයෙහි කුමරු
මවකැතරින්, වේල්සයෙහි කුමරිය

වේල්සයෙහි චාලට් කුමරිය (චාලට් එලිසබෙත් ඩයනා;[1] උපත 2 මැයි 2015) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරු සහ, කැතරින්, වේල්සයෙහි කුමරියගේ දියණිය සහ, තෙවන චාල්ස් රජ සහ, ඩයනා, වේල්සයෙහි කුමරියගේ මිණිපිරියක් වෙයි. ඇයගේ පියාට සහ සොහොයුරාට පසුව, ඇයගේ සීයා, තෙවන චාල්ස් රජගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන තෙවැන්නා ඇය වන්නීය.

ගර්භණී භාවය නිවේදනය

[සංස්කරණය]

විලියම් කුමරු සහ කැතරින් මහත්මිය විසින් ඔවුන්ගේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව, 2014 සැප්තැම්බර් 8 දිනදී ක්ලැරන්ස් හවුස් වෙතින් ප්‍රකාශයට පත් කෙරිණි. චාල්ස්, වේල්සයෙහි කුමරු සහ, ඩයනා, වේල්සයෙහි කුමරියගේ දෙවන මුණුපුරා/මිණිපිරිය සහ, දෙවන එලිසබෙත් රැජිනගේ සහ පිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයාගේ පස්වන මී-මුණුපුරා/මිණිපිරිය වීමට මෙම දරුවා නියමිතව තිබුණි. පුවත්පත් නිවේදනයක් [2] සහ සමාජ මාධ්‍ය,[3] තුලින්, ක්ලැරන්ස් හවුස් වෙතින් සිදු කෙරුණු නිවේදනය සඳහා ජාත්‍යන්තර මාධ්‍ය ආවරණයද,[4][5] බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් වෙතින් සුබපැතුම් මෙන්ම,[6] මේ පිළිබඳ ඇතිවූ අවධාන මට්ටම සාධාරණ නොවන බවට විවේචනද ලඟා කර දුනි.[7]

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙහි චීන අධ්‍යයන කේන්ද්‍රයක්වූ, ඩික්සන් පූන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල චීන කේන්ද්‍ර ගොඩනැගිල්ල, සැප්තැම්බර් 8 දිනදී නිල වශයෙන් විවෘත කිරීමට, ආදිපාදවරයා සහ ආදිපාදවරිය නියමිතව තිබුණද, [8] උග්‍ර උදා ආබාධය (ගර්භණී අතිජර්දිය) හේතුවෙන් කෙන්සිංටන් මාලිගයේදී ආදිපාදවරියට ප්‍රතිකාර ලබා දෙමින් සිටි බැවින්,[9] විවෘත කිරීමේ උත්සවයට ආදිපාදවරයා සමග සහභාගී වීමට ඇයට නොහැකි විය. [9] ගර්භණී තත්තවය පිළිබඳ නිවේදනය එදිනම උදයෙහි සිදු කරන ලද්දේ ඇයගේ නොපැමිණීම පැහැදිලි කිරීමටය.[10]

2014 ඔක්තොම්බරයෙහිදී, කෙන්සිංටන් මාලිගය නිවේදනය කලේ, 2015 අප්‍රේල් මස වන විට දරුවා බලාපොරොත්තු වන බවයි. [11][12] දරුවා ප්‍රසූත කිරීමට ආදිපාදවරියට නියමිත දිනය අප්‍රේල් 23 බව වාර්තා වුවද, උපත සිදු වන දිනය දක්වා රාජකීය ලෝලීන් රෝහල පිටත කඳවුරු ලා ගෙන සිටි අතර, සමහරෙකුට පස්තෑල ලැබුනේ සමහරවිට ඔවුන්ගේ දිගු පොරොත්තුවට ත්‍යාගයක් වශයෙන් විය හැක. [13] අපේක්ෂණ කාලසීමාව හැඳින්වුනේ "මහා කේට් පොරොත්තුව" ලෙසින් වන අතර, කෙන්සිංටන් මාලිගයේ ට්විටර් පෝෂකය නිරික්ෂණය කලේ, එක් සතියක් තුල අනුගාමිකයන් 50,000 එක් වී, සම්පූර්ණ සංඛ්‍යාව අඩුම වශයෙන් 217,000 වී ඇති බවය. [14]

2015 මැයි 2 දිනදී, කෙන්සිංටන් මාලිගය සනාථ කලේ, ප්‍රසය වේදනාවන්හී මුල් අවදියෙහි ආදිපාදවරිය පසු වන බවයි. [15] ඇයගේ සැමියා සමග, කෙන්සිංටන් මාලිගයේ සිට ශාන්ත මරියා රෝහල, ලන්ඩනය වෙත ගමන් කල ඇය, 06:00 බ්‍රිසවේ (05:00 ග්‍රිසවේ) වේලාවට ඇතුලත් කර ගන්නා ලද අතර,[16] 08:34 බ්‍රිසවේ වේලාවට, 8 රාත්තල් 3 අවුන්ස (3.71 කිග්‍රෑ) බරැති දියණියකට උපත ලබා දුන්නාය. [17] කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා උපත සිදු වන වේලාවෙහි එහි රැඳී සිටියේය. ඇයගේ ප්‍රසූතයට වෛද්‍ය උපකාර සැපයූයේ, දෙවන එලිසබෙත් රැජින සඳහා ශල්‍ය වෛද්‍ය-නාරිවේදී වන ඇලන් ෆාර්තිං එෆ්ආර්සීඕජී (ප්‍රසව වෛද්‍යවරුන් සහ නාරිවේදීන් සඳහා රාජකීය සංගමයේ අධි සාමාජික) සහ, රාජකීය කුටුම්බය සඳහා ශල්‍ය වෛද්‍ය-නාරිවේදි හා අධි-ආපදා ගර්භණී තත්ත්වයන් පිළිබඳ විශේෂඥයෙක් වන ගයි තෝර්ප්-බීස්ටන් යන වෛද්‍යවරුන් විසිනි; මේ දෙදෙනාම 2013 වසරෙහි ජෝර්ජ් කුමරුගේ උපතෙහිදී වෛද්‍ය උපකාර සැපයූහ. විශ්‍රාම යෑම නිසා මෙම උපතෙහි නොසිටි ශ්‍රීමත් මාකස් සර්චෙල් වෙනුවට වෛද්‍ය ෆාර්තිං සහභාගි විය. [18] ඇයගේ උපත සමග ලද උරුමය පරිදී, පියාට සහ වැඩිමහළු සොහොයුරු වේල්සයෙහි ජෝර්ජ් කුමරුට පසුව, රැජිනගේ තනතුරට උරුමකම් කියන තෙවැන්නා ඇය වන අතර,[2][19] ඇයගේ නාමාභිධානය, ජෝර්ජ් කුමරුගේ ආකාරයට, රාජකීය උත්තමාවිය වේල්සයෙහි (මුල්නම) කුමරිය වනුවෙන් වනු ඇත.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "රෝයල් ප්‍රින්සස් නේම්ඩ් ඈස් චාලට්". බීබීසී. සම්ප්‍රවේශය 4 මැයි 2015.
  2. ^ a b ක්ලැරන්ස් හවුස් (8 සැප්තැම්බර් 2014). "ද ඩියුක් ඇන්ඩ් ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ආ එක්ස්පෙක්ටිං දෙයා සෙකන්ඩ් චයිල්ඩ්". පුවත්පත් නිවේදනය. 8 සැප්තැම්බර් 2014 දී සම්ප්‍රවේශ කෙරිණි.
  3. ^ "රෝයල් බේබි එනවුන්ස්මන්ට්  — ඈස් ඉට් හැපන්ඩ්". ද ගාර්ඩියන්. http://www.theguardian.com/uk-news/live/2014/sep/08/royal-baby-kate-and-william-are-expecting-their-second-child-live-updates. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2014. 
  4. ^ "ඩියුක් ඇන්ඩ් ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් එක්ස්පෙක්ටිං දෙයා සෙකන්ඩ් චයිල්ඩ්". ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාව. http://www.abc.net.au/news/2014-09-08/duke-and-duchess-of-cambridge-expecting-second-child/5728682. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 සැප්තැම්බර් 2014. 
  5. ^ මුලන්, ජේත්රෝ. "පැලස්: කැතරින් ඇන්ඩ් විලියම් එක්ස්පෙක්ටිං සෙකව්ඩ් චයිල්ඩ්". සීඑන්එන්. http://edition.cnn.com/2014/09/08/world/europe/uk-royal-pregnancy/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 සැප්තැම්බර් 2014. 
  6. ^ බූත්, රොබට් (9 සැප්තැම්බර් 2014). "ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ඇන්ඩ් ප්‍රින්ස් විලියම් එක්ස්පෙක්ටිං සෙකන්ඩ් චයිල්ඩ්". ද ගාර්ඩියන්. http://www.theguardian.com/uk-news/2014/sep/08/prince-william-duchess-cambridge-expecting-second-child. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2014. 
  7. ^ ඩෙන්ට්, ග්‍රේස්. "වුමන් හෑස් බේබි (ඇන්ඩ් ඉට්ස් නොට් හර් ෆර්ස්ට්)". දි ඉන්ඩිපෙන්ඩන්ට්. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2014.
  8. ^ "ද ඩියුක් ඔෆ් කේම්බ්‍රිජ් ටු ඔෆීෂියලි ඕපන් ද ඩික්සන් පූන් යුනිවර්සිටි ඔෆ් ඔක්ස්ෆර්ඩ් චයිනා සෙන්ටර් බිල්ඩිං ඇන්ඩ් බොඩ්ලීන් කේබී චෙං චයිනා ලයිබ්රරි". බොඩ්ලීන් ලයිබ්රරීස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2014.
  9. ^ a b "ඩික්සන් පූන් යුනිවර්සිටි ඔෆ් ඔක්ස්ෆර්ඩ් චයිනා සෙන්ටර් බිල්ඩිං ඕපන්ඩ්". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. 8 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
  10. ^ විචෙල්, නිකලස් (8 සැප්තැම්බර් 2014). "රෝයල් බේබි: ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ප්‍රෙග්නන්ට් ෆො සෙකන්ඩ් ටයිම්". බීබීසී. http://www.bbc.com/news/uk-29107412. සම්ප්‍රවේශය කෙරුණු දිනය 9 සැප්තැම්බර් 2014. 
  11. ^ "කේට්, ද ඩචස් ඔෆ් කේම්බ්‍රිජ්, එක්ස්පෙක්ටිං බේබි ඉන් ඒප්‍රිල් 2015". ද ඩේලි ටෙලිග්‍රාෆ්. 20 ඔක්තොම්බර් 2014. සම්ප්‍රවේශය 21 දෙසැම්බර් 2014.
  12. ^ "ඩියුක් ඇන්ඩ් ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් එක්ස්පෙක්ටිං බේබි ඉන් ඒප්‍රිල් 2015". ද ගාඩියන්. සම්ප්‍රවේශය 21 දෙසැම්බර් 2014.
  13. ^ "විලියම් ඇන්ඩ් කේට් සෙන්ඩ් අ බ්‍රෙක්ෆස්ට් සර්ප්‍රයිස් ටු ෆෑන්ස් කෑම්ප්ඩ් අවුට්සයිඩ් හොස්පිට්ල්". පීප්ල්. 28 අප්‍රේල් 2015.
  14. ^ සැකිල්ල:උපන්‍යාස වෙබ් web
  15. ^ "ඩචස් 'ප්‍රොග්‍රෙසිං ඈස් නෝර්මල්' ඉන් ලේබර්". ස්කයි නිව්ස්. සම්ප්‍රවේශය 2 මැයි 2015.
  16. ^ "රෝයල් බේබි: ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ඉන් අර්ලි ස්ටේජර්ස් ඔෆ් ලේබර්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 2 මැයි 2015.
  17. ^ "ඔෆීෂියල් අනවුන්ස්මන්ට් මේඩ් ඈස් ඩචස් කේට් ගිව්ස් බර්ත් ටු බේබි ගර්ල් ඉන් ලන්ඩන්". 9 නිවුස්. සම්ප්‍රවේශය 2 මැයි 2015.
  18. ^ http://www.telegraph.co.uk/news/uknews/kate-middleton/11475090/Royal-baby-meet-the-doctors-who-will-deliver-Kate-Middletons-second-child.html
  19. ^ "ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ප්‍රෙග්නන්ට් විත් සෙකන්ඩ් චයිල්ඩ්". බීබීසී. 8 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2014.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
වේල්සයෙහි චාලට් කුමරිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?