For faster navigation, this Iframe is preloading the Wikiwand page for දෙවන එලිසබෙත් රැජිණ.

දෙවන එලිසබෙත් රැජිණ

දෙවන එලිසබෙත් රැජිණ
දෙවන එලිසබෙත් රැජිණ (1959 මාර්තු)
එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි රැජිණ

කැනඩාව 1952–2022
ඕස්ට්‍රේලියාව 1952–2022
නවසීලන්තය 1952–2022
දකුණු අප්‍රිකාව 1952–1961
පකිස්ථානය 1952–1956
ලංකාව 1952–1972
ඝානාව 1957–1960
නයිජීරියාව 1960–1963
සියෙරා ලියෝන් 1961–1971
ටැන්ගානිකා 1961–1962
ජැමෙයිකාව 1962–2022
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 1962–1976
උගන්ඩාව 1962–1963
කෙන්යාව 1963–1964
මලාවි 1964–1966
මෝල්ටාව 1964–1974
ගැම්බියාව 1965–1970
ගයනාව 1966–1970
බාබඩෝස් 1966–2021
මොරිෂස් 1968–1992
ෆීජි 1970–1987
බහමාස් 1973–2022
ග්‍රෙනඩාව 1974–2022
පපුවා නවගිනියාව 1975–2022
සොලමන් දුපත් 1978–2022
ටුවාලු 1978–2022
ශාන්ත ලුසියා 1979–2022
ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් 1979–2022
බෙලීස් 1981–2022
ඇන්ටිගුවා සහ බාබුඩා 1981–2022
ශාන්ත කිට්ස් සහ නෙවිස් 1983–2022
රාජ්‍ය සමය 6 පෙබරවාරි 1952 – 8 සැප්තැම්බර් 2022
අභිෂේකය1953 ජුනි 2
පූර්වප්‍රාප්තිකයාහයවන ජෝර්ජ් රජ
අනුප්‍රාප්තිකයාතෙවන චාල්ස් රජ
අග්‍රාමාත්‍යවරු  අග්‍රාමාත්‍ය ලැයිස්තුව බලන්න
උපත21 අප්‍රේල් 1926(1926-04-21)
මෙෆෙයාර්, ලන්ඩන්, එක්සත් රාජධානිය
මරණය8 සැප්තැම්බර් 2022 (වයස 96)
බැල්මොරල් මාලිගාව, ඇබර්ඩීන්ෂයර්, එක්සත් රාජධානිය
වල්ලභයාෆිලිප් කුමාරයා, එඩිංබරෝ ආදිපාදවරයා (වි. 19472021);
දරුවන්
Detail
තුන්වන චාල්ස් රජතුමා
ඈන් කුමරිය
ඇන්ඩෘ කුමරු
එඩ්වඩ් කුමරු
සම්පූර්ණ නාමය
එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාහයවන ජෝර්ජ් රජ
මවඑලිසබෙත් මව් රැජින
ආගමඑංගලන්ත සභාව
ස්කොට්ලන්ත සභාව
අත්සනදෙවන එලිසබෙත් රැජිණගේ අත්සන

දෙවන එළිසබෙත් රැජිණ (Queen Elizabeth II), එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි (Elizabeth Alexandra Mary, 21 අප්‍රේල් 1926 - 8 සැප්තැම්බර් 2022), යනු එක්සත් රාජධානියේ සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය 14, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලදහි රැජිණ විය. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හයවන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.

එක්සත් රාජධනියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.

මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.

න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් වන්නේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජිණ වෙනත් තනතුරු රැසක් ද දරනු ලබන්නීය. ඒවා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා, නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ‍ ෆිජිහි ප්‍රධානියා යන ඒවාය.

ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.

1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.

1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය (දෙවන එලිසබෙත් රැජින) ගේ සම්පූර්ණ නම එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. ඇයගේ මාපියන් වන්නේ vi ජෝර්ජ් රජු හා එළිසබෙත් කුමරියයි. රැජිනගේ පියා වන vi ජෝර්ජ් රජු, v ජෝර්ජ් රජුගේත් මේරී කුමරියගේත් දෙවන පුතු යි. රැජිනට එළිසබෙත් යන නම හිමිවූයේ තම මව වන එළිසබෙත් කුමරියගෙන් වන අතර ඇලෙක්සැන්ඩ්‍රා නම් ලැබුවේ තම සීයා වන v ජෝර්ජ් රජුගේ මවගෙනි. මේරි යන නම රැජිනට ලැබුණේ තම තම පියා වන vi ජෝර්ජ් රජුගේ මවගෙනි.

කිතුනු ආගමට අනුව එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ ඇයගේ උපතින් දින 37කට පසු එනම්, 1926 මැයි 29 වන දින බකිංහැම් මාලිගාවේ දීය. දෙවැනි එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ යෝර්ක්හි ඇන්ග්ලිකානු අගරදගුරු කොස්මෝ හෙරඩ්න් ලෑන්ග් විසිනි.

රැජිනගේ ළමාවිය

දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම නැඟණිය මාග්‍රට් රෝස් කුමරියයි. ඇය උපන්නේ 1930 අගොස්තු 21 දායි. එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ තම මවගේ අධික්ෂණය යටතේ ගෙන්වනු ලැබු හසල දැනුමක් සහිත ගුරුවරුන්ගෙනි. භාෂාව, ඉතිහාසය, සංගීතය හා සාහිත්‍ය ඔවුන් ඉගෙනගත් විෂයන් විය. මෙදෙදෙනා අතරින් සතුන්ට වඩාත් ආදරය දක්වා ඇත්තේ එළිසබෙත් කුමරියයි. ඇයගේ ප්‍රියතම සුරතලුන් වුයේ අශ්වයන් හා සුනඛයන්ට. කුඩා එළිසබෙත් ඉතාම විනෝදකාමී සංවේදී මෙන්ම මනා හැදීයාවෙන් යුතු වුවාය. කුඩා එළිසබෙත්ගේ සුරතල් නාමය වුයේ “ලිලිබෙට්”ය. ඊට හේතු වුයේ එළිසබෙත් යන්න උච්චාරණයේදී ඇය අතින් සිදුවු වරදකි. මේ අනුව රජ පවුලේ සාමාජිකයන් සැවොම ඇය ඇමතුවේ ලිලිබෙට් යනුවෙනි. The Little princesses’ කෘතියේ එළිසබෙත් ගේ තොරතුරු රැසක්ම ඇතුළත්වේ.

.දෙවන එලිසබෙත් මහ රැජින 2022 වසරේ සැප්තැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා වයස අවුරුදු 96 ක් ව තිබියදී ලොවෙන් සමුගත් අතර ඇගේ පුත් චාල්ස් කුමරු, තෙවන චාල්ස් රජු ලෙස අභිෂේක කරන ලදී

දෙවන එලිසබෙත් රැජිණ
වින්ඩ්සර් රාජ වංශය
වෙටින් රාජ වංශයෙහී උප වංශයකි
උපත: 21 අප්‍රේල් 1926 මරණය: 8 සැප්තැම්බර් 2022
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හයවන ජෝර්ජ් රජ
එක්සත් රාජධානියේ රජ ලෙස
එක්සත් රාජධානියේ රැජිණ
6 පෙබරවාරි 1952 – 8 සැප්තැම්බර් 2022
අනුප්‍රාප්තිකයා 
තෙවන චාල්ස් රජ
එක්සත් රාජධානියේ රජ ලෙස
{{bottomLinkPreText}} {{bottomLinkText}}
දෙවන එලිසබෙත් රැජිණ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?