For faster navigation, this Iframe is preloading the Wikiwand page for චන්ද්‍ර නන්දිනී.

චන්ද්‍ර නන්දිනී

චන්ද්‍ර නන්දිනි
නිල‍ පෝස්ටරයක්
ප්‍රභේදයනාට්‍ය
තැනුවේඒක්තා කපූර්
ශෝභා කපූර්
මත පදනම්වචන්ද්‍රගුප්ත මෞර්ය
රචනය කලේආර්. එම්. ජෝෂි
නේහා සිං
අධ්‍යක්ෂණය කලේරංජන් කුමාර් සිං
රඟපෑමරජත් තෝකාස්
ශ්වේතා බාසු ප්‍රසාද්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාංග ගණන286
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)බාලාජි ටෙලිෆිල්ම්ස්
ස්ථානය(න්)මුම්බායි, ඉන්දියාව
කැමරා සැලැස්මතනි-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 22
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
බෙදාහරින්නාටර්නර් විකාශන පද්ධතිය
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය10 ඔක්තෝබර් 2016 – 10 නොවැම්බර් 2017

චන්ද්‍ර නන්දිනි යනු හින්දි ප්‍රබන්ධ නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය ඇරඹියේ 2016 ඔක්තෝබර් 10 දින සිට ප.ව. 8:30ට ය.[1] මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් සහ ශෝභා කපූර් විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් සන්නාමය යටතේ ය. මෙය රංජන් කුමාර් සිංගේ අධ්‍යක්ෂණයකි. මෙහි ප්‍රධාන චරිත වන චන්ද්‍රගුප්ත මෞර්යගේ රජත් තෝකාස් විසින් ද, නන්දිනීගේ චරිතය ශ්වේතා බාසු ප්‍රසාද් විසින් ද නිරූපණය කරයි. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ පුරාතන ඉන්දියාවේ අධිරාජයකු වූ චන්ද්‍රගුප්ත මෞර්යගේ ජීවත කථාවයි.[1][2]

කථාපුවත

[සංස්කරණය]

කතාමාලාවේ පළමු දසුන ඇරඹෙන්නේ භාරතමාතාව විසින් චන්ද්‍ර නන්දිනි රූපවාහිනී කතාමාලාව චන්ද්‍රගුප්ත මෞර්යගේ සහ ඔහුගේ භාර්යාව මෙන්ම ඔහුගේ ප්‍රධාන සතුරාගේ දියණිය ද වූ නන්දිනීගේ කථාපුවත ලෙස හඳන්වා දීමෙනි.

පිප්ලිවානාහි කුඩා පළාතක ප්‍රාන්ත රජකු වූ සූර්යගුප්තගේ භාර්යාව වන මූරා හට චන්ද්‍රගුප්තව පිළිසිඳ ගනී. ෂූර්යගුප්ත සහ ඇයට ඔහුගේ මිතුරකු වන මගධයේ ශෂිශුංග රජු ආරාධනා කරයි. මාලිගයේ දී, ගර්භනී මූරා හට මිත්‍ර කරනවෑමියකු වන නන්ද පෙම් කරයි. මෙම වරද වෙනුවෙන් ශෂිශුංගගේ භාර්යාව වන අවන්තිකා රැජින ඔහුට පහර දෙයි. නමුත් පසුව පෙනී යන්නේ අවන්තිකා සහ නන්ද එක්වී ශෂිශුංගගෙන් සිහසුන පැහැර ගැනීමට කුමන්ත්‍රණ කරන බවයි. එසේම ශෂිශුංගගේ යැයි පැවසුණු පුත්‍රයින් 9 දෙනා සැබැවින්ම නන්දට දාව අවන්තිකා වැදූ පුත්‍රයින් ය. සූර්යගුප්ත සහ මූරා මේ පිළිබඳ දැන ගත්ත ද, ඔවුනට කිසිවක් කරගත නොහැකි වන්නේ නන්ද ඒ වනවිටත් ශෂිශුංගව මරා දමා තිබූ හෙයිනි. මෙහි වරද සූර්යගුප්ත වෙත පැ‍ටවේ. නන්ද විසින් සූර්යගුප්ත මරාදමයි. මූරා කැළය දෙසට පලා යයි. එහිදී ඇයට චන්ද්‍ර නැමැති පුත්‍රයා උපත ලබයි. නන්දට හසුවීම වැළැක්වීමට ඇය දරුවාව ගව ශාලාවක සඟවයි. අනතුරුව කණිකා නැමැති සාමාන්‍ය කාන්තාවක් චන්ද්‍රව හදාවඩා ගනියි. මූරා නන්දගේ සිරකාරියක බවට පත්වේ. මේ වනවිට නන්ද මගධයේ අධිරජු බවට පත්ව මහාරාජ මහා පද්මනන්ද යන පදවිය උසුලයි. ඔහු අවන්තිකාව විවාහ කරගනියි. ඔහු මූරාව ද විවාහ කරගන්නට උත්සාහ දැරුව ද, ඇය එය ප්‍රතික්ෂේප කරයි. සිය පුත්‍රයා තමන් ‍වෙනුවෙන් පලිගන්නා බව පවසන ඇය, නන්දට දියණියක වූයේ නම් ඇයට ද මෙම වැරදිවලට වන්දි ගෙවීමට සිදුවන බව පවසයි. මඳ කලකින්ම අවන්තිකා රැජින දියණියක බිහි කරයි. ඇය නන්දිනී නම් වේ.

වසර 14කට පසු

[සංස්කරණය]

පද්මනන්ද කෲර පාලකයකු බවට පත්ව සිටියි. ඔහු සිය ජනයා වෙත බදු පනවයි. ඔහුගේ එකම දුර්වලතාවය වූයේ ඔහු සිය පණටත් වඩා ආදරය කළ දියණිය නන්දිනී ය. මූරා තවමත් නන්දගේ සිරකාරියකව පසුවෙයි. මේ වනවිට සාමාන්‍ය වැසියකු ලෙස හැදීවැඩුණු චන්ද්‍රගුප්ත සිය හදාගත් මව වන කණිකාට බෙහෙවින් ලැදි ය‍. සිය බේබදු හදාගත් පියාගේ පීඩාවලින් ඇයව බේරාගන්නට ද ඔහු නොපැකිළෙයි. සිය මවට මූල්‍යමය අතින් උපකාර කිරීමට සිතා ඔහු පාඨලිපුත්‍රය වෙත පිටත් වෙයි. ඔහුගේ දස්කම් දැක තුටු වූ මගධ රක්ෂස් මහාමාත්‍ය විසින් පිරිනමන ලද විශේෂ මුද්‍රාවත් සමග ඔහු පාඨලිපුත්‍රය වෙත පැමිණෙයි. නන්ද බදු වෙනුවෙන් ජනතාව පෙළනු දැක ඔහු කම්පාවට පත්වෙයි. නන්දගේ ආඥාව මත සෙබලුන් විසින් හිංසා කරනු ලබන මූරාව ද ඔහුට මුණගැසෙයි. ඔහු මූරාව මඳ කාලයකට රැකගැනීමට සමත් වෙයි. කෙසේනමුත්, ඔහුට රාජකුමාරි නන්දිනීව ද දැකගන්නට ලැබෙයි. මේ අතර චානක්‍ය චන්ද්‍රගුප්තගේ ක්‍රියාවන් දෙස බලා සිටියි. යම් දිනෙක චන්ද්‍ර හට අඛණ්ඩ භාරතවර්ෂයක් පිළිබඳ සිය සිහිනය සැබෑ කරමින් ඉන්දියාවේම ශ්‍රේෂ්ඨ දිව්‍යමය අධිරජකු වීමේ හැකියාව ඇති බව ඔහු වටහා ගනියි. අනෙක් අතින් ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියාව ආක්‍රමණයට සැලසුම් කරයි. චානක්‍ය මහා පද්මනන්දයන් හමුවී ග්‍රීක ආක්‍රමණය පිළිබඳ අනතුරු හඟවයි. නමුත් මේ පිළිබඳ අවධානයක් යොමු නොකරන පද්මනන්ද චානක්‍යව රාජසභාවේ ඉවතට ඇද දමන්නේ ඔහුට යාචකයකු යැයි අවමන් කරමිනි‍. චානක්‍ය ළමා චන්ද්‍ර හට රජකුට අවශ්‍ය සියලුම දක්ෂතාවයන් උගන්වයි.

වසර කිහිපයකට පසු

[සංස්කරණය]

ග්‍රීකයන්ගේ යුධ හැකියාව පිළිබඳ ඉගෙනීමට චානක්‍ය චන්ද්‍රව ග්‍රීකවරුන් වෙත යවයි. ඔහු පර්වාටක් වෙත යාමේ දී, සෙලියුකස් නිකේටර්ගේ දියණිය වන හෙලේනාට මලේකේතු විසින් සිදුකරන ද්‍රෝහිකම් දැනගනියි. හෙලේනාගේ උපකාර ඇතිව ඔහු ග්‍රීක යුධ ශිල්ප උගනියි. අනුතරුව පලායන ඔහු පද්මනන්දට එරෙහි සටන් වැදුණ ද, පරාජයට පත්වේ. ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඔහු ඉන්දියාවේ රැඳී සිටි ග්‍රීකවරුන්ට පහර දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු හෙලේනාව විවාහ කරගනියි. නැවත ඔහු පද්මනන්දට පහර දෙන්නට තැත් කළ ද, එය ද අසාර්ථක වේ. අනුතරුව ඔවුන් විශාල සේනාවක් සංවිධානය කරන අතර, සිය හමුදාව නඩත්තු කිරීමට ධනය සැපයිය හැකි ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක වූ දුර්ධරා සමග විවාහ වන ලෙස ආචාර්ය චානක්‍ය ඔහුට පවසයි. අනතුරුව ඔහු යළි ආක්‍රමණයක් දියත් කරන අතර, එහි පළමු දිනයේම පද්මනන්ද ආසන්නයට පැමිණීමට චන්ද්‍රට හැකි වේ. නමුත් දිනය ගෙවීයන විට, නන්දිනීගේ පෙම්වතකු වූ මලේකේතු චන්ද්‍රගේ පිටට පිහියෙන් අනියි. ඊළඟ දිනයේ ඔහුගේ හමුදාව දුර්වල වන හෙයින් චන්ද්‍ර කඳුගැටයක් පසුපස පිහිටි රහස් නිවසක් වෙත පලා යයි. අනතුරුව චන්ද්‍ර සහ හෙලේනා හට මලේකේතුව හසු වේ. ඔහු චන්ද්‍රහට නන්ද රජුගේ රහසිගත සැඟවීම් ස්ථානය හෙළි කරයි. චන්ද්‍ර එම ස්ථානය වෙත පිටත් වන අතර, මලේකේතු හෙලේනාගේ දෑස්වලට වැලිගසා පලා යයි. අනතුරුව චන්ද්‍ර නන්චව සොයා ගනියි. ඔහු නන්දව මරාදැමීමට තැත්කළ ද, නන්දිනී අසිපතක් රැගෙන සිය පියා වෙනුවෙන් සටන් වදියි. නන්ද සහ නන්දිනී ඉදිරිපිට චන්ද්‍රගුප්ත නන්දගේ පුතුන් 8 දෙකු මරා දමයි. (ඉතිරි පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකි) නමුත් නන්ද සහ නන්දිනීව විනාශ නොකිරීමට ආචාර්ය තීරණය කරයි. ඔවුන් දෙදෙනා නන්දගේ සියලු වස්තුව සඟවා ඇති ස්ථානය වෙත ගමන් ගනිති. මෙවිට ඔවුන් පසුපස පැමිණෙන ආචාර්ය සහ චන්ද්‍ර, නන්දව මරාදමයි. අනතුරුව මාලිගය වෙත පලායන නන්දිනී සිය නෑණාවරියන්ට සහ මව්වරුන්ට සිදුවූ දෑ පවසයි. මූරා නිදහස ලබන අතර, චන්ද්‍ර මගධයේ රජු ලෙස අභිෂේක වේ. නමුත් නන්ද සහ ඔහුගේ පුතකු වූ ධාන් තවමත් ජීවත්ව සිටින බව හෙළීවීමෙන් පසු ඔහුට නන්දිනී සමග විවාහ වීමට සිදු වේ...

චරිත නිරූපණය

[සංස්කරණය]
  • රජත් තෝකාස්, චන්ද්‍රගුප්ත මෞර්ය ලෙස
  • ශ්වේතා බාසු ප්‍රසාද්, නන්දිනී ලෙස; (මහාපද්ම නන්දගේ දියණියයි), චන්ද්‍රගුප්තගේ තෙවන භාර්යාවයි/ රූපා; නන්දිනීට සමාන පෙනුමක් ඇත්තියකි.
  • සාන්වි තල්වාර්, දුර්ධාරා ලෙස; චන්ද්‍රගුප්තගේ දෙවන බිසවයි.[3]
  • තනූ ඛාන්, හෙලේනා ලෙස; (සෙලියුකස් I නිකේටර්ගේ දියණියයි), චන්ද්‍රගුප්තගේ පළමු බිසවයි.[4]
  • මනෝජ් කොල්හාත්කර්, චානක්‍ය ලෙස[5]
  • පාපියා සේන්ගුප්තා, මූරා ලෙස; චන්ද්‍රගුප්තගේ මවයි. (රාජමාතා මූරා)
  • අර්පිත් රන්කා, මහාපද්ම නන්ද ගෙද; නන්දිනීගේ පියායි.
  • උර්ෆි ජාවෙඩ්, ඡායා ලෙස; චන්ද්‍රගුප්තගේ සොයුරියයි.
  • ෂීබා චද්ධා, හෙලේනාගේ මව,[6] ඇපාමා ලෙස
  • චේතන් හංසරාජ්, පාර්වාතක් මලේකේතු ගෙස; නන්දිනීගේ හිටපු පෙම්වතායි.[7]
  • ලෝකේෂ් බට්ටා, ධන නන්ද ලෙස; මහාපද්ම නන්දගේ පුත්‍රයායි. නන්දිනීගේ සොයුරායි.
  • දනිෂ් බග්ගා, පාණ්ඩුගාර්ති ලෙස; මහාපද්ම නන්දගේ මානසික රෝගී පුත්‍රයායි. නන්දිනීගේ සොයුරායි.
  • ඩයනා ආසිම්, ඇලිස් ලෙස
  • මාන්සි ෂර්මා, රාණි අවන්තිකා ලෙස; නන්දිනීගේ මවයි. මහාපද්ම නන්දගේ දෙවන භාර්යාවයි.
  • සංජීව් සිද්ධාර්ත්, අමාත්‍ය රක්ෂස් ලෙස; මහාපද්ම නන්දගේ අමාත්‍යවරයෙකි‍.
  • රෝහිත් චෞධරි, වක්‍රානස් ලෙස; මහාපද්ම නන්දගේ අමාත්‍යවරයෙකි.
  • ඒක්රූප් බේදි, කින්නරි ලෙස[8]
  • ගීතාංජලී මිෂ්රා, සුනන්දා ලෙස; මහාපද්ම නන්දගේ පළමු බිසවයි.
  • විද්‍යා සිංහා, චන්ද්‍රගුප්තගේ මිත්තණිය ලෙස
  • තාරාකේෂ් චෞහාන්, පාර්වතාක් රජු ලෙස; මලේකේතුගේ පියායි.
  • විභූති තාකූර්, කණිකා‍ ලෙස; චන්ද්‍රගුප්තගේ හදාගත් මවයි.
  • ඉෂාන් සිං මන්හාස්, සත්‍යජිත් ලෙස[9]

හිටපු චරිත

[සංස්කරණය]
  • ජිනීත් රාත්, ලාබාල චන්ද්‍රගුප්ත ලෙස
  • ඒන්ජල් රූප්චාන්දනී, ලාබාල නන්දිනී ලෙස
  • ඇලෙක්ස් ඕ'නෙල්, මහා ඇලෙක්සැන්ඩර් ලෙස[10]
  • සිද්ධාර්ත් තම්බෝලි, ලාබාල කේවාර්ත් ලෙස
  • සුධාංශු අගර්වාල්, ලාබාල ධන නන්ද ලෙස
  • මෝහිත් ජෝෂි, භූත්පාල් ලෙස
  • සල්මන් ෂෙයික්, පණ්ඩුක් ලෙස
  • අංකුර් මල්හෝත්‍රා, අම්භි රජු ලෙස
  • ශිඛා සිං[11]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b "'Chandragupta Maurya': Arpit Ranka of 'Mahabharat' fame to play key role in Rajat Tokas' show". International Business Times. 3 March 2016. සම්ප්‍රවේශය 4 March 2016.
  2. ^ "Shweta Basu Prasad in 'Chandragupta Maurya'". The Times of India. 25 February 2016. සම්ප්‍රවේශය 4 March 2016.
  3. ^ "Saanvi Talwar to enter 'Chandra Nandini'". The Times of India. සම්ප්‍රවේශය 2 November 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  4. ^ "Tarannum: Playing antagonist can be challenging". The Times of India. සම්ප්‍රවේශය 13 December 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  5. ^ "Chandragupta Maurya gets its 'Chanakya'". The Times of India. සම්ප්‍රවේශය 26 February 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  6. ^ "Sheeba Chaddha set to return to small screen with Chandra Nandni". The Times of India. සම්ප්‍රවේශය 24 November 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  7. ^ "Chetan Hansraj takes special martial arts training for TV show". The Times of India. සම්ප්‍රවේශය 4 November 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  8. ^ "Ekroop Bedi to be a part of Chandra Nandini". The Times of India. සම්ප්‍රවේශය 11 October 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  9. ^ "Ishaan Singh Manhas to enter 'Chandra Nandini'". The Times of India. සම්ප්‍රවේශය 8 December 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  10. ^ "Alexx ONell in Chandragupta Maurya". The Times of India. සම්ප්‍රවේශය 11 March 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
  11. ^ "Shikha Singh to enter 'Chandra Nandini'". The Times of India. සම්ප්‍රවේශය 25 October 2016. ((cite news)): Italic or bold markup not allowed in: |publisher= (help)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
චන්ද්‍ර නන්දිනී
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?