For faster navigation, this Iframe is preloading the Wikiwand page for ගෝනගල සමූලඝාතනය.

ගෝනගල සමූලඝාතනය

ගෝනගල සමූලඝාතනය
Gonagala massacre
LTTE වාදීන් විසින් මරාදැමූ ගෝනගලගමේ බිළිදෙක්ගේ සිරුරක්. අසල ඇත්තේ බිළිදාට කිරිදෙමින් සිටි මවගේ සිරුර වියහැක.
ස්ථානයගෝනගල
දිනය1999 සැප්තැම්බර් 18 (UTC+5:30)
ආයුධය(න්)පිහි, මන්න
මරණ54
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

ගෝනගල සමූලඝාතනය යනු 1999 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගමක් වූ, ගෝනගල ග්‍රාමයේ සිදුකරන ලද තවත් එක් නින්දාසහගත මනුෂ්‍ය සංහාරයකි. සංහාරයෙන් දිවිබේරාගත් අයගේ සාක්ෂි අනූව, ප්‍රහාරය සිදුකිරීම සඳහා 75 ක පමණ එල්ටීටීඊ ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක් ග්‍රාමයට පැමිණ තිබෙන අතර, එම කණ්ඩායම තුල සැළකිය යුතු ප්‍රමාණයක කාන්තා ඝාතකයෝ පිරිසක්ද සිට තිබෙයි.[1]

සිදුවීම

[සංස්කරණය]

මෙම මිලේච්ඡ සමූළඝාතනය 1999 සැප්තැම්බර් 18 වන දින, අම්පාර 31 වන කොළණියේදී සිදුවිය. එදින අළුයම ගෝනගල ග්‍රාමයට කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථයෝ ගම්මානයේ සිටි සිංහල වැසියෝ 50 දෙනෙකු කපා කොටා ඝාතනය කලහ. ප්‍රහාරය එල්ල කල අවස්ථාවේදී ගම්මානයේ සිටි බොහොමයක් පිරිස නින්දේ පසුවූ අතර, ඉන් සමහරක් දෙනා නිදි පැදුර මතදීම කුරීරු ලෙස ඝාතනය කොට දමා තුබුණි.[1]

ගෝනගලින් නික්මුණු කොටි ත්‍රස්ථ පිරිස සිය ඝාතන මෙහෙයුමේ අවසානය තවත් සාර්ථක කර ගනිමින්, ග්‍රාමයේ අසල්වැසි පෙදෙසක සිටි තවත් සිවිල් වැසියන් 4 දෙනෙකු ඝාතනය කලහ.[1]

ඝාතනයට ලක්වූවන්

[සංස්කරණය]

ඝාතනයට ලක්වූ 54 දෙනා අතුරින්, 27 දෙනෙකු පුරුෂයෝද, 17 දෙනෙකු කාන්තාවන් සහ 10 දෙනෙකු කුඩා දරුවෝද වූහ. ඝාතනයට ලක්වූ කාන්තාවන් අතුරින් දෙදෙනෙකු, ගැබිණි මව්වරු විය.[2]

අධිකරණ වෛද්‍ය වාර්ථාව අනූව එක් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් හේතුවෙන්ද, ඉතිරි පිරිස පිහි සහ මන්නා වලින් සිදුකල දරුණු කැපුම් තුවාල හේතුවෙන්ද මිය ගොස් තිබුණි. තවත් 4 දෙනෙකු බරපතල කැපුම් තුවාල ලබා තිබුණි.[2]

සිනමාවට නැගීම

[සංස්කරණය]

අම්පාරේ මෙම සිදුවීම පදනම් කර ගනිමින් 2011 වසරේදී ගාමණී නමින් සිංහල චිත්‍රපටියක් නිමැවුණි.[3]

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c Frontline, Carnage in eastern Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2009-06-24 at the Wayback Machine
  2. ^ a b The Sunday Times, Pre-dawn horror in Ampara
  3. ^ "'Gamani' refreshes memory of a history going into oblivion – President". Policy Research & Information Unit of the Presidential Secretariat of Sri Lanka. 16 September 2011. 23 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 March 2012.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ගෝනගල සමූලඝාතනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?