For faster navigation, this Iframe is preloading the Wikiwand page for ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්.

ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්

ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්
ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේද ක්වීන් ඇන්ඩ් අයි
ක්වීන් ඇන්ඩ් අයි
ප්‍රභේදය‍ප්‍රේම කථා
ෆැන්ටසි
රචනය කලේසොං ජේ-ජුං
අධ්‍යක්ෂණය කලේකිම් බ්යුං-සූ
රඟපෑමජි හ්යුන්-වූ
යූ ඉන්-නා
කිම් ජින්-වූ
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන16
නිෂ්පාදන සමාගමචො‍රොක්බෙම් මීඩියා
බෙදාහරින්නාCJ E&M
ප්‍රචාරණය
මුල් නාලිකාවtvN
මුල් ධාවනයඅප්‍රේල් 18, 2012 (2012-04-18) – ජුනි 7, 2012 (2012-06-07)
බාහිර සබැඳි
[1]
කොරියානු නම
හංගුල්인현왕후의 남자
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉන් හ්යොන්-වංහු-උයි නම්ජා
මැකූන්–‍රයිෂවර්ඉන් හ්යෝන්-වංහු-ඌයි නම්ජා
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන් (කොරියානු인현왕후의 남자; ප්‍රරෝඉන් හ්යොන්-වංහු-උයි නම්ජා) යනු 2012දී විකාශය වූ දකුණු කොරියානු ෆැන්ටසි-ප්‍රේමකථා-ක්‍රියාදාම-ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජි හ්යුන්-වූ සහ යූ ඉන්-නා විසිනි. මෙම කතාමාලාව සඳහා තේමා වී ඇත්තේ අප්‍රකට නිළියක වන චෝයි හී-ජින් (යූ ඉන්-නා විසින් නිරූපණය කරයි, ඇගේ පළමු ප්‍රධාන චරිතයයි)[1][2] සහ කිම් බුං-දෝ (ජි හ්‍යුන්-වූ විසින් නිරූපණය කරයි)[3][4] නැමැති ජොසොන් රාජවංශයේ (1392-1910) කාලතරණය කරන ශිෂ්‍යයකු අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයයි. කිම් බුං-දෝ වසර 300ක් අනාගතයට ගමන් කොට 21වන සියවසට පැමිණෙයි.[5][6][7]

කේබල් රූපවාහිනී නාළිකාවක් වූ tvN නාළිකාව ඔස්සේ 2012 අප්‍රේල් 18 සිට ජූනි 7 වනදා දක්වා විකාශය වූ ‍මෙම කතාමාලාව බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 23:00ට විකාශය වූ අතර, එය කථාංග 16කින් සමන්විත විය.

මෙම කතාමාලාව Mnet සහ චැනල් එම් යන රූපවාහිනී නාළිකාවන් ඔස්සේ යළි විකාශය කෙරිණි.

කථාපුවත

[සංස්කරණය]
2012 අප්‍රේල් මස පැවති පුවත් සම්මේලනයට පැමිණි නළුනිළියන්; වමේ සිට දකුණට: ජි හ්යුන්-වූ, යූ ඉන්-නා සහ කිම් ජින්-වූ.
2012 අප්‍රේල් මස පැවති පුවත් සම්මේලනයට පැමිණි නළුනිළියන්; වමේ සිට දකුණට: ගා ද්‍යුක්-හී, පාක් යොං-රින්, ජින් යේ-සොල්

කථාව ඇරඹෙන්නේ 1694 වර්ෂයේ ජොසොන් රාජවංශ සමයේදී ය. කිම් බුං-දෝ (ජි හ්‍යුන්-වූ) යනු වංශාධිපති පවුලක ශිෂ්‍යයකු වන අතර කුමන්ත්‍රණයක් හේතුවෙන් සිදු වන සංහාරයෙන් සිය පවුලේ අයගෙන් ජීවිතය බේරා ගැනීමට හැකි වන්නේ ඔහුට පමණකි. කිම් බුං-දෝ ඉන්හ්යොන් අගබිසවගේ තනතුර ප්‍රතිෂ්ඨාපනයට සහාය පලකළ අයෙකි. රාජකීය උපබිසවක වූ ජෑං ආර්යාවගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඉන්හ්යොන් අගබිසව තනතුරෙන් නෙරපා තිබිණි.

මේ 2012 වර්ෂයයි. වර්තමාන සෝල් නුවර සිටින චෝයි හී-ජින් (යූ ඉන්-නා) අසාර්ථක නිළියකි. "නව ජෑං හීබින්" නැමැති නාට්‍යයේ ඉන්හ්යොන් අගබිසවගේ චරිතය නිරූපණය කරන ඇයට දිගු විවේකයක් හිමි වෙයි. අද්භූත යන්ත්‍රයක් හේතුවෙන් කිම් බුං-දෝ කාල තරණය කොට 2012 වර්ෂය වෙත පැමිණෙයි. එහි දී ඔහුට චෝයි හී-ජින් හමුවන අතර ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැ‍ඳෙති.

චරිත නිරූපණය

[සංස්කරණය]
  • ජි හ්‍යුන්-වූ, කිම් බූං-දෝ ලෙස
  • යූ ඉන්-නා, චෝයි හී-ජින් ලෙස
  • කිම් ජින්-වූ, හන් දොං-මින් ලෙස; හී-ජින්ගේ අනියම් පෙම්වතා
  • ගා ද්‍යුක්-හී, ජෝ සූ-ක්‍යුං ලෙස; හී-ජින්ගේ මිතුරෙක් සහ ඇගේ කළමනාකරු
  • ජින් යේ-සොල්, යූන්-වොල් ලෙස
  • උම් හ්යෝ-සුප්, මින් අමාත්‍ය ලෙස
  • ලී ක්වන්-හූන්, ජා-සූ ලෙස
  • ජි නම්-හ්‍යුක්, හන්-දොං ලෙස
  • පාක් යොං-රින්, යූන් නා-ජුං ලෙස
  • ජෝ දල්-හ්වන්, චුන්-සූ ලෙස
  • සියෝ වූ-ජින්, සුක්ජොං රජු ලෙස
  • කිම් හේ-ඉන්, ඉන්හ්යොන් අගබිසව ලෙස
  • චෝයි වූ-රි, ජෑං හී-බින් ලෙස
  • කිම් වොන්-හේ, හොං පණ්ඩක ලෙස

නිෂ්පාදනය

[සංස්කරණය]

මෙහි රූගත කිරීම් සිදු වූ ස්ථාන අතුරින් එකක් ලෙස ග්වංහ්වාමුන් ප්ලාසාව වැදගත් වේ. මෙහි එන ප්‍රධාන චරිත ද්විත්වය වන කිම් බූං-දෝ සහ චෝයි හී-ජින් සිපගන්නා දර්ශනය හෙවත් 'ග්වංහ්වාමුන් හාදුව' රූගත කෙරුණේ ග්වංහ්වාමුන් පසුබිමෙහි ය.[8]

සැබෑ දිවියේ ප්‍රේමය

[සංස්කරණය]

ජූනි 7වන දින අවසන් කථාංගය විකාශයෙන් පසු, නිෂ්පාදකයින් විසින් නාට්‍යයේ අවසානය සනිටුහන් කරමින් රසික සමුළුවක් පවත්වන ලදී. නළුනිළි සම්මුඛ සාකච්ඡාවන්හිදී ජි හ්‍යුන්-වූ ජනයාව පුදුමයට පත් කරමින් ප්‍රකාශ කළේ තමන් සැබැවින්ම සහෝදර නිළි යූ ඉන්-නා සමග ප්‍රේමයෙන් බැඳී ඇති බවයි. මෙය රසිකයින් සහ මාධ්‍ය විස්මයට පත්කළේ ය.[9][10] මෙම සිදුවීම එම දිනවල මාධ්‍ය උන්මාදයක් සඳහා හේතු විය.[11][12][13][14] මෙකල ඔවුන්ගේ නියෝජිත ආයතන නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, නළු-නිළි දෙපළ ද මාධ්‍යයට නිරාවරණය වූයේ අල්ප වශයෙනි.[15][16] ජි විසින් ජූනි 11 දින සිය රසිකයින්හට ට්විටර් ගිණුමෙහි දිරි ගැන්වුම් ප්‍රකාශයක් සටහන් කොට ඇත.[17][18] යූ ජීවත්වන ග්යොංගිහි, බුදං ප්‍රදේශයේ උද්‍යානයක මෙම පෙම් යුවළ මැදියම් රැයේ සිටින ඡායාරූප කිහිපයක් Sportsseoul.com නැමැති ඕපාදූප වෙබ්අඩවිය මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග,[19][20] යූ ඊළඟ දිනයේ, හනම් ජූනි 18 දින ගුවන් විදුලි වැඩසටහනක දී සිය සම්බන්ධය තහවුරු කළා ය. ඇය පැවසූයේ, "අප තීරණයේ කළේ ඔහු විසින් ඉන්-හ්‍යුන්ගේ මිනිසා වීම නවතා, යූ ඉන්-නාගේ මිනිසා වීමට උත්සාහ දරන බවයි." යනුවෙනි.[21][22]

අන්තර්ජාතික විකාශය

[සංස්කරණය]
  •  පිලිපීනය - එරට ජීඑම්ඒ නෙට්වර්ක් නාළිකාව මගින් ක්වීන් ඇන්ඩ් අයි යන තේමාව ඔස්සේ මෙය විකාශය කරන ලද්දේ 2013 අප්‍රේල් 29 සිට ජූනි 20 වනදා දක්වා ය.[23]
  •  මොංගෝලියාව - Боловсрол ТВ නාළිකා ඔස්සේ 2013 ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 31 වනදා තෙක් විකාශය කරන ලදී.
  •  සිංගප්පූරුව - චැනල් යූ නාළිකාව ඔස්සේ විකාශය විය.
  •  මලයාසියාව - 8ටීවී නාළිකාව ඔස්සේ විකාශය විය.
  •  තායිලන්තය - පීපීටීවී එච්ඩී නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි.

සම්මාන සහ නිර්දේශ

[සංස්කරණය]
වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2016
tvN10 සම්මාන
ප්‍රේමණීය-හාස්‍ය රැජින යූ ඉන්-නා නිර්දේශිත

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ලී, ජින්-හෝ (මාර්තු 14, 2012). "යූ ඉන් නා ග්‍රැබ්ස් ෆස්ට් ලීඩ් රෝල් ඉන් 'ක්වීන් ඉන්-හ්‍යුන්'ස් මෑන්'". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  2. ^ සුන්වූ, කාර්ලා (මාර්තු 15, 2012). "යූ ඉන්-නා කාස්ට් ඉන් ද නිව් ටීවීඉන් ඩ්‍රාමා අලෝංසයිඩ් ජි හ්යුන්-වූ". කොරියා ජූංඇං ‍ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  3. ^ සුක්, මොනිකා (මාර්තු 7, 2012). "ජි හ්‍යුන්-වූ කාස්ට් ඉන් ටීවීඑන්'ස් ෆැන්ටසි ඩ්‍රාමා". 10ඒෂියා. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  4. ^ සුන්වූ, කාර්ලා (මාර්තු 8, 2012). "ජි හ්‍යුන්-වූ ටු ප්ලේ ද ලීඩ් ඉන් නිව් ටීවීඑන් ඩ්‍රාමා". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  5. ^ චෝයි, ඉයුන්-හ්වා (මැයි 8, 2012). "ඩස් යූ ඉන් නා තින්ක් ජි හ්යුන් වූ ඊස් අ ප්ලේයර්?". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  6. ^ හෝ, ස්ටුවර්ට් (ජූනි 7, 2012). "යූ ඉන් නා කිසස් ඇන්ඩ් ටෙල්ස් වයිල් රිෆ්ලෙක්ටිං ඔන් 'ක්වීන් ඉන් හ්‍යුන්'ස් මෑන්'". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  7. ^ ඉම්, ජු-රි (ජූනි 18, 2012). "යූ ඉන්-නා ට්‍රයම්ෆ්ස් ඉන් හර් ෆස්ට් ස්ටැරිං ඩ්‍රැමටික් රෝල්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  8. ^ ලී, ජින්-හෝ (අප්‍රේල් 11, 2012). "ජි හ්‍යුන් වූ ඇන්ඩ් යූ ඉන් නා ලොක් නිප්ස් ඉන් ෆ්‍රොන්ට් ඔෆ් ග්වංහ්වාමුන්". ඊනිව්ස්වර්ල්ඩ්. 2013-04-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මාර්තු 22, 2013.
  9. ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 8, 2012). "ජි හ්යුව් වූ ඩ්‍රොප්ස් බොම්බ්ෂෙල් ලව් කන්ෆෙෂන් ටු යූ ඉන් නා". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  10. ^ සුන්වූ, කාර්ලා (ජූනි 9, 2012). "ටෙලිවිෂන් රෝමන්ස් මූව්ස් ඕෆ් ස්ක්‍රීන්". කොරියා ජූංඇං ‍ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  11. ^ ලී, ඉන්-ක්‍යුං (ජූනි 8, 2012). "ජි හ්‍යුන්වූ'ස් අයිඩියල් ටයිප් වෝස් සිමිලර් ටු යූ ඉන් නා". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  12. ^ කිම්, ජි-යොන් (ජූනි 8, 2012). "ද සයින්ස් ජි හ්‍යුන් වූ වෝස් ඉන් ලව් විත් යූ ඉන් නා". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012. ((cite web)): no-break space character in |title= at position 24 (help)
  13. ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 17, 2012). "ද ටෘත් බිහයින්ඩ් යූ ඉන් නා′ස් ෆීලිංස් ටුවර්ඩ්ස් ජි හ්‍යුන් වූ". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  14. ^ හෝ, ස්ටුවර්ට් (ජූනි 18, 2012). "වෝස් යූ ඉන් නා ලිප්-සින්කිං අ ප්‍රොපෝසල් සෝං ටු ජි හ්‍යුන් වූ ඔන් හර් රේඩියෝ ෂෝ?". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  15. ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 11, 2012). "ජි හ්‍යුන් වූ′ස් බ්‍රදර් සේස් හී′ස් ඉන් කන්ටැක්ට් විත් ද MIA ඇක්ටර්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  16. ^ සුන්වූ, කාර්ලා (ජූනි 12, 2012). "ජි හ්‍යුන්-වූ ඊස් නොට් ඉන් හයිඩිං, හී ජස්ට් කාන්'ට් බී ස්පොටඩ්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  17. ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 12, 2012). "ජි හ්‍යුන් වූ ටෙල්ස් ෆෑන්ස් හී'ස් අලිව් ඇන්ඩ් වෙල්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  18. ^ සුන්වූ, කාර්ලා (ජූනි 13, 2012). "ජි හ්‍යුන්-වූ එක්ස්ප්ලේන්ස් හිස් ලව් කන්ෆෙෂන්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  19. ^ පාක්, හ්‍යුන්-මින් (ජූනි 18, 2012). "ජි හ්‍යුන්-වූ ඇන්ඩ් යූ ඉන් නා ආ අ කපල්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  20. ^ සුන්වූ, කාර්ලා (ජූනි 19, 2012). "යූ ඉන්-නා ටු ටෙල් හර් සයිඩ් ඔෆ් ලව් ස්ටෝරි". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  21. ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 19, 2012). "්‍යූ ඉන් නා ඩික්ලෙයාර්ස් ජි හ්‍යුන් වූ ටු බී හර් මෑන්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  22. ^ කෝ, හොං-ජු (ජූනි 19, 2012). "හව් ද යූ ඉන් නා ඇන්ඩ් ජි හ්‍යුන් වූ කපල් වෝස් බෝර්න්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
  23. ^ "නිවස්ට් කොරියානොවෙලා ක්වීන් ඇන්ඩ් අයි ප්‍රීමියර්ස් ඔන් ‍ඒප්‍රිල් 29 ඔන් GMA". GMA නිව්ස් ඔන්ලයින්. අප්‍රේල් 26, 2013. සම්ප්‍රවේශය ජූනි 8, 2013.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?