For faster navigation, this Iframe is preloading the Wikiwand page for කාල තරණය.

කාල තරණය

කාල තරණය (ඉංග්‍රීසි:  Time travel) යනු කාලයේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. සාමාන්‍ය සංකල්පය අනුව ගමන් කරන්නා මිනිසෙක් වන අතර මනඃකල්පිත යන්ත්‍රයක් වන කාල යන්ත්‍රයක් හෝ අධි මානසික ක්‍රමයක් භාවිතයෙන් සංචරණය කරයි. කාල තරණය දර්ශන වාදය සහ ප්‍රබන්ධ වල හඳුනාගත් සංකල්පයකි,නමුත් කාලයේ යම් අභිමත ස්ථානයක් යනු භෞතික විද්‍යාවේ ඉතා සීමිත සීමාවක් තුළ පවතින ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවට හා අයින්ස්ටයින්ගේ රෝසන් පාලමට පමණක් සම්බන්ධ වන්නකි. ඇතැම් විට මෙම පටු සීමාව ඉතා පළල් අර්ථයක් විය හැකිය. උදාහරණයක් ලෙස අනාගත කාලයට සංචරණය කිරීම (අතීතයට නොවෙයි) හරහා කාලයේ පළල් වීම භෞතික විද්‍යාවේ අත්භූත බව මනාව පිළිබිඹු කරන අතර මිලි තත්පර ගණන් වලින් පමණක් දැනට අජටාකාශගාමීන් විසින් මෙය අත්විඳ ඇත. ඉතා නිරවද්‍ය ඔරලෝසුවක් පෘථිවිය මත ඔරලෝසුවක් සමඟ සංසන්දනය මගින් ඔවුන් මෙය තහවුරු කරගෙන ඇත. වසර ගණනාවක් අනාගත කාලය වෙත සංචරණය සදහා ආසන්න වශයෙන් ආලෝකයේ වේගයෙන් සංචරණය කළ යුතුය (රවුමට), නමුත් දැනට ප්‍රායෝගිකව මිනිස් වාහනයකට මෙය කළ නොහැක.

කාල තරණ සංකල්පයේ ඉතිහාසය

[සංස්කරණය]

ත්‍රිපිටකය තුළ සඳහන් කර ඇත්තේ කාලය විවිධ වේගයෙන් ගමන් කරන බවයි, ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවක කුමාර කස්සප තෙරුණ්ට දේශනා කළ පායාසි සුත්‍රය තුළ දිවැස් තිස් තුනක් තුළ ඇති දිව්‍ය ලෝකයන්ගේ කාලය විවධ වේගයන්ගෙන් ගමන් කරන අතර මිනිසුන් වැඩි කාලයක් ජීවත් වන බවයි. අපගේ ශතවර්ෂ කාල පරිච්චේදය තුළ, දින සියයක් ඉහත සදහන් ලෝක වල පැය විසි හතරක එක දිනයක් පමණකි.

ඉදිරියට කාල තරණය

[සංස්කරණය]

කාල තරණය පිලිබඳ විශේෂ සාධක අංග සහිත කාලයේ සිට කාල තරණ කතාන්දරයේ අතීත උදාහරණ ලිඛිතව සඳහනක් නොමැත.පැරණි ජනකථා සහ මිත්‍යා මත ඇතැම්විට අනාගත කාල තරණය සමඟ සම්බන්ධයක් ඇත; උදාහරණ ලෙස හින්දු මතවාද තුළ මහාභාරතය තුළ සඳහන් වන රයිවතා කකුද්මි( Raivata Kakudmi) නමැති රජතුමා බ්‍රහ්මයාගේ නිර්මාතෘ වරයා හමුවීමට දිව්‍ය ලෝකයට ගොස් නැවත පෘථිවියට පැමිණෙන විට විශාල යුගයන් ගණනාවක් පසු වී ඇති බව දැක කලබල වී තිබෙනව.

තවත් ඉදිරිපසට කාල තරණය පිලිබඳ සඳහන් වන පැරණි කථාවක් ලෙස නිහොඟි තුළ මුලින් සඳහන් කර ඇති "උරශිමා තාරෝ" ජපාන ජනකතාව හැඳින්විය හැක. එය තරුණ මාළු බාන්නෙක් වන උරශිමා තාරෝ මුහුද යට ස්ථානයක දින තුනක් රැඳී සිට ඇත.නැවත ඔහු තම නිවසට පැමිණෙන විට වසර තුන් සියයක් ඔහු කාලය තුළ ඉදිරියට පැමිණ ඇති බව ඔහු සොයාගන්නවා. ඔහුට බොහෝ දේ අමතක වීය, ඔහුගේ නිවසේ නටඹුන් පමණකි, ඔහුගේ පවුල දීර්ඝ වශයෙන් මිය ගිහින්. මෙවැනිම තවත් කථාවක් අපිට හමුවෙනවා තාල්මුඩ් වල හොනි හැම්'මාගල් කථාවෙන්. හොනි හැම්'මාගල් වසර හැත්තෑවක නින්දට වැටී සිට අවදි වන විට එම ලෝකයේ ඔහුගේම මුණුබුරන් මිනිබිරියන් සහ සියලුම මිතුරන් සහ පවුල මිය ගොස් ඇත.

රිප් වෑන් වින්කල් ගේ පිළිරුව, ඉවින්ටන්, නිව් යෝක්

වර්තමානයට ආසන්නම අනාගත කාල තරණය ගැන කියැවෙන කථාව නම් Louis-Sébastien Mercier ගේ L'An 2440, rêve s'il en fût jamais ("2440 වසර: සදහටම සිටිය හැකි නම් එක් සිහිනයක්"), මෙම කල්පිතයේ ප්‍රධාන චරිතය 2440 වසරට ප්‍රවාහනය කර ඇත. ඇත්තටම ප්‍රසිද්ධ ක්‍රියාවක් (1771 පළමු එළිදැක්වීමෙන් පසු සංස්කරණ 25කට භාජනය වී ඇත), එහි සඳහන් වෙන්නෙ නමක් සඳහන් නැති මිනිසෙක් විවාහයෙන් පසුව මිතුරු දාර්ශනිකයෙක් සමඟ උණුසුම් කථාබහක් අතරතුර, නින්දකට වැටී අනාගත පැරීසිය තුළින් ඔහුවම සොයාගැනීමයි. රොබට් ඩාන්ටන් ලියන්නේ "මනඃකල්පිත සුරංගනා චරිත නොසලකා... L'An 2440 අනාගතයට නියම මඟ පෙන්වීමක් ලෙස කියවීමට ඉල්ලාසිටිනව" ලෙසයි.

ක්‍රි.ව. 1819දී වොෂින්ටන් අර්වින් ගේ "රිප් වෑන් වින්කල්" කථාවේ රිප් වෑන් වින්කල් නමැති මිනිසෙකු කන්දක් මත නිදා සිට නැවත වසර 20ක් අනාගතයෙන් අවදි වී ඇත, ඒ වන විට ඔහුගේ බිරිඳ මියගොස් දියණිය වැඩී ඇත. ෆැදී බල්ගරින්ගේ "Pravdopodobnie Nebylitsi" කතාන්දරය තුළ නින්ද කාල තරණය සඳහා යොදාගෙන ඇත.මෙහි ප්‍රධාන චරිතය 29 වන ශතවර්ෂයෙන් අවදි වී ඇත. එච්. ජී. වේල්ස්ගේ "නිදන්නගේ අවදි වීම (The Sleeper Awakes)" තුළ නින්දට වැටුණු පසු වසර 200ක අනාගතය තුලින් අවදි වූ මිනිසෙකු ගැන සඳහන් වේ.

එච්. ජී. වේල්ස් විසින් ක්‍රි.ව. 1895 දී රචිත "කාල යන්ත්‍රය(The Time Machine)" නැමැති විද්‍යා ප්‍රබන්ධ කෘතිය කාලතරණ සංකල්පයේ පොදු මනඃකල්පනයට සාධක වී ඇත, නමුත් පෙර කෙටි කථාවක් වන එඩ්වඩ් පේජ් මිචෙල් මහතාගේ "පසුපසට යන ඔරලෝසුව(The Clock That Went Backward) තුළ මිනිසුන් තිදෙනෙකුට කාලය තුල අතීතයට(පසුපසට) යා හැකි අනිර්දිෂ්ඨ ඔරලෝසුවක් හඳුන්වා දී තිබෙනවා. මීට පෙර කථා වන චාර්ලස් ඩිකන්ස් ගේ "නත්තල් ගීතයක් (A Christmas Carol) වැනි කතන්දර තුළ තාක්ෂණික විද්‍යාත්මක නොවන කාල තරණයන් අන්තර්ගත වී තිබෙනවා. ඉතිහාසත්මකව, දින ගණනක් පසු පසට යාමේ සංකල්පය හින්දූන්ගේ පුරාණ කථා තුළ ඇත(මහාභාරත වැනි). වර්තමානයේ දියුණු තාක්ෂණය සහ විශ්වය තුල උසස් විද්‍යාඥයන්ගේ අදහසට අනුව, කාල තරණයේ සත්‍යතාව විස්තරාත්මකව විද්‍යා ප්‍රබන්ධ රචිකයන්, දර්ශන වාදීන්, සහ භෞතික විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා...

{{bottomLinkPreText}} {{bottomLinkText}}
කාල තරණය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?