For faster navigation, this Iframe is preloading the Wikiwand page for පළමුවන ඊළාම් යුද්ධය.

පළමුවන ඊළාම් යුද්ධය

පළමුවන ඊළාම් යුද්ධය
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ හි කොටසකි
දිනයජූලි 23, 1983 – ජූලි 29, 1987
පිහිටුම
ප්‍රතිඵලය ඉන්දියාව විසින් කතිකා කර ගත් සාම ගිවිසුම සහ , ඉන්දියානු සාම සාධක හමුදාව පැමිණීම
යුද්ධාවතීරයන්
ශ්‍රී ලංකාවේ හමුදාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය
ආඥාපතියන් සහ නායකයන්
ජේ.ආර්. ජයවර්ධන
ලුතිනන් ජනරාල් ටී. අයි. වීරතුංග
ලුතිනන් ජනරාල් නලින් සෙනෙවිරත්න
වේළුපිල්ලේ ප‍්‍රභාකරන්

පළමුවන ඊළාම් යුද්ධය ඊලාම්වාදී ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් සහ ඊට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් හමුදාමය ක්‍රියාමාර්ගවල ආරම්භක අවධියයි. 1970 ගණන් වල සිට දෙමල සන්නද්ධ කණ්ඩායම් හා රජය අතර ගැටුම් තිබුනද 1983 ජුලි 23 වන දින හමුදා මුර සංචාරයකට යාපනයේදී පහරදීම තෙක් පුර්ණ යුද්ධයක් හට නොගත්තේය. මෙම ප්‍රහාරයෙන් සෙබළුන් 13 දෙනෙක් මියගිය අතර , දකුණේ කැරලි තත්වයක් (කළු ජුලිය නමින් හැදින්වුන) හට ගන්තේය. මෙම ගැටුම් 1985 තෙක් දිව ගිය අතර, 1985 දී සාකච්චාමය විසදුමක් වෙනුවෙන් වූ තිම්පු සාකච්චා දක්වා දිවගියේය. තිම්පු සාකච්චා අසාර්ථක වූ අතර ගැටුම් නැවතත් ආරම්භ විය.

1987 වන විට ශ්‍රී ලංකා හමුදා එල්.ටී.ටී.ඊ සංවිධානය යාපනයට කොටු කර තිබුන අතර , ගැටුමට අවසානයක් ගැන විශ්වාසයෙන් සිටියහ. කෙසේ වුවත් , ඉන්දියාවේ සිටින මිලියන 50 ක් වූ ද්‍රවිඩ ජනතාව ගේ පිඩනයට ලක්වූ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි යුද මෙහෙයුම නතර කරන මෙන් ලංකාවෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම සමග ඉන්දියාව එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර පිණිස නැවු කණ්ඩායමක් එවූ අතර එම නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව නැවැත්වීමත් සමග ඉන්දියාව ගුවනින් ගැටුමට ලක්වූ නගරයට ආධාර හෙලන ලදී. මෙය පුමලයි මෙහෙයුම ලෙස හදුන්වන ලදී.

මෙම මෙහෙයුම හා ඉන්දීය පාබල හමුදා ශ්‍රී ලංකාවේ මෙහෙයුමකට සුදානම් වීමේ අවධානමත් සමග එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මෙම ගැටළු කාරී තත්වය මග හරවා ගැනීමට ඉන්දියාව සමග සාකච්චා පැවැත්විය. මෙම සාකච්චා වල එකගතාවයක් ලෙස යාපනය කොටුකරමින් කරන ලද මෙහෙයුම නවතන ලද අතර 1987 ජුලි 29 වන දින ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. ඉන්පසු ශ්‍රී ලංකා ගමුදව උතුරින් ඉවත් වූ අතර එම ප්‍රදේශයේ පුර්ණ පාලනය ඉන්දියානු සාම සාධක හමුදාවට පවරන ලදී. මේ සමග ඊළාම් යුද්ධයේ පළමු අදියර අවසන් විය.

සිවිල් වැසියන් ඝාතනය වීම

කළු ජූලිය

1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නාමය "කළු ජූලිය" යන්නයි. ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලදහ. ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර තිබේ. දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සැඟවී සිට කරන ලද පහර දිමකින් ශ්‍රි ලංකා හමුදාවේ සෙබළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීම මෙම අරගලයට බලපෑ මුලික හේතුව විය. සිංහල වැඩි බලයක් හිමි ශ්‍රි ලංකා රජයත් දෙමළ බෙදුම්වාදීනුත් අතර මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශයක් ලෙසද මෙම කළු ජූලිය සාමාන්‍යයෙන් පිළිගැනේ.

කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනය

කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනයන් යනු L.T.T.E ය විසින් ශ්‍රී ලංකා යුද්ධයේදී සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ මුල් අවස්ථාවලින් එකකි. 1984 නොවැම්බර් 30 දින ඊසාන දිග ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ කුඩා ගොවිපල ගම්මාන දෙකක මෙම මිනිස් සංහාරය සිදු විය. ඊසාන දිග ලංකාව දමිළ නිජබිම බවත්. එහෙයින් 1980 දී ඔවුන් ජන වර්ග ශුද්ධ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළ බවත් L.T.T.E ය ප්‍රකාශ කර සිටියහ. ලංකාවේ උතුරු නැනෙහිර පළාත් ජන වාර්ගික වශයෙන් පිරිසිදු කිරීම අරඹයා L.T.T.E ය විසින් කරන ලද අප්‍රමාණ ජනතා සංහාරයන්හි ප්‍රතිඵලයක් ලෙස එම පළාත් වල ජීවත් වූ සිංහල හා මුස්ලිම් ජනයාගේ ජීවිත හා දේපළ විනාශ වීමෙන් එම ජනතාව මහත් සේ පීඩා වින්දහ.

අනුරාධපුරයේ මිනිස් සංහාරය

1985 දී L.T.T.E ය විසින් අනුරාධපුරයේ දී කළ මිනිස් සංහාරයේදී ගැහැණු ළමයින් ඇතුළු 146 දෙනෙක් ඝාතනයට ලක්වූහ. L.T.T.E ය අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පලට ඇතුළු වී ස්වයංක්‍රීය ආයුධ වලින් ඉවක් බවක් නැතිව සිදු කළ වෙඩි තැබීම්වලින් බස් රථ එන තෙක් බලාසිටී මහජනයා මැරුම් කෑහ. සමහරෙක් තුවාල ලැබූහ. මෙම සිදුවීම් සැලසුම් කිරීමේ අරමුණ වූයේ දෙමළ ජනතාවගෙන් දරුණු ලෙස පළිගැනීමට සිංහල මහ ජාතිය පෙළඹවීමටයි. ඒ තුළින් දෙමළ ජනතාව අතරේ L.T.T.E යේ තත්ත්වය වඩාත් ශක්තිමත් කිරීමේ අදහස ඇතිවයි. L.T.T.E ය ආපසු යෑමට පළමු ඔව්හු විල්පත්තු ජාතික වනොද්‍යානයට කඩා වැදී එහි සේවය කළ සිංහලයින් 18 දෙනෙක්ද මරා දැමුහ.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
පළමුවන ඊළාම් යුද්ධය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?