For faster navigation, this Iframe is preloading the Wikiwand page for චාරිකාව.

චාරිකාව

ස්පාඤ්ඤයේ ඔවියඩෝ නගරයෙහි පිහිටි, චාරිකාවේ යෙදෙන්නා සඳහා කැපකෙරුණු ප්‍රතිමාවක්.

චාරිකාව යනු, භූගෝලීය ලෙසින් සාපේක්ෂ වශයෙන් දුරස්තර ලෙසින් වන පිහිටුම් අතර ජනයා ගමනය වීම වන අතර, දෙපය, පාපැදිය, මෝටර් රථය, දුම්රිය, බෝට්ටුව, ගුවන් යානය හෝ, වෙනත් ක්‍රම භාවිතයෙන් හෝ ගමනෙහි යෙදීම විය හැකි අතර, මාර්ගෝපකරණ සහිතව හෝ නොමැතිව හෝ මෙන්ම, එක් පසකට ගමනක් හෝ වට ගමනක් හෝ විය හැකිය.[1][2] අනුයාත ගමන්කිරීම් අතර කෙටි රැඳී සිටීම්ද චාරිකාවකට අයත් විය හැකිය.

අරමුන සහ පෙළඹවීම

[සංස්කරණය]
දුම්රිය චාරිකාව – ඉන්දියාවෙහි තමිල්නාඩුවෙහි, මෙට්ටුපාලයම් සහ උට්ටකමෙන්ඩ් අතර, නිල්ගිරි කඳු දුම්රිය මාර්ගයෙහි පාලමක් මත දුම්රියක චාරිකාවේ යෙදෙන මගීන්

විශ්‍රාන්තිය,[3] දේශාටනය[3] හෝ නිවාඩුව ගතකිරීම,[3] පර්යේෂණ ගමන[3]තොරතුරු රැස් කිරීම සඳහා, ජනතාව හමුවීම සඳහා නිවාඩු ගතකිරීම, අසරණසරණය සඳහා ස්වෙච්ඡා ගමනය, වෙනත් තැනක ජීවිතය ඇරඹුමට සංක්‍රමණය, ආගමික වන්දනා ගමන්[3] සහ මෙහෙයුම් ගමන්, ව්‍යාපාරික ගමන්කිරීම,[3] වෙළෙඳාම,[3] මගියෙකු ලෙසින් ගමනය සහ, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනුමට [3] හෝ යුද්ධයෙන් පලායෑම හෝ චාරිකාවෙන් වින්දනයක් ලැබීම වැනි අනෙකුත් හේතූන්, චාරිකාවෙහි අරමුණු අතර විය හැක. පාගමන හෝ පාපැදි පැදීම වැනි මිනිස්-ජවයෙන් වන ප්‍රවාහණය හෝ, පොදු ප්‍රවාහණය, මෝටර් රථ, දුම්රියන් සහ ගුවන් යානා වැනි වාහන උපකාරයෙන් හෝ, චාරිකාවන් සිදු විය හැක.

විනෝදය,[4] විශ්‍රාන්තිය, සොයාගැනීම සහ ගවේෂණය,[3] අනෙකුත් සංස්කෘතීන් දැන හඳුනා ගැනීම[3] සහ අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් ගොඩනැගීමට පුද්ගලික කාලය වැයකිරීම වැනි දේවල් චාරිකාවන් සඳහා පෙළඹවීම් විය හැක. චාරිකාවන්හී විස්තාරය අනුව ඒවා, දේශීය, ප්‍රාදේශීය, ජාතික (ස්වදේශීය) හෝ අන්තර්ජාතික විය හැක. සමහරක් රටවල, දේශීය නොවන අභ්‍යන්තර චාරිකා සඳහා අභ්‍යන්තර ගමන් බලපත්‍රයක් අවශ්‍ය වෙන අතර, ජාත්‍යන්තර චාරිකා සඳහා ගමන් බලපත්‍රයක් සහ වීසා පතක් අවශ්‍ය වෙයි. මෙම ගමනක්, පුද්ගලයෙකු එක් තැනක සිට අනෙක් තැනකට ගොස් යළි පැමිණීමක් වන වට ගමනක කොටසක් විය හැකිය. [5]

චාරිකා සුරක්ෂිත භාවය

[සංස්කරණය]
බ්‍රිටිෂ් එයාවේස් 747 ගුවන්යානයක සිටින ගමන් මගීන්. ගුවන් ගමනාගමනය යනු පසිඳු ගමනාගමන ක්‍රමයකි.

බලධාරින් තරයේ කියා සිටින්නේ චාරිකා සුරක්ෂිත භාවය සහතික කිරීම සඳහා පූර්වෝපායය ගැනීමෙහි වැදගත් කමයි. [6] පිටරට චාරිකාවෙහි යෙදෙන විට, සුරක්ෂිත සහ අමිහිරි-සිදුවීම්-රහිත ගමනක් අත්විඳීමට බොහෝවිට වාසනාව සැලසෙන මුත්, අපහසුතාවයන්ට, අපරාධයන්ට සහ ප්‍රචණ්ඩතාවයට චාරිකාවේ යෙදෙනවුන් ගොදුරු විය හැකිය.[7]

චාරිකාවෙහි යෙදිය හැකි විවිධ ආකාරයන්හී සුරක්ෂිත භවය සංසන්දනය කිරීමට භාවිතා කල හැකි ප්‍රධාන සංඛ්‍යානයන් තුනක් ඇත (ඔක්තොම්බර් 2000 දී සිදුකෙරුණු ඩීඊටීආර් සමීක්ෂණය මත පදනම්ව):[8]

චාරිකා බිලියනයක් සඳහා මරණ සංඛ්‍යාව
බසය: 4.3
දුම්රිය: 20
වෑන් රථය: 20
මෝටර් රථය: 40
දෙපයින්: 40
ජලය: 90
ගුවන: 117
පාපැදිය: 170
යතුරුපැදිය: 1640
පැය බිලියනයකට මරණ සංඛ්‍යාව
බසය: 11.1
දුම්රිය: 30
ගුවන: 30.8
ජලය: 50
වෑන් රථය: 60
මෝටර් රථය: 130
දෙපය: 220
පාපැදිය: 550
යතුරුපැදිය: 4840
කිලෝමීටර බිලියනයකට මරණ සංඛ්‍යාව
ගුවන්: 0.05
බසය: 0.4
දුම්රිය: 0.6
වෑන් රථය: 1.2
ජලය: 2.6
මෝටර් රථය: 3.1
පාපැදිය: 44.6
දෙපයින්: 54.2
යතුරු පැදිය: 108.9

ආශ්‍රිත

[සංස්කරණය]

"ලෝකය පොතකි, චාරිකාවෙහි නොයෙදෙන්නන් එක් පිටුවක් පමණක් කියවති."

ශුද්ධවූ අගුස්තීනු තුමා [9]
  1. ^ "ට්‍රැවල්." (ඉංග්‍රීසි බසින් අර්ථ දැක්වීම). Thefreedictionary.com. සම්ප්‍රවේශය ජූලි 2011.
  2. ^ "ට්‍රැවල්." (ඉංග්‍රීසි බසින් අර්ථ දැක්වීම). Merriam-webster.com. සම්ප්‍රවේශය ජූලි 2011.
  3. ^ a b c d e f g h i j "ද රෝඩ් ටු ට්‍රැවල්: පර්පස් ඔෆ් ට්‍රැවල්." ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයය, මධ්‍යස්ථමතධාරි කලාවන් හා විද්‍යාවන් පිළිබඳ ශාස්ත්‍රාලය. (කම්පයිලේෂන් ෆො හිස්ට්‍රි 3931/REL 3938 පාඨමාලාව.) සම්ප්‍රවේශය ජූලි 2011.
  4. ^ (1988). "සෝ යුවර් කමියුනිටි වෝන්ට්ස් ට්‍රැවල්/ටුවරිස්ම්?" මිනසෝටා එක්ස්ටෙන්ෂන් සර්විස්, මිනසෝටා විශ්වවද්‍යාලය. මිචිගන් ස්ටේට් යුනිවර්සිටි එක්ස්ටෙන්ෂන්. සම්ප්‍රවේශය ජූලි 2011.
  5. ^ "රවුන්ඩ්-ට්‍රිප් — ඩෙෆිනිෂන් ඇන්ඩ් මෝ ෆ්‍රොම් දි ෆ්‍රී මේරියම්-වෙබ්ස්ටර් ඩික්ෂනරි". මේරියම්-වෙබ්ස්ටර්. සම්ප්‍රවේශය 2 මාර්තු 2013.
  6. ^ "ටිප්ස් ෆො ට්‍රැවලිං අබ්‍රෝඩ්." සංරක්ෂණය කළ පිටපත 2011-07-07 at the Wayback Machine රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කාර්යාංශය, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය ජූලි 2011.
  7. ^ "A Safe Trip Abroad." සංරක්ෂණය කළ පිටපත 2011-07-06 at the Wayback Machine රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කාර්යාංශය, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 2011.
  8. ^ ද රිස්ක්ස් ඔෆ් ට්‍රැවල්, http://www.numberwatch.co.uk/risks_of_travel.htm, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  9. ^ වැරෝසා, ජී. (2015). 501 ටයිම්-සේවිං ටිප්ස් එව්රි වුමන් ෂුඩ් නෝ. හාවෙස්ය් හවුස් ප්‍රකාශකයෝ. p. 214. ISBN 978-0-7369-5951-3.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
චාරිකාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?