සයින් අගය
ත්‍රිකෝණමිතිය |
---|
ඉතිහාසය භාවිතා ශ්‍රිත සාමාන්යීත ප්‍රතිලෝම ශ්‍රිත වැඩිදුර කියවීම් |
ආශ්රිත |
අනන්යනකා සුනියත නියත ත්‍රිකෝණමිතික වගු |
නියම හා ප්‍රමේයයන් |
සයින නියමය කොසයින නියමය ටැංජන නියමය කොටැංජන නියමය පයිතගරස් ප්‍රමේයය |
කලනය |
ත්‍රිකෝණමිතික ආදේශය ශ්‍රිතයන්හී අනුකල ශ්‍රිතයන්හී අවකලයන් ප්‍රතිලෝම ශ්‍රිතයන්ගේ අනුකල |
සයින් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවාල ද තවත්නොයෙක් පරිගණක භාෂාවල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය තේරුම් ගැනීම සඳහා ඍජුකෝණී ත්‍රිකෝණයක් භාවිතා කළ යුතුය.
ඉහත දැක්වෙන ABC ත්‍රිකෝණයේ ABC කෝණය α වන අතර ACB කෝණය β බව රූපයෙන් පැහැදිලි වනු ඇත. එසේම CAB කෝණය අංශක 90ක් බැවින් මෙය ඍජු කෝණී ත්‍රිකෝණයක් සේ සැලකේ.
යම්කිසි කෝණයක සයින් අගය යනු එම කෝණය සහිත ඍජුකෝණී ත්‍රිකෝණයක එම කෝණයට විරුද්ධ පාදය එහි කර්ණයෙන් බෙදූ විට ලැබෙන ප්‍රතිඵලයයි.
එනම් සයින් අගය = විරුද්ධ පාදය / කර්ණය
මෙම නීතිය ABC හා ACB යන කෝණවලට යෙදූ විට
සයින් α = AC / BC හා සයින් β = AB / BC බව පැහැදිලි වනු ඇත. කෝණය අංශකවලින් දී ඇති විට, විශේෂ කෝණ කිහිපයක සයින් අගයයන් පහත දැක්වේ.
සයින් 0 =
සයින් 30 =
සයින් 45 =
සයින් 60 =
සයින් 90 =
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.