For faster navigation, this Iframe is preloading the Wikiwand page for මයික්‍රොසොෆ්ට් එක්සෙල්.

මයික්‍රොසොෆ්ට් එක්සෙල්

මයික්‍රොසොෆ්ට් එක්සෙල්
මයික්‍රොසොෆ්ට් එක්සෙල් (2018–වත්මන්)
සංවර්ධක(යෝ)මයික්‍රොසොෆ්ට්
ප්‍රථම නිකුතුව1987; වසර 37 කට පෙර (1987)
ස්ථාවර නිකුතු(ව)
සැකිල්ල:Latest stable software release/Microsoft Office
මෙහෙයුම් පද්ධතියMicrosoft Windows
වර්ගයපැතුරුම්පත්
වෙබ් අඩවියproducts.office.com/en-us/excel


MS Excel හෝ MicroSoft Excel හෝ MicroSoft Office Excel යනුවෙන් හැඳින්වෙන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් Windows හා Mac OS X යන Operating System සඳහා නිපද වූ පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයයි. මෙය MicroSoft Office යන මෘදුකාංග කට්ටලයට අයත් සාමාජිකයෙකි.



ඉතිහාසය

[සංස්කරණය]

MicroSoft ආයතනය විසින් 1982 දී Multiplan නමින් පැතුරුම්පතක් හඳුන්වා දුන් අතර එය CP/M නම් Operating System එක මත වැඩ කරන පැතුරුම්පත් අතර ඉහළම තැනක් හිමි කර ගති. එහෙත් DOS මත දී Lotus 1-2-3 වලට මුල් තැන දී පසු බසින්නට සිදු විය. MicroSoft ආයතනය 1985 දී Mac පරිගණකය සඳහා ඔවුන්ගේ පළමු MicroSoft Excel Version එක ඉදිරිපත් කළ අතර 1987 නොවැම්බරයේදී MicroSoft Excel 2.05 නමින් Windows සඳහා Version එකක් ඉදිරිපත් කළහ.

1988 වන විට Lotus 1-2-3 පරදා ඉදිරියට ආ MicroSoft Excel , මේ නිසාම MicroSoft ආයතනයට වෙළඳපොළෙහි ඉහළම තැන හිමි කර දීමට හැකි විය. සෑම වසර දෙකකට පමණ වරක් අළුත් Version එකක් ඉදිරිපත් කිරීමට හැකි වූ නිසාත් Lotus 1-2-3 වලට Windows සඳහා Version එකක් ඉදිරිපත් කිරීමට බොහෝ කාලයක් ගත වූ නිසාත් වෙළපොළෙහි කිරුළු පැළැඳීමට මේ නිසා මයික්‍රොසොෆ්ට් ආයතනයට හැකි විය.

සැලැස්ම හා ප්‍රමාණය

[සංස්කරණය]

VisiCalc මෙන්ම, MicroSoft Excel තීරු හා පේළි රාශියකින් සැදි කොටුරූල් කොළයක් වූ අතර එබඳු කොළ රාශියක් ද පැවතීම අපූරු අත්දැකීමක් විය. එසේම මේ ඕනෑම කොටුවකට (Cell) අගයක් (Value) , පෙළක් (Text) සමීකරණය ක් (Equation) හෝ Excel වල දී ඇති ශ්‍රිතයක් (Function) ඇතුළු කළ හැකි විය.

එසේම සමීකරණයක් හෝ ශ්‍රිතයක් == ලකුණින් ඇරඹිය යුතු විය. අගයක් හඳුනා ගනු ලැබුවේ එය පිළි ගත හැකි අගයක් නිරූපනය කරන්නේ නම් වූ අතර එසේ නොවන ඕනෑම දෙයක් පෙළක් ලෙස හැඳුනා ගනු ලැබීය. පෙළක් ඇරඹීම සඳහා විශේෂ ලකුණක් නොමැති වීම ද විශේෂ ලක්ෂණයක් විය.

MS Excel 2003 වල තීරු 256ක් හා පේළි 65536ක් ඇති අතර MS Excel 2007 හි තීරු 16384ක් හා පේළි 1,048576 ක්ද ඇත. තීරුවල අංකනය A සිට Z දක්වා ද ඉන්පසු AA සිට ZZ දක්වා ද ඉන්පසු AAA සිට ZZZ දක්වා ද වශයෙන් යෙදි. ඒ අනුව MS Excel 2003 වල IV දක්වා ද MS Excel 2007 වල XFD දක්වා ද තීරු ඇත. එසේම පේළි අංකනය 1 සිට අනු පිළිවෙලින් වැඩි වන සේ යෙදේ. කොටු අංකනය එම කොටුවේ තීරුවේ හා පේළියේ අංක සම්බන්ධ වීමෙන් සෑදේ. උදාහරණ වශයෙන් C තීරුවේ 5 වන පේළියේ ඇති කොටුව C5 වශයෙන් හැඳින්වේ.

පහසුකම්

[සංස්කරණය]

මෙහි මෙනුවේ නොයෙකුත් අවශ්‍යතා සඳහා නියෝග ගණනාවක් තිබෙන අතර එයින් දත්ත විශාල ගණනාවක් විශ්ලේෂණය කිරීම, යම් පැතුරුම්පතකට කළ සංශෝධන මතක තබා ගැනීම හා වෙනත් මෘදුකාංගයකින් දත්ත ලබා ගැනීම යනාදිය ද වේ. දත්ත විශ්ලේෂණය කිරීම සඳහා Auto Filter, Advanced Filter, Sub Totals, Data Tables හා Pivot Tables යන පහසුකම් ඇති අතර එයින් Pivot Tables යන්න MicroSoft Excel වලටම ආවේණික වූ සුවිශේෂ දත්ත විශ්ලේෂණ ක්‍රමයකි.

එසේම ගණිතමය හා සංඛ්‍යාන ක්ෂේත්‍රයන් හි මෙන්ම ඉංජිනේරු හා ව‍යාපර පරිපාලනයේ ද දත්ත ගොනු සඳහා මෙන්ම පෙළ සඳහා ද නොයෙක් නිශ්චිත ගණනය කිරීම් සඳහා ශ්‍රිත ගණනාවක් දී ඇත. MicroSoft Excel 2007 නම් එකෙහි දී මෙම ශ්‍රිත සංඛ්‍යාව 300 ඉක්මවා ඇත.

1993 සිට Visual Basic for Applications (VBA) නම් පරිගණක භාෂාව මඟින් යම් යම් වැඩ සටහාන් ආකරයේ දෑ නිර්මාණය කිරීමේ පහසුකම ද අන්තර්ගත කර ඇත. එමඟින් බොහෝ ගැටළු සඳහා ඉතා පහසුවෙන් විසඳුම් ලබා දීම ද කළ හැකි වීම මෙය ජනප්‍රිය වීමට තවත් හේතුවක් විය.

Standard file-extensions

[සංස්කරණය]
Format Extension Description
Spreadsheet .xls Microsoft Excel පැතුරුම්පතෙහි දත්ත, ප්‍රස්ථාර හා Macros ඇති ප්‍රධාන Format එක
Add-in (VBA) .xla VBA වලින් ලියන ලද Add-in
Toolbar .xlb Microsoft Excel custom toolbar settings ගබඩා වී ඇති file extension එක.
Chart .xlc ප්‍රස්ථාරය පමණක් ගබඩා කරන විට යෙදෙන file extension එක. (මෙය Excel 2007 වල නොමැත.).
Archive .xlk Microsoft Excel පැතුරුම්පතක backup එක


New Excel 2007 Extensions

[සංස්කරණය]
Format Extension Description
Excel Workbook .xlsx සාමාන්‍යයෙන් Excel 2007 workbook එකක format එක.
Excel Macro-enabled Workbook .xlsm Macro උදව් ඇතිව Excel 2007 workbook එකක format එක.
Excel Binary Workbook .xlsb Macro උදව් ඇතිව එහෙත් Binary ආකාරයෙන් දත්ත ගබඩා වන, Excel 2007 workbook එකක format එක.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මයික්‍රොසොෆ්ට් එක්සෙල්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?