For faster navigation, this Iframe is preloading the Wikiwand page for ප්‍රතිශක්තිකරණවේදය.

ප්‍රතිශක්තිකරණවේදය


ප්‍රතිශක්තිකරණවේදය යනු ජෛව වෛද්‍ය විද්‍යාවෙහි ශාඛාවක් වන අතර, එමගින් සියළුම ජීවි විශේෂවල ප්‍රතිශක්තිකරණ පද්ධති පිළිබදව අධ්‍යයනය කෙරේ. එමගින් නිරෝගි සහ රෝගී අවස්තාවන්හි දී ප්‍රතිශක්තිකරණයෙහි භෞතික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ රෝග වලදී (ස්ව-ප්‍රතිශක්ති රෝග, අධි ආසාත්මිකතා, ප්‍රතිශක්ති ඌණතා, බද්ධ කල අවයව ප්‍රතික්ෂේප කිරීම වැනි) සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළ හා ඉන් පිටත රසායනික හා භෞතික ප්‍රතික්‍රියාවන් පිළිබදව හදාරයි. ප්‍රතිශක්තිකරණ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තුළ විවිධ යොදා ගැනීම් වල ප‍ාත්‍ර වී ඇත. තවද මෙය තවදුරටත් විවිද අංග වලට බෙදී පවතියි.

සාම්ප්‍රදායික ප්‍රතිශක්තිකරණවේදය

[සංස්කරණය]

මෙය වෛද්‍ය ක්ෂේත්‍ර හා බැදී පවතියි. එමගින් දේහ පද්ධති, ව්‍යාධි ජනකයින් සහ ප්‍රතිශක්තිය අතර ඇති සම්බන්ධතාවය පිළිබද අධ්‍යයනය කෙරේ. ප්‍රතිශක්තිකරණ පිළිබද මුල් යුග වල දී රචිත ලේඛනයන් වනුයේ ක්‍රි.පූ. 430 දී ඇතැන්ස් නුවර පැවති මහාමාරිය වසංගතය පිළිබදව සදහන් වූවකි. මෙහි දී සදහන්වී ඇති අන්දමට රෝගය ඇතිවී සුව වූ පුද්ගලයන් හට නැවත රෝගය ඇති නොවී රෝගි අයහට ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇත. බොහෝ පුරාණ සමාජයන්හි පවා මෙම සංකල්පය පිළිබදව අවබෝධයක් තිබුණ ද 19 සහ 20 වන ශතවර්ශයෙහි ඉහත සදහන් කල සොයාගැනීම් අවශ්‍යවන තෙක් එය විද්‍යාත්මක සිද්ධාන්තයක් බවට සංවර්ධනය වී නොතිබුණි.

ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ ප්‍රධාන අංගයන් වනුයේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙහි සෛල කොටස්වල සහ අණුවල ක්‍රියාකාරිත්වයන් සහ කෘත්‍යයන් පිළිබදව අධ්‍යයනය කිරීමයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි සෛල කොටස්වල සහ අණුවල ක්‍රියාකාරිත්වය සහ කෘත්‍යයන් පිළිබද අධ්‍යයනය කිරීමයි. සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා (Innate immune System) අත්කරගත් හෝ අනුගත වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය (acquired or adaptive immune System) ලෙසයි. පසුව සදහන් කල පද්ධතිය නැවතත් 'ප්‍රතිදේහමය' සහ (humoral) 'සෛලමය' (cellular) ලෙසට කොටස් දෙකකට බෙදේ.

ප්‍රතිදේහ මගින් පාලනය වන (humoral) ප්‍රතික්‍රියාවන් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක අතර අන්තර් ප්‍රතික්‍රියා සිදුවීමෙන් ඇතිවේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්ති සෛල (B වස‍ා සෛල) මගින් මුදා හරින විශේෂ ප්‍රෝටීන වර්ගයකි. ප්‍රතිදේහ ජනක යනු ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති ඕනෑම ද්‍රව්‍යයන්ය. එබැවින් ප්‍රතිශක්තිකරණ විද්‍යාව යනු මෙම ජෛව විද්‍යාත්මක අංගයන් පිළිබදව අවබෝධයක් ලබාගන්නා විද්‍යාවකි. කෙසේ වුව ද මේ හා සමානවම වැදගත් අංගයක් වනුයේ සෛල මගින් ඇති කරන ප්‍රතිචාරයන්ය (Cellular response). මෙමගින් ප්‍රතිදේහ මගින් වන ප්‍රතික්‍රියාවන් පාලනයට අමතරව ආසාදිත සෛල විනාශ කිරීමට උපකාරී වේ. මෙම පද්ධති දෙකම එකිනෙකා මත යැපෙමින් ප්‍රතික්‍රියා දක්වයි. 21 වන ශතවර්ෂයේ දී ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ සියලුම විශේෂ අවකාශයන්හි පර්යේෂණ ඇත්වීමත් සමග එහි නිම්වළලු පුළුල් විය. සෛල, අවයව සහ පද්ධතිවල ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලි පිළිබද අධ්‍යයනය කිරීම මෙහිදී සිදු කෙරිණ. තවද ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පිට සිදුවන ප්‍රතිශක්තිකරණ ක්‍රියා පිළිබදව හැදෑරේ.

සායනික ප්‍රතිශක්තිකරණවේදය

[සංස්කරණය]

සායනික ප්‍රතිශක්ති විද්‍යාව යනු ප්‍රතිශක්ති කරන පද්ධතියේ අක්‍රමිකතා නිසා හටගන්නා රෝග පිළිබඳව සිදුකරන අධ්‍යයනයයි. (ප්‍රතිශක්ති කරන පද්ධතිය නිසි පරිදි ක්‍රියාකිරීමට අපොහොසත් වන අවස්ථා, අමතර ක්‍රියාකාරීත්වයන් සහ එහි සෛල කොටස්වල අසාමාන්‍ය වර්ධනය) මෙමගින් අනෙකුත් පද්ධතියන්හි රෝග ලක්ෂණ ඇති කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයන් මුල්වන අවස්තාවන් පිළිබඳව ද අධ්‍යයනය කෙරේ.

ප්‍රතිශක්ති කරන පද්ධතියේ අක්‍රමිකතා නිසා ඇති වන රෝග කොටස් දෙකකට පුළුල් වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒවානම් ප්‍රතිශක්ති කරන පද්ධතියේ ඇතැම් කොටස් ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දැක්වීම‍ට අපොහොසත් වන ප්‍රතිශක්තිකරණ ඌණතා තත්වයන් සහ (උදා - Chronic gramulomatous disease) අදාල පුද්ගලයාගේ සිරුර තුළ ඇති සෛලවලට එරෙහිව ස්වයං ප්‍රතිශක්තිකරණයක් ඇතිවන ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයයි. (උදා - Systemic lupus erythematosus, රුමටොයිඩ් හන්දි ප්‍රදාහය, හෂිමොටෝ රෝගය සහ උග්‍රපේශි දුර්වලතාවය හෙවත් මයස්තීනියා ග්‍රාවිස් නම් රෝග තත්වයයි. ප්‍රතිශක්ති පද්ධතියේ වෙනත් දුර්වලතා වනුයේ විවිධ ආසාත්මික තත්වයන්ය. මෙහි දී හානිකර නොවන නොයෙකුත් සංඝටකයන් වෙත ප්‍රතිශක්ති කරන පද්ධතිය අසාමාන්‍ය ලෙස තදින් ප්‍රතිචාර දක්වයි. (උදා - ඇදුම සහ වෙනත් ආසාත්මික ද්‍රව්‍ය)

ප්‍රතිශක්ති කරන පද්ධතිය කෙරෙහි බලපාන ප්‍රසිද්ධ රෝගයක් වනුයේ HIV වෛරසය මගින් ඇති කරන ඒඩ්ස් රෝගයයි. ඒඩ්ස් යනු CD4+(“උපකාර”) සෛල, T සෛල සහ මහාභක්ෂානු සෛල HIV වෛරසය මගින් විනාශයට පත් කරනු ලබන ප්‍රතිශක්ති කරන ඌණතා රෝගයකි.

සායනික ප්‍රතිශක්ති වේදියෙකු බද්ධ කරන ලද අවයව සිරුර මගින් ප්‍රතික්ෂේප කිරීම වැළක්වීම පිළිබඳව අධ්‍යයනය කරයි.


{{bottomLinkPreText}} {{bottomLinkText}}
ප්‍රතිශක්තිකරණවේදය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?