For faster navigation, this Iframe is preloading the Wikiwand page for බිල් ක්ලින්ටන්.

බිල් ක්ලින්ටන්

ක්ලින්ටන්ගේ නිල ධවල මන්දීර ආලේඛ්‍ය චිත්‍රය (1993)
42වන ජනාධිපති - එක්සත් ජනපදය
තනතුර දරමින්
ජනවාරි 20, 1993 – ජනවාරි 20, 2001
උප ජනාධිපතිවරයාඇල් ගෝර්
පූර්වප්‍රාප්තිකයාජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
අනුප්‍රාප්තිකයාජෝර්ජ් ඩබ්. බුෂ්
40වන සහ 42වන ආකැන්සාස් හි ආණ්ඩුකාර
තනතුර දරමින්
ජනවාරි 9, 1979 – ජනවාරි 19, 1981
Lieutenantජෝ පර්සෙල්
පූර්වප්‍රාප්තිකයාජෝ පර්සෙල් (වැඩ බලන)
අනුප්‍රාප්තිකයා‍ෆ්‍රෑන්ක් ඩී. වයිට්
තනතුර දරමින්
ජනවාරි 11, 1983 – දෙසැම්බර් 12, 1992
Lieutenantවින්ස්ටන් බ්‍රියන්ට් (1983-1991)
ජිම් ගයි ටකර් (1991-1992)
පූර්වප්‍රාප්තිකයාෆ්‍රෑන්ක් ඩී. වයිට්
අනුප්‍රාප්තිකයාජිම් ගයි ටකර්
50වන ආකැන්සාස් හි නීතිපති
තනතුර දරමින්
ජනවාරි 3, 1977 – ජනවාරි 9, 1979
පූර්වප්‍රාප්තිකයාජිම් ගයි ටකර්
අනුප්‍රාප්තිකයාස්ටීව් ක්ලාක්
පුද්ගලික තොරතුරු
උපත
විලියම් ජෙෆර්සන් බිලයිත්III

අගෝස්තු 19, 1946 (1946-08-19) (වයස 78)
හෝප්, ආකැන්සාස්
ජාතියඇමරිකානු
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික්
කලත්‍රයාහිලරි රොඩ්හැම් ක්ලින්ටන්
දරුවන්චෙල්සි ක්ලින්ටන් (b. 1980)
උගත් ශාස්ත්‍රාලයජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයය (B.S.)
විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලයය, ඔක්ස්ෆර්ඩ්
‍‍යේල් නීති ශාස්ත්‍රාලයය (J.D.)
රැකියාවනීතිඥ
අත්සන
වෙබ් අඩවියWilliam J. Clinton Presidential Library


1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද II වන ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම හිටපු රාජ්ය ලේකම් හා 2016 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොඩෑම් ක්ලින්ටන්ගේ ස්වාමි පුරුෂයා වේ.

නව ප්‍රජාතනත්‍රවාදියෙක් හා තෙවන දාර්ශනික පාලනයක් ගෙන ගිය පාලකයෙකු ලෙස ක්ලින්ටන්ව විස්තර කළ හැකිය. ඔහුගේ පාලන කාලසීමා දෙකෙහිදී ම මේ බව මැනවින් පිළිඹිබු වේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ එකඟතාවය හා ශුභ සිද්ධිය ගොඩනැංවීමේ දී ඔහුගේ ප්‍රතිපත්ති මත ඔහුව මැදහත් දේශපාලන මත දරන්නෙකු ලෙස හඳුන්වන ලදී. සාමය පවතින කාලයේ ඇමරිකානු ඉතිහාසයේ විශාල කාල පරාසයක් පුරාවට ආර්ථිකමය ප්‍රසාරණයක් ඇති කිරීමට ක්ලින්ටන් මුලසුන ගෙන කටයුතු කරන ලදී. ඒ සඳහා සමතුලිත අය වැයක් හා වාර්තාගත ෆෙඩරල් ලාභයක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. ඇමරිකානු එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලයේ ගිණුම්කරණ නීති පදනම් කර ගනිමින් ක්ලින්ටන් තම ජනාධිපතිධූරයේ අවසාන භාගයේ වාර්තාගත ලෙස ඩොලර් බිලයන 559 ක ලාභයක් හිමිකර දීමට සමත් විය. ඩිමොක්‍රටික් කොංග්‍රසය සමඟ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙහි ලා වූ අසාර්ථක වෑයමේ දී සිවු වසරක කාලයක් පුරාවට ප්‍රථම වරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගන්නා ලදී. ක්ලින්ටන්ගේ දෙවැනි කාලය සමයේ දී හෙතෙම ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලය විසින් බලවත් දෝෂාරෝපණයට ලක් කරන ලදී. ඒ සාධාරණත්වයේ නාමයෙන් බොරුකීම හා බාධා පැමිණවීම් අරමුණු කොට ගෙනය. නමුත් පසුව ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් ඔහුව එකී චෝදනාවලින් නිදහස් කළ අතර ඔහුට තම ජනාධිපතිධූර කාල සීමාව සම්පූර්ණ කිරීමේ හැකියාව ද හිමි විය.

දෙවන ලෝක යුද්ධ කාල සීමාවේ වැඩිම කාල ප්‍රතිශතයක් තම ධූරයේ රැඳී සිට එකී ධූරයෙන් සමුගත්එකම ජනපතිවරයා ඔහු විය. ජනපති ධූරයෙන් සමුගැනීමත් සමඟම ක්ලින්ටන් පොදු ජනයා ඇමතීමටත්, මානුෂීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමටත් පෙළඹිණි. අන්තර්ජාතික වශයෙන් බලපෑ ගැටළු මර්ධනය කිරීම හා වළක්වා ගැනීමෙහි ලා ඔහු පුරෝගාමීව කටයුතු කළේය. HIV ඒඩ්ස්, පාරිසරික උෂ්ණත්වය වැනි ගැටළු ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගත් ඒවා විය. මෙහි ලා ඔහු විසින් නිර්මාණය කෙ‍රුණු විලියම් ජේ. ක්ලිටන් අරමුදල ද විශේෂ තැනක් ගනී. 2004 වර්ෂයේ දී ඔහු විසින් තම ජීවිත කථාව පාථකයන් වෙත නිකුත් කරන ලදී.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
බිල් ක්ලින්ටන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?