For faster navigation, this Iframe is preloading the Wikiwand page for හිට්ලර්ගේ මරණය.

හිට්ලර්ගේ මරණය

ක්‍රි .ව. 1945 මැයි 2 දින හමුදා පුවත්පතක මුල් පිටුවක්.

1889 අප්‍රේල් 20 දා උපන් හිට්ලර්ගේ මියයෑම පිළිබඳව සාමාන්‍ය පිළිගැනීම වනූයේ මිත්‍ර හමුදා විසින් ජර්මන් හමුදා ක්‍රමයෙන් පරදවාලමින් ඉදිරියට එන විට තම අවසානය ළඟා වනු දුටු හිට්‌ලර් තම සතුරා වූ රුසියන්, ඇමරිකන් ඒකාබද්ධ හමුදාව සමග සාම ගිවිසුමකට එළැඹී පණ බේරා ගැනීමට තීරණය කර තිබුණ ද හිට්‌ලර් සමඟ සමාදාන වීමට නිතර උත්සාහ කළ ඇමරිකන් ජනාධිපති ෆ්‍රැන්ක්‌ලින් රුස්‌ වෙල්ට්‌ 1945 අප්‍රේල් 12 වැනිදා මියගිය බැවින් එම අදහස නිෂ්ප්‍රභ විය. ඉන්පසු බර්ලින් නුවර පොළව යට තිබූ සිය කොංක්‍රීට්‌ බංකරය තුළ රැඳී සිටි හිට්‌ලර් සිය 56 වන උපන් දිනය වූ 1945 අප්‍රේල් 20 දා බර්ලින් බංකරයෙන් පිටතට විත් "හිට්‌ලර් තරුණ සංවිධානයේ" සාමාජික තරුණයකුට සම්මාන පදක්‌කමක්‌ ප්‍රදානය කර ආපසු බංකරය තුළට ගියේ ය. ඉන්පසු යුධ අවි නිෂ්පාදනයට සම්බන්ධ නව ඇමැතිවරයා වූ ඇල්බට් ස්පියර් කැඳවූ හිට්‌ලර් ඉදිරි දින කිහිපය තුළ ජර්මනිය සහමුලින්ම සතුරාට යටත් වන බැවින් එහි තිබෙන සියලු කම්හල් පුපුරුවා හරින ලෙස නියෝග කළේ ය. හිට්‌ලර්ගේ අණ පිළිගත් යුද අවි ඇමැති බංකරයෙන් පිටවී ගොස්‌ එම අණ ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටියේ ය. අප්‍රියෙල් 22 වැනිදා තම සෙනවියන් බංකරයට කැඳවූ හිට්‌ලර් ජර්මනිය යුද්ධයෙන් පැරදුනු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සෙනවියන්ට බැණ වැදී අවසානය දක්‌වා තමන් බර්ලීන් බංකරයේ රැඳී සිටින බවත් අවසන් මොහොතේදී සිය දිවි නසා ගන්නා බවත් ප්‍රකාශ කළේය. අප්‍රියෙල් 29 වැනිදා මධ්‍යම රාත්‍රියේදී හිට්‌ලර් තම පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් සමග නීත්‍යනුකූලව විවාහ විය. හිට්‌ලර්ගේ යුද හවුල්කරුවකු වූ ඉතාලියේ ආඥදායක බෙන්ටෝ මුසෝලිනී එදින සවස්‌ කාලයේදී මරා දමා තිබූ අතර හිට්‌ලර්ට එම පණිවුඩය ලැබී තිබිණි. 30 වැනිදා හිටලර් සිය බංකරයේදී හිසට වෙඩි තබාගෙන දිවි නසා ගත් බවත් ඔහුගේ බිරිඳ වූ ඊවා බ්‍රොන් සයනයිඩ් ගිල දමා මිය ගිය බවත් පසුව දෙදෙනාගේ ම මළ සිරුරු නාසි සෙබළුන් විසින් පුළුස්‌සන ලැදැයි තහවුරු වූ මතයකි. නමුත් පසුව සෝවියට් රුසියාව විසින් කළ පරීක්ෂණ අනුව හෙළි වූයේ හිට්ලර්ගේ යැයි සළකන හිස් කබල වයස අවුරුදු 40ට අඩු කාන්තාවකගේ බවය.

ඇඩොල්ෆ් හිට්‌ලර් තම දිවි නසා ගත් බව ප්‍රචාරය කර ආර්ජන්ටිනාවට පැන ගොස්‌ මහලු වනතුරු ජීවත් වූ බවත් මෑතකදී නිකුත් වූ පොතක සඳහන් වේ. තවත් මෑතකදී එළි දැක් වූ 'හිට්ලර් ඉන් බ්‍රසීල්-හිස් ලයිෆ් & හිස් ඩෙත් ඔහු ආජන්ටිනාවෙන් බ්‍රසීලයට පැන ගොස් අවුරුදු 94 වන තෙක් ජීවත්වූ බව ද තවත් මතයකි. හිට්‌ලර් මියයද්දී ඔහුගේ වයස අවුරුදු 73 ක්‌ව තිබූ බවත් හිට්‌ලර් සහ ඔහුගේ බිරිඳ ඊවා හට දියණියන් දෙදෙනකු සිටි බවද පැවසේ. කතුවරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු වූ ජෙරාඩ් විලියම්ස්‌ දෙවන ලෝක යුද සමයේදී යුද වාර්තාකරුවකු ලෙස කටයුතු කර ඇත. හිට්‌ලර් හා ඊවා පැන ගොස් ඇත්තේ ඇමරිකාවේ බුද්ධි අංශයේ උපදෙස් මත බවත් එය වෙනුවෙන් ජර්මන් හමුදා හි යුධ තාක්ෂණය හිට්‌ලර් ඇමරිකාවට දී ඇත. හිට්‌ලර්ගේ හිස්‌ කබලේ කොටස්‌ ලෙස හඳුනාගත් ඇට කැබලි කිහිපයක්‌ දැනට රුසියාව සතුව තිබේ. එම හිස්‌කබල් කොටස්‌ අවුරුදු 40ක් වයසැති කාන්තාවකගේ බවද මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. නමුත් හිට්‌ලර් සිය දිවි නසා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 56 කි.

හිට්‌ලර් සහ ඊවා යුවළ පණ පිටින් සිටිනු අවසන් වරට දැක ඇත්තේ බර්ලින් බංකරය තුළ සිටි ගුවන් විදුලි පණිවුඩ හා සංඥා භාර නිලධාරියා වන රෝමස්‌ ටිෂ් ය. ඔහුගේ වයස දැන් අවුරුදු 99(ජීවත්ව සිටී නම්) කි. හිට්‌ලර් සහ ඊවා මය ගිය පසු ඔවුන්ගේ සිරුරු දෙක තමන් දැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

"හිට්‌ලර් වෙඩි තබා ගන්නා විට මා හිටියේ අල්ලපු කාමරයේ. මට වෙඩි හඬ ඇසුනේ නැහැ. ඒත් මම ඔහුගේ මළ සිරුර දුටුවා. හිට්‌ලර් මේසයට ඔලුව තබාගෙන සිටින අයුරින් මිය ගොස්‌ සිටියා. හිට්‌ලර් හිඳ සිටි සෝෆාවේ පැත්තක ඊවා මැරී සිටියා. ඇගේ හිස හැරී තිබුණේ හිට්‌ලර්ගේ පැත්තටයි. ඊවා ඇඳ සිටියේ ලා නිල් පාට ඇඳුමක්‌. ඇය මියගොස්‌ සිටියේ දැතින් පපුව අල්ලාගෙනයි."

ඔහු කියයි. මේ සංඥ බාර නිලධාරියා 'අවසන් සාක්‍ෂිකරු' යනුවෙන් පොතක්‌ ලියා තිබේ. හිට්‌ලර් ආර්ජන්ටිනාවට පැන ගිය බව කියෑවෙන පොතෙ හි පරිදි බංකරය තුළ මැරී සිටියේ හිට්‌ලර් හා ඊවාගේ පෙනුමට සමාන වෙනත් දෙදෙනෙකි. හිට්‌ලර් හා ඊවා මුලින්ම ඩෙන්මාර්කයට පැන ගොස්‌ පසුව යළි ජර්මනියට පැමිණ ඇති බව පොතේ සඳහන් වෙයි. අනතුරුව ජෙනරාල් ප්‍රැන්සිස්‌කෝ ෆ්‍රැන්කෝ නම් ස්‌පාඤ්ඤයේ සිටි ඒකාධිපති නායකයා විසින් ඔවුනට කැනරි දූපතට යැමට ගුවන් යානයක්‌ සපයා දී ඇත. මේ සියල්ල සිදු වී ඇත්තේ 1945 අප්‍රේල් 30 වැනිදා හිට්‌ලර් හා ඊවා සිය දිවි නසාගත් බව හෙළිවුණ දවසට පෙර දිනයේයි. හිට්ලර් වැනි අයෙකු මැරී සිටි බවද ඔහුගේ මරණය සියැසින් දුටු අයෙකු පවසා ඇත. හිට්‌ලර්ගේ හිතවතුන් හිට්‌ලර්ගේ පෙනුම ඇති පිරිමියකු හා ගැහැණියක මරා දමා බංකරය තුළ ගිනි තැබූ බව මෙහි සඳහන් ය.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
හිට්ලර්ගේ මරණය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?