For faster navigation, this Iframe is preloading the Wikiwand page for හැලඹගේ ප්‍රේමසිරි.

හැලඹගේ ප්‍රේමසිරි

හැලඹගේ ප්‍රේමසිරි
පුද්ගලික තොරතුරු
උපත24 පෙබරවාරි 1964(1964-02-24)
කොළඹ, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
මරණය12 August 2016(2016-08-12) (වයස 52)
මානිමුල්ල, අම්බලන්ගොඩ, දකුණු පළාත, ශ්‍රී ලංකාව
පිතිකරන විලාසයදකුණත්
පන්දුයැවීම් විලාසයදකුණත් පිට දග
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
රුහුණු ක්‍රිකට් කණ්ඩායම
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
සිංහ ක්‍රීඩා සමාජය
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි පළමු පෙළ ලැයිස්තු A
තරග 70 5
රැස් කල ලකුණු 3366 161
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 28.28 32.20
100ඒවා/50ඒවා 6/16 0/1
වැඩිම ලකුණු 147 61
යැවුනු පන්දු 85
කඩුළු 1
පන්දු යැවීමේ සාමාන්‍යය 45.00
ඉනිමකදී කඩුළු පහක් 0
තරගයකදී කඩුළු 10 ක් 0 n/a
හොඳම පන්දු යැවීම 1/21
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 47/- 0/-
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2018 මාර්තු 30

හැලඹගේ ප්‍රේමසිරි, නොහොත් HG ප්‍රේමසිරි (24 පෙබරවාරි 1964 - 12 අගෝස්තු 2016) ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ව්‍යවසායකයෙක් සහ ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති විය.[1] ඔහු ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාව සිටියදී අම්බලන්ගොඩ පිහිටි ඔහුගේ නිවස අසලදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.[2] ඔහුගේ ඝාතනය තවමත් නොවිසඳී ඇත.

චරිතාපදානය

[සංස්කරණය]

ප්‍රේමසිරි උපත ලැබුවේ 1964 පෙබරවාරි 24 කොළඹදීය . ඔහු ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ.[3]

වෘත්තීය

[සංස්කරණය]

හැලඹගේ රුහුණු සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරග 70ක් සහ ලැයිස්තු A තරග 5ක් ක්‍රීඩා කළේය.[4]

පරිපාලක

[සංස්කරණය]

මතභේදාත්මක පත්වීම

[සංස්කරණය]

ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස හැලඹගේ ප්‍රේමසිරි මහතා පත්වූයේ 2016 ජුලි 28 වැනිදා එම සංගමයේ ලේකම්වරයා ලෙස කලක් කටයුතු කරමිනි. සංගමයේ නොසන්සුන්තාවක් පවතින අවස්ථාවක මෙම පත්වීම සිදු විය.[5] ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම පත්වීමට එකඟ නොවූ අතර 2018 අගෝස්තු 27 නැවත ඡන්දයක් පැවැත්වීමට නියම කලේය.[6]

තණතීරුව සමඟ සබැඳි තරග පාවාදීම්

[සංස්කරණය]

ඔහු ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ගාල්ල තණතීරු පාවාදීමේ සිද්ධියට සම්බන්ධ බවට වාර්තා වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.[7]

ඝාතනය

[සංස්කරණය]

2016 අගෝස්තු 12 වන දින අම්බලන්ගොඩ මානිමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස අසලදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් හැලඹගේ ප්‍රේමසිරි ඝාතනය කරන ලදී.[8] ඔහු සිය 12 හැවිරිදි පුත්‍රයා සමඟ නිවස බලා යමින් සිටියදී නාඳුනන සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඔහුගේ ආන්දෝලනාත්මක පත්වීම සහ මැතිවරණ සම්බන්ධයෙන් ඇති වූ නීතිමය ආරවුල ඝාතනයට හේතු වන්නට ඇතැයි වාර්තා යෝජනා කරයි.[9] කෙසේ වෙතත් මෙයට පවුල් ආරවුලක් හේතුවන්නට ඇතැයි ඇතැම් පාර්ශව පවසා සිටී.[තහවුරු කර නොමැත] ගාලු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවති 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමෙන් පසුවයි ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Halambage Premasiri | Sri Lanka Cricket Team | Official Cricket Profiles | PCB". www.pcb.com.pk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-05-31.
  2. ^ "Update: Chief suspect of the Halambage Premasiri murder arrested". Hiru News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-05-31.
  3. ^ "Demise of H. Premasiri former President of the Galle DCA | Sri Lanka Cricket". www.srilankacricket.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-05-31.
  4. ^ "Wisden Obituaries, 2016". Cricinfo. 20 February 2018.
  5. ^ "Galle District Cricket association president Premasiri Halambage shot dead". 2016-08-16. සම්ප්‍රවේශය 2018-05-31.
  6. ^ LTD, Lankacom PVT. "The Island". www.island.lk. සම්ප්‍රවේශය 2018-05-31.
  7. ^ "Halambage Premasiri homicide and match fixing". Sri Lanka News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2018-05-30. 2018-06-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-05-31.
  8. ^ "President of Galle District Cricket Association Premasiri Halambage shot dead". Hiru News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-05-31.
  9. ^ "Businessman shot dead in Ambalangoda". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-05-31.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
හැලඹගේ ප්‍රේමසිරි
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?