For faster navigation, this Iframe is preloading the Wikiwand page for හයවන ජෝර්ජ් රජ.

හයවන ජෝර්ජ් රජ

හයවන ජෝර්ජ් රජ
විධිගත ආලේඛ්‍ය චිත්‍රයක්, 1940–46 පමණ.
එක්සත් රාජධානියේ
සහ බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී රජ (තවත්...)
රාජ්‍ය සමය1936 දෙසැම්බර් 11 – 1952 පෙබරවාරි 6
සිංහාසනාරූඪය1937 මැයි 12
පූර්වප්‍රාප්තිකයාඅටවන එඩ්වර්ඩ් රජ
අනුප්‍රාප්තිකයාදෙවන එලිසබෙත් රැජිණ
අගමැතිවරුලැයිස්තුව බලන්න
ඉන්දියාවේ අධිරාජයා
රාජ්‍ය සමය1936 දෙසැම්බර් 11-1947අගෝස්තු 14
පූර්වප්‍රාප්තිකයාVIII වන එඩ්වර්ඩ් රජු '
අනුප්‍රාප්තිකයාඉන්දියාව නිදහස ලැබීම
භූමදානය15 පෙබරවාරි 1952
ශාන්ත ජෝර්ජ් දේවස්ථානය, වින්ඩ්සර් මාලිගය
වල්ලභයාඑලිසබෙත් බෝවස්-ලියොන් ආර්යාව
දරුවන්II වන එලිසබෙත් රැජිණ
මාග්‍රට් කුමරිය, Countess of Snowdon
සම්පූර්ණ නාමය
ඇල්බට් ෆ්‍රෙඩ්රික් ආතර් ජෝර්ජ්
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාV වන ජෝර්ජ් රජු
මවටෙක් හි මේරි කුමරිය
අත්සනහයවන ජෝර්ජ් රජගේ අත්සන

හයවන ජෝර්ජ් (George VI) (ඇල්බර්ට් ෆ්‍රෙඩ්රික් ආතර් ජෝර්ජ් 14 දෙසැම්බර් 1895 – 6 පෙබරවාරි 1952), 1936 දෙසැම්බර් 11 සිට ඔහුගේ මරණය දක්වා එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ ඩොමීනියන් රාජ්‍ය වල රජු විය. ඔහු අවසාන ඉන්දියාවේ අධිරාජ්‍යයා සහ ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විය.

ඔහු රජ බවට පත්වන තෙක් මහජනයා අතර ප්‍රසිද්ධියට පත් වූයේ ඇල්බර්ට් යන නමිනි. එමෙන්ම ඔහුගේ පවුලේ අය සහ මිතුරන් අතර ඔහු හැඳින්වුණේ බර්ටි යන නමිනි. ජෝර්ජ් උපත ලැබුවේ ඔහුගේ මී මිත්තණිය වූ වික්ටෝරියා රැජින ගේ පාලන සමයේ දී ය. ඇගේ වල්ලභයා වූ ඇල්බර්ට් කුමරුගේ නම අනුව ජෝර්ජ් කුමරුට ඇල්බර්ට් යන නාමය ලැබුණි. පස්වන ජෝර්ජ් රජුගේ දෙවන පුත්‍රයා වූ නිසාවෙන් ජෝර්ජ් සිහසුනට පත්වීමට අපේක්ෂා නොකළේය. ඔහුගේ මුල් කාලීන දිවිය සිය සොහොයුරු එඩ්වර්ඩ් සෙවණේ ගෙවුණි. යොවුන් වියේ දී නාවුක පාසලට ඇතුලත් වූ ඔහු පළමු ලෝක යුධ සමයේ රාජකීය නාවික හමුදාවේ සහ රාජකීය ගුවන් හමුදාවේ සේවය කළේය. 1920 දී ඔහු යෝක් හි ආදිපාදවරයා බවට පත් විය. 1923 දී ඔහු එලිසබෙත් බොවිස්-ලියොන් ආර්යාව විවාහ කර ගත්තේය. ඔවුන් දෙපළට එළිසබෙත් සහ මාගරට් යනුවෙන් දියණියන් දෙදෙනෙකු විය. 1920 ගණන්වල මැද බාගයේදී ඔහු ගොත ගැසීම සඳහා කථන චිකිත්සාවක් ලබා ගත්තේය. නමුත් එය සම්පූර්ණයෙන් යටපත් කිරීමට ඔහුට නොහැකි විණි.

1936 දී ඔවුන්ගේ පියා මියයාම නිසා ජෝර්ජ් ගේ වැඩිමහල් සොහොයුරා අටවන එඩ්වර්ඩ් නමින් සිහසුනට පත්විය. කෙසේවෙතත් එම වසර අවසානයේ දී එඩ්වර්ඩ්, වොලිස් සිම්ප්සන් නමැති දික්කසාද වූ ඇමෙරිකානු කාන්තාවක විවාහ කර ගැනීමේ සිය කැමැත්ත හෙළිදරව් කළේය. දේශපාලන සහ ආගමික හේතු නිසා දික්කසාද වූ ගැහැණියක විවාහ කරගෙන රජකම දැරීමේ හැකියාවක් නොමැති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටැන්ලි බෝල්ඩ්වින් එඩ්වර්ඩ් ට අවවාද කළේය. සිම්ප්සන් විවාහ කර ගැනීම සඳහා එඩ්වර්ඩ් රජකම අත්හළේය. වින්ඩ්සර් රාජවංශයේ තෙවැන්නා ලෙස ජෝර්ජ් සිහසුනට පත්විය.

ජෝර්ජ් ගේ රාජ්‍ය කාලයේදී, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බිඳ වැටි බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය ගොඩනැගීම වේගවත් විය. ඔහු රජ බවට පැමිණි දිනයේදී ම අයර්ලන්ත පාර්ලිමේන්තුව සිය රටේ ව්‍යවස්ථාවෙන් රාජකීයත්වයට හිමි ස්ථානය ඉවත් කරන ලදී. 1939 සිට අධිරාජ්‍යය සහ පොදුරාජ්‍ය මණ්ඩලය නාසි ජර්මනිය සමඟ යුද්ධයට එළැඹුණි. ඉතාලිය සහ ජපානය සමඟ යුද්ධය 1940 සහ 1941 දී ඇරඹුණි. බ්‍රිතාන්‍යය සහ එහි මිත්‍ර පාක්ෂිකයෝ 1945 දී විජයග්‍රාහීව යුද්ධය අවසන් කළහ. එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ප්‍රබල ලෝක බලවතුන් ලෙස නැගී සිටි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දුර්වල විය. 1947 දී ඉන්දියාව සහ පාකිස්ථානය නිදහස ලබාගත් අතර ජෝර්ජ් තවදුරටත් එම රජු විය. නමුත් ඉන්දියාවේ අධිරාජ්‍යයා යන නාමය 1948 දී අත්හැර දමන ලදී. අයර්ලන්තය ජනරජයක් බවට ප්‍රකාශයට පත් කරන ලදුව 1949 දී පොදුරාජ්‍ය මණ්ඩලය හැර ගියාය. ඊට පසු වසරේදී ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත්විය. ජෝර්ජ් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා යන නව නාමය ලබා ගන්නා ලදී. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා රාජ්‍යත්වයේ අවසාන සමයේ ඔහු දුර්වල විය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ වැඩිමහල් දියණිය වූ එළිසබෙත්ට කිරීටය හිමි විය.

හයවන ජෝර්ජ් රජ
වින්ඩ්සර් රාජ වංශය
වෙටින් රාජ වංශයෙහී උප වංශයකි
උපත: 14 දෙසැම්බර් 1895 මරණය: 6 පෙබරවාරි 1952
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
අටවන එඩ්වර්ඩ් රජ
එක්සත් රාජධානියේ සහ
මුහුදින් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන් හි රජ

1936–1952
අනුප්‍රාප්තිකයා 
දෙවන එලිසබෙත් රැජිණ
පොදු රාජ්‍ය මණ්ඩල බලප්‍රදේශයන්හී රැජිණ ලෙස
ඉන්දියාවේ අධිරාජයා
1936–1947
ඉන්දියානු නිදහස1
දේශපාලන තනතුරු
නව තනතුරකි පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා
1949–1952
අනුප්‍රාප්තිකයා 
දෙවන එලිසබෙත් රැජිණ
ෆ්‍රීමේසන්රි සමාජයේ තනතුරු
පූර්වප්‍රාප්තිකයා
Iain Colquhoun
ස්කොට්ලන්ත ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන පාලකයා
1936–1937
අනුප්‍රාප්තිකයා 
Norman Orr-Ewing
ප්‍රදාන හා මස්තකප්‍රාප්තීන්
පූර්වප්‍රාප්තිකයා
Juan Belmonte
ටයිම් සඟරාවේ පිට කවරයෙහි දැක්වීම
12 ජනවාරි 1925
අනුප්‍රාප්තිකයා 
ජෝන් ඩී. රොකෆෙලර්, කණි.
සටහන් සහ ආශ්‍රිත
1. තනතුර අත්හරින ලදි 22 ජූනි 1948 ("No. 38330". The London Gazette. 22 ජූනි 1948. London Gazette uses unsupported parameters (help))
{{bottomLinkPreText}} {{bottomLinkText}}
හයවන ජෝර්ජ් රජ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?