For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය.

ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය

ඛජුරාහෝ
නගරය
ඛජුරාහෝ is located in මධ්‍ය ප්‍රදේශ්
ඛජුරාහෝ
ඛජුරාහෝ
ඛණ්ඩාංක: 24°51′N 79°56′E / 24.85°N 79.93°E / 24.85; 79.93ඛණ්ඩාංක: 24°51′N 79°56′E / 24.85°N 79.93°E / 24.85; 79.93
රටඉන්දියාව
ප්‍රාන්තයමධ්‍ය ප්‍රදේශ්
දිස්ත්‍රික්කයඡතර්පූර්
උන්නතාංශය283 මී (928 අඩි)
ජනගහණය(2011)
 • මුළු1,762,857
භාෂා
 • නිලහින්දි
වේලා කලාපIST (UTC+5:30)

ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ ඛජුරාහෝ දේවාල භූමියෙන් හමුවූ දැවැන්ත හනුමාන් ප්‍රතිමාවක පාදමෙහි දක්නට ලැබුණු අභිලේඛන වාර්තාවකි. මෙම අභිලේඛනය ක්‍රි.ව. දසවන සිවසට පමණ අයත් යැයි කාලනිර්ණය සිදු කොට ඇත. මෙම හනුමාන් ප්‍රතිමාව ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ පවතින අතර, ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස ද ලැයිස්තුගත කොට ඇත.[1]

පිහිටීම

[සංස්කරණය]

මෙම අභිලේඛනය පිහිටා ඇත්තේ ඛජුරාහෝවේ පිහිටි සුප්‍රකට හනුමාන් දේව ප්‍රතිමාවක පාදමෙහි ය. මෙම ප්‍රතිමාව වන්දනා කටයුතු සඳහා භාවිතා වන හෙයින් සහ එය අන්තර්ගත පූජාස්ථානය නවීකරණයට භාජනය කොට ඇති හෙයින්, වර්තමානය වන විට එම අභිලේඛනය දක්නට නොලැබේ..

ප්‍රකාශනය

[සංස්කරණය]

ඛජුරාහෝව පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකම මෙම හනුමාන් ප්‍රතිමාව සහ ශිලා ලේඛනය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කොට තිබේ.[2] මෙම අභිලේඛනය පළමුව සිය සැලකිල්ලට භාජනය කරන ලද්දේ දහනවවන සියවසේ දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසිනි.[3] 1904දී ඩී. ආර්. භාණ්ඩර්කර් විසින් අභිලේඛනය යළි විමසුමකට ලක් කළ අතර එහි දිනය පිළිබඳ නව අර්ථ නිරූපණයකට අමතරව, නව තොරතුරු රැසක්ම ප්‍රකාශයට පත්කරන ලදී.[4]

විස්තරය සහ අන්තර්ගතය

[සංස්කරණය]

ශිලා ලේඛනය සංස්කෘත භාෂාවෙන් රචනාකොට ඇති අතර, එය පේළි තුනකට ලියා ඇත. අක්ෂරවල ශෛලිය අනුව යෝජනා වී ඇත්තේ එය ක්‍රි.ව. දසවන සියවසට අයත් එකක් බවයි.

ඛජුරාහෝවේ හනුමාන් අභිලේඛනය

ඓතිහාසික වැදගත්කම

[සංස්කරණය]

ඛජුරාහෝ ශිලා ලේඛනයට හින්දු ආගමේ ඉතිහාසය තුළ ඉහළ වැදගත්කම්ක හිමිව ඇත්තේ එහි 316 ලෙස දිනයක් විස්තර කරන බැවිනි. ඉතිහාසඥයින් විසින් මෙම දිනය හර්ෂ යුගයට අයත් යැයි සලකා, එහි අගය ව්‍යවහාර වර්ෂයෙන් 922 ලෙස සලකා ඇත. දසවන සියවසට වඩා පැරණි හනුමාන් ප්‍රතිමා පැවතිය ද, මෙම අභිලේඛනය හේතුවෙන් මෙම ඛජුරාහෝ හනුමාන් ප්‍රතිමාව මෙතෙක් හඳුනාගෙන ඇති පැරණිතම දින නිර්ණිත ප්‍රතිමාව ලෙස සැලකේ.

අභිලේඛනයේ අන්තර්ගත නිවැරදි නොකළ පෙළ පහත පරිදි කියැවිය හැක:

වම් පස:

  1. ඕම් ගොල්ලාගාහීලපූත්‍රස්‍ය
  2. සංවත්සරෝ °300 10 6° මාඝසුදි 10°
  3. ශ්‍රීහනුමාන්තං ග්[ඕ]ල්ලාකඃ ප්‍රණාමති

දකුණු පස:

  1. ගාහිලාස්‍ය සුතඃ ශ්‍රීමාන්හනුමාන්ප
  2. වනාත්මජම් අනූක්රෝද් ධර්මම් ආ-
  3. ලෝක්‍ය ගොල්ලාකාප්‍රාකතම් හරිම්

පරිවර්තනය

[සංස්කරණය]

I කොටස

  1. ඕම්. ගාහීලගේ පුත්, ගොල්ලා [ගේ වාර්තාවයි].
  2. 316 වර්ෂයේ මාඝ මාසයේ දීප්තිමත් සුමාන දෙකෙහි 10වන දිනයයි.
  3. ගොල්ලාක ශ්‍රී හනුමාන්ට ආචාරය කරයි.

II කොටස

  1. ගාහීලගේ පුත් ගොල්ලාක, හරි ස්වරූපය දැක,
  2. ඉන් අනතුරුව මෙම ආගමික කටයුත්ත සිදුකළේ ය, විශිෂ්ට හනුමාන්, සුළ‍ඟේ පුත්‍රයාණන්ට.

මේවාත් බලන්න

[සංස්කරණය]
  • ඉන්දියානු අභිලේඛන

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ See http://www.asibhopal.nic.in/monument/all_monument2.html
  2. ^ Devangana Desai, The Religious Imagery of Khajuraho (Mumbai, 1996): 21 and figure 19.
  3. ^ Cunningham, ‘XXII. Khajuraho’, ASIR 2 (1862-65): 437 where he tenatively suggests a date of 925.
  4. ^ Government of Bombay, General Department. Progress Report of the Archaeological Survey of Western India, for the year ending 30th June, 1904.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඛජුරාහෝ හනුමාන් අභිලේඛනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?