For faster navigation, this Iframe is preloading the Wikiwand page for මේඩ්ස් (2015 රූපවාහිනී කතාමාලාව).

මේඩ්ස් (2015 රූපවාහිනී කතාමාලාව)

මේඩ්ස්
ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේThe Housemaids
The Servants
ප්‍රභේදයඓතිහාසික
ප්‍රේම කථා
ක්‍රියාදාම
රචනය කලේජෝ හ්‍යුන්-ක්‍යුං
අධ්‍යක්ෂණය කලේජෝ හ්‍යුන්-තක්
රඟපෑමජොං යු-මි
ඕ ජි-හෝ
කිම් දොං-වූක්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන20
නිෂ්පාදන සමාගමඩ්‍රාමා හවුස්
ප්‍රචාරණය
මුල් නාලිකාවjTBC
මුල් ධාවනයජනවාරි 23, 2015 (2015-01-23) – මාර්තු 28, 2015 (2015-03-28)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මේඩ්ස් (කොරියානු하녀들; ප්‍රරෝහන්යෝද්‍යුල්) යනුවෙන් හැඳින්වෙන්නේ 2015 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ජොං යු-මි, ඕ ජි-හෝ, කිම් දොං-වූක්, ලී සි-ආ, ජොන් සෝ-මින් සහ ලී යි-ක්‍යුං යන නළු නිළි පිරිස විසිනි.[1] දකුණු කොරියාවේ jTBC නාළිකාව ඔස්සේ 2015 ජනවාරි 23 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව 2015 මාර්තු 28 තෙක් විකාශය විය. සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එරට වේලාවෙන් 21:45ට මෙය විකාශය කෙරුණේ කථාංග 20කින් යුක්තව ය.

කථාපුවත

[සංස්කරණය]

ගුක් ඉන්-යොබ් ජොසොන් රාජ්‍යයේ වංශවතකුගේ එකම දියණිය වූවා ය. ඇගේ රූමත්භාවය සහ ශෛලිය අවට සිටින පුද්ගලයින්ගේ වර්ණනාවට හේතු වේ. මේ අතර වැදගත් පවුලකින් පැවත එන තරුණ විද්වතකු වූ කිම් ඉයුන්-ගි ද වේ. ඉයුන්-ගි, ළමා වියේ සිටම ඉන්-යොබ්ට පෙම් කරයි. නමුත් එක් දිනෙක, ඉන්-යොබ්ගේ පියාව දේශද්‍රෝහියකු ලෙස නම් කරනු ලැබෙයි. ඒ නිසා ඇගේ පවුල විනාශ කර දැමෙයි. මෙලෙසින් එක් රැයක් ඇතුළත නගරයේ වඩාත් සුප්‍රකටම තරුණ යුවතිය වහල් සේවිකාවක බවට පත්වන්නී ය. ඉන්-යොබ්ට සිය සැප පහසුවෙන් පිරි පැරණි අතීතය අමතක කොට වර්තමාන දිවිය ගලපා ගැනීම තරමක් අපහසු වේ. ඇයට ඇගේ පැරණි සතුරකු යටතේ පහත් සේවිකාවක ලෙස සේවය කිරීමට සිදු වේ. එහි දී ජීවත් වීමට ඉගෙන ගන්නා ඇය, ඇගේ හවුල්කාර වහලුන් සමග මිත්‍ර වේ. මේ අතරට වරක් ඇය වංශාධිපතිනියකව සිටිය දී ඇයව ආරක්ෂා කළ මුම්යොං (අරුත "නමක් නැත්තා") නැමැති අද්භූත සේවකයා ද වේ. කෙසේනමුත්, ඉයුන්-ගි, ඉන්-යොබ් වෙනුවෙන් බලාපොරොත්තු තබාගෙන සිටිය ද, ඇගේ වෙනස් වූ සමාජ තත්ත්වය ඔහුගේ අපේක්ෂිත අනාගතයට බාධාවක් වන බව පෙනෙන්නට තිබේ. මේ අතර ඇය උදාසීන නමුත් ජනකාන්ත චරිතයක් වන මුම්යොං කෙරෙහි උනන්දු වන්නට වේ. මුම්යොං යනු සැබැවින්ම දේශපාලන වැදගත්කමක් සහිත කරුණු පිළිබඳ ගවේෂණයෙහි යෙදෙන සෙබලකු බව කිසිවකුවත් දැන සිටින්නේ නැත.

චරිත නිරූපණය

[සංස්කරණය]
  • ජොං යු-මි, ගුක් ඉන්-යොබ් ලෙස
  • ඕ ජි-හෝ, මුම්යොං / ලී බි ලෙස
  • කිම් දොං-වූක්, කිම් ඉයුන්-ගි ලෙස
  • ලී සි-ආ, හියෝ යූන්-ඔක් ලෙස
  • ජොන් සෝ-මින්, දන්-ජි ලෙස
  • ලී යි-ක්‍යුං, හියෝ යූන්-සෝ ලෙස
  • ජොන් නෝ-මින්, ගුක් යූ ලෙස
  • කිම් කප්-සූ, කිම් චි-ක්වොන් ලෙස
  • ජින් හී-ක්‍යුං, හන් ආර්යාව ලෙස (කිම් ඉයුන්-ගිගේ මව)
  • පාක් චුල්-මින්, හියෝ ඉයුං-චම් ලෙස
  • ජොන් මි-සොන්, යූන් ආර්යාව ලෙස (හියෝ යූන්-ඔක්ගේ මව)
  • ලී යොන්-ක්‍යුං, දන්-ජිගේ මව ලෙස
  • චේ ගූක්-හී, හේ-සං ලෙස
  • කිම් ජොං-හූන්, දොක්-සෝයි ලෙස
  • ජොන් සූ-ජින්, ගේදොං-යි ලෙස
  • කිම් හ්යේ-නා, ඔක්-යි ලෙස
  • ලී චෝ-හී, සාවොල්-යි ලෙස
  • ඉම් හ්‍යුන්-සුං, පූං-යි ලෙස
  • ජි ස්‍යුං-හ්‍යුන්, දොක්-ගු ලෙස
  • ලී එල්, කං ආර්යාව ලෙස (හියෝ යූන්-සෝ‍ගේ භාර්යාව)
  • හූන් කි, යොං-ජූන් ලෙස
  • ආන් නේ-සං, යි බං-වොන් ලෙස; පසුව තේජොං රජු
  • ලී දෝ-ක්‍යුං, යි සොං-ග්යේ ලෙස; පසුව තේජෝ රජු
  • ලී චේ-යොං, ගා හී-ආ ලෙස
  • උම් තේ-ගු, චි-බොක් ලෙස
  • යැං ස්‍යුං-පිල්, බා-වූ ලෙස

නිෂ්පාදනය

[සංස්කරණය]

මෙහි පළමු කථාංගය මුලින් රූගත කෙරුණේ 2014 දෙසැම්බර් 12 දින ය. නමුත් දෙසැම්බර් 13 දින ඇති වූ ගින්නක් හේතුවෙන් යොන්චොන් ප්‍රාන්තයේ මේඩ්ස් කට්ටලය විනාශ විය. එහි දී කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයකු මරණයට ද පත් විය. මෙලෙස මරණයට පත්වූයේ පිටපත් සම්බන්ධීකාරක යොම් හ්යේ-සුන් ය.[2][3][4] මෙහි ප්‍රතිඵලයක් ලෙස, මෙම කතාමාලාව රූගත කිරීම සති හයක් පුරාවට අත්හැර දමා තිබිණි.[5]

යොංජොංදෝ ප්‍රදේශයේ නව පසුතල ඉදිකෙරුණු අතර, 2015 ජනවාරි 12 දින රූගත කිරීම් යළි ඇරඹිණි.[6] පළමු කථාංගයේ ප්‍රති-සංස්කරණය කරන ලද ප්‍රභේදයක් 2015 ජනවාරි 23 දින විකාශය විණි.[7]

සම්මාන සහ නිර්දේශ

[සංස්කරණය]
වර්ෂය සම්මානය ප්‍රවර්ගය ලාභියා ප්‍රතිඵලය
2015
8වන කොරියා නාට්‍ය සම්මාන
හොඳම නිෂ්පාදන අධ්‍යක්ෂක ජෝ හ්‍යුන්-තක් නිර්දේශිත
හොඳම තිරරචනය ජෝ හ්‍යුන්-ක්‍යුං නිර්දේශිත

අන්තර්ජාතික විකාශය

[සංස්කරණය]
  •  තායිලන්තය - මෙම කතාමාලාව තායිලන්තුය තුළ PPTV නාළිකාව ඔස්සේ විකාශය ඇරඹියේ 2015 නොවැම්බර් 29 දින සිට ය. එය පෙ.ව. 9:00ට විකාශය විය.[8][9]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ කිම්, මින්-ජි (24 සැප්තැම්බර් 2014). "Oh Ji Ho to Make Drama Comeback through The Maids". enewsWorld. සම්ප්‍රවේශය 2015-01-12.
  2. ^ "Fire destroys Maids set, kills one staffer". ඩ්‍රාමාබීන්ස්. 14 දෙසැම්බර් 2014. සම්ප්‍රවේශය 2015-01-12.
  3. ^ "JTBC Maids Production Team Offers Public Apology Following Fatal Set Fire". සූම්පි. 14 දෙසැම්බර් 2014. සම්ප්‍රවේශය 2015-01-12.
  4. ^ "One Life Lost During Fire at Maids Set". සෝල් බීට්ස්. 18 දෙසැම්බර් 2014. සම්ප්‍රවේශය 2015-01-12.
  5. ^ "Filming of Maids Put on Hold Following Set Fire". සූම්පි. 22 දෙසැම්බර් 2014. සම්ප්‍රවේශය 2015-01-12.
  6. ^ "The Maids shooting again in a month after the fire "starts studio construction"". Innolife. 7 January 2015. සම්ප්‍රවේශය 2015-01-12.
  7. ^ "Maids plans its comeback, sets broadcast date". ඩ්‍රාමාබීන්ස්. 7 ජනවාරි 2015. සම්ප්‍රවේශය 2015-01-12.
  8. ^ "ลิขิตรักนางทาส More than A maids". PPTV. බැංකොක් මාධ්‍ය සහ විකාශන සීසාසහිත සමාගම. සම්ප්‍රවේශය නොවැම්බර් 11, 2016.
  9. ^ "ลิขิตรักนางทาส More Than A Maids – ซีรีย์เกาหลี". korea.tlcthai.com (Thai බසින්). 2015-11-10. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2015.((cite web)): CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මේඩ්ස් (2015 රූපවාහිනී කතාමාලාව)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?