හත්මාළුව
සාම්ප්‍රදායික සිංහල වෑංජනයකි.
විවිධ ප්‍රදේශ වල හත්මාළුව පිළියෙළ කිරීම විවිධ වේ.
උදා. කජුමද, වට්ටක්කා දළු, කොස් ඇට, තිබ්බටු, ඇඹුල් කෙසෙල්, කිරිඅල, රත් තම්පලා
පුරාණ රෝහණයේ හත්මාලුව යනු හොද්ද, තැම්බුම, මැල්ලුම, ආනම, බැදුම, පැලහුම සහ නියඹලාව වේ.
හොද්ද
[සංස්කරණය]- තැම්බුම් හොද්ද
- ගොඩ හොද්ද (අමු හොද්ද)
- මුකලන් හොද්ද
- මිරිස් හොද්ද
- ලුණු ජාඩි හොද්ද
- කායම් හොද්ද (කාඩි හොද්ද)
- කිරි හොද්ද
තැම්බුම
[සංස්කරණය]- වැල් අල තැම්බුම
- කොස් තැම්බුම
- අල බතල තැම්බුම
- අටුකොස් තැම්බුම
මැල්ලුම
[සංස්කරණය]කිරි නොදමා යම්තමින් මිරිස් පොල් දමා පහේ නොදමා හදන පිසමන.
ආනම
[සංස්කරණය]කිරෙන් හෝ වතුරෙන් තම්බා පසුව අබ, සුදුලූණු, රම්පේ, කරපිංචා ඇතුළුව ජාති තෙලට දමා රන්වන් පැහැ වන තුරු බැද තම්බාගත් එළවළුව එයට දමා තෙම්පරාදු කර හදන මාළුව.
බැදුම
[සංස්කරණය]නොගැඹුරු තෙලේ බැද පිසින මාළුව.
පැලහුම
[සංස්කරණය]ගින්නට අල්ලා හෝ අළුයට සඟවා කරන පිළිස්සීමෙන් තම්බා ගැනීම.
නියඹලාව
[සංස්කරණය]වතුරෙන් එළවළුව තම්බා අවශ්‍ය කරන තුනපහ, සහල් (බැදපු හෝ නොබැදපු), පොල් (බැදපු හෝ නොබැදපු) ආදිය ගලේ අඹරා දියරයක් කොට හොද්දට දමා පිසින උකු හොද්ද.
බාහිර යොමු
[සංස්කරණය]- පෝෂණ විද්‍යාවේ විශ්මය, හත් මාළුව සංරක්ෂණය කළ පිටපත 2013-09-24 at the Wayback Machine
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.