For faster navigation, this Iframe is preloading the Wikiwand page for සබරගමු නැටුම්.

සබරගමු නැටුම්

ජාතික සංස්කෘතියට අයත්, ඉතාම පැරණි, දු‍ටුවන් ප්‍රිය උපදවන ආකාරයේ නැටුම් කලාවක් වන මෙය මේ ප්‍රදේශයටම සීමා වූවකි.

නැටුම් මාත්‍රා

[සංස්කරණය]

සබරගමු නැටුම් කලාව ගොඩනැගී තිබෙන්නේ මාත්‍රා 05ක නැටුම් මූලික පදනම් කරගෙනය.

  1. මුල් මාත්‍රය
  2. සින්දු මාත්‍රය
  3. ගමන් මාත්‍රය
  4. යක්පද මාත්‍රය
  5. නාඩගම් මාත්‍රය


එසේම එක් නැටුමක් සම්පූර්ණවීමට නම් කරුණු 07ක් සම්පූර්ණ විය යුතු අතර, ඒවා පහත පරිදිවේ.1. තානම2. මාත්‍රය3. කවිය4. වට්ටම5. කලාසම6. සීරුමාරුව (තීරු මාරුව)7. අඩව්ව

සබරගමු නැටුම් පැවැත්වෙන අවස්ථා

1. විහාර, දේවාලවල කරන ආගමික උත්සව සම්බන්ධ නැටුම්.

මෙහිදී මාත්‍රා පහටම අයත් නැටුම් රඟ දැක්වේ.ධාතු පෙරහැර, මහා සංඝයා වැඩමවීම, ඇසළ පෙරහැරේ දේවාභරණ වැඩමවීම යන අවස්ථාවලදීත්, පාන්මඩු, පූනා මඩු, දෙවොල් ගම් මඩු, ගී මඩු, කිරිමඩු, හැල්ලුම් මඩු සඳහාත් මෙම නැටුම් රඟ දැක්වේ.

2. නව ග්‍රහයින්ගෙන් ශාන්තියක් ලබා ගැනීමට කරන තෝත්‍ර.

ග්‍රහ දෝෂ, දෙවි දෝෂ, යක්ෂ දෝෂ, හීන් දෝෂ, ආදී දෝෂයන් දුරු කිරීම සඳහා කරනු ලබන බලි යාගයන් මෙයට අයත් වේ. මෙහිදී මුල් මාත්‍රය, සින්දු මාත්‍රය හා යක්පද මාත්‍රයට අයත් කස්තිරම්, තීරු මානම් සහ අඩව්ද අත්‍යාවශ්‍ය වේ.

3. යක්ෂයින් සහ විවිධ භූතයින්ගෙන් වන උවදුරු දුරු කර ගැනීමට කරන තෝත්‍ර.

යක්ෂයන්ගෙන් වන උවදුරු දුරු කර ගැනීම සඳහා සිදු කරන මෙම තෝත්‍ර සඳහා යක්පද මාත්‍රයට හා නාඩගම් මාත්‍රයට අයත් නැටුම් වැඩි වශයෙන් යොදා ගනු ලබයි. එහෙත් සමහර අවස්ථාවලදී සින්දු මාත්‍රයද යොදා ගනු ලබයි.

4. මංගල උත්සව අරමුණු කරගෙන විනෝදය සඳහා පවත්වන නැටුම්.

මේ අවස්ථාව සඳහා මාත්‍රා නියමයක් නැත. මාත්‍රා පහටම අයත් නැ‍ටුම් කැමති පරිදි ඉදිරිපත් කරනු ලැබේ. සින්දු මාත්‍රයට අයත් නැටුම් මෙහිදී විශේෂයි.


සබරගමු නැට්ටුවාගේ ඇඳුම්

බලි ශාන්ති කර්ම සඳහා සුදු සේලය හා රතු රෙදි පටියද ඉන බඳින අතර, නවගුණ වැලක්ද පළඳියි. හිසට ජටාව, කණට කඩුක්කම්, අත්වලට බණ්ඩි වළලු, එක් අතකට අක්මිණියක්ද, අනෙක් අතට පුවක් මල් ඉත්තක්ද ගනියි.සබරගමු නැටුමේ ඇඳුමද උඩ රට හා පහතරට ඇඳුම් සම්ප්‍රදායට වඩා බෙහෙවින් වෙනස්ය. මෙහි විශේෂය දෙවි ඇඳුමකට සමාන ලෙස නිර්මාණය කිරීමයි. පාදෙකට බඳින රහු කු‍ට්ටම් දෙකෙහිද විශේෂත්වයක් ඇති බව පෙනේ. ප්‍රමාණයෙන් විශාල රහු ගණනාවක් දෙපාවල බැඳ නැටීමට සෑහෙන ශරීර ශක්තියක්ද අවශ්‍යය. මේ නිසා කාලයාගේ ඇවෑමෙන් රහු ප්‍රමාණයෙන් කුඩාවීමත් ගණනින් අඩුවීමත් ‍ඉබේටම සිදු වී තිබේ.එසේම සබරගමු නැට්ටුවාගේ ඇඳුම ලංකාව හැර වෙනත් රටක නැටුම් සඳහා වූ ඇඳුම්වලට සම්මිශ්‍ර වී නැත.

සංගීතය

[සංස්කරණය]

සබරගමු නැටුමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය දවුලය. නැටුමේ සාර්ථකත්වය රඳා පවතින්නේ තිතට, මාත්‍රයට ගැලපෙන පරිදි කරන දවුල් වාදනය තුලය. නැට්ටුවා කොතරම් ප්‍රවීණයෙකු වුවද දවුල නිසිලෙස වාදනය නොකළහොත් නැටුම නියම ලෙස ඉදිරිපත් කළ නොහැකි වනු ඇත.

ශාන්තිකර්ම

[සංස්කරණය]

http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=13048%3A%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.&catid=52%3Aknowledge&Itemid=143&lang=si[permanent dead link]

බලි ශාන්තිකර්මය

{{bottomLinkPreText}} {{bottomLinkText}}
සබරගමු නැටුම්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?