For faster navigation, this Iframe is preloading the Wikiwand page for සඳකඩපහණ.

සඳකඩපහණ

මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "සඳකඩපහණ" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2023 ජූලි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
ඉබ්බන්ගල විහාරය, සඳකඩ පහ​ණ​

සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ අඩ්ටචන්දපාසාන යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.

අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ලෝකය කරදර, දුක්ගැහැට, වලින් පිරී තිබෙන බවයි.

අනතුරුව දැක්වෙන සතුන් සතර දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භයයි.අනතුරුව දැක්වෙන ඝන ලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වයි.ඊළඟට දැක්වෙන හංස පේළියෙන් කියවෙනුයේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවයි. එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවන බව දැක්වීමට ඊළඟට තුනී වු ලියවැලක් දක්වා ඇත. අවසාන වශයෙන් නෙලුමෙන් දැක්වෙනුයේ මෙම ස්ථානයට ඇතුළුවීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත් ය.

පොළොන්නරු යුගයේදී එනම් දොළොස්වන සියවසේ දී හින්දු ආගමික බලපෑම තදින්ම ඇතිවීමත් සමඟ ගවරූපය ශිව දෙවියන්ගේ වාහනය ලෙස සළකන හෙයින් එය කැටයම් යලින් ඉවත් කරන ලදි.පසු කාළයේදී විවිධ හැඩයෙන් යුතු සඳකඩපහණ් දක්නට ලැබේ.මහනුවර යුගයේ දී ත්‍රිකෝණාකාර සදකඩපහණ් නිමැවී ඇත. [තහවුරු කර නොමැත]සඳකඩ පහණ මැද ඇත්තෙ නෙලුම් මලක අර්දයක

සඳකඩපහණේ නිමිත්ත

[සංස්කරණය]
  • එම්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරනු ලබන්නේ සඳකඩ පහණ සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි.
  • සෙනරත් පරණවිතානමොහු‍ගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරුවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද, කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා, සිංහයා, වෘෂභයා යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බියයි. ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.මෙම අර්ථකථනය නිර්මානාත්මක වූවද සංසාරය එතෙර වීම වැනි ශුද්ධ වූ අදහසක් නිරූපනය වන සදකඩපහණ ප‍යට පෑගෙන ස්ථානයක තබනු ඇතැයි ද යන සැකය මතු වේ.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සඳකඩපහණ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?