For faster navigation, this Iframe is preloading the Wikiwand page for සතර මහෝපදේෂ.

සතර මහෝපදේෂ

🌼සතර මහෝපදේශ ධර්මයෝ🌼

◾️බුද්ධෝපදෙස

◾️සංඝෝදෙස

◾️සම්බහුලත්ථේරෝපදෙස

◾️එකත්ථේරෝපදෙස

කියලා මහෝපදේශ කාරණා 4ක් තියෙනවා.

🔷බුද්ධෝපදෙස🔷

බුදුරජාණන් වහන්සේ ඉන්න කාලයේ හෝ පිරිනිවන් පෑ විට හරි, කොතැනින් හරි දහමක් අහන්න හම්බවුණොත්, ඒක "ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන්මයි අහගත්තේ" කියලා කීවත් ඒ අහගත්ත දහම එක්වරටම ප්‍රතික්ෂේප කරන්නත් එපා. පිළිගන්නත් එපා.

◾️සුත්තෙ ඔසාරෙතබ්බානි

(සූත්‍රයන්ට බහලා සංසන්දනය කොට බලන්න)

◾️විනයෙ සන්දස්සෙතබ්බානි

(විනයට බහලා සංසන්දනය කොට බලන්න)

◾️ධම්මතායං උපනික්ඛිපිතබ්බානි

(ධර්මයන්ට ගළපා සසදා බලන්න)

ඒ සූත්‍රයට, විනයට, ධර්මයට ගළපනකොට ගැළපෙන්නේ නැත්නම් සමාන නොවේ නම් සංසන්දනය නොවේ නම් ඒකාන්තයෙන්ම එය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් (ධර්මයක්) නොවේ. බුදුන් වහන්සේ කිව්වා කියලා කිව්වත් මේක ඒ භික්ෂුවට වැරදිලා කියල තීරණයකට එන්න. ඒ වචනය අයින් කරන්න. සූත්‍ර ධර්මයන් හා විනය ධර්‍මයන් හා ගැළපෙනවා නම් එය ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් වේ යැයි තීරණයකට එන්න. ඒක පිළිගන්න.

🔷සංඝෝපදේස🔷

මුළු සංඝයාම මේ විදියට කියනවා කියලා පෙන්නුවත්; ඒවා සූත්‍රයට, විනයට, ධර්මයට බහාලා ගළපලා බලන්න. සංසන්දනය කොට සැසදෙන්නේ නැත්නම්, ගැළපෙන්නේ නැත්නම්, ඒකාන්තයෙන්ම එය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේයැයි තීරණය කර සංඝයාටම වැරදිලා කියල බැහැර කරන්න. ගළපනකොට ගැළපෙනවා නම්, බහාලන කොට බැහැලෙනවා නම්, සසඳනකොට සැසඳෙනවා නම්, ඒකාන්තයෙන්ම එය භාග්‍යවතුන් වහන්සේගේ වචනක්මයි තීරණය කර මේ වචනය හරි කියලා පිළිගන්න.

🔷සම්බහුලත්ථේරොපදෙස🔷

බොහෝ භික්ෂූන් වහන්සේලා මේ විදිහටයි මේ කාරණාවේ අර්ථය පෙන්වන්නේ කියලා කිව්වත්, නැත්නම් මේ ධර්මය මේකයි කියලා පෙන්නුවත් ඒක එකවර පිළිගන්නත් එපා, බැහැර කරන්නත් එපා. සූත්‍රයට විනයට ධර්මයට ගළපලා ආදේශ කරලා සසඳලා බලන්න. සූත්‍ර ධර්මයට ගැළපෙනවා නම්, විනය නීතිය හා සැසදේ නම් එය ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් යැයි ගෙන ඒය පිළිගන්න, ගැළපෙන්නේ නැත්නම් බැහැර කරන්න.

🔷ඒකත්ථේරොපදේස🔷

දක්ෂ ව්‍යක්ත පණ්ඩිත ධර්මදර බහුශ්‍රැත එක තෙරුන් වහන්සේ නමක් මේ විදියට කියනවා කියලා කිව්වොත් එයද ගන්නත් එපා, බැහැර කරන්නත් එපා. සූත්‍රයට, විනයට, ධර්මයට ගළපලා බලන්න. ගැළපෙන්නේ නැත්තම් එය ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවේ. ඒ තෙරුන් වහන්සේටත් වැරදිලා කියලා අයින් කරන්න. ගළපනවිට සූත්‍රයට ධර්මයට සැසඳෙනවා නම් ඒක හරි කියලා පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා.

මහණෙනි, මේ වනාහි ඒ සතර මහාපදෙශ ධර්මයෝයයි දේශනා කළ සේක.

සූත්‍ර පිටකය >> දීඝ නිකාය >> මහා වග්ගය >> මහා පරිනිර්වාණ සූත්‍රය >> චතුමහාපදෙසකථා

{{bottomLinkPreText}} {{bottomLinkText}}
සතර මහෝපදේෂ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?