For faster navigation, this Iframe is preloading the Wikiwand page for සඟරා.

සඟරා

සඟරාවක් මිලට ගන්නා පාරිභෝගිකයෙක්.

සඟරා, වාර ප්‍රකාශන යනු එක්තරා නිශ්චිත කාලයකට වරක්, විවිධ ආකාරයේ ලිපි ලේඛණ අඩංගු ප්‍රකාශනයන් වේ. මේවාට මුදල් ලැබෙන්නේ දැන්වීම්වලින් සහ එම ප්‍රකාශන අලෙවි කිරීමෙනි. නැතහොත් ඒ දෙකම හේතුවෙනි.

සඟරා වර්ග

[සංස්කරණය]

සඟරා වර්ග ඉතා පළල් විෂය වර්ග දෙකකට බෙදේ. පාරිභෝගිකයින්ගේ සඟරා සහ ව්‍යාපාරික සඟරා වශයෙනි. ප්‍රායෝගික වශයෙන් සඟරා යනු වාර ප්‍රකාශනවල උපකාණ්ඩයකි. වෘත්තීය කරුණු අලලා කෙරෙන සඟරා සාමාන්‍ය වාර ප්‍රකාශනවලට වඩා වෙනස් වේ. ඒවා විද්‍යාත්මක , කලාත්මක, අධ්‍යාපනික කරුණුවලට සීමා වන අතර සීමිත සාමාජිකයින් පිරිසක් සිටින, මිළ අධික ,සීමා සහිත බෙදා හැරීමක් පවතින, සඟරා වර්ගයකි. මේවායේ දැන්වීම් ඇත්තේ සුළු වශයෙනි. නැතහොත් නැති තරම්ය. බොහෝ ව්‍යාපාරික සඟරාවන් බොහෝ විට රඳා පවතින්නේ සාමාජිකයින්ගේ මුදල් මතයි. සමහර අවස්ථාවලදී සාමාජික මුදල් ගෙවන ඕනෑම කෙනෙකුට මෙම සාමාජිකත්වය ලබා ගත හැක.

අනෙකුත් අවස්ථාවල ප්‍රකාශකයාගේ නිර්ණායකයන්ට එකඟවන කියවන්නාට නොමිලේ සාමාජිකත්වය ලබාගත හැක. මෙම භාවිතය හැඳින්වෙන්නේ සීමිත බෙදාහැරීම යනුවෙනි. (Conrtolled Circulation) කියවන්නන් නොහොත් පාඨක සමාජයට අදාල වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ය, යන්න දැන්වීම් කරුවන්ට ඒත්තු ගැන්වීම මෙයින් අදහස් කරේ. ඒවායේ පළවන දැන්වීම්වල සඳහන් කෙරෙන ද්‍රව්‍යය පාඨකයන්ට මිළ දී ගැනීමේ ශක්තිය තිබෙන බව දැන්වීම්කරුවන්ට ඒත්තු ගැන්වීමට ඔවුනට පුළුවන. බොහෝවිට මෙම ක්‍රම දෙක එකට මිශ්‍රවෙයි. ව්‍යාපාරික සඟරා සඳහා දැන්වීම් යනු ආදායම් ලැබීමේ මාර්ගයකි.

ප්‍රකාශනය

[සංස්කරණය]

සඟරා එළි දැක්වීම සඳහා විවිධාකාර මූලික කරුණු පෘථුල ලෙස යොදා ගනු ලැබේ. ඒවායේ මූලික අංග, එනම් ප්‍රකාශන කාල සටහන, සඟරාවේ සැකැස්ම හැඩය, ඉලක්කගත පෘඨකයින් යනාදිය වීක්ලි වැනි කාලීන සිද්ධි ඉලක්ක කරගත් සඟරා සිරිතක් වශයෙන් සතියකට වරක් නැත්නම් සති 2කට වරක් පළ වේ. ධනාත්මක ජීවිතය, (positive life) කැට් ෆැන්සි (cat fancy) වැනි විශේෂ කරුණක් ඉලක්ක කර ගත් සඟරාවල එලි දැක්වීමේ කාල පරතරය ඊට වඩා දිගු විය හැක. සමහර විට මාස එකකට, මාස දෙකකට නැතහෝත මාස තුනකට වරක් වශයෙනි. සඟරාවක සාමාන්‍යයෙන් පිට කවරයේ දිනයක් දක්නට ලැබෙන නමුදු එය නියම වශයෙන් සඟරාවට එලි දක්වන දිනය නොවේ. සාමාන්‍යයෙන් එදිනෙදා, කාලීනව නිකුත් කරන සඟරාවල්, පොත් සාප්පු වල පුවත් පත් අලෙවි කරන ස්ථානවල තබා තිබේ. ඇතැම් පාඨකයින්ට තැපැල් මඟින් ලැබේ. බොහෝ සඟරා ප්‍රකාශකයින් පසුගිය සඟරා කලාප ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

බොහෝ සඟරාවල ප්‍රකාශනයට පත් කරනු ලබන්නේ වාණිජ අරමුණු ඇතිවයි. මේවා මුද්‍රණය සඳහා වෙබ් ඩ්ෆ් සෙට් ප්‍රොසෙස් වෙබ් සමතල මුද්‍රණ ක්‍රමය උපයෝගී කරගනු ලැබේ. සාමාන්‍යයෙන් සඟරාවක් මුද්‍රණය කරනු ලබන්නේ පිටු 16 ක කොටස් වශයෙන් කලු සුදු හෝ වර්ණයෙන් මුද්‍රණය වෙයි. මෘදු කවරයක් යොදා කටු ඇමිනීමෙන් ඉහත කොටස් ගොනු කරනු ලැබේ. මෙම ක්‍රමය සෑදල මැසීමේ ක්‍රමය (Saddle stitching) යනුවෙන් හඳුන්වනු ලැ‍බේ. එසේ නැතහොත් එම කොටස් එක් කොට මැලියමක් ආලේප කර එකට අලවනු ලැබේ. මෙම ක්‍රමය පරිපූර්ණ බැඳීම (Perfect binding) ලෙස හඳුන්වයි.

ඇතැම් සඟරා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශනය කරනු ලැබේ. බොහෝ සඟරා මුද්‍රිත මාධ්‍යයෙන් වෙන්ව අන්තර්ජාල ප්‍රකාශන ලෙස ද එළි දැක්වේ. ඇතැම් සඟරා අන්තර්ජාලයේ පමණක් දක්නට ලැබෙන අතර අනෙකුත් ඒවා මුද්‍රිත මාධ්‍යයෙන් පවතී. අන්තර්ජාලයේ සඟරා සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ඩන් ලයින් සඟරා යනුවෙනි.

ඇතැම් සඟරා ඒවා ප්‍රකාශනය කරන රට තුළ පමණක් තිබේ. තවෙකක් විශේෂිත කලාප හෝ නඟර තුළය. අනෙක්වා අන්තර්ජාතික වශයෙන් දැකිය හැක. බොහෝ විට වෙනස් වෙනස් මුද්‍රණවලිනි. පැහැදිලි කරතොත් ලෝකයේ එක් රටකට හෝ කලාපයට එක් මුද්‍රණයක් වශයෙනි. මේවායින් ඇතැම් සඟරාවල කර්තෘ මණ්ඩලය සහ අඩංගු දැන්වීම් ආදිය එකිනෙකට වෙනස් නමුදු ඒ සම්පූර්ණ වශයෙන් නොවේ.

වෙනත් ප්‍රකාශනයන්

[සංස්කරණය]

සමහර කාරණා නිසා සඟරාවකට බොහෝ ලෙසින් සමරූපි බවක් දැක්වුවද, වඩාත් සුවිශේෂි අනුලැකියක් දරාගෙන විද්වත් ලිපි පලකරන්නාවූ ශාස්ත්‍රීය වාරිකයක් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ "ශාස්ත්‍රීය සංග්‍රහය"ක් ලෙසිනි. මෙවැනි ප්‍රකාශන තුල වෙළෙඳ දැන්වීම් සුළුවෙන් අඩංගු වීම හෝ සපුරා අඩංගු නොවීම හෝ නිරික්ෂණය කල හැක. විචාර්යයන්ගේ හෝ විෂය පථය ගැන දැනුවත් සම්මානික වියත් මණ්ඩලයක හෝ සියුම් පරික්ෂනයට සියළු ලිපි ලක් වෙති.

ඉතිහාසය

[සංස්කරණය]

“ද ජෙන්ටල් චන්’ස් මැගසින්” (The gentleman’s Magazine) නැමති සඟරාව 1731 වර්ෂයේදී ලන්ඩනයේ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම සඟරාව පාඨකයා සඳහා සාමන්‍ය තොරතුරු රැගත් ප්‍රථම සඟරාව වශයෙන් සලකනු ලැබේ. එය සංස්කරණය කරන ලද්දේ එඩ්වර්ඩ් කෝච් (Edward Cave) නැමැත්තා විසිනි. මේ සඳහා සිල්වනුස් අර්බන් (Sylranus Urban) නැමති අනුවර්ථ නාමය ඔහු යොදා ගත්තේය. වාරික ප්‍රකාශනයකට මැගසින් (ගබඩාව) යන වචනය පළමුවෙන් භාවිතා කළ පුද්ගලයා ඔහුය.

තවමත් මුද්‍රණය කෙරෙන පාරිභෝගිකයින් සදහා වු පැරණිම සඟරාව ‘ද ස්කොට්ස් මැගසින්’ නම් (The Scots Magazine) සඟරාවයි. එය පළමුවෙන් ප්‍රසිද්ධ කළේ 1739 වර්ෂයේදීය. සඟරාවේ අයිතිය සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් සිදු විය. එමෙන්ම වරින්වර සඟරාවේ ප්‍රකාශනය නැවතී තිබුනි. අවුරුදු 90 ක පමණ කාලයක් මෙම තත්වය සඟරාවට බලපාන ලදී. 1734 වර්ෂයේදී එඩ්වර්ඩ් ලෝයිඩ්ගේ එංගලන්ත කෝපි හලේදී ලොයිඩ්ස් ලිසිට් (Lioyd’s list) ආරම්භ කරන ලද අතර දිනපතා ව්‍යාපාරික පුවත් පතක් වශයෙන් එය තවමත් ප්‍රකාශනය වෙමින් තිබේ.

පාරිසරික බලපෑම

[සංස්කරණය]

ජීවන චක්‍ර අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ ඇමරිකානු එක්සත් ජනපදයෙහි සාමාන්‍ය තරමෙහි රාත්තල් 0.39 සඟරාවක එක් පිටපතක් නිෂ්පාදනය කොට බෙදාහැරීම නිසා ඇතිවන්නාවූ CO2 විමෝචන සම්පූර්ණයෙන් කිලෝග්‍රෑම් 0.95 (රාත්තල් 2.1) -- ශාක වලින් ලබා ගන්නා කඩදාසි, වෙනත් ද්‍රව්‍යය, නිෂ්පාදනය, ප්‍රවාහනය සහ පාරිභෝගික භාවිතය ඇතුළු දේ හේතුවෙන් -- පමණ වන බවයි .[1][2] රාත්තල් 0.39 සඟරාවක් නිසා අභාවයට යන්නාවූ ස්වභාවික ජීව පරිසර භව්‍යය වර්ග මීටර 0.73 (වර්ග අඩි 7.9 ) බවට ඇස්තමේන්තු ගතකොට ඇත.[3]

විකිණිමට තබා ඇති සඟරා.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "How big is Discover's carbon f?". discovermagazine.com. සම්ප්‍රවේශය 2009-03-12.
  2. ^ "Magazine?". korna.org. සම්ප්‍රවේශය 2005-10-03.
  3. ^ "Environmental impact of a magazine". ecofx.org. සම්ප්‍රවේශය 2009-03-12.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සඟරා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?