සංදේශ කාව්‍ය
කෝට්ටේ යුගයේ බිහිවූ සංදේශ කාව්‍ය
[සංස්කරණය]පරෙවි සංදේශය
[සංස්කරණය]කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය පරෙවි සන්දේශය යි. තොටගමුවේ ශ්රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී.
රාහුල හිමියන් වැඩ සිටියේ තොටගමුවේ ය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයෙනුයි. පරෙවියා සංදේශය රැගෙන යන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලයට යි. මහ රජාණෝ හයවැනි පැරකුම්බා ය.
පැරකුම්බා රජුගේ කීර්තිය තේජස වර්ණනා කරයි. පද්‍ය 230 යි.
කෝකිල සංදේශය
[සංස්කරණය]සපුමල් කුමාරයා කතා නායකයා වේ. මෙය ඔහුට යැවෙන්න කි. කතුවරයා දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය.
දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය දීර්ඝත ම සිංහල සංදේශය යි.
ගිරා සංදේශය
[සංස්කරණය]හයවන පැරකුම්බා රජතුමා සහ ලංකාද්විපය සතුරු,රෝග යක්ෂ බියෙන් ආරක්ෂාකොට දෙන මෙන් නාථ දෙවියන්ගෙන් ඉල්ලා මෙය රචනා වෙයි.
ගිරවා ගේ ගමනාරම්භය වන්නේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුරයෙන් වන අතර,ගමනාන්තය වන්නේ දකුණු පළාතේ පිහිටි තොටගමුවේ විජයබා පිරිවෙන් භුමිය යි. පද්‍ය 252යි
හංස සංදේශය
[සංස්කරණය]හංස සන්දේශයේ කතුවරයා අඥාතය. ගිරාවට පිළිතුරු වශයෙන් හංසයා දූත ගමනෙහි යෙදවූ බව පෙනේ. මෙහි කවි 204 කි.
VI වන පැරකුම්බා රජතුමන් සතුරු කරදර වලින් ආරක්ෂා කර දෙන ලෙස උපුල්වන්, කඳකුමරු, සමන්, විභීෂණ යන දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටින්නැයි වනරතන හිමියන්ගෙන් ඉල්ලීම සංදේශයේ අරමුණ වේ.
සැළලිහිණි සංදේශය
[සංස්කරණය]තොටගමුවේ ශ්රී රාහුල හිමියන් රචනා කළ සැලළිහිණි සංදේශ කාව්‍යයෙහි විභීෂණ හඳුන්වනු ලැබ ඇත්තේ දෙවියකු ලෙසට යි.
උලකුඩය යුවලට පුත් රුවනක් නොවූයෙන් නැණ ගුණ තෙද යුත් පුත් රුවනක් ලබා දෙන ලෙස අයදිමින් සැළලිහිණි සංදේශය ලියැවිණ.
රාහුල හිමි මෙවර තම අස්න ඉදිරිපත් කරනුයේ කැලණියේ විභීෂණ දෙවියන් වෙතය.
සැළලිහිණියා කැලණියේ විභීෂණ දෙවියන් වෙත යැවෙයි.
ලියැවුණු සංදේශ කාව්‍ය අතරින් වඩාත්ම ශබ්ද ධ්වනියෙන් පරිපූර්ණතම කාව්‍ය ය හැටියට සැළලිහිණිය සැලකේ.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.