For faster navigation, this Iframe is preloading the Wikiwand page for සංචාරක උරුමයන්.

සංචාරක උරුමයන්

Tatev, ආර්මේනියාව
Beiteddine මන්දිරය, ලෙබනනය
Wudang කඳු, චීනය
Giza, ඊජිප්තුව

සංස්කෘතික සංචාරක උරුමයන් (හෝ සංචාරක උරුමයන්) සංචාරක ව්‍යාපාර දක්නට ලැබෙන ස්ථානයේ සංස්කෘතික උරුමයන් දෙසට නැඹුරු වන සංචාරක ව්‍යාපාරයේ එක් ශාඛාවකි. එක්සත් ජනපදයේ ඓතිහාසික සංරක්ෂණය සදහා වූ ජාතික භාරකාර මණ්ඩලය “අතීතයේ ජනතාව සහ කතා පුවත් සත්‍ය ලෙස නියෝජන කරන ස්ථාන, කෞතුක භාණ්ඩ සහ ක්‍රියාකාරකම් අත්දැකීමට ගමන් කිරීම,” සහ “සංචාරක උරුමයන් සඳහා සංස්කෘතික,ඓතිහාසික හා ස්වාභාවික සම්පත් ඇතුළත් කළ හැක.” යනුවෙන් සංචාරක උරුමයන් අර්ථ දක්වයි.

සංස්කෘතිය

[සංස්කරණය]

16 වන සියවසයේ සිට Grand Tour  සංවර්ධනය තෙක් සංස්කෘතිය, චාරිකා වල ප්‍රධාන වස්තුවක් වී ඇති බවට සාක්ෂි දරයි. විසි වන සියවසයේ ඇතැම් පුද්ගලයින්ගේ මතය අනුව,සංචාරක ව්‍යාපාර වල අරමුණ සංස්කෘතිය විය යුතුය: දැන් සංචාරක ව්‍යාපාර යනු සංස්කෘතියයි. සෑම අතින්ම සංස්කෘතික ආකර්ෂණය, සංචාරක  ව්‍යාපාර වල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

Weiler සහ Hall ට අනුව, සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගැනීමට සංස්කෘතිය, උරුමය හා කලාව දීර්ඝ කාර්යභාරයක් ඉටු කර ඇත. කෙසේවුවත් මෑත අවුරුදු වලදී, උරුමය හා කලාව පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ‘සංස්කෘතිය’ වැදගත් අලෙවි උපකරණයක් ලෙස යළි අනාවරණය කර ඇත. Hollinshead ට අනුව, සංචාරකයින් අතර විශේෂ වීමේ ප්‍රවණතාවය වැඩි වීම හේතුවෙන් සංස්කෘතික සංචාරක උරුමයන් සංචාරක කර්මාන්තයේ වේගයෙන්ම වර්ධනය වන කොටසක් වේ. මෙම ප්‍රවණතාවය වික්‍රමයන්, සංස්කෘතිය, ඉතිහාසය, පුරා විද්‍යාව හා දේශීය ජනතාව සමඟ අන්‍යෝන්‍ය බැඳීම සොයන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රකට වේ.

විවිධ හේතූන් නිසා සංස්කෘතික සංචාරක උරුමයන් වැදගත් වෙයි; එයට ධනාත්මක ආර්ථික හා සමාජීය බලපෑමක් ඇත, එය අනන්‍යතාවය ඇති කර තව දුරටත් තහවුරු කරයි, එය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට උපකාරී වෙයි, සංස්කෘතිය සමඟ ආයුධයක් ලෙස එය ජනතාව අතර සමඟිය සහ අවබෝධය ඇති කිරීමට පහසුකම් සලසයි, එය සංස්කෘතිය පෝෂණය කරන අතර සංචාරක ව්‍යාපාර ප්‍රාණවත් කිරීමට උපකාරී වෙයි (Richards,1996). Benjamin Porter සහ Noel B. Salazar ලේඛනගත කර ඇති පරිදි, කෙසේ වෙතත්, සංස්කෘතික සංචාරක උරුමයන් එයට සම්බන්ධ වන විවිධ පාර්ශවකරුවන් අතර අවිනිශ්චිතභාවය හා ගැටුම් නිර්මාණය කරයි. (Porter and Salazar 2005).

සංස්කෘතික සංචාරක උරුමයන් වලට තිරසාර සංවර්ධනයක් උදෙසා සංස්කෘතික සම්පත් සංරක්ෂණය, සම්පත් නිවැරදිව අර්ථ දැක්වීම, අව්‍යාජ අමුත්තන් අත්දැකීම හා සංස්කෘතික සම්පත් වලින් උපාය ගන්නා ආදායම උත්තේජනය කිරීම වැනි අරමුණු ගණනාවක් ඇත. එම නිසා, සංස්කෘතික සංචාරක උරුමයන්, වටිනා උරුමයන් හඳුනා ගැනීම, කළමනාකරණය හා ආරක්ෂා කිරීම සමඟ පමණක් නොව සංචාරක ව්‍යාපාර සඳහා බලපාන ප්‍රජාව සහ ප්‍රදේශ අවබෝධ කර ගැනීම, ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලැබීම, ආරක්ෂාව සඳහා මූල්‍ය සම්පත් සැපයීම මෙන්ම අලෙවිකරණය සහ ප්‍රවර්ධනය සමඟ සම්බන්ධ විය යුතු බවත් අපට හඳුනා ගත හැක.(J.M.Fladmark, 1994)

පැරණි ඇල මාර්ග, දුම්රිය මාර්ග, සටන් බිම් යනාදිය අඩංගු වන ඓතිහාසික හෝ කාර්මික අඩවි සංචාරය කිරීම සංචාරක උරුමයන් හා සම්බන්ධ වෙයි. සමස්ත අරමුණ වන්නේ අතීතය පිළිබඳ අගය කිරීමක් ලබා ගැනීමය.

සංක්‍රමණය

[සංස්කරණය]

යටත් විජිත නිදහස් කර ගැනීම, සංක්‍රමණය වර්තමාන සංචාරක උරුමයන් සඳහා ප්‍රධාන පසුබිම සකස් කරයි.

ආගමික සංචාර හෝ වන්දනා ගමන් තවත් ආකාරයකි. ලොව පුරා බොහෝ කතෝලිකයින්, වතිකානුව සහ ලෝඩ්ස් හෝ ෆාතිමා වැනි අනෙක් ප්‍රදේශ වලට පැමිණෙති.

නාට්‍යමය ජවනිකාවක් සේ නිරූපණය කර ඇති ඓතිහාසික සිදුවීම් වලටත් සංචාරක උරුමයන් ආරෝපණය කළ හැක. උදාහරණයක් ලෙස හොල්මන් වැනි තේමාවක් යොදා ගෙන නගරයක් සංචාරය කිරීම. යම් ඓතිහාසික කාල පරිච්චේදයක සමබර දැක්මක් ඉදිරිපත් කරනවාට වඩා සංචාරක උරුමයන් ඇතැම් ඓතිහාසික සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරයි. ආර්ථිකමය වශයෙන් එම අඩවිය හා අවට ප්‍රදේශ දියුණු කිරීමට විරුද්ධව, එහි අරමුණ සෑම විටම නිවැරදි ඓතිහාසික කරුණු ඉදිරිපත් කිරීම නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක උරුමයන්, අධ්‍යාපනය, විනෝදාශ්වාදය, සංරක්ෂණය සහ ලාභ යනාදියන්ගේ සංකලනයක් ලෙස දැකිය හැක.

දේශීය ජනතාව

[සංස්කරණය]

මානව විද්‍යාව සහ මානව වංශ විද්‍යාව, ආදිවාසීන්ගේ ජීවිතය, ඔවුන්ගේ සිරිත් විරිත් සහ දේශපාලන ව්‍යුහයන් පිළිබඳ සැලකිල්ලක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකකි. පළමු ප්‍රායෝගික වැඩකරුවන් ප්‍රධාන යුරෝපීය බලවතුන්ගේ යටත් විජිතයක් පුළුල් කිරීම කෙරෙහි සැලකිල්ලක් නොදැක්වුවත්, යටත් විජිත නිලධාරීන්, ආදිවාසීන්ගේ චින්තනය තේරුම් ගැනීමට ඔවුන්ගේ සටහන්, පොත් සහ  ක්ෂේත්‍ර කටයුතු සටහන් භාවිතා කරන ලදී. ඒ මොහොතේ සිට, මානව  විද්‍යාව අනෙක් සංස්කෘතීන් සඳහා අපූරු බැඳීමක් ගොඩ නැඟුවේය. උරුමය හා යටත් විජිත සංකල්ප එකට බැඳී පවතී. Maximiliano Korstanje, බටහිර පරිකල්පනයට අනුව සාහිත්‍යය, අන්අයගේ ප්‍රතිරූපය හැඩගැස්වීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බවට තර්ක කරයි. ඉතිහාසය එළිපත්තදී, උරුමය හා පිය උරුමයහි අර්ථය, යුරෝපීය ප්‍රභූ පිරිසගේ ඇල්ම සහ යටත් විජිත කෙරෙහි ඔවුන්ගේ ඇල්ම සමඟ එක්ව පැවතුණි. සංචාරක උරුමයන් යන සංකල්පය මෑතකදී සමහර ලතින් ඇමරිකානු මානව විද්‍යාඥයන් විසින් විවේචනය කර ඇත. මෙම විප්ලවවාදී හඬ, සංචාරක උරුමයන් තුළ යම් මිනිස් කණ්ඩායම් හෝ ජනවර්ග ඉලක්ක කරන දෘෂ්ටිමය කතිකාව කෙරෙහි අවධානය යොමු කරයි. සංචාරක ව්‍යාපාරය, ගවේෂණය මත පදනම් වේ. සංචාරක උරුමයන් යනු කුමක්ද යැයි නැවත සැලකූ විට, එය නූතන ජාතික රාජ්‍යයන් විසින් ආදිවාසී කණ්ඩායම් මත යොදන දෘෂ්ටිවාදාත්මක යාන්ත්‍රණයකින් සමන්විත වේ.

සමාජ වගකීමක් ලෙස සංචාරක ව්‍යාපාරය කළමනාකරණය කිරීමට උත්සාහ කරන සියරා ලියොන්හි ජනතාවගේ කතාව

සංචාරක උරුමයන් සමඟ ඇති වන තවත් ප්‍රශ්නයක් නම්, සංචාරකයින් දේශීය ජනයාගේ භූමිය සහ සංස්කෘතිය දැකීමට පැමිණීමෙන් ඇති වන බලපෑමයි. දේශීය ජනතාව රටේ බහුතරය හෝ රටේ පාලන බලය නොවේ නම්, ඔවුන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබිය යුතු ප්‍රතිලාභ නොලබයි. උදාහරණයක් ලෙස, මෙක්සිකෝ සංචාරක කර්මාන්තය මායා දින දර්ශනයේ අවසානය පිළිබඳ පළ කළ අවසන් අනාවැකිය නිසා දියුණු වී ඇත. කෙසේ වෙතත්, මායාවරුන්, නටබුන් හා අනෙකුත් සංස්කෘතික සන්ධිස්ථාන හරහා දියුණු වූ වෙළදාමෙන් ප්‍රතිලාභ නොලබයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
සංචාරක උරුමයන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?