සංගීතයේ අර්ථ නිරූපණය
සංගීත ස්වර
ග්‍රීක දාර්ශනිකයෝ සහ මධ්‍යතන සෛද්ධාන්තිකයෝ සංගීතය යනු නාදය තිරස් ව රිද්ම ලෙස ත් සිරස් ව සුසංවාද ලෙසත් එක් කිරීම ලෙස අර්ථ දැක්වුවෝ ය. සංගීත වේදය මෙකල ට අනුව බිහිවූයේ සංගීතය යනු බොහෝ විට ශ්‍රවණයට පි‍්‍රය උපදවන පටිපාටිගත ක්‍රමවේදයක් යන අරුත මත සිට ය. කෙසේවුවද 20 වන සියවසේ සංගීතඥයෝ සංගීතය ඇසීමට ප්‍රිය විය යුතු යැයි යන මතයට අභියෝග කරමින් වඩාත් අමිහිරි හා රළු නාදරටා ගවේශණය කළෝ ය. අද දක්නට ඇති ඩෙත් මෙටල් හෝ ග‍්‍රයින්ඞ් කෝර් වැනි සංගීත රටා වඩාත් කටුක නාද රටා පවා පේ්රක්ෂකයා පෙළඹෙන්නේ නම් සංගීතය ලෙස වර්ග කළ හැකි බව පෙන්වා දෙයි.
විසි වන සියවසේ සංගීතඥයෙකු වූ ජෝන් කේජ් සංගීතය ප්‍රියමනාප හෝ තේරුම් ගත හැකි නාද රටා වලින් සමන්විත විය යුතුය යන මතයට එකඟ වූයේ නැත . අප ශ්‍රවණය කරන සියලූ ශබ්ද සංගීතය බවට පත්කරලිය හැකි යැයි ඔහු තර්ක කළේ ය. "ශබ්ද කියා දෙයක් නැහැ. තිබෙන්නේ ධ්වනිය පමණයි" ඔහු කියා සිටියේ ය. සංගීතවිශේෂඥයෙකු වූ ජෝන් ජාක්ස් නැට්යෙස් මෙසේ ප්‍රකාශ කර තිබේ. "සංගීතය සහ ශබ්දය අතර සීමාව සෑම විටම සංස්කෘතියෙන් තීරණය කර තිබෙනවා. එකම සමාජයක වුනත් මෙම සීමාව එකම තැන නොරැඳෙන්න පුලූවන්. කෙටියෙන් කිවහොත් මේ සම්බන්ධයෙන් එකඟත්වයක් දකින්න ලැබෙන්නෙ නැති තරම්. කුමන ආකාරයෙන් ගත්ත ත් කිසිම තනි සබුද්ධික විශ්වීය අර්ථ නිරූපණයක් සංගීතය සම්බන්ධයෙන් නැහැ".
නිර්මාණකරණය රඟ දැක්වීම හා සංගීත අර්ථ නිරූපණය පවා සංස්කෘතික හා සමාජයීය රාමු වලට අනුව වෙනස් වෙයි. සංගීතය ඉතාමත් ක්‍රමානුකූලව සංවිධිත වූ සුසංයෝජන වල සිට නිරායාස සංයෝජන හරහා අහඹු ආකෘති දක්වා දිවෙ යි. සංගීතය විවිධ ප්‍රභේද සහ අනු ප්‍රභේද වලට බෙදිය හැක. කෙසේ වුවද මෙම විභේදන වල සීමා මායිම් සහ සම්බන්ධතා බොහෝ විට අපහැදිලි වන අතර ඇතැම් විට ආන්දෝලනාත්මක ඒක පුද්ගල මතවාද වලට විවෘත වෙයි. කලාව තුල සංගීතය යන්න ප්රසාංගික කලාවක් ලලිත කලාවක් හෝ ශ්‍රාව්‍ය කලාවක් ලෙස වර්ගකළ හැකි ය.
References
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.