For faster navigation, this Iframe is preloading the Wikiwand page for ෂයිනී.

ෂයිනී

ෂයිනී
ස්වදේශික නමShinee
මෙලෙසින් ද හැඳින්වේකේ පොප් කුමාරවරු
සම්භවයසෝල්, දකුණු කොරියාව
ප්‍රභේද
  • K-pop
  • J-pop
  • R&B
  • Hip hop
  • EDM
සක්‍රීය වර්ෂ2008-වර්තමානය
ලේබල
  • SM
  • Virgin
  • EMI
වෙබ් අඩවියhttps://shinee.jp/
සාමාජිකයින්ටේ-මින්

ඕනිව්

මින්-හෝ

කී
අතීත සාමාජිකයින්ජොන්ග්හ්යුන්

ෂයිනී (කොරියානු: 샤이니; ඉංග්රීසි: Shinee) SM's Entertainment විසින් පිහිටුවන ලද දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමකි. ඔවුන් "කේ පොප් කුමාරවරු" යන නාමයෙන් ද හඳුන්වයි. කණ්ඩායම වර්තමානයේ සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත වේ: ටේ-මින් (Taemin), ඕනිව් (Onew), මින්-හෝ (Minho), කී (Key). ආරම්භයේ දී කණ්ඩායමේ සාමාජිකයින් පහක් සිටියේ ය. ඔවුන්ගේ පස්වන සාමාජිකයා ජොන්ග්හ්යුන් 2017 දෙසැම්බර් මාසයේ දී මිය ගියේය.

ෂයිනී 2008 මැයි මාසයේදී ඔවුන් SBS නාලිකාවේ හි Inkigayo වැඩසටහනෙහි ඔවුන්ගේ පළමු ගීතය වන Replay ඉදිරිපත් කළේ ය. එය ඔවුන්ගේ මංගල වේදීකාවයි. එයත් සමග ෂයිනීගේ විලාසිතා පාසල් සිසුන් අතර ජනප්‍රියත්වයට පත් විය. 2008 අගෝස්තු මාසයේදී, කණ්ඩායම ඔවුන්ගේ පළමු කොරියානු චිත්‍රාගාර ඇල්බමය වන "ද ෂිනී වර්ල්ඩ්" (The SHINee World) නිකුත් කළ අතර එය 23 වැනි ගෝල්ඩන් ඩිස්ක් සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවක ඇල්බමය දිනා ගත්තේය. "රින්ග් ඩිං ඩොං" (Ring Ding Dong) සහ "ලුසිෆර්" (Lucifer) වැනි ගීත සමඟින් ෂයිනී දකුණු කොරියානු සංගීත ක්ෂේත්‍රයේ තවදුරටත් ජනප්‍රියත්වය තහවුරු කර ගත්තේ ය. "රින්ග් ඩිං ඩොං" කොරියානු සංගීත ප්‍රස්ථාර කිහිපයකම ඉහළින්ම සටහන් වූ අතර එය ආසියාව පුරා වඩාත් ජනප්‍රිය විය. "ලුසිෆර්" 2010 දී Mnet Asian Music Awards හි හොඳම නර්තනය සඳහා වන සම්මානය සඳහා නිර්දේශ වූයේ ය. 2012 දී කණ්ඩායම "ෂර්ලොක්" (Sherlock) නිකුත් කරන ලද අතර එය පිටපත් 200,000 කට වඩා අලෙවි වූ අතර වසරේ වඩාත්ම අලෙවි වූ පස්වන ඇල්බමය බවට පත්විය. මෙම කණ්ඩායම 2014 දී වරක් සහ 2016 දී කිහිප වතාවක්ම  Forbes Korean Power Celebrity (ෆෝබ්ස් කොරියානු බල කීර්තිමත්) ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

2011 මැද භාගයේදී, ජපන් සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට ෂයිනී EMI Records Japan සමඟ අත්සන් කළේ ය. ඔවුන්ගේ ප්‍රථම ගීතය වන "Replay" හි ඔවුන්ගේ ජපන් අනුවාදය පිටපත් 100,000 කට වඩා අලෙවි වූ අතර එය එවකට දකුණු කොරියානු කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ජපන් මංගල ගීතයක් සඳහා වූ වැඩිම විකුණුම් සංඛ්‍යාව විය. ඉන් පසුව 2011 දෙසැම්බර් 7 වන දින ඔවුන්ගේ පළමු ජපන් චිත්‍රාගාර ඇල්බමය වන ද ෆස්ට් (THE FIRST) - පිටපත් 100,000 කට වඩා අලෙවි කිරීම හේතුකොට ගෙන RIAJ විසින් රන් සහතිකය ලබා දෙන ලදී. 2011 දී, කණ්ඩායම ඔවුන්ගේ ජපන් මංගල වාරික පිළිගැනීමේ උත්සවය ලන්ඩනයේ ඇබි රෝඩ් (Abbey Road Studios) චිත්‍රාගාරයේදී  පැවැත්වූ අතර, එහි ප්‍රසංග කළ පළමු ආසියානු කලාකරුවන් බවට ද පත් විය. වසර දෙකකට පසුව ඔවුන් ඔවුන්ගේ දෙවන ජපන් ඇල්බමය Boys Meet U (2013) නිකුත් කළ අතර, පසුව I'm Your Boy (2014), D×D×D (2016) සහ Five (2017) යන ඇල්බම් නිකුත් කරන ලදී.

ෂයිනී කේ-පොප් හි හොඳම සජීවී වාචික කණ්ඩායම ලෙස සලකනු ලබන අතර ඔවුන්ගේ නර්තනය සඳහා Mnet Asian Music Awards හි හොඳම නර්තනය සඳහා පිට පිට තුන් වතාවක් සම්මානය ලබා ඇති අතර, ඔවුන් ඉතා සමමුහුර්ත සහ සංකීර්ණ නර්තන චර්යාවන් සඳහා ප්‍රසිද්ධය.

කණ්ඩායමේ නාමය වන Shinee යනු අලුතින් නිර්මාණය කරන ලද වචනයක් වන අතර එය බැබළීම යන අර්ථය ඇති අතර, ee යන උපසර්ගයේ එකතුව නිසා එහි අර්ථය "බබළන තැනැත්තා" වැනි අර්ථයක් ලබාදේ.

සාමාජිකයින්

[සංස්කරණය]

2017 දෙසැම්බර් 18 වන දින, ජොන්ග්යුන් වයස අවුරුදු 27 දී කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් සියදිවි නසාගැනීමෙන් මිය ගියේය. ජොන්ග්යූන්ගේ මරණයෙන් පසුව, ෂයිනී සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස දිගටම කටයුතු කළ අතර, ඉතිරි සාමාජිකයින් ඔවුන්ගේ හමුදා සේවය සම්පූර්ණ කළේය. ඕනිව් 2018 දෙසැම්බරයේ හමුදාවට බැඳුණු අතර 2020 ජූලි 8 වෙනිදා නිදහස් කරන ලදී. කී 2019 මාර්තු 4 වෙනිදා ලියාපදිංචි වූ අතර 2020 සැප්තැම්බර් 24 වෙනිදා නිදහස් කරන ලදී. මින්හෝ 2019 අප්‍රේල් 15 දින ලියාපදිංචි වූ අතර 2020 නොවැම්බර් 15 දින නිදහස් කරන ලදී. ටේ-මින් හමුදාවේ අවසන් සාමාජිකයා වන අතර, 2021 මැයි 31 දින බඳවා ගන්නා ලදී.

වත්මන් (ක්‍රියාකාරී සාමාජිකයින්)
[සංස්කරණය]
  • ඕනිව්
  • මින්-හෝ
  • කී
වත්මන් (අක්‍රිය සාමාජිකයන්)
[සංස්කරණය]
අතීත සාමාජිකයන්
[සංස්කරණය]
  • ජොන්ග්හ්යුන්

සංචාර

[සංස්කරණය]
ආසියානු සංචාර
[සංස්කරණය]
  • ෂයිනී වර්ල්ඩ් (2010–2011)
  • ෂයිනී වර්ල්ඩ් II (2012)
  • ෂයිනී වර්ල්ඩ් IV (2015)
ලෝක සංචාර
[සංස්කරණය]
  • ෂයිනී වර්ල්ඩ් III (2014)
  • ෂයිනී වර්ල්ඩ් V (2016–2017)
ජපන් සංචාර
[සංස්කරණය]
  • ෂයිනී වර්ල්ඩ් 2012 (2012)
  • ෂයිනී වර්ල්ඩ් 2013 ~Boys Meet U~ (2013)
  • ෂයිනී වර්ල්ඩ් 2014 ~I'm Your Boy~ (2014)
  • ෂයිනී වර්ල්ඩ් 2016 ~DxDxD~ (2016)
  • ෂයිනී වර්ල්ඩ් 2017 ~Five~ (2017)
  • ෂයිනී වර්ල්ඩ් ද බෙස්ට් 2018 ~From Now On~ (2018)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ෂයිනී
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?