For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රීලංකන් ගුවන් සේවය.

ශ්‍රීලංකන් ගුවන් සේවය

ශ්‍රීලංකන් එයාලයින්ස්
IATA
UL
ICAO
ALK
Callsign
SRILANKAN
ආරම්භය 1979 (එයාර් ලංකා නමින්)
මෙහෙයුම් ආරම්භකල දිනය 1979 ජූලි
මධ්‍යස්ථාන
Frequent-flyer program ෆ්ලියිස්මයිල්ස්
Airport lounge සෙරන්ඩිබ් ලොජ්
ගුවන්සේවා සන්ධාන වන්වර්ල්ඩ් (2013)
Subsidiaries ශ්‍රීලංකන් කේටරින් සමාගම
යානා ප්‍රමාණය 27
ගමනාන්ත 61 (+13 අපේශිත)
ආදර්ෂ පාඨය අපේ මුඵ ලොවම ඔබයි
මූලස්ථානය ගුවන්තොටුපළ මධ්‍යස්ථානය,
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ,
කටුනායක, ශ්‍රී ලංකාව
ප්‍රධාන පුද්ගලයින් රංජිත් ෆනෑන්ඩු (සභාපති),
අශෝක් පතිරගේ (ප්‍රධාන විධායක නිළධාරි)
වෙබ් අඩවිය srilankan.com

ශ්‍රී ලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයයි. මෙය ආසියාව, යුරෝපය සහ මැද පෙරදිග බලා යන ගුවන්යානා වලින් සමන්විත වේ. ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ප්‍රධාන ගුවන් තොටුපොල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. මෙහි වෙළද පාඨය "අපේ මුඵ ලොවම ඔබයි" යන්නයි. වෙළද ලාන්ඡනය සඳහා ඇත්තේ හැඩ ගැන්වූ දඬුමොනර රූපයකි. මිහින් ලංකා ගුවන් සේවයද මෙයට අයත් ගුවන් සේවයකි. [[2]]

ඉතිහාසය

[සංස්කරණය]

එයාර් සිලෝන් නම් ගුවන් සේවය 1978දී බංකොලොත්වූ පසු 1979 ජුලි මස එයාර් ලංකා නම් ගුවන් සේවය පිහිටවනු ලැබීය.සින්ගප්පූරු ගුවන් සේවයෙන් බදු දි ගත් බෝයින් 707 ගුවන් යානා 2න් එයා ලංකා ගුවන් සේවය ඇරඹ්න. 1980 දි ගමනාන්ත සහ ගුවන් යානා සංඛ්‍යාව පුලුල් කරන ලදී. 1990 දී එයාර් ලන්කා ගුවන් සේවය ගමනාන්ත 26ක් දක්වා විහිදුවා හරිනු ලැබීමෙන් අනතුරුව 1992 දෙසැම්බර් මස ගුවන් බස් A320 මිලදී ගත්තේය. එයාර් ලන්කා ගුවන් සේවය අඩක් ශ්‍රී ලන්කා ආණ්ඩුවටත් ඩුබායි එමිරේට්ස් පුද්ගලික සමාගමත් සමග වසර 10 ක කාලයක් සදහා 1998 දී අත්සන් තැබින. ඒ අනුව බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ ගොඩබිම් පාලනය හා ආහාර සැපයුම් සේවයේත් වසර 10ක අයිතිය ඔවුන් සතු විය. එමිරේට්ස් සමාගම ඇ.ඩො. මිලියන 70 ක වටිනාකමින් යුත් 40% ක කොටස් (පසුව 43% දක්වා නැන්වූ මිල දී ගෙන, එම ගුවන් සේවයේ ප්‍රතිරූපයත් ගුවන් යනාවන්ගේ තත්වයත් ඉහල නැන්වීය. ශ්‍රී ලන්කා ආන්ඩුව හට කොටස් වලින් බහුතරයක් ඔවුන් සතු වු නමුත් ඔවුන් ආයෝජනය හා කලමනාකරණ තීරණ ගැනීමට එමිරේට්ස් සමාගම පූර්ණ අයිතිය ලබා දින. 1998 ඒයාර් ලන්කා නමින් වූ පාඨය වෙනුවට ශ්‍රී ලන්කන් ගුවන් සේවය නමින් නැවතත් ඔවුන්ගේ ගමන ඇරඹ්ණ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම A340-300 සහ A320-200 යානාවන් සමග තවත් වර්ගයේ ගුවන් බස් 6ක් මිලදී ගැනින. 1999දී A330-200 ගුවන් බස් කිහිපයක් ද එක් කරගන්නා ලදී. 2008 දී ශ්‍රී ලංකා රජය නැවතත් ගුවන් සේවයේ සියලු කොටස් තමන් වෙත මිලදී ගනු ලැබිණි.

ශ්‍රීලංකන් එයාලයින්ස් A340-300
ශ්‍රීලංකන් එයාලයින්ස් A330-200
ගොනුව:Airbus A330-200 - SriLankan Airlines (4R-ALH).JPG
ශ්‍රීලංකන් එයාලයින්ස් "Oneworld" A330-200.

ලාංඡනය

[සංස්කරණය]

එයා ලංකා සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලාන්ඡන සඳහා දඬුමොනරා නමින් මොනරකු යොදා ගැනීමට හේතු වී ඈත්තේ අතීතයේ ලක්දිව රාවණා රජ සහ විභීෂණ රජ ගුවනින් ගමන් කිරීමට යොදා ගත් යානය දඩුමොණර නමින් හැඳින්වීමයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෙසින් ඔවුන්ගේ වෙළද නාමය වෙනස් කිරීමත්, ලාන්ඡනය වෙනස් කිරීමත් කෙරෙහි දැඩි විරෝධයක් පළවිය. එම විරෝධයට මූලික වු කරුණ වුයේ ශ්‍රී ලන්කවේ ජනතාව අතර එයාර් ලන්කා නාමය ජනාදරයට පත් වී තිබීම වේ. සුපුරුදු ලාන්ඡනයෙන් බැහැර වී නව ලාන්ඡනයේ සිටින මොණරා ගුවන් යානයෙන් පිටතට පියාඹා යන ස්වරූපය ගුවන් සේවය හට අසුභදායක නිමිත්තක් විය හකි බව බොහො දෙනාගේ මතය විය. පෙර පැවති ලාන්ඡනයේ සිටි මොනරා ගුවන් යානය වෙතට මුහුණ යොමා තිබිණ.

ගමනාන්ත

[සංස්කරණය]

2013 ජූලි මාසය වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලොව වටා රටවල් 34ක් පුරා ගමනාන්ත 64ක් දක්වා ගමන් කරයි.එමෙන්ම එම ගුවන් සේවය මාලදිවයිනේ ප්‍රධානම විදේශීය ගුවන් ගමන් සපයන්නාද වේ.අවම වශයෙන් මාලේ හා කොළඹ අතර සතියට ගමන්වාර 38 ක් පවත්වනු ලබනවා.වසර 10 කටත් වඩා වැඩි කාලයන් ඇණහිටි ඹ්ස්ට්‍රේලියාවේ සිඩ්නි දකිවා සිදු කල ගමන නැවත ඇරඹීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.[1]

භාණ්ඩ ප්‍රවාහනය

[සංස්කරණය]

2006 වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහන යානා කිහිපයකටම හිමිකම් කියනු ලැබිණ.

ඇන්ටනොවු 2 – AN-12 තවදුරටත් මගී ප්‍රවාහන ගුවන් යානා තුලද භාණ්ඩ ප්‍රවාහනය සිදු කරණු ලැබේ. 2008 අප්‍රියෙල් මස වන විට ගුවන් යානාවන්ගේ සාමාන්‍යය අගය 12.1 වේ.

ඇතුලාන්තය

[සංස්කරණය]

ශ්‍රී ලන්කන් ගුවන් සේවය චිත්‍රපටි 18ක්, ගුවන් විදුලි සේවා 22ක්, වාණිජ පන්තිය සදහාත් වෙනත් භාෂාවන්ගෙන් සමන්විත චිත්‍රපටි 30 ක් පළමු පන්තිය සදහාත් සපයනු ලබයි. එම පන්ති 2ක සදහාම චන්ද්‍රිකා දුරකතන පහසුකම ගුවන් යානා තුල සිටින අනෙකුත් මගීන් සදහාද අයකිරීමකින් තොරව සපයනු ලබයි. සෞඛ්‍ය හේතූන් සහ ආගමික හේතූන් මත ආහාර උවමනාවන් වෙනස් වන මගීන් හට ඔවුන් කැමති ආහාර වෙන් කරවා ගැනීමේ පහසුකමද සපයනු ලැබේ. පලමු පන්තියේ මගීන් හට විශේෂ ආහාර වේල් කලින් වෙන් කරවා ගැනීමේ පහසුකම ද මෙම ගුවන් සේවය සපයා ඇත.

[3]

ආහාර සැපයුම

[සංස්කරණය]
ගොනුව:AP2010 Sri Lankan Catering.jpg
ශ්‍රීලංකන් කේටරින් ආයතනයේ ලාංඡනය
ගොනුව:1327169561625.jpg
විවිධ ආහාර වර්ග

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වල මගීන් සදහා වු ආහාර සැපයීමේ වගකීම එහි සභාපති තුමන්ගේ අනු දැනුම යටතේ ශ්‍රීලංකන් කේටරින් ආයතනයෙන් සිදුවේ. එම ආහාර සපයුම වෙනත් විදේශ ගුවන් සේවා කිහිපයක් සදහා ද සිදු කරනු ලබයි. (ගල්ෆ් ගුවන් සේවය, කැතේ, සින්ගපූරු, හා එමිරේට්ස්) ඔවුන්ගේ ආහාර සැපයුම 15,000 ගුවන් මගීන්ගේ ආහාර උවමනාව සපුරාලීමට සමත්වේ.

විනෝදාංශ

[සංස්කරණය]

නවතම හොලිවුඩ්, ඉන්දියානු සහ පැරණි චිත්‍රපටි ශ්‍රී ලංකන් ගුවන් සේවය සපයනු ලබයි. තව දුරටත් විකට, කලා, නාට්‍ය, ක්‍රීඩා හා ළමා රූපවාහිනී නාලිකාවන් වලින් ද සමන්විත වේ. එහි ඇති QUEST නාලිකාව මගින් ලෝක ගවේශනය, අධ්‍යාපනික වැඩසටහන්, විශ්වය හා සාගරය පිළිබද වැදගත් වැඩසටහන් රාශියකින් දැනුම හ ව්නෝදය සපයනු ඇත.

CTV යනු ළමුන් සදහා ම වෙන්වු ශ්‍රී ලංකීය නාලිකාවකි. එහි විකට සහ කාටූන් වැඩසටහන් ඇතුලත්ව ඇත. තව දුරටත් ලොව පුරා ඇති රේඩියෝ නලිකා 22ක වින්දනයද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සපයා ඇත. එහි ඇතුලත්ව ඇති යුරෝපීය ගීත එකතුවත්, ශාස්ත්‍රීය,ශ්‍රී ලන්කාව, අරාබිය, ඉන්දියාව සහ ජපානයේත් ජනාදරයට පත් වූ සංගීත එකතුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවා නාලිකාව සපයා ඇත.

ෆ්ලියිස්මයිල්ස්

[සංස්කරණය]

මෙය නිතර ගුවනේ සැරිසරන මගීන් සදහා වූ විශේෂ වැඩසටහනකි. මෙයට පෙර එමිරේට්ස් ගුවන් සේවයේ නිතර ගමන් කල මගීන් සදහා පැවති වැඩසටහනක් වු "ස්කයිවර්ඩ්ස්" ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහාද අදාලවූ අතර 2008 මර්තු මස 31 වනදායින් බිදවැටුනු ගිවිසුමත් සමග එය අවසන් විය.

සිදුවීම් සහ අනතුරු

[සංස්කරණය]

1986 මැයි මස 3වන දින දෙමළ කොටි සන්විධානය විසින් UL 512 වන ගුවන් යානය ගුවන් ගත කිරීමට මොහොතකට පෙර කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී පුපුරවා හරිනු ලැබීය. මෙය ගුවනේදී පුපුරුවා හැරීමට සැලසුම් කළද එයට පෙර මගීන් 128 දෙනෙකුගෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ගොඩ බිමදීම පිපිරුවා හැරිණ. එම ගුවන් යානයේ මාලදිවනට ප්‍රවාහනය කිරීම සදහා එළවලු සහ මස් බහාලුම් තිබූ බවත් ඒ තුළ බෝම්බය සගවා තිබූ බවත් නිල ආරන්චි මාර්ග පවසයි. තවත් පිරිසක් එය ගුවන් යානයේම බද කොටසේ සගවා තිබූ බවටද සැක පළකර සිටී.

2001 ජූලි මස 24වන දින දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින්ම කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී ගුවන් යානා 26ක් විනාශ කිරීමට මරාගෙන මැරෙන කොටින් යොදා ගනිමින් පහරක් එල්ල කෙරිණ. එම පහරේදී ගුවන් බස් A340-300, A330-200 විනාශයට පත් විය. තව දුරටත් A320-200 සහ A340-300 ගුවන් යානා මෙම පහරින් හානියට පත් විය.ශ්‍රී ලන්කා ගුවන් හමුදාවේ සෙබලුන් 6දෙනෙක්, එක් විශේෂ කාර්යි බලකායයේ සෙබලෙක් සහ කොටි සන්විධානයේ 8දෙනෙකු මරුමුවට පත් විය.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

උපන්‍යාස

[සංස්කරණය]
  1. ^ [1][permanent dead link], මව්බිම,ජූලි 3, 2013
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රීලංකන් ගුවන් සේවය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?