For faster navigation, this Iframe is preloading the Wikiwand page for කීර්ති ශ්‍රී රාජසිංහ රජ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ

කීර්ති ශ්‍රී රාජසිංහ රජු
සිංහලේ රජ
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ වැලිවිට ශ්‍රී සරණංකර හිමි
රාජ්‍ය සමය1747 අගෝස්තු 11 - 1782 ජනවාරි2
අභිෂේකය1750
පූර්වප්‍රාප්තිකයාවිජයරාජසිංහ රජු
අනුප්‍රාප්තිකයාරාජාධි රාජසිංහ රජු
වල්ලභයානාඩුකට්ටු සාමි නායක්කර්ගේ දියණිය, තවත් නායක්කර් කුමරියන් තිදෙනෙක් සහ යකඩ දෝලිය
දරුවන්පුතුන් දෙදෙනෙක් සහ දූවරු සයදෙනෙක්
වංශයමහනුවර නායක්කාරවරු
පියානාරෙනප්පා නායක්කර්

කීර්ති ශ්‍රී රාජසිංහ යනු විජයරාජසිංහගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයාය. ඔහු පැමිණියේ 'මදුරෙයි' නගරයෙනි. ඔහු සිහසුනට උරුමකම් ලැබූ තවත් මස්සිනා කෙනෙකු වූයේ එපරිද්දෙනි. එමෙන්ම ඔහු දකුණු ඉන්දීය රජ පෙළපතේ දෙවැන්නාය. කීර්ති ශ්‍රී රාජසිංහ ඔහුගේ මස්සිනාගෙන් පසු රජු බවට පත් වන විට සියුමැලි තරුණයෙකි. ඔහුට සිහසුනේ උරුමය ලැබුණේ 1751 වර්ෂයේදී ය.

ඔහුගේ පාලන යුගයේ මුල් කාලය, කැප කළේ සාහිත්‍යය සහ ආගමික කටයුතුවල අභිවෘද්ධිය පිණිසයි. ලන්දේසීන්ගේ ද උදව් ලබාගෙන බුද්ධාගමේ දියුණුව සඳහා සියමෙන් (තායිලන්තයෙන්) භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත්තේය. මහනුවර රජමහා විහාරය (ගංගාරාමය) තැනවූයේය. දන්ත ධාතුන් වහන්සේ උදෙසා දැනට දක්නට තිබෙන ඇතුළු විහාරයක් ද තනවා සිව්වැනි වික්‍රමබාහු රජුගේ සිට ඔහුගේ රාජ්‍ය කාලය දක්වා මහාවංශයේ විස්තරය සම්පූර්ණ කිරිමට ද කටයුතු යෙදුවේය.

ලන්දේසි බලකොටුවලට පහර දීම

[සංස්කරණය]

1761 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ සහ ඌරුබොක්ක යනාදී ස්ථානවල පිහිටි ලන්දේසි බලකොටු සහ මුර පලවල්වලට පහර දී ඒවා විනාශ කොට ලන්දේසීන් ඝාතනය කළේය. යටත් වූ අය සිර ගත කළහ.

මෙම අවමානයට පළිගැනීමක් වශයෙන් නව ආණ්ඩුකාරයා ලෙස පත් වී පැමිණි වැන් එක්, මහනුවරට පහර දීම සඳහා කඩිනමින් සැළසුම් කළේය. එහෙත් ආරක්ෂක උපක්‍රම සහ සේනාවන්ගේ දුර්වලත්වය හේතුවෙන් ආක්‍රමණය සාර්ථක නොවීය. නැවතත් ඔව්හු 1764 දී සහ 1765 දී ද පහර දුන්හ. 1763 වර්ෂයේ මුල ලන්දේසීහු තමන්ගේ බලය තහවුරුකර ගැනීමේ පමණක් යෙදී සිටි අතර ඔවුන් යටත් කර ගත් ප්‍රදේශවලින් උඩරට වැසියන් ක්‍රමයෙන් පලවා හරිමින් සිටියහ. 1763 වර්ෂය පුරා දිගටම සාමය අපේක්ෂා කරමින් රජතුමා ඔහුගේ නියෝජිතයින් ලන්දේසීන් වෙත යැව්වේ කොන්දේසි සාකච්ඡා කිරීම සඳහාය. රජු විසින් තුන් කෝරළය, හතර කෝරළය සහ හත් කෝරළය සහ පුත්තලම පවරා දී මුහුදු බඩ පෙදෙස් සම්පූර්ණයෙන්ම භාර දෙනු ඇතැයි ලන්දේසි ආණ්ඩුකාරයා බලාපොරොත්තු විය. එහෙත් රජතුමා මෙම ඉල්ලිම්වලට එකඟ කරවා ගත නොහැකි විය. ඔහුගේ රාජ්‍යයේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කිරිමට රජු එකඟ නොවීය. රජු එකඟත්වයට පැමිණීම හිතා මතාම ප්‍රමාද කළේය. එසේ කළේ මදුරාසියේ සිටි ඉංග්‍රීසීන්ගේ උදව් ලැබේ යයි බලාපොරොත්තුවෙනි. 1762 දී ඔහු ඒ සම්බන්ධයෙන් ජෝන් පයිබස් සමග සාකාච්ඡා සහ අදහස් හුවමාරු කරගෙන තිබුණේය.

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
උපත: ? ? මරණය: 2 ජනවාරි 1782
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
විජය රාජසිංහ
මහනුවර රජ
11 අගෝස්තු 1747–2 ජනවාරි 1782
අනුප්‍රාප්තික
ශ්‍රී රාජාධි රාජසිංහ
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?