For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රි ලංකාවේ මැටි මුර්ති.

ශ්‍රි ලංකාවේ මැටි මුර්ති

කිසියමි ඡිව අඡිව වස්තුවක හෝ මනසින් ගොඩ නගා ගත් චිත්ත රුපයක බාහිර හැඩය හෝ ස්වරුපය මුර්තියක් ලෙස හැදින්විය හැකි අතර මේ සදහා පෂාන වර්ග , ලෝහ,මැටි, ලි ඇත් දත් විවිධ බදාම වර්ග මධ්‍ය වශයෙන් භාවිතා කරනු ලැබේ. මෙකි මාධ්‍ය අතරින් මැටි භාවිතා කර මිනිසා විසින් නිර්මාණය කරනු ලැබු හා ඔවුන් ව්සින් අනුදත් පැරණි මුර්ති කලාව ලෙස මැටි මුර්ති හදුන්වා දිය හැක. මැටිවල ඇති නම්‍යශිලි භාවය , පහසුවෙන් ලබා ගැනිමට ඇති හැකියාව, වියලුණු විට ඇතිවන ශක්තිමත් භාවය යන සාධක මේ සදහා පිටුවහලක් විය. මැටි මුර්තින් ප්‍රධාන වශයෙන් කොටස් 02 බෙදිය හැක.

  • ඡන ආගමික ඇදහිලි විශ්වාස සදහා යොදා ගත්මුර්ති
  • සමිභාව්‍ය ගනයේ මුර්ති

මේ අතරින් පැරණි මැටි මුර්ති ඡන ආගමික ඇදහිලි විශ්වාස ගණයට අයත් වේ.මැටි මුර්ති වල පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබද කථා කිරිමේදි සිගිරිය, දඹුල්ල වැනි ප්‍රදේශයන්හි පවතින මැටි මුර්ති පිළිබදව අවධානය යෙමු කර ඇත.1921දි ප්‍රථමයෙන් මැටි මුර්ති පුත්තලමෙන් සොයා ගත්අතර 1924දි අරිප්පු වලින්ද 1940 තමිබෝව ප්‍රදේශයෙන්ද 1953 මරදන්කඩුවෙන්ද, සිගිරියට ආසන්න ඉලුක්වැව ප්‍රදේශයෙන්ද මෙම මැටි මුර්ති සොයා ගෙන ඇත.නමුත් ශ්‍රි ලංකාවේ මුටි මුර්තින් පිළිබද කරන ලද පර්යේෂණ අඩු වශයෙන් පවතින අතර මෙම කලාව පිළිබද විද්වත් මතයන් සලකා බැලිමේදි පෙනි යන කරුන වන්නේ මේ සමිබන්ධව පවතින වාස්තු විද්‍යාත්මක දත්ත නොමැති විම මෙයට ප්‍රධාන හේතුව බවය.


මැටි මුර්ති වල කාලය

[සංස්කරණය]

මේ පිළිබදව විවිධ පුරා විද්‍යාඥයින් ඵක් ඵක් මතයන් ගෙන එයි. මෙම ද්‍රව්‍යයන් ඉදිරිපත් කළ දිනයන් සදහන් වි නොමැති විම නිසා මේ කලා නිරමාණයන් වල පුරා විද්‍යඥාත්මක අධ්‍යයන්ට මෙය අවාසි සහගත ලෙස බලපා ඇත. එනමුත් මැටි මුර්ති පිළිබදව විවිධ පුරා විදඥයන් එක්එක් මතයන් ගෙන එයි.

මැටි මුර්ති ක්‍රි.ව 2වන සියවසට අයත් බව පි.ඉ.පි දැරණියගල මහතා පවසන අතර ඔහු එසේ පවසන්නේ ක්‍රි.ව 2වන සියවසට අයත් රෝම කාසියක් තමිබෝව ප්‍රදේශයෙන් සොයා ගැනිමත් සමගය.

K.H.ඡයතිලක (1983)දී මැටි දුව්‍ය සමග පැවති චාරිත්‍රයන් බුද්ධත්වයට පෙර පැවති ඒවා බව සදහන් කරයි.කාලවකවානු 02ක් යටතේ ඔහු මේ ‍බේදිම සිදු කරනු ලබයි.

1.බුද්ධත්වයට පෙර අයත් ද්‍රවයන්

2.බුද්ධත්වය හදුන්වා දුන් කාලයට අයත් ද්‍රව්‍ය

නමුත් බණ්ඩාරනායක මහතා පවසන්නේ වියලි කලාපයේ සොයා ගත් මැටි ද්‍රව්‍යය තදින් පිලිස්සි නොමැති බැවින් පොළොන්නරු යුගයට පසු එන ඡන සංස්කෘතියකින් බිහිවු එවා බවයි.

මැටි මුර්ති පිළිබදව කරන ලද පර්යේෂණ

[සංස්කරණය]
  • මෙම කලාව පිළිබදව මුලින්ම අවධානය යොමු කලේ H.M Hocart පුරාවිදඥයාය.සමිභාව්‍ය කලා කෘතීන් ගණයෙහි ලා සැලකිය නොහැකි වූ සමහර විකාර මැටි මූර්ති ඔහු හැඳින් වූයේ යක්ෂ නමිනි. Hocart විසින් මැටි මූර්ති පැවතුනු අරිප්පු ප්‍රදේශය අවට තවත් ස්ථානයක් සොයා ගත් අතර ජෝන් ස්ටිල් විසින් සොයා ගත් පුත්තලම හා තල්ගස් වැව ප්‍රදේශ දෙක පිළිබඳව ද ලියන ලදි.
  • A.M Hocart ගෙන් පසු මෙම විෂයය පිළිබඳ ව අදහස් දැක් වූයේ P.E Deraniyagala මහතාය. Ferrolithic or Early Historic Teracatta Stauary and a cist from ceylon, spolia Zeylanica 1953 නැමැති තම්බෝව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද මැටි මූර්ති පිළිබඳ ව මේ ලිපිය පදනම් විය. සියලු පර්යේෂණයන්ට අනුව ඔහු පවසන්නේ සියලු මැටි මූර්ති පැහැදිළිවම තම්‍බෝව මරඩමඩුව සංස්කෘතියට අයත් බවය.
  • මීට අමතර ව 1957 ශ්‍රී ලංකාවේ වාර්ෂික පුරාවිද්‍යාත්මක සමීක්ෂණ වලින් ඉලුක් වැව ප්‍රදේශයේ මැටි මුර්ති පිළිබඳබව දක්වන ලද අතර ශ්‍රී ලංකාවේ තම්බෝව හා මරඩමන් මඩුව සංස්කෘතික වාර්තාවලින් දැරණියගල මහතා මෙම විෂය පිළිබඳව තව දුරටත් අදහස් දක්වනු ලැබීය.
  • K.H.Jayatilleke ,1983 දී තම උපාධිය සඳහා සකස් කරන ලද ලංකාවේ මැටි කර්මාන්තය යන නිබන්දනය මගින් මැටි මූර්ති විෂය සඳහා විශාල දායකත්වයක් සපයන ලදි.

මැටි මූර්ති වල තාක්ෂණය

[සංස්කරණය]

මැටි මූර්ති නිෂ්පාදනයන් හි තාක්ෂණය පිළිබඳ සාහිත්‍ය ආදී තොරතුරුවලින් ලබා ගත හැකි තොරතුරු නොමැත.1965 දී ගොඩකුඹුර මහතා හා 1961 දී දැරණියගල මහතා මේ නිෂ්පාදන තාක්ෂණයන් පිළිබඳව පැහැදිලි විස්තරයක් දක්වා ඇති අතර K.H ජයතිලක මහතා මෙම මැටි මූර්ති නිෂ්පාදන පිළිබඳව මෙසේ දක්වා ඇත.

"මෙම ද්‍රවයන් ඝන හා වක ගැසුනු කුහර සහිතය. සිලින්ඩරාකාර හැඩය ලැ‍බෙන තෙක් මැටිටුව නැවිමෙන් මෙම කුහර සහිත භාවය ගෙන ඇත.සිලින්ඩරාකාර හැඩය ගත් පසු මුහුණේ ස්භාවය ගෙන මැටි බෝල භාවිතා කරමින් ඇගිලි වලින් තනනු ලබයි. මැටි බෝල හිරැ ලෙස සදා වෙන වෙනම ශරිරයට සමිබන්ධ කරයි.මෙහිදි ඇස් ඇහිබැම කන් කටවල් සැදිමේදි භාවිතා කරන විකල්ප ක්‍රමයක් ලෙස හිස පටන් ගන්නා ස්ථානයේ පටු ලෙස කන පිහිටීම දැකිවිය හැක. ඇස් නිරූපනය කලේ තෙත මැටි ඇගිලි තුඩුවලින් සැකසීම තුලිනි".

මැටි මූර්තිවල වත්මන් තත්වය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ මැටි මූර්ති පිළිබඳව බොහෝ දෙනෙකු ගැඹුරට අධ්‍යයනයක් කර නොමැති නිසා මේ පිළිබඳව බොහෝදෙනා දන්නේ අල්ප වශයෙනි. පුරාවිද්‍යඥයන් සිදුකරන ලද සියලු පර්යේෂණ දෙස බැලීමේ දී පෙනි යන්නේ මෙය දෙවියන් හෝ අනෙක් සුපිරි ශකිතීන් වන්දනා මාන කිරීමට හෝ යොදා ගත් පූජා විධීන් හී කොටසක් බවයි. මැටි මූර්ති කලාවක් ලෙස වර්ධනය වූයේ අනුරාධපුර යුගයේ වන අතර විදේශීය ආක්‍රමනයන් නිසා මිනිසුන්ට මෙම පුජාවල අවශ්‍යතාවය තදින් දැනෙන්නට ඇත. නමුත් අද වන විට මෙම වටිනා මූර්තීන්හි පර්යේෂණයන් මෙන්ම රැක ගැනීමට දරන වෙහෙසක් ද දක්නට නොමැත. වර්තමානය තුල පවත්නා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ද මේ ප්‍රදේශවල මිනිසුන් තුළ පවත්නා විවිධ විශ්වාසයන් සුව කිරිම් ගවේශනය කිරීමෙන් ද යට ගියා වූ මැටි මුර්ති සංස්කෘතින් ඉදිරියට ගෙන යා යුතුය.

පින්තුර

[සංස්කරණය]

මිනිස් හිස හා උඩුකය සහිත මැටි මුර්ති

Icthyphallic වර්ගයේ මැටි මූර්ති

A catalogue of some selected terracotta objects from Manavava ,B.D NANDADEVA


ආශ්‍රිත ග්‍රන්ථ

[සංස්කරණය]
  • Deraniyagala ,P.E.D ,1953. Ferrolithic or Early Historic Terracotta statuary and a cist from ceylon.
  • Mantunga Anura ,The Maradanmaduva Tubbova" culture terracottas
  • Nandadeva BD The IIukvava terracotta figurines
  • Nandadva B.D ,A Catalogue of some of the terracottas objects at Manavava.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රි ලංකාවේ මැටි මුර්ති
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?