විකිපීඩියා:ප්‍රත්‍යක්ෂණ පල්හෑලි
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි අන්තර්ගත මාර්ගෝපදේශනය ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
|
විකිපීඩියාවේ මාර්ගෝපදේශන |
---|
චර්යාත්මක |
සද්භාවය අපකල්පනය කරන්න |
අන්තර්ගතය |
සංවාදය |
සංස්කරණය |
ලිපි මහත්වය |
සංවිධානය |
ප්‍රවර්ග, ලැයිස්තු, සහ සැකිලි |
ශෛලීය |
රචනාකරණයේ අත්පොත |
තවත් |
ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන ලැයිස්තුව |
විකිපීඩියා ලේඛකයන් සහ සංස්කාරකවරුන් විසින්, අතිදක්ෂ ලියවිලි බොහෝමයකට දායකත්වය සපයන නමුදු, කලාතුරකින් සමහරක් ප්‍රත්‍යක්ෂණ පල්හෑලි ලියැවෙයි. මේවා අයත්වන්නේ පහත ප්‍රවර්ග දෙකටය:
- සම්පූර්ණ පල්හෑලි, එනම්, කිසිම අර්ථයක් නොමැති පෙළ හෝ අහඹු අක්ෂර. යතුරුපුවරුව මත අහඹු ලෙසින් තට්ටුකිරීමෙන් නිපැයෙන අක්ෂර මාලාවන්ද මෙයට අයත් වෙයි.
- කිසියම් දෙයක් අර්ථවත් කිරීම අරභයා ඉදිරිපත් කෙරුණු ලෙසින් පෙනෙන නමුදු, කිසියම් සාධාරණ මනසැති පුද්ගලයෙක් විසින් එය තෝරා බේරා ගැනීම කල නොහැකි අන්තර්ගතයක් වෙයි. වචන සලාදය බලන්න. අර්ථය තේරුම් ගත නොහැකි නම්, නිරවද්‍ය ලෙසින් පෙළ සංස්කරණය කිරීම කල නොහැකි වෙයි.
මේවා සමග පටලවා ගත යුතු නොවේ...
[සංස්කරණය]ඒවායින් සමහරක්, අනෙකුත් ඉක්මන් මකාදැමීමේ උපමාන වලට අනුකූල විය හැකි වුවද, පහත දැක්වෙන ඒවා ප්‍රත්‍යක්ෂණ පල්හෑලි ලෙසින් මකා නොදැමිය යුතු වෙයි. මේවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අනෙකුත් විධි ඇත; මකා දැමීමේ ප්‍රතිපත්තිය බලන්න.
- පල්හෑලි හෝ පල්හෑලි නොවන හෝ හිමිකම් උල්ලංඝනයන් හෝ රචනා චෞරත්වය. මේවා වහාම ඉවත් කල යුතු වෙයි.
- කෙතරම් තකතීරු ලෙසින් පෙනනුද, ලිඛිතාපහාසාත්මක, නිග්‍රහාත්මක හෝ අපවාදාත්මක පරිකථනයන්. විශ්වසනීය මූලාශ්‍රයන් මත පදනම්ව නොමැති නම්, බොහෝවිට පරිපාලකවරයෙක් විසින් අනුවාද මකාදැමුමකට ලක් කොට ඒවා වහාම ඉවත් කල යුතු වෙයි. විකිපීඩියා:ජීවත්වන්නන්ගේ චරිතාපදාන බලන්න.
- බොහෝ ව්‍යාකරණ දෝෂ සහිත පෙළ අඩංගු වැනි, නොසතුටුදායක ලෙසින් ලියැවුණු නමුත් වැඩිදියුණු කල හැකි අන්තර්ගතය. විකිපීඩියා:මූලික පිටපත් සංස්කරණය බලන්න.
- සබැඳි රහිත පෙළ. ((මදසබැඳි)) වෙතින් ටැග් කරණය සලකා බලන්න.
- සිංහල හෝඩිය භාවිතා නොකරමින් හෝ සිංහල භාෂාව භාවිතා නොකරමින් හෝ ලියැවුනු පෙළ. විකිපීඩියා:සිංහලයට පරිවර්තනය කල යුතු පිටු බලන්න.
- නොසතුටුදායක ලෙසින් සිංහලයෙන් ලියැවුණු හෝ සිංහලයට පරිවර්තනය කිරීම නොසතුටුදායක අයුරින් සිදු කර ඇති පෙළ.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.