For faster navigation, this Iframe is preloading the Wikiwand page for ෆොරස්ට් සටුවර්ඩ්ශිප් කවුන්සිල්.

ෆොරස්ට් සටුවර්ඩ්ශිප් කවුන්සිල්

ෆොරස්ට් සටුවර්ඩ්ශිප් කවුන්සිල්
සංස්ථාපනය1993
මූලස්ථානයබොන්, ජර්මනිය
ප්‍රධාන පුද්ගලයන්කිම් කාර්ටෙන්සන්, අධ්‍යක්ෂ ජනරාල්
සේවය කෙරෙන සරියගෝලීය
යොමුවතිරසාර වන විද්‍යාව
ක්‍රමයසහතික කිරීම
වෙබ් අඩවියhttp://www.fsc.org/

ෆොරස්ට් සටුවර්ඩ්ශිප් කවුන්සිල් (FSC) යනු ලෝකයේ වනාන්තරයන් වගකීම්සහිතව කළමනාකරණය කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමට 1993දී පිහිටුවන ලද බහු-පාර්ශවීය, ලාභ-නොපතන ජාත්‍යන්තර සංවිධානයකි. මෙය සාක්ෂාත් කරගැනුමට එය භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයන් වන්නේ ප්‍රමිති පිහිටුවීම, ස්වාධීන සහතිකකිරීම සහ වන නිෂ්පාදිතයන් සලකුණු කිරීම වෙති. සාමාජීය සහ පාරිසරික ලෙසින් වගකීමක් සහිතව ක්‍රියාත්මක වන වන කර්මාන්තයන්ගෙන් බිහිවන නිෂ්පාදිත තෝරාගැනුමෙහි අවස්ථාව මෙය මගින් ලොව පුරා පාරිභෝගිකයන්ට සලසා දෙයි.

FSC සහතිකකිරීම් මගින් අවධානයට පාත්‍රවන වනහරණ ගැටළු

[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පරිදි, වෙනස්කිරීම් වලට, හායනයට, විනාශයට හෝ අනෙකුත් ඉඩම් භාවිතයන් සඳහා පරිවර්තනය කිරීම් වලට ලෝකයේ වනාන්තර වලින් අඩක් භාජනය වී ඇත.[1] . වර්තමානයේ ඉතිරිව ඇති වනාන්තරවලින් බොහෝමයක් නීති විරෝධි උපයෝජනය සහ නොඑසේනම් දුර්වල කළමනාකරණය වෙතින් පීඩා විඳිති. ගෝලීය වනහරණය පිළිබඳ මෙම අවධානයට ප්‍රතිචාර ලෙසින් FSC පිහිටුවන ලදි.

වනාන්තර හා වන නිශ්පාදන සදහා සහතික නිකුත් කිරීමට පිහිටු වනු ලැබූ ලොව පලමු ආයතනය වනුයේ මෙයයි. මෙය ස්වෙච්ඡා වෙළඳ පළ මත පදනම් වූ මනා වන කළමනාකරණයක් සදහා පසුගිය ශතවර්ෂයේ පිහිට වූ වැදගත් මුල් පිරීම් අතරින් එකකි. මෙමගින් ඉදිරිපත් කර ඇති ඡාත්‍යාන්තරව පිළිගත් වනාන්තර කළමණාකරන ප්‍රමිතීන්විසින් දේශීය හා ලෝක ප්‍රඡාවට පාරිසරික සේවාවන් සපයයි. එයට වාතය හා ඡලය පිරිසිදු කිරීම සදහා දායක වීම හා කාළගුණික වෙනස් වීම් සදහා දායක වීම යන සේවාවන් අදාලය. නීති විරෝධී දැව කැපීම හා වනහරණය සහ ගෝලීය උණුසුම් වීම යන ප්‍රශ්න සදහා ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇත. තවද ආර්ථික සංවර්ධනය, පාරිසරික සංරක්ෂනය,දුප්පත්කම අඩු කිරීම හා සමාඡීය හා දේශපාලන බලයන් සදහා ධනාත්මක බලපෑම් කර ඇත.

වන භාරකාර මණ්ඩලය යනු ඡාත්‍යන්තර සාමාඡීකයන‍් ගෙන් සමන්විත සoවිධානයකි. මෙය වනාන්තර අයිති කරුවන්ට, දැව කර්මාන්තශාලා වලට, සමාඡීය සංවිධාන වල‍ට, පාරිසරික සංවිධාන වලට එකතු වී වන කළමණාකර ක්‍රියාකාරකම් වැඩි දියුනු කිරීම සදහා පිළියම් සෙවීමට හොද වේදිකාවක් සපයයි. මෙ‍ම මණ්ඩලය විසින් මනා වන කළමණාකරන හා සoරක්ෂණය හරහා වනාන්තර වල ස්ථීර පැවැත්ම තහවුර‍ෑ කිරීම සදහා වැඩ කටයුතූ සිදු කරයි.

වන භාරකාර මණ්ඩලය, වෙළදසල මත පදනම් වූ යාන්ත්‍රනයක් ලෙස නිදහස් නාමයක් වනාන්තර නිශ්පාදන සදහා ලබා දෙමින් පාරිභෝගිකයන් හට වෙළදපලෙ‍්දී ඔවුන්ගේ ඉල්ලුම ඉදිරිපත් නිරීමට බලය ලබා දේ. පාරිභෝගිකයන් හට තමන් ලෝකයේ වනාන්තර විනාශ කිරීමට දායක නොවේය යන විශ්වාසය මත සිටිමින් වන නිශ්පාදන තෝරා ගැනීමට Greenpeace අනුව හැකියාව ලැබී ඇත. තවදුරටත් සළකා බැලුවහොත් මෙ‍ම ආයතනයේ ලාංඡනය මගින් එම නිශ්පාදන වගකිවයුතු ප්‍රභවයකින් පැමිණෙන බවට තහවුරූ කරයි. එනම් ඒවා පාරිසරිකව යෝග්‍ය සමාඡීයව වාසිදායක හා ආර්ථික වශයෙන් ගැලපෙන නිශ්පාදන බවට තහවුරූ කරයි. වන භාරකාර මණ්ඩලය විසින් නිකුත් කරන නාමයන් විශාල පරාසයක පවතින ඒව‍ා දැව හා දැව නොවන කඩදාසි හා ලී නිශ්පාදන වල සිට බෙහෙත් හා ආභරණ නිශ්පාදනය දක්වා වූ පුළුල් පරාසයක පැතිර පවතී.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "යූඑන් එෆ්ඒඕ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්". Fao.org. 2011-11-04. සම්ප්‍රවේශය 2013-01-15.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ෆොරස්ට් සටුවර්ඩ්ශිප් කවුන්සිල්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?