For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලෝක ජනගහනය.

ලෝක ජනගහනය

මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ලෝක ජනගහනය" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
මිනිසුන් බිලියනය බැගින් ලෝක ජනගහනයට එකතු වන කාලය (අනාගත ඇස්තමේන්තු ඇතුළත්ය)
ජනගහනය අනුව රටවල් දැක්වෙන සිතියම

ඇමරිකා එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය විසින් 2009 ජනවාරි 27 වන දිනට ලෝක ජනගහනය ඇස්තමේන්තු කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය විසින් ප්‍රකාශිත ලියකියවිලි අනුව 2006 පෙබරවාරි 24 වන දිනට ලෝක ජනගහනය බිලියත 6.5 කි. 1999 ඔක්තෝබර් 12 දිනය ලෝක ජනගහනය බිලියන 6 බවට පත්වූ ආසන්න දිනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් නම් කරන ලදි. කෙසේ වුවත් නයිජීරියාව,චීනය වැනි ඇතැම් රටවල ජනගහනය ආසන්නතම මිලියන ගනනටවත් හන්දුනගෙන නැත. එබැවින් එම ඇස්තමේන්තු කිරීම්වල සැළකිය යුතු දෝෂයක් ඇත.

2011 ඔක්තෝබර් 31 ලෝක ජනගහණය බිලියන 7 බවට පත්වූ බව එක්සත් ජාතීන් විසින් පිළි ගැනිනි. ඉන්දියාෙව් නාගිස් නම් දැරිය බිලියන 7 වන මානවයා බවට සලකනු ලබයි.

1700 සිට ඉදිරියට ඇතිවූ කාර්මික විප්ලවයත් සමඟ ජනගහන වර්ධනය ශීඝ්‍ර ලෙස ඉහළ යන ලදි. වෛද්‍ය විද්‍යවේ දියුණුව සහ කෘෂිකාර්මික නිෂ්පාදකතාවයේ සැළකිය යුතු ඉහළ යාම නිසා ගතවූ වසර 50 තුළ විශේෂයෙන්ම 1961 සිට 1995 දක්වා කාල පරිච්ඡේදයේදී වඩා ශීඝ්‍ර ජනගහන වර්ධන අනුපාතයක් දක්නා ලදි. 2055 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවා යාහැකි බව 2007 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය විසින් නිර්ණය කරන ලදි. අනාගතයේ ලෝක ජනගහන වර්ධනයේ උපරිම අවස්ථාවට ළඟා වන බව අපපේක්ෂා කෙරේ. ආර්ථික කරණු, සෞඛ්‍යය පිළිබඳව සැලකීම, භූමිය හිඟ වීම සහ පාරිසරික උවදුරු හේතුවෙන් එතැන් සිට එය පහත වැටෙනු ඇත. සියවසේ අග භාගයට පෙර ලෝක ජනගහන වර්ධනය අවසන් වීමට 85% ක පමණ අවස්ථාවක් ඇත. වර්ෂ 2010 ට පෙර ලෝක ජනගහන බිලියන 10 නොඉක්මවීය හැකි බවට 60% ක සම්භාවිතාවයක් සහ ශතවර්ෂයේ අග භාගය වන විට ලෝක ජනගහන අදට වඩා අඩු විය හැකි බවට 15% ක පමණ සම්භාවිතාවයකුත් පවතී. විවිධ ප්‍රදේශ සඳහා උපරිම ජනගහනයේ දිනය සහ ප්‍රමාණය සැළකිය යුතු ලෙස වෙනස් විය හැක.


ජනගහනය පාලනය කිරීම

[සංස්කරණය]
උපත් අනුපාතිකය අනුව රටවල් දැක්වෙන සිතියම
උපත්, මරණ, ආගමන සහ විගමන යන විචල්‍ය සමඟ ජනගහත වර්ධන අනුපාත ප්‍රතිශතය - 2006

ජනගහන වර්ධනය අඩු කිරීම ජනගහනය පාලනය කිරීම යනුවෙන් හැඳින්වේ. සාමාන්‍යයෙන්මෙය සිදු කරනුයේ උපත් අනුපාතිකය අඩු කිරීමෙනි. ජනගහනය පාලනය කිරීම පිළිබඳව පළමු උදාහරණ පුරාතන ග්‍රීසියේ ලේඛන අතර නොනැසී පවතින වාර්තා වල සඳහන්වේ. අතිරික්ත ජනගහනයට ඉඩ සලසා දීම සඳහා මධ්‍යධරණී හා කළු මුහුද හරහා ග්‍රීසියේ ප්‍රත්‍යන්තයෙහි පිහිටි වාසස්ථාන ඉදි කරන ලද ජනාවාසකරණ ව්‍යපාරය මෙයට අයත් වේ. ග්‍රීසියේ ඇතැම් නගර වල ජනගහනය අඩු කිරීම සඳහා ළදරු ඝාතනය සහ ගබ්සාව දිරි ගන්වන ලදි. ජනගහනය පාලනය කිරීමේ නියෝග අතර වැදගත් උදාහරණයක් නම් චීන ජනරජයේ එක් දරු ප්‍රතිපත්තියයි. මෙහිදී දක්වන ලද්දේ එක් දරුවෙකුට වඩා සිටීම අතිශයින් අශෝභන බවයි. මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස බලහත්කාරයෙන් ගබ්සා කිරීම, බලහත්කාරයෙන් කිරීමවඳභාවයට පත් කිරීම, ළදරු ඝාතනය වැනි ක්‍රියා සිදුවන බවට චෝදනා නැගෙන ලදි. ජනපදයේ උපතේදී ස්ත්‍රී පුරුෂ අනුපාතය පිරිමි ළමුන් 114 කට ගැහැණු ළමුන් 100 ක් වීම, අවසාන භාගයේදී ස්ත්‍රී පුරුෂ භාවය තෝරාගත් බවට සාක්ෂි වේ.

පුද්ගලිකව තීරණය කිරීමක් ලෙස දරු ඵල පාලනය කිරීම හා ජනගහන වර්ධනය පාලනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් ලෙස ජනගහනය පාලනය කිරීම පැහැදිළිව වටහා ගැනීම ප්‍රයෝජනවත් වේ. දරු ඵල පාලනය කිරීම සිදුවන්නේ පුද්ගලයින් හෝ අඹු සැමියන් හෝ පවුල් තම දරු ප්‍රසූතියේ කාල ප්‍රාන්තරය අඩු කිරීමට හෝ පාලනය කිරීමට පියවර ගත් විටය. ඇනස්ලි කෝලේ ගේ සූත්‍රයට අනුව දරු ඵල අඩු කරගැනීම පිළිබඳ පූර්වාරෝපණ තුනකි: (1) ගණනය කළ තීරණය දරු ඵල පිළිබඳ වලංගු මූලාවයවයක් ලෙස පිළිගැනීම,(2) දරු ඵල අඩු වීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත් වාසි, සහ (3) පාලනය සම්බන්ධ තාක්ෂණික ක්‍රම පිළිබඳව ඇති දැනුම සහ නිපුණත්වය. ස්වභාවික දරු ඵල ලබන සමාජයකට ප්‍රතිවිරුද්ධ ලෙස, දරු ඵල අඩු කර ගැනීමට කැමති සහ ඒ සඳහා වත්කමක් ඇති සමාජයක් දරුවන් සෑදීම පමා කිරීම, දරුවන් සෑදීම අතර පරතරයක් තබා ගැනීම හෝ දරුවන් සෑදීම නවතා දැමීම සඳහා එම වත්කම් භාවිතා කරනු ඇත. විවාහය ප්‍රමාද කිරීම හෝ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ස්වභාවික හෝ කෘතිම උපක්‍රම යොදා ගැනීම පුද්ගලික හෝ පවුලේ තීරණයක් මිස රාජ්‍ය ප්‍රතිපත්ති හෝ සමාජගත සම්බාධක පිළිබඳ කරුණක් නොවේ. අනෙක් පසින් බැලූ කල තමාගේ දරු ඵල පාලනය කිරීම පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයින් හට වාර ගණන ඉක්මන් කර ගැනීම හෝ සැළසුම්කරණය මගින් ගැබ්ගැනීම සාර්ථක කර ගැනීමටද හැකිවේ.

සමාජීය මට්ටමේදී හීන වන දරු ඵල ලැබීම කාන්තා අධ්‍යපනයෙන් සිදුවන බොහෝ දුරට නොවැළැක්විය භැකි ප්‍රතිඵලයකි. එසේ වුවත්, දරු ඵල පාලනය කිරීම මධ්‍යම හෝ ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් අනිවාර්යයෙන්ම ළදරු අනුපාතිකය අඩු වන බව අදහස් නොකෙරේ. සැළකිය යුතු දරු ඵල පාලනය කිරීමක් පවත්වාගෙන යන සමාජ අතර වුවත්, දරු ඵල පාලනය කිරීම සම්බන්ධව සමාන හැකියාවක් ඇතත් දරුවන් සංබාව සහ පවුලේ ප්‍රමාණය පිළිබඳ පුද්ගලික හා සංස්කෘතික අභිරුචි ආශ්‍රිතව විශාල වෙනසක් පෙන්නුම් කළ හැක.

ප්‍රධාන වශයෙන් පෞද්ගලික මට්ටමේ තීරණයක් වන දරු ඵල පාලනයට ප්‍රතිවිරුද්ධව ප්‍රතිසන්දිරෝධනයේ උපක්‍රම වලට ප්‍රවේශය වැඩි කිරීමෙන් හෝ ජනගහන ප්‍රතිපත්ති හා වැඩසටහන් මඟින් ජනගහන පාලනය භාවිතා කිරීමට රජයන් විසින් උත්සාහ කරනු ඇත. "ජනගහනය පාලනය කිරීම" යන සංකල්පය රාජ්‍ය හෝ සමාජීය මට්ටමේ නියමයක් ලෙස සැලකූ විට, ඉහත අර්ථ දැක්වූ පරිදි සමාජයේ සුළු දරු ඵල පාලනයකින් වුවද රාජ්‍යයේ ජනගහන වර්ධනයට බලපෑම් කළහැකි බැවින් ජනගහන වර්ධනයේ දී දරු ඵල පාලනය අවශ්‍ය නොවේ. වර්ධනය සීමා කිරීමෙන් පමණක් ජනගහනය පාලනය කළ යුතු යැයි උපකල්පනය නොකර, ජනගහනය පාලනයේ අංශයක් ලෙස ජනගහන වර්ධනය සඳහා උපකාර වන ප්‍රතිපත්ති ද ඇතුළත් කිරීම වැදගත් වේ. ආගමනය ට පමණක් නොව, ජනගහන වර්ධනය උනන්දු කරවීම සඳහා අමතර දරුවන් බිහි කිරීම ධෛර්ය්‍යමත් කිරීමට බදු ප්‍රතිලාභ, මූල්‍ය දීමනා, වැඩ නිවාඩු ගෙවීම් සහ දරුවන් රැකබලා ගැනීම වැනි ජනන පාක්ෂික ප්‍රතිපත්ති සඳහා ද රජය විසින් අනුබල දිය හැක. උදාහරණ ලෙස මෑත කාලයේදී ප්‍රංශය සහ ස්වීඩනය වැනි රටවල එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලදි. ජනගහන වර්ධනය වැඩි කිරීමේ පරමාර්ථය ඇතිව, එම අවස්ථා වලදී ගබ්සාව සහ නවීන උපත් පාලන උපක්‍රම සීමා කිරීමට රජය ක්‍රියා කරන ලදි. 1986 දී රොමේනියාවේ ඉල්ලුමට අනුව ප්‍රතිසන්ධිරෝධනයට ඇති ප්‍රවේශය සහ ගබ්සාව තහනම් කිරීම මෙයට උදාහරණයකි.

පරිසර විද්‍යාවේ ගහනය පාලනය සිදුවන අවස්ථා ලෙස සළකනු ලබන්නේ හුදෙක්ම විලෝපිකයින්, රෝග, පරපෝෂිතයින් සහ පාරිසරික සාධක මඟිනි. නියත පරිසරයක ගහනය පාලනය විධිමත් කරනු ලබන්නේ ආහාර, ජලය, සහ ආරක්ෂාව ලැබිය හැකි බව මඟිණි. කිසියම් ප්‍රදේශයක පැවතිය හැකි උපරිම ඒකක හෝ විශේෂ ප්‍රමාණය එහි ඉසිලුම් ධාරිතාවයි. බොහෝ අවස්ථා වලදී සත්ව සහ පැළෑටි ගහනයන් කෙරෙහි මිනිසුන්ගේ බලපෑම ද සලකා බලනු ලැබේ. ඇතැම් සෘතු වලදී භූමියේ ආහාර බහුල වීම නිසා සතුන්ගේ සංක්‍රමණය වීම ගහනය පාලනය කිරීමේ ස්වභාවික ක්‍රමයක් ලෙස දැකිය හැක. සංක්‍රමණය වන ප්‍රදේශ වල ඉක්බිති වාරයේදී විශාල සත්ව රාශිය සඳහා ආහාර ප්‍රතිනිෂ්පාදනය කිරීම ආරම්භ කෙරේ.

රජය විසින ජනගහනය අඩු කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇති රටකට ඉන්දියාව තවත් උදාහරණයකි. ජනගහනය වර්ධනය වීමේ ශීඝ්‍ර බව ආර්ථික වර්ධනයට සහ ජීවන තත්වයට විරුද්ධ ලෙස බලපානු ඇතැයි සැලකීම 1950 අගභාගයේ දී සහ 1960 ප්‍රථමභාගයේ දී ඉන්දියාව විසින් රාජ්‍ය පවුල් සැලසුම් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හේතූ විය.

අමතරව බලන්න

[සංස්කරණය]


බාහිර සබැඳියන්

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලෝක ජනගහනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?