For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලීසාන් බුදු පිළිමය.

ලීසාන් බුදු පිළිමය

“කන්ද බුදුවරයෙකි - බුදුවරයා කන්දකි“

[සංස්කරණය]
ලීසාන් බුදු පිළිමය
ලීසාන් බුදු පිළිමය

ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රි.ව. 618–907 කාලය තුල චීනයේ ලීසාන් ප්‍රදේශයේ ඉදිකර ඇත. එය නෙළා ඇත්තේ සිචුවාන් පලාතේ ලීසාන් නගරය අසල මින්ජිආන්ග්, ඩාඩු සහ ක්වින්යි යන ගංගා තුන එක්වන මෝය අසල දකුණු කොටසේ ඇති සුවිශාල ශෛලමය බෑවුමකය. මේ යෝධ ප්‍රතිමා වහන්සේ එමි නම් කදුවැටියට මුහුණලා ඇති අතර ගංගාවෝ උන්වහන්සේගේ පාදයන් අසලින් ගමන් කරයි. මේ ලොව ඇති සුවිශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන අතරම අතීතයේ නිර්මාණය වූ උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙයි.

1996 සිට එමි කදුවැටියත් ලීසාන් පිළිමවහන්සේ පිහිටි ප්‍රදේශයත් යුනිස්කොව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි. 2008 වසරේ සිට මේවනතෙක් භූමිකම්පා ආදියද බලපෑවේ නැත.

ප්‍රතිමාවහන්සේගේ ඉදිකිරීම් ආරම්භ වූයේ ක්‍රි.ව. 713 දී වන අතර හයිටොන්ග් නම් ස්වාමීන්වහන්සේ නමක් විසින් එය ඉදිකිරීම් ආරම්භ කරන ලදි. ජලපහරින් නාවික යාත්‍රාවන්ට සිදුවන අනතුරු අවම කර මේ ප්‍රදේශයට ක්ෂාන්තිය උදාවනු ඇතැයි යන අදහසින් උන්වහන්සේ මේ බුද්ධ ප්‍රතිමාවහන්සේ ඉදිකර ඇත. උන්වහන්සේ මේ සදහා රැස්කල මුදල් එම ප්‍රදේශයේ බලධාරීන් විසින් අත්පත් කරගැනීමට තැත්කල අවස්ථාවේ උන්වහන්සේ ඇස්දෙක උගුලුවා දුන්නත් මුදල් ලබා දෙන බව පවසා ඇසක් ගලවාලූ බව දැක්වේ.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු අරමුදල අවසන් වූවයන් නිර්මාණ කටයුතු ඇණහිටි අතර ඉන් වසර 70කට පසු ජයිඩිෂු නම් පලාතේ හමුදා පාලක තැන මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට තීරණය කල අතර හයිටොන්ග් හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ දෙනමක් විසින් ක්‍රි.ව. 803දී පමණ මෙහි වැඩකටුයුතු අවසන් කරන ලදි.

මීටර 71ක් නැතහොත් අඩි නැතිනම් අඩි 233ක් උසැති මේ පිළිම වහන්සේ අති දනහිස මත තබාගෙන සිටී. උන්වහන්සේගේ උරහිස් මීටර 28ක් පලල් වන අතර පාදයේ කුඩාම ඇගිල්ල මිනිසෙකුට පහසුවෙන් නවාතැන් ගැනීමට ප්‍රමාණවත් වෙයි. පෙනෙන අයුරින් මේ දැවැන්ත බුදුපිළිම වහන්සේ නිර්මාණය කිරීමට ශෛලමය බෑවුමෙන් අතිවිශාල ප්‍රමාණයක් කලුගල් කුට්ටි ඉවත්කිරීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ගංගා පත්ලේ තැන්පත් වූ එම ගල් කැබලි නිසා සැබැවින්ම එහි ජලපහරේ වේගය අඩුවී ඇත.

මෑතකදී ඇතිවූ අහිතකර සංවර්ධන ක්‍රියාමාර්ග නිසා මෙන්ම සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා ලීසාන් බුද්ධ පිළිම වහන්සේ අවට පරිසරය විශාල වශ‍ෙයන් දූෂණය වීමට පටන් ගති.

මේ රටේ වැසියන් පවසන අපූරු කථාවක් ඇත.

[සංස්කරණය]

එනම් “ කන්ද බුදුවරයෙකි - බුදුවරයා කන්දකි” යන්නයි. එහෙත් මේ කන්ද ගංගාවට පෙනෙන්නේ නිදා සිටින බුදුවරයෙක් ආකාරයෙනි. ඒ අනුව ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ බුදුවරයන් වහන්සේගේ හදවත වැනිය. මේ අතිපාරිශූද්ධ ලීසාන් බුද්ධ ප්‍රතිමාවහන්සේට මගේ නමස්කාරය වේවා. ... ...

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලීසාන් බුදු පිළිමය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?