For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලස්ට්, කෝෂන් (චිත‍්‍රපටය).

ලස්ට්, කෝෂන් (චිත‍්‍රපටය)

මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)
ලස්ට්, කෝෂන්
ගොනුව:Lust caution.jpg
Theatrical release poster
Traditional色,戒
Simplified色,戒
MandarinSè, Jiè
Directed byAng Lee
Produced byAng Lee
William Kong
James Schamus
Screenplay byHui-Ling Wang
James Schamus
StarringTony Leung Chiu-Wai
Tang Wei
Joan Chen
Leehom Wang
Music byAlexandre Desplat
CinematographyRodrigo Prieto
Editing byTim Squyres
StudioFocus Features
River Road Entertainment
Haishang Films
Sil-Metropole Organisation
Distributed byFocus Features
Haishang Films
EDKO Film
Universal (DVD)
Release date(s)
  • අගෝස්තු 30, 2007 (2007-08-30) (Venice)
  • සැප්තැම්බර් 24, 2007 (2007-09-24) (Taiwan)
  • සැප්තැම්බර් 26, 2007 (2007-09-26) (Hong Kong)
  • සැප්තැම්බර් 28, 2007 (2007-09-28) (United States)
  • නොවැම්බර් 1, 2007 (2007-11-01) (China)
Running time157 minutes
CountryPeople's Republic of China
Hong Kong
Taiwan (Republic of China)
United States
LanguageMandarin
Cantonese
Shanghainese
English
Japanese
Budget$15 million
Gross revenue$67,091,915

මේ චිත‍්‍රපටය තැනුණේ ද අමෙරිකාව, චීනය හා තායිවානය ඒකාබද්ධ වීමක් හැටියටය. දේශපාලනයේදී එළිපිට එකිනෙකාට ඔරවන ඔවුහු වෙළඳ්‍රමේදී පමණක් එක මල්ලේ ලුණු රස බලන අයුරු කදිමය.

ආංග් ලී නම් තායිවාන සිනමාකරුවා පිළිබඳ පූර්විකාවටත්, ඔහුගේ අලුත් චිත‍්‍රපටය වූ ලස්ට් කෝෂන් චිත‍්‍රපටය පිළිබඳවත් සටහනකට පිවිසිය යුත්තේ මේ කරුණු හොඳින් වටහා ගෙනය.

1954 ඔක්තෝබර් 23 වැනි දින තායිවානයේ ගොවි පවුලක උපත ලද ආංග් ලී ගේ මවුපියෝ චීනයෙන් පළා ආ පිරිසක් විය. 1992 දී ආංග් ලී ජාත්‍යන්තර අවධානය යොමු කර ගත්තේ සිය මුල්ම කෘතිය වූ පුෂිං හෑන්ඩ් සමඟය.

ද වෙඩිං බෑන්ක්වට් ඊට් ඩි‍්‍රන්ක් මෑන් ඇන්ඩ් වුමන් ඔහුගේ ඊළඟ චිත‍්‍රපටය විය.

බොහෝ සිනමාකරුවන්ගේ මහ ප‍්‍රාණ හීනය වූ හොලිවුඩ් සිනමාවට අවතීර්ණ වීමට ආංග් ලී ට හැකි වූයේ එකී චිත‍්‍රපට නිසාවෙනි. එහෙත් හොලිවුඩ් සිනමාව යනු සිනමාකරුවන්ගේ ප‍්‍රකාශන මාධ්‍ය බිහි කරන්නක් නොවේ.

එය ඔවුනට අවශ්‍ය සිහින චිත‍්‍රපට ලොව පුරා සිනමාකරුවන්ගේ නිර්මාණ ශාක්‍යතාව මත බිහි කරන පැක්ටේරියකි.

එහි කර්තව්‍ය ගොඩ නැගෙනුයේ සිනමාකරුවන්ගේ අනන්‍යතාවය රැකීම මත නොවේ. එබැවින් එහිදී බොහෝ සිනමාකරුවන් තනනුයේ හොලිවුඩයට අවශ්‍ය චිත‍්‍රපට පමණි.

හැත්තෑව දශකයේ ලොව පුරා තරුණයන් හට මහත් ආශ්වාදයක් ගෙන දුන් විම් වෙන්ඩර්ස්, වුල්ෆ් හැන්ග් පීටර්සන් පමණක් නොව ආසියානු සිනමාවේ මහා පෙරළියක් කළ චීනයේ චෙන් කයින් පවා එහිදී හොලිවුඩ් හැඩ රුවට අනුව ගොඩ නැඟªනාහ.

හොලිවුඩ් නගරය මත ගොඩ නැඟªණ සිනමාකරුවනට ද තම අනන්‍යතාවය සඳහා අරගලයක යෙදීමට සිදු විය.

එහෙත් මේ අතර ආංග් ලීට අයත් වනුයේ සුවිශේෂ ස්ථානයකි. ඔහු හොලිවුඩ් සිට තැනූ චිත‍්‍රපට සඳහා ද තම අනන්‍යතාවය තහවුරු කර ගත්තේය. සෙන්ස් ඇන්ඩ් සෙන් සිබිලිටි, දි අයිස් ස්ට්‍රෝම්, ක‍්‍රවුචිං ටයිගර් හිඩ්න් ඩ‍්‍රැගන්, බ්‍රෝක් බැක් මවුන්ටන් වැනි චිත‍්‍රපට එයට නිදසුන් වෙයි.

ක‍්‍රවුචිං ටයිගර් හිඩ්න් ඩ‍්‍රැගන් පවා හොලිවුඩයේ ඕනෑකමට තැනුණ ද ඉන් ගොඩ නැඟªණේ චීන සම්ප‍්‍රදායයි. ඉන් බැහැරව ඔහු අතින් තැනුනේ හල්ක් පමණි.

ඔහුගේ නවතම චිත‍්‍රපටය ලස්ට් කෝෂන් තැනෙනුයේ මේ සියල්ලට පසුවය. එයට, ප‍්‍රසිද්ධියේ එදිරිවාදකම් ප‍්‍රදර්ශනය කරන අමෙරිකාව, චීනය හා තායිවානයට එක් වූහ.

එපමණක් නොව චිත‍්‍රපටය තිරගතවීමේ දී චීනයේ තිරගත වූයේ අමෙරිකාවට වඩා මිනිත්තු 11 ක් අඩු පිටපතකි. ඒ එහි තිබූ ඉතාම උද්වේගකර රාගික දර්ශන පෙළක් අධ්‍යක්ෂවරයා විසින්ම ඉවත් කරන ලද හෙයිනි.

ලස්ට් කෝෂන් චිත‍්‍රපටයට චීන බසින් යොදා තිබූ නමෙහි අරුත රන් වළල්ලයි. මේ චිත‍්‍රපටයට පසුබිම් වනුයේ 1938 සිට 1942 දක්වා කාල පරිච්ඡේදයයි.

මේ අවධියේ චීනයේ පැවැතියේ ජපානයට හිතවත් රූකඩ පාලනයකි. චිත‍්‍රපටය ඇරැඹෙනුයේ 1942 වසරේ හොංකොං නගරයෙනි. එහි ඉහළ පෙළේ කාන්තාවන් පිරිසක් සූදු කී‍්‍රඩාවක යෙදෙති.

ඔවුහු මේ රූකඩ ආණ්ඩුවේ ඉහළ ධනවතුන්ගේ බිරින්දෑවරුන්ය. මේ අය අතරින් එකියක යී මහත්මියයි. ඇගේ සැමියා ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන්නෙකි. වෑංග් මේ පිරිස සමඟ සිටින තවත් කාන්තාවකි.

එහෙත් මේ පුවත ඇරැඹෙනුයේ ෂැංහයි නගරයෙනි. ඒ 1938 වසෙර්ය. දේශානුරාගයෙන් මඬනා ලද අදහස් පිරි විශ්ව විද්‍යාල තරුණ පිරිසක් නාට්‍ය කණ්ඩායමක් බිහි කරනුයේ මේ අතරතුරය.

ඔවුනගේ වෑයම රූකඩ ආණ්ඩුවට එරෙහිවීමය. ඔවුනගේ ප‍්‍රධාන නිළිය වනුයේ වෙයි ටෑංය. නාට්‍ය කණ්ඩායමේ නායකයා ක්වෑං නම් තරුණ සිසුවාය. ඔවුනගේ දේශපාලන කි‍්‍රයාදාමයේ ඊළඟ ඉලක්කය ‘දේශ ද්‍රෝහියෙකු’ වූ යී මරා දැමීමය. මේ සඳහා ඔවුන් උපයෝගී කොට ගන්නේ සුරූපී වෙයි ටෑංය.

ලස්ට් කෝෂන් චිත‍්‍රපටය ඉතා විශිෂ්ට චිත‍්‍රපටයක් වනුයේ මිනිස් සිතුවිලි තුළට බසිමින් ඒ සමඟ ගොඩ නඟන දේශපාලන ප‍්‍රකාශයක් හේතුවෙනි.

මේ චිත‍්‍රපටයේ එන ලිංගික දර්ශන රූ ගත කිරීමට පෙරාතුව යී ගේ චරිතය රඟපෑ ටෝනි ලෙවුං චියු චායිට චිත‍්‍රපට තුනක් නරඹන ලෙස අධ්‍යක්ෂ ආංග් ඉල්ලා සිටියේය.

ඒ මාලන් බ‍්‍රැන්ඩෝ රඟ පෑ ලාස්ට් ටැංගෝ ඉන් පැරිස්, හම්ප‍්‍රි බෙගාට් රඟපෑ ඉන් අ ලෝන්ලි ප්ලේස් සහ රිචඩ් බර්ටන් රඟපෑ ඉක්විස්ය.

මෙම ලිංගික ජවනිකා රූගත කිරීම පුරා දින 11 ක් සිදු කළ අතර ඒ සඳහා සහභාගි කර ගත්තේ කැමරා ශිල්පියාත්, ශබ්ද පටිගත කරන ශිල්පියාත් පමණි.

ආංග් ලී මේ චිත‍්‍රපටය සඳහා තෝරා ගත්තේ චීන ලේඛක එයිලින් චෑන්ග් ගේ කෙටි කතාවකි. 1953 දී චෑන්ග් මුල් වරට ලියන ලද මෙම කෙටි කතාව එළි දුටුවේ 1979 වසරේදීය.

එකී කාලය පුරා ඔහු විසින් මෙම කෙටි කතාව පෝෂණය කරන ලදී. එහෙත් මේ චිත‍්‍රපටය දුටු වර්තමානයේ ලොස් ඇන්ජලිස් හි වෙසෙන මහලු කාන්තාවක වන ෂෙංග් ටිනාරු මෙම චිත‍්‍රපටය මගින් තම වැඩිමහල් සොහොයුරියට අපහාස වී ඇති වග පැවසුවාය.

ඇගේ වැඩිමහල් සොහොයුරිය මේ ආකාරයටම චීනයේ සිදුවීමක කොටස් කාරියකව සිටියාය. එහෙත් මේ චෝදනාව වැඩි දුර දිග ගිය කාරණාවක් නොවීය.

ලස්ට් කෝෂන් චිත‍්‍රපටය වෙයි ටෑං ගේ දේශපාලන කලා ජීවිතය පමණක් නොව හොර රහසේ මිනිස් සිතුවිලි ද අප‍්‍රමාණ විශිෂ්ට ලෙස කේන්ද්‍ර කොට ගනී. එක් මොහොතක ගැහැනියක සිය ජීවිතය පුරා සෙවූ ඉලක්කය වෙනස් කරනුයේ ඇයි?

එහි ඇත්තේ හුදෙක් රාගය පමණක්ම නොවේ. එය වඩා ගැඹුරු ලෙස විග‍්‍රහ කරන්නට ආංග් ලී සමත් වෙයි. එහි ප‍්‍රතිඵලය වූයේ පසුගිය වැනිස් සිනමා උළෙලේ දී හොඳම චිත‍්‍රපටයට පිරිනැමෙන ස්වර්ණ සිනමා සම්මානයෙන් ලස්ට් කෝෂන් පිදුම් ලැබීමය.

එමෙන්ම එවර එම උළෙලේ හොඳම කැමරා ශිල්පපියා වූයේ එහි කැමරා අධ්‍යක්ෂණය කළ රොඩ්රිගෝ ප‍්‍රින්වෝය. වීරයන් බිහි වීම කොයි සැටි වෙතත් එක් නිමේෂයක එක් සිතුවිල්ලකින් ජීවිතය පමණක් නොව ඉතිහාසය පවා වෙනස් වෙයි.

මේ අපූර්ව සිනමා නිර්මාණය වඩා බලසම්පන්න ලෙස අපට කියාපාන කරුණ එයයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලස්ට්, කෝෂන් (චිත‍්‍රපටය)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?