For faster navigation, this Iframe is preloading the Wikiwand page for මහින්දාගමනය.

මහින්දාගමනය

මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම සහ ඒ ආශ්‍රිතව ලක්දිව සිදුවූ දේශපාලනික, ආගමික සහ සංස්කෘතිකමය සිදුවීම් සහ වෙනස්වීම් පොදුවේ මහින්දාගමනය ලෙස හැඳින්වේ.

මහින්දාගමනය ආශ්‍රිත ප්‍රධාන සිදුවීම් වන්නේ;

  • මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම
  • තිස්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම
  • ජනතාව බුද්ධ ධර්මය වැලඳගැනීම
  • ගස්,ගල් හා සතා සිව්පාවන්⁣⁣ට වදිමින් සිටි ජනතාව බුදු දහම පිළිගැනීම
  • තිස‍්ස රජ කිරුල අතහැර දේවාම්පිය තිස‍්ස නමින් නැවත රාජාභිෂේක වීම මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම සහ ඒ ආශ්‍රිතව ලක්දිව සිදුවූ දේශපාලනික, ආගමික සහ සංස්කෘතිකමය සිදුවීම් සහ වෙනස්වීම් පොදුවේ මහින්දාගමනය ලෙස හැඳින්වේ.

මහින්දාගමනයට පෙර

[සංස්කරණය]

ආගම සහ සමාජය

[සංස්කරණය]
මහින්දාගමනයට පෙර ඇදහිලි

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ ඔවුන් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ සහ තමන්ට උපකාරවන වස්තූන් ( ගස්, සඳ, හිරු) ආදිය වන්දනා මාන කළ බවයි.

හාක

තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම

[සංස්කරණය]

තිස‍්ස රජ සහ මහින්ද තෙරණුවෝ හමුවීම මිහිනතලාවේදී සිදුව


ඒ ක්‍රි.පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය,දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජුමිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙනමිහිඳු මහරහතන් වහන්සේය.

ගොනුව:Mihintalaya.jpg
මිස්සක පව්ව

“තිස්ස තිස්ස” පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි.

“සමණාමයං මහාරාජ .....”

“මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්‍රාවකයෝ වෙමු.”

රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්‍රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.

බුද්ධි පරීක්ෂණය

[සංස්කරණය]

ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි. ´අඹ පැනය`, ´ඥාති පැනය`පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් ඒවාට සාර්ථක පිළිතුරු ලැබිණි.

චුල්ල හත්ථි පදෝපම සූත්‍ර දේශනය

[සංස්කරණය]

මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය.


චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි. පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් “සුළු ඇත් පද උවම් සුතුර” හෙවත් “චුල්ල හත්ථි පදෝපම සූත්‍ර” දෙසුම ඇරඹෙයි.

මහින්දාගමනයෙන් පසු ලංකාව

[සංස්කරණය]

එතැන් සිට ලක්දිව [[සංස්කෘති හැදියාව, අධ්‍යාපනය, ජීවන ක්‍රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්‍රමය පෙරළියකට ලක් වෙයි. මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි.

ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.


මහින්දාගමනයෙ ලක්දිව සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ. රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාසංඝරත්නය වැඩම කොට ධර්ම දේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියැලෙන්නට මං සලසාලන ලදී.


එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.


වෙහෙර විහාර , මහදාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හාසංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහලබෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.


රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි විය.


මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?


සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.


අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.


රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය.

අපට ලාබුනු දායද =

Auther:R.Lakshan Dulip

[සංස්කරණය]
  1. Study in :Galle upper homadola junior school
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මහින්දාගමනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?