For faster navigation, this Iframe is preloading the Wikiwand page for හමුදා හෙලිකොප්ටර.

හමුදා හෙලිකොප්ටර

ගොනුව:USMC Camp Lejeune-Bermuda Regiment & USMC CH-46 Sea Knight.jpg
බර්මියුඩා රෙජිමේන්තු සොල්දාදුවන් USMC CH-46 SEA KNIGHT වර්‍ගයේ හෙලිකොප්ටර් යානයකට “ලෙපියුන්” (Lejuene) හි නාවික කඳවුරින් නඟිමින්.

හමුදා හෙලිකොප්ටරහෝ යුධ හෙලිකොප්ටර් යානා යනු හමුදා බලකායන් ප්‍රයෝජනයට ගනු ලබන හෙලිකොප්ටර් යානා වේ. මෙවැනි යානා විවිධාකාරයෙන් හමුදා ක්‍රියාකාරකම්වලට යොදා ගන්නා අතර බොහෝ විට විවිධ උපක්‍රමික ගුවන් සාහායන්ට කරන යොදා ගැනීම් ඒ අතුරින් ප්‍රධානය. සමහර හමුදාවන් සතුව ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ඇති අතර තවද විවිධ මෙහෙයුම් සඳහා විශේෂිත හෙලිකොප්ටර්යානා ද ඇත. නමුත් තවත් සමහරක් යුධ බිම් පෙර විපරම් කටයුතුවලට ද යොදා ගනී. එම යානාවන් සබ්මැරීන් ප්‍රහාර වැළැක්වීම හා බිම් බෝම්බ නිරාවරණය කිරීම ඇතුළු තවත් කටයුතු රැසකට යොදා ගනී. විශේෂයෙන් බොහෝ දක්ෂ සහ මූල්‍යමය අතින් ශක්තිමත් හමුදාවක් පමණක් ඉහත කී ආකාරයේ විශේෂිත හෙලිකොප්ටර් යානා භාවිතා කරයි.

ප්‍රවාහන හෙලිකොප්ටර

[සංස්කරණය]
ඊශ්‍රායල් CH-53

හමුදාමය හෙලිකොප්ටර යොදාගන්නේ සාම්ප්‍රදායික හෙලිකොප්ටර යොදාගත නොහැකි අවස්ථාවලය.එක්සත් ජනපද මැරීන් භටයින් ප්‍රවාහනය සඳහා මෙවැනි හෙලිකොප්ටර යොදා ගැනීම මීට හොඳම උදාහරණයකි.මෙවැනි හෙලිකොප්ටර ගොඩබැස්වීමේ අවස්ථා අසීමිත වේ.ගොඩබැස්වීමට නොහැකි යැයි සිතන ස්ථානවල පවා මෙම යානයන් ගොඩ බැස්විය හැකිය.ඉහළ අහසේ රැදෙමින් කඹ ආධාරයෙන් භටයින් ඝණ කැළෑවට බැස්වීම මීට නිදසුනකි.

ප්‍රහාරක අවස්ථාවන් සඳහා යොදාගන්නා ප්‍රවාහන හෙලිකොප්ටර කොටස් දෙකකි.එය මධ්‍යම සහ විශාල ලෙස වේ. ගුවන් ප්‍රහාරක හෙලිකොප්ටර සාමාන්‍යයෙන් කුඩාම වර්ග වේ.මේවා සෙබළුන් සහ උපකරණ ප්‍රවාහනය සඳහා යොදා ගැනේ.ප්‍රහාරක හෙලිකොප්ටර සඳහා යොදා ගන්නා හෙලිකොප්ටර තමා ආරක්ෂා කර ගැනීමට උපාය මාර්ග යොදා ගැනේ. මෙවැනි ආරක්ෂ ක්‍රම සඳහා යොදා ගන්නේ දොර අසල රැදී සිටින තුවක්කුකරුවන් සහ වෙනස් කරන ලද පියාපත්ය. මේවායේ මිසයිල සහ රොකට් අන්තර්ගත වේ. මීට උදාහරණයක් ලෙස සිකොර්ස්කි එස් - 70 දැක්විය හැක.මෙහි ඊස්ස්ම් යන පද්ධතිය සවිකර ඇත

157px-CH-21C-Shawnee ප්‍රවාහන හෙලිකොප්ටර

ලෝකයේ පවතින සියලුම හමුදාවන්ට සියලුම අංග වලින් යුක්ත ප්‍රවාහන හෙලිකොප්ටර අංගනයක් පවත්වාගත නොහැකිය. එම හේතුව නිසා මධ්‍ය ප්‍රමාණයේ යානා පවත්වාගැනීම සිදුකරයි.මෙය භාවිතා වන හොඳම වර්ගයේ හෙලිකොප්ටර වේ.මෙවැනි හෙලිකොප්ටරවල සාමාන්‍යයෙන් භට කණ්ඩායමක් හෝ සැහැල්ලු ප්‍රමාණයේ යුද වාහන රැගෙන යා හැකිවේ .මෙවැනි හෙලිකොප්ටර ඕනෑම තැනක ගොඩබැස්විය නොහැකි නමුත් අවශ්‍ය සැපයුම් කිරීමට හැකි වේ.මේ සඳහා උදාහරණ ලෙස මිල් මි-8 සහ සුපර් පූමා සහ සීඑච්-46 සී නයිට් දැක්විය හැකිය.

බර හෙලිකොප්ටර යනු සියලුම හෙලිකොප්ටර අතර විශාලම වර්ගය වේ.මේවා විශාල යුද්ධෝපකරණ ප්‍රවාහනය සඳහා භාවිතා වේ. වර්තමානයේදී මෙවැනි යානා සීමිත සංඛ්‍යාවක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. ඒවා අතර සීඑච් -52 සී ස්ටැලියන්,සීඑච්-53 ඊ සුපර් ස්ටැලියන්,සීඑච් -47 චිනූක්,මිල් මි-26 සහ එරොස්පැටියෙල් සුපර් ෆ්‍රරෙලොන් ප්‍රමුඛ වෙයි.මෙවැනි යානාවකට 80 යුත් කණ්ඩායමක් සහ කුඩා ප්‍රමාණයේ ඒ එෆ් වී වාහන ප්‍රවාහනය කළ හැකිය. මෙවන් හෙලිකොප්ටර යොදාගනු ලබන්නේ උපායමාර්ගික ප්‍රවාහනය සඳහාය. මෙවැනි යානා තුළ කුඩා ස්ථාවර ටර්බෝ ප්‍රරොප් වායු පෙරනයන් සවිකර ඇත.අවම වේගය,වපසරිය සහ ඉහළ ඉන්ධන වැයවීම මෙම හෙලිකොප්ටරවල පැවතුනද ඕනෑම තැනක හැසිරවීමේ හැකියාව ඇත .

සාමුද්‍රීය හෙලිකොප්ටර

[සංස්කරණය]
රාජකිය නාවික හමුදාවට අයත් Lynx HAs.8 හෙලිකොප්ටරයක්, ඉදිරිපස නාසයේ සවිකර ඇති අවශ්‍ය සංවේදක ගෝලය හා ඉදිරිපස ‍යටින් සවිකර ඇති‍රේඩාර් රේඩෝමය දක්නට ලැබේ.
LAMps Sh-60b සියොග් හෙලිකොප්ටරයක්, ඉහත Lynx ඡායාරූපය සම සසඳන්න, රේඩාර් හා අවශය සංවේදක වලට අමතරව MAD bird ද දැක ගත හැක.
නෙසුකාගත රුසියානු කමොන් Ka-27 හෙලිකොප්ටර සඳහාම ආවේනික වූ ප්‍රතිවිරුද්ධව භ්‍රමණය වන භ්‍රමණ කළ පද්ධතියක් හා ගෝලාකාර රේඩාර් රො‍ඩෝමය දැක ගත හැක.

ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදාවන්ට R4 හා R5 භාවිතයට ලැබුන විට එම හෙලිකොප්ටර වල තිබු පළමු ප්‍රයෝගික යොදා ගැනීම වුයේ මධ්‍ය ප්‍රමාණයේ යුධ නෞකා හා විශාල ‍යුධ නෞකා වල සිට ස්ථානගත වීමත්, කාලපෝල ක්‍රමයට දියත් කරන ලද නිරීක්ෂක ගුවන් යානා වලට ආධාර වීමත්, පසුව ඒවායේ කාර්යභාරය සම්පුර්ණයෙන් ඉටු කිරීමත්ය. මෙම මුල්කාලීන හෙලිකොප්ටර්වල හැකියාවන් අතර ප්‍රධාන වන්නේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවල සිට ආරක්ෂක ගුවන් ‍යානාවල ක්‍රියාකරමින් ජලයට පැන දිවිබේරා ගැනීමට සිදුවු ගුවන් නියමුවන්ව ‍නිරුපද්‍රිතව නැවත ගෙන ඒමය.

Random Air Show 2005 දි ප්‍රදර්ශනය කර ඇත. පෝලන්ත නාවික හමුදාවේ Mil-Mi-14Pl

හෙලිකොප්ටර තාක්ෂණය දියුණු වීමත් සමඟම හා එහි බර ප්‍රවාහනය හා දරාගැනීමේ හැකියාව දියුණුවීමත් සමඟම ඒවායේ කාර්යභාරයට ප්‍රතිසබ්මැරින යුධමය ක්‍රියා ද ඇතුලත් විය. මුලින්ම හෙලිකොප්ටර තමාගේ මව් නෞකාව හා වෙනත් යුධ නෞකා වලින් සැපයු දත්ත වලට අනුව අහසේ සිට නිකුත් කරන ටෝපීඩො‍හා ගැඹුරට සං‍වේදි පුපුරණ ද්‍රව්‍ය මඟින් පහර දෙමින් ආයුධ ප්‍රවාහනය කරන කාර්ය සිදුකළේය. 1960 දශකයේදි Turboshaft එන්ජින් හා ඉතා කුඩා පරිමාණයෙන් නිපදවීම යන කාරණා මඟින් සංවර්ධන මාවත් 2 ක් ඇතිවිය. මධ්‍යම ප්‍රමාණයේ යුධ නෞකාවල සිට ක්‍රියාත්මක විය හැකි තරම් කුඩා එහෙත් පැරණි පිස්ටන් එන්ජින් හෙලිකොප්ටරවල ක්‍රියාකාරිත්වයට සමාන Westland Wasp වැනි හෙලිකොප්ටරත්, මව් නෞකාවෙන් ස්වායත්තව ක්‍රියාත්මක විය හැකි වන පරිදි “චුම්භක විචල්‍යතා සංවේදක”, රේඩාර්, සෝනාර්වල එකතුවක් වැනි අංග තිබු Sea King වැනි හෙලිකොප්ටරත් ‍මේ මංමාවත් 2 විය.

වර්තමානයේදිත් සමුද්‍රාසන්න හෙලිකොප්ටර කුඩා කාර්යය මාදිලි, විශාල හා මධ්‍යම මාදිලි වලට වෙන් කෙරේ. LAMPS හා Westland Lynx වැනි කුඩා මාදිලි නිර්මාණය කර ඇත්තේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ යුධ නෞකාවල සිට හැසිරවීමට හැකි වන ලෙසය. මෙම හෙලිකොප්ටරවල උපරිම ප්‍රමාණය හා මෙම නෞකාවල අවම ප්‍රමාණය කෙරෙහි බලපා ඇත්තේ හෙලිකොප්ටර 2 ක් රඳවා ගැනීමට හා හැසිරවීමට ඇති කැමැත්තයි (කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ යුධ නෞකාවල සිට). කුඩා පරිමාණයේ ගොඩනැංවීමත්, ඉහත තත්වයේ එන්ජින් හා නවීන ආයුධ වැනි හැකියාවන් රාශියකගේ එකතුව නිසා නවීන යුධ නෞකා පදනම්ව ඇති හෙලිකොප්ටර වලටත් Asw, ප්‍රතිනෞකා ප්‍රවාහන, SAR හා ඔත්තු බලිමේ කාර්යයන් වලදි ස්වායත්තව ක්‍රියාකිරීමේ හැකියාව ලැබී ඇත. බොහෝ හෙලිකොප්ටරවල ස්ථාවර දෘශ්‍ය ‍සංවේදක ගෝල තුල ඇති දෘශ්‍ය සංවේදක සංකලන දැකිය හැක.

සමහර නාවික හමුදා ඒකකවලින් මධ්‍යම හා විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර ඉවත් කර ඇත. සමහර නාවික හමුදාවලදි ගුවන් යානා ප්‍රවාහන නෞකා හා ගොඩබිම පදනම්ව සිදුවන ක්‍රියාන්විත සඳහා ඒවා තබා ගෙන ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, ඉතාලියානු ගුවන්යානා ප්‍රවාහක නෞකාවල ප්‍රධාන ප්‍රති - සබ්මැරීන ශක්තිය මේවායින් සමන්විත වේ. හමුදා වරායන් අවට සිටින සතුරු සබ්මැරීන වලින් ආරක්ෂාවට ආරක්ෂක වලල්ලක් ලෙස මෙම මධ්‍යම හා විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර ගොඩබිම් කඳවුරුවල සිට ක්‍රියාකිරීමේදි යොදා ගනි. මෙම මධ්‍යම හා විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර තවමත් රඳවා ගෙන ඇත්තේ කුඩා ප්‍රමාණයේ ඒවාට වඩා ඒවායේ දරා ගැනීමේ හැකියාවත්, අවි බර රැගෙන යාමේ හැකියාවත් ඉහල බැවිනි. උදාහරණයක් ලෙස ප්‍රති-නෞකා කාර්යයයේ නියැලෙන Lynx හෙලිකොප්ටරවල ගෙනයා හැක්කේ කුඩා බර හා කුඩා පරාසයක් ඇති Sea Skna පමණක් වුව ද එම කාර්යයයේම නියැලෙන Sea King හෙලිකොප්ටර වලට අධි බරැති මිසයිල ගෙන යා හැක.

තම යුධ නෞකාවල සිට ක්‍රියාත්මක වු සෝවියට් හෙලිකොප්ටරවල සිට යුධ නෞකාවල තිබු දිගු දුර පරාස ප්‍රති නෞකා මිසයිලවල සම්පුර්ණ දුර ප්‍රමාණයම භාවිතා කළ හැකිවන පරිදි ප්‍රහාර මාර්ගය අතරමගදි නිරතුරුව ‍තොරතුරු ලබා දෙන ගුවන්යානයක් ලෙසත්, මඟපෙන්වීම ලෙසත් අමතර කාර්යභාරයක් ‍තිබින.

මෙම හෙලිකොප්ටර් සමුද්‍රාසන්නයේ ක්‍රියාකිරීමට ‍හැකි විශේෂ ක්‍රමවේදයන්ගෙන් යුතුය. ඒවානම් බලෙන් මුහුදෙහි දමායාමට හැකිවීමත්, යුධ නෞකාවේ සංකිර්ණ ඉලෙක්ට්‍රෝනික පද්ධතියට ගැලපෙන ලෙස තම ඉලෙක්ට්‍රෝනික පද්ධතිය නියම ලෙස සකස් කර තිබීමත්, අභ්‍යන්තර කොටස්වල ජලය කාන්දු වීම වැලැක්වීමත් හා(ලවණ, ජලය බැහැර කිරීම සඳහා සාමාන්‍ය ජලයෙන් සේදිමේදි) ලවණ ජලයෙන් සිදුවන බලපෑම වැලැක්වීමත්ය.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
හමුදා හෙලිකොප්ටර
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?